0 Views  
පරණ යකඩ වලට විකුණන කන්තලේ
සීනි කම්හලේ තිත්ත ඇත්ත මෙන්න...


චෙක්‌ රජයෙන් ලැබුණ ප්‍රදානයකි.
පාවිච්චියට ගත හැකි යන්ත්‍ර සූත්‍ර කුණු කොල්ලයට වෙන්දේසියේ.

කන්තලේ සීනි කර්මාන්තායතනය මෙරට තුළ ස්‌ථාපිත කොට මේ වන විට වසර 60 ක්‌ සම්පූර්ණ වී අවසන්ය. 1957 වර්ෂයේ දී පටන් එවකට මෙරට අග්‍රාමාත්‍ය ධුරය දැරූ එස්‌. ඩබ්. ආර්. ඩී. බණ්‌ඩාරනායක මහතා වෙත චෙකොස්‌ලෝවැකියා රජයෙන් ලබාදුන් ප්‍රදානයක්‌ ලෙස ආරම්භ කරන ලද කන්තලේ සීනි කර්මාන්තායතනයේ නිෂ්පාදන කටයුතු ආරම්භ කරන ලද්දේ 1960 වර්ෂයේ ඔක්‌තෝබර් මස 02 වැනිදාය. එවකට මෙරට අග්‍රාමාත්‍ය ධුරය උසුලන ලද්දේ සිරිමාවෝ බණ්‌ඩාරනායක මැතිනිය විසින්ය. එබැවින් විදෙස්‌ රටකින් ලද රාජ්‍ය තාන්ත්‍රික ප්‍රදානයක්‌ ලෙස කන්තලේ සීනි කර්මාන්තායතනය මෙරට ස්‌ථාපිත වන්නේ සහ එහි නිෂ්පාදන කටයුතු ආරම්භ කර ඇත්තේ බණ්‌ඩාරනායක යුගයට අයත් කාලවකවානුවකය.

එතැන් සිට වසර 26 ක්‌ පුරා සාර්ථකව ක්‍රියාත්මක වී ඇති කන්තලේ සීනි කර්මාන්තායතනය විවිධ හේතූන් මත 1986 වර්ෂයේදී අභාවයට පත්වන්නේය. එතැන් සිට තලා ඉවත දමන ලද උක්‌ රොඩු ගොඩක්‌ බවට පත්වන කන්තලේ සීනි කර්මාන්ත ශාලාව සහ කෝටි ගණනක වටිනා කමින් යුත් ගොඩනැඟිලි දේපළ වල් වැදෙන්නට ගන්නා අතර කර්මාන්තය තුළින් ජීවත් වූ දහස්‌ සංඛ්‍යාත පිරිසකට එතැන් සිට අකැමැත්තෙන් වුවද ජීවිතයේ "තිත්ත රස" අත් විඳින්නට සිදු විය.

ඉන් වසර 2 කට පසුව නැවතත් 1989 වසරේ දී පමණ ඉඩම් අක්‌කර 21223කින් යුත් කන්තලේ සීනි කර්මාන්තය සී/ස ශ්‍රී ලංකා සීනි සමාගම ලෙසට පරිවර්තනය වන්නේය. මඳ කලකින් අනතුරුව නැවතත් එය කන්තලේ සීනි කර්මාන්ත ආයතනය ලෙස නම්කර ඇති අතර අවසන් වශයෙන් 1993 වසරේ දී එය පෞද්ගලික සමාගමක්‌ වෙත පවරනු ලබන්නේය. වසර ගණනක්‌ පුරා "බෝඩ් ලෑලි" පමණක්‌ වෙනස්‌ කරමින් පවත්වාගෙන ගොස්‌ ඇති මේ කර්මාන්තය 1997.01.28 දිනැති 960/11 අති විශේෂ ගැසට්‌ පත්‍රයක්‌ මගින් නැවතත් රජයට පවරාගෙන ඇති අතර එතැන් සිට එහි කිසිදු නිෂ්පාදන කටයුත්තක්‌ නොකිරීම හේතුවෙන් කර්මාන්තය සතුව පැවති යන්ත්‍ර සූත්‍ර මළකෑ අතර ගොඩනැඟිලි ඇතුළු අනෙකුත් දේපළ ආදිය ජාතියේ අහේතුව හේතුවෙන් වල් වැදෙන්නට හැර ඇත.

2015 වර්ෂයේ සිට මෙරට දේශපාලනයේ "යහපාලන යුගය" ආරම්භ වන්නේ ජනතාව තුළ මහත් බලාපොරොත්තු ඇති කරවමිනි. එහි පුරෝගාමියකු වූ ත්‍රිකුණාමලය දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.කේ.ඩී.එස්‌. ගුණවර්ධන කන්තලේ සීනි කර්මාන්තය ප්‍රතිව්‍යqහගත කිරීම පිණිස රජයට යෝජනාවක්‌ ඉදිරිපත් කරමින් ඒ සඳහා පෙරමුණ ගෙන ඇත්තේ ප්‍රදේශයේ ජන ජීවිතය ඒ මගින් නඟාසිටුවීම සහ රජයට දැවැන්ත ආදායමක්‌ ඉපයීම පිණිස එය ඉවහල් වේ යෑයි යන යහපත් අරමුණෙනි.

යහපාලන රජය පත්වී දින කීපයකින් අනතුරුව 2015.01.18 වැනි දින අංක 1897/15 දරන අති විශේෂ ගැසට්‌ පත්‍රයක්‌ මගින් ජනාධිපතිවරයා විසින් කන්තලේ සීනි කර්මාන්තායතනයේ කටයුතු ඉඩම් කටයුතු අමාත්‍යංශයට පවරන ලදී. ඉන් අනතුරුව 2015.02.14 වැනි දින එවකට ඉඩම් අමාත්‍ය එම්. කේ. ඩී. එස්‌. ගුණවර්ධන මහතා විසින් කන්තලේ සීනි කර්මාන්තායතනය ප්‍රතිව්‍යqහගත කිරීමේ අරමුණින් කර්මාන්තය සඳහා නව ආයෝජකයකු යෝජනා කරමින් අමාත්‍ය මණ්‌ඩලය වෙත සංදේශයක්‌ භාර දෙන ලදී.

ඒ අනුව කන්තලේ සීනි කර්මාන්තායතනය ප්‍රතිව්‍යqහගත කිරීම පිණිස ඉදිරිපත් කළ සංදේශය ශ්‍රී ලංකා ආයෝජන මණ්‌ඩලයේ දීර්ඝ අධ්‍යනයකින් අනතුරුව ආර්ථික කටයුතු පිළිබඳ අමාත්‍ය මණ්‌ඩල අනුකමිටුව විසින් ඉදිරිපත් කළ නිර්දේශයන්a පරිදි රාජ්‍ය - පෞද්ගලික හවුල් ව්‍යාපාරයක්‌ ලෙස පවත්වාගෙන යැම පිණිස 2015.06.17 වන දින අමාත්‍ය මණ්‌ඩල අනුමැතිය හිමිවුණි.

ඒ අනුව සීනි නිෂ්පාදනය පිණිස ආසියාවේ නම් දරා ඇති ඉන්දියානු පෞද්ගලික සමාගමක්‌ සහ රජය අතර ගිවිසුම 2016.08.11 වැනි දින අත්සන් තබන අතර ඒ සඳහා රජයේ පාර්ශ්වයෙන් භාණ්‌ඩාගාර ලේකම් සහ ඉන්දියානු සමාගම වෙනුවෙන් එහි සභාපතිවරයා විසින් අත්සන් තබන ලදී.

ගිවිසුම් ප්‍රකාරව කන්තලේ සීනි සමාගම සතු කොටස්‌වලින් 51% රජය සතුවද ඉතිරිය අදාළ සමාගම සතුවන පරිදි ද ගිවිසුම අත්සන් කරන අතර ආයෝජනය සඳහා ආයෝජකයා විසින් ඇ. ඩො. මිලියන 100 ක මුදලක්‌ සහ 10% බැංකු ඇපකරයක්‌ ද තැන්පත් කරන අතර එම වැඩකටයුතු නිමාකොට මේ වනවිට වසරකට ආසන්න කාලයක්‌ නික්‌ම ගොසිනි.

රජය පාර්ශ්වයෙන් සියල්ල යහපත් ලෙස නිමාවෙමින් පවතින වටපිටාවක කර්මාන්ත ශාලාවේ නිෂ්පාදන කටයුතු සඳහා අදාළ ආයෝජනය කල සමාගම වන MG SUGARS LANKA LTD වෙත අවශ්‍ය වටපිටාව සකස්‌ වීම දිනෙන් දිනම කල්යැම සමාගම් කළමනාකාරිත්වයට ගැටලු සහගත තත්ත්වයක්‌ ඇති කරන අතර ඔවුන් ඒ පිළිබඳ වරින්වර අදාළ පාර්ශ්වයන්ගෙන් කරුණු විමසීමට පෙළැඹෙන්නේ ඒවන විටද ආයෝජකයා විසින් නිෂ්පාදන කටයුතු නැවත ආරම්භ කිරීම පිණිස දැවැන්ත මුදලක්‌ වැය කොට තිබීම හේතුවෙන්ය. එහි ප්‍රතිඵලයක්‌ ලෙස ඉකුත් මාර්තු 31 වැනිදා ඉඩම් කොමසාරිස්‌වරයා විසින් "සිතියම් මගින්" ආයෝජකයන් වෙත භූමිය භාරකර ඇති අතර අවුරුදු 30 ක බදු ගිවිසුමක්‌ යටතේ හෙක්‌ටයාර් 202 ක භූමි ප්‍රදේශයක්‌ ඊට ඇතුළත් කොට ඇත. පරහට ඇත්තේ එය ලියකියෑවිලි මගින් සනාථ කොට නොතිබීමය. එබැවින් තවදුරටත් නිෂ්පාදන කටයුතු ආරම්භ කිරීමට ඇති හැකියාව ඇහිරී යන අතර ආයෝජකයාට සිදුවී ඇත්තේ තවදුරටත් බලා සිටීම පමණය.

වෙළඳ ගිවිසුමට අනුව භූමියෙන් හෙක්‌ටයාර් 202 ක්‌ වෙන් කර ඇත්තේ ඉන් හෙක්‌ටයාර් 167 ක ප්‍රමාණයක්‌ බීජ තවාන් සැකසීම පිණිසය. ඉතිරි හෙක්‌ටයාර් 34 තුළට පැරණි සීනි කර්මාන්තශාලාව, ස්‌කාගාරය, කාර්යාලයීය ගොඩනැඟිලි, නිවාස 300 කට ආසන්න ප්‍රමාණයක්‌ පවතින අතර ඊටඅමතරව රුපියල් කෝටි ගණනක්‌a වටිනා යන්ත්‍ර සූත්‍ර විශාල ප්‍රමාණයක්‌ ද ඊට අයත්ය. හෙක්‌ටයාර් 202 ක්‌ යනු විශාල භූමි ප්‍රදේශයක්‌ වන අතර ආසන්න වශයෙන් අක්‌කර 500 ක්‌ ඊට අයත් ය.


ඔය අතර පුවත්පත් දැන්වීමක්‌ පළ කරමින් කන්තලේ සීනි සමාගම සතු දේපළ ප්‍රසිද්ධ වෙන්දේසියේ අලෙවි කිරීමක්‌ පිළිබඳ තොරතුරු රටට අනාවරණය වන්නේය. අත්සන් තබන ලද ගිවිසුමට අනුව 7.9 වගන්තිය කන්තලේ සීනි කර්මාන්තය සතු භූමිය හා ඊට අයත් දේපල වෙනත් පාර්ශ්වයකට ප්‍රසිද්ධියේ වෙන්දේසි කිරීමේ බලයක්‌ නොපැවරෙන අතර ඒ පිළිබඳ තීන්දු තීරණ ගැනීමේ අයිතිය අදාළ ආයෝජකයාගේ අභිමතය පරිදි සිදුවිය යුතුය. ඒ පිළිබඳ අදාළ ආයෝජකයා විසින් විරෝධතාවය පළ කළ ද කන්තලේ ප්‍රදේශයෙන් ලැබෙන අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් සනාථ වන්නේ ඉකුත් 07 දා වෙන්දේසිය සඳහා ටෙන්ඩර් කැඳවීම අවසන් බැවින් මේ වනවිට කන්තලේ සීනි කර්මාන්තායතනය සතු කෝටි ගණනක වටිනාකමින් යුත් යන්ත්‍ර සූත්‍ර ඇතුළු තවත් උපකරණ රැසක්‌ කුණු කොල්ලයට වෙන්දේසි වන බවකි. එහි ඇති ඇතැම් යන්ත්‍ර සූත්‍ර සුළු අලුත්වැඩියාවකින් අනතුරුව නැවත පාවිච්චිය සඳහා යොදාගත හැකිව තිබියදී මෙවැනි අත්තනෝමතික ක්‍රියාවන් සිදුවන්නේ කාගේ බලපෑමකින් දැයි බොහෝ දෙනෙක්‌ තුළ ඇත්තේ විමතියකි.

මේ අතර ලැබෙමින් පවතින ආරංචි මාර්ගවලින් කියෑවෙන්නේ රජය සතුව පවතින ලංකා සීනි සමාගම කර්මාන්ත අමාත්‍යාංශ ලේකම්වරයා මගින් පාවිච්චිය සඳහා යොදාගත හැකි යන්ත්‍ර සූත්‍ර ඔවුන් වෙත ලබාදෙන මෙන් ඉඩම් අමාත්‍යාංශය වෙත ඉල්ලීමක්‌ කර ඇති බවකි. එහෙත් එම ඉල්ලීම් "ගඟට කැපූ ඉනි" බවට පත්ව ඇත.

මේ වනවිට භූගත තඹ, පිත්තල තහඩු ද සමග පස්‌ තට්‌ටුව පිටින් කන්තලේ සීනි කර්මාන්තය වෙන්දේසියේ තබා ඇත්තේ කාගේ උවමනාවටද? ප්‍රතිව්‍යqහත කිරීමේ අරමුණින් රාජ්‍ය - පෞද්ගලික ව්‍යාපාරයක්‌ ලෙස පවත්වා ගෙනයෑමට අවශ්‍ය සියලු පිඹුරුපත් සැකසී ඇති වටපිටාවක එහි නිෂ්පාදන කටයුතු ආරම්භ කිරීමට ආයෝජකයන්ට අවස්‌ථාවක්‌ ලබා නොදෙන්නේ කුමන කරුණක්‌ හේතුවෙන් ද? එයට අමතරව කන්තලේ යන්ත්‍රාගාරය තුළ සීනි නිෂ්පාදනය කිරීමේ අරමුණින් රජයේ උක්‌ පර්යේෂණායතනය මගින් මේ වනවිට අක්‌කර 200 කින් යුත් භූමියක උක්‌ පැළ තවානක්‌ ආරම්භ කර ඇති අතර ඒ සඳහා දරා ඇති වියදම පමණක්‌ රුපියල් මිලියන ගණනක්‌ය. කන්තලේ නිෂ්පාදන කටයුතු දිනෙන් දින ප්‍රමාද වීම හේතුවෙන් එම පැළවලට අත්වන ඉරණම කවරේද? මේවාට විසඳුම් ලබාදෙන්නේ කවුරුන් විසින්ද? ආයෝජකයන්ට කළ හැක්‌කේ තවදුරටත් බලා සිටීම පමණ ද?

යන්ත්‍රයක්‌ නිවැරැදිව ක්‍රියාත්මක වීමට නම් එහි ඇති දැති රෝද සියල්ලම යථා තත්ත්වයෙන් පැවතිය යුතුය. කන්තලේ සීනි කර්මාන්තය යළි ප්‍රතිව්‍යqහගත කිරීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක වීම දිනෙන් දින ම කල් යැමෙන් පෙනී යන්නේ රාජ්‍ය යාන්ත්‍රණයේ එක්‌ දැති රෝදයක්‌ නිවැරැදිව ක්‍රියාත්මක නොවන බවය. ඉන් අත්වන අවාසිය ආයෝජකයාට පමණක්‌ නොව රටේ සමස්‌ත ආර්ථිකයටම මේ වනවිට ද බලපෑමක්‌ සිදුකොට හමාරය.

නිෂ්පාදනය සඳහා අවශ්‍ය තාක්‍ෂණික වටපිටාව විවිධ පර්යේෂණ කටයුතු සහ ඉදිරි සැලසුම් සඳහා පමණක්‌ ඇ. ඩො. මිලියන අටකට අධික මුදලක්‌ මේ වනවිට ආයෝජකයන් විසින් වැය කර ඇති අතර මේ වනවිට කන්තලේ සීනි නිෂ්පාදනය සිදු කිරීමේ කටයුතු ආරම්භ කර තිබුණේ නම් ඉන් ගොවි පවුල් 8000 කට පමණ සෙත සැලසෙන අතර සෘජු හා වක්‍ර රැකියා 15000 ක්‌ පමණ ඇතිවනු ඇත.

පළමු අදියර යටතේ දිනකට උක්‌ ටොන් පන්දහසක්‌ සහ දෙවැනි අදියර ක්‍රියාත්මක වීමත් සමග එම අගය දෙගුණයකින් වර්ධනය වීමත් අතුරු නිෂ්පාදනයක්‌ ලෙස මෙගොවොට්‌ 40 ක විදුලි නිෂ්පාදනයක්‌, අක්‌කර දහයකින් සමන්විත කොම්පෝස්‌ට්‌ පොහොර නිෂ්පාදනයක්‌ ඇතුළු තවත් යහපත් අරමුණු රැසක්‌ යටතේ රටේ ආර්ථිකයට දැවැන්ත ශක්‌තියක්‌ සපයන රාජ්‍ය- පෞද්ගලික ව්‍යාපාරයක්‌ මෙලෙස "බාලගිරි දොaෂයට" ලක්‌වීම "යහපාලනය" පිළිබඳ විශ්වාසය බිඳී යැමක්‌ බඳුය.

ආයෝජන මණ්‌ඩලය, මහා භාණ්‌ඩාගාරය, මුදල් අමාත්‍යාංශය ඇතුළු රජයේ වගකිවයුතු ආයතන ඔවුන්ගේ නිසි අවසරය ලබාදී තිබියදී මෙවැනි අකටයුතුකම් සිදුවන්නේ කාගේ වරදින්ද? එය නිවැරැදි කළ යුත්තේ කවුරුන් විසින් ද යන්න ගැටලු රැසක්‌ ඇති කරමින් කන්තලේ සීනි කර්මාන්තායතනය ප්‍රතිව්‍යqහගත කිරීම ක්‍රියාවට නොනැඟෙන්නේ ඉඩ්ම් පිළිබඳ ගැටලුවක්‌ නිසා දැයි යන ගැටලුව ප්‍රදේශයේ ජනතාවට ගොවි සංවිධාන ආදියට තවමත් 'ගැටලුවක්‌ව' පවතින්නේ ඊට නිසි විසඳුම් සෙවීමට අදාළ අංශ තවමත් අපොහොසත් වීම හේතුවෙන්ය.


Wmqgd .ekSu Èjhsk mqj;a m; weiqfrks
o