බොර වතුරේ මියෙ­න්නට පෙර ජීවි­තය වෙනු­වෙන් වතුර පොදක් යදින වෙහෙ­ර­ගල මිනිස්සු

2019-01-23 12:25:00       816
feature-top
“රජ­රට පුරා වසං­ග­ත­යක් වගේ ව්‍යාප්ත­ වන වකු­ගඩු රෝගය දැන් අපේ ගමත් ආක්‍ර­ම­ණය කරලා ඉව­රයි. දිඹු­ලා­ගල ප්‍රාදේ­ශීය සභා­වට අයත් වෙහෙ­ර­ගල ජල පාරි­භෝ­ගික මධ්‍ය­ස්ථා­න­යෙන් වතුර බොන පවුල් දහ­සෙන් හැත්තෑ­වක වකු­ගඩු රෝගීයෝ ඉන්නවා. ඒ ගැන අව­ධා­නය යොමු කරලා දැන්වත් අපට බොන්න පිරිසුදු වතුර පොදක් ලබා දෙන්න කියා බල­ධා­රී­න්ගෙන් ඉල්ලා සිටි­නවා...

අර­ල­ගං­විල, වෙහෙ­ර­ගල, අංක 75 පදිංචි තුෂාර කැළුම් අබේ­නා­යක කථා කරන්නේ දැඩි කල­කි­රී­මෙනි. වකු­ගඩු රෝග­යට ගොදු­රුවූ පසු සහන ලබා­දීම නොව ඊට පෙර වකු­ගඩු රෝග­යෙන් මිනි­සුන් බේරා­ගැ­නී­මට කට­යුතු කළ යුතු බව ඔහු හැඟු­ම්බ­රව කීවේය.

“දිඹු­ලා­ගල ප්‍රාදේ­ශීය සභා­වට අයත් වෙහෙ­ර­ගල ජල ව්‍යාපෘ­තියේ පාරි­භො­ගික පවු­ල්වල 70 දෙනෙක් වකු­ගඩු රෝගීන් බව හඳු­නා­ගෙන තිබෙ­නවා. වෙහෙ­ර­ගල මිනිස්සු ඛේද­වා­ච­ක­ය­කට ගොදු­රු­වීම ගැන කණ­ගාටු වෙනවා. වෙහෙ­ර­ගල ජල ව්‍යාපෘ­ති­යෙන් අපි­රි­සුදු ජලය දෙන්න පට­න්ගෙන දැන් අවු­රුදු තුනක් වෙනවා. මේ ජල ව්‍යාපෘ­තියේ ජලය පෙරෙන්නේ නැහැ. ජල ෆිල්ටර් කඩා වැටිලා. ජල ෆිල්ටර් වල රොන්මඩ පිරිලා. ජල ටැංකියේ සේව­කයෝ ඒවා වැලි එක්කම ගොඩට දාලා ඒ වැලිම අයෙත් දානවා. ජල මෝට­රය අවු­රුදු 25 ක් පර­ණයි. නිර­න්ත­ර­යෙන් අක්‍රිය වෙනවා. දැනට උල්ප­ත්වැව වැවෙන් ගන්නා වතුර ෆිල්ටර් හරහා ගියාට පිරි­සිදු වීමක් නොවී අපි­රි­සුදු විදි­හ­ටම අපිට ලැබෙ­නවා. මේ අපි­රි­සුදු වතුර බීලා වකු­ගඩු රෝගය විත­රක් නොවයි තවත් රෝග හැදෙන්න පුළු­වන්. ඔහු එක හුස්මට කියා­ගෙන යයි.

අර­ල­ගං­විල, වෙහෙ­ර­ගල,පදිංචි ආර්.එම්.රත්න­පාල මහතා බොඳවූ නෙතින් යුතුව කතා කරයි. තමන්ගේ කථාව කියන්න පෙර හිත හදා­ගන්න ඔහුට බොහෝ වෙලා­වක් ගත විය. අවු­රුදු 16 ක් වූ ඔහුගේ පුතු හදි­සියේ මිය ගොස්ය. වතු­රෙන් විෂ­බී­ජ­යක් මොල­යට යෑම නිසා මර­ණය සිදුවූ බව වෛද්‍ය නිග­ම­නය වී ඇත. වෙහෙ­ර­ග­ලින් ලැබුණ අපි­රිසුදු ජලය තමන්ට මෙවැනි ව්‍යස­න­යක් ඇති­ කළ බව ඔහු කීවේය.

“අපේ දරු­වාට 2017 සාමාන්‍ය පෙළ විභා­ග­යට දින තුන­කට කලින් හදි­සියේ හිසේ කැක්කු­මක් හැදුණා. අපි දරුවා පොළො­න්න­රුව මහ රෝහ­ලට ඇතු­ළත් කළා. දිනෙන් දෙකෙන් දරුවා අසාධ්‍ය තත්ත්ව­යට පත්වුණා. දැඩි සත්කාර ඒක­කයේ සති දෙකක් ප්‍රති­කාර ලබලා සාමාන්‍ය පෙළ විභා­ගය අව­සන් වන දවසේ දරුවා අව­සන් ගමන් ගියා. වෛද්‍ය­වරු කිව්වේ වතු­රෙන් විෂ­බී­ජ­යක් ගිහින් කියලා. දරුවා නැති පාළුව අපිට දරා ගන්න බැහැ. දැන් අපි මැරි මැරී උප­දි­නවා.

අද වන විට අපේ ගමේ අවු­රුදු 17ක දුවෙක් වතු­රෙන් මොල­යට විෂ­බී­ජ­යක් ගිහිං රෝහ­ල්ග­තවී දැඩි සත්කාර ඒක­කයේ ප්‍රති­කාර ලබ­නවා. අපි විශ්වාස කරන්නේ වෙහෙ­ර­ග­ලින් ලැබෙන අපි­රිසුදු වතු­රෙන් මේ දරු­වන්ට විෂ­බීජ ගියා කිය­ලායි.

අපි­රි­සිදු ජලය ළමා පර­පු­රට විෂ­බීජ ශරී­ර­ගත කරද්දී වැඩි­හි­ටියෝ වකු­ගඩු මාර­යාට ගොදුරු වෙමින් සිටිති. රටට බත සප­යන්න රටේ විවිධ ප්‍රදේ­ශ­ව­ලින් පැමිණ වෙහෙ­ර­ගල මහ­වැලි කොට්ඨා­සයේ පදිංචි වී සිටින මේ මිනි­සුන් ඉල්ලා සිටින්නේ ලෙඩ­රෝ­ග­ව­ලින් වැලකී සිටී­මට පිරි­සිදු වතුර පොදක් පම­ණකි.

දිඹු­ලා­ගල ප්‍රාදේ­ශීය සභාව යටතේ පාල­නය වන වෙහෙ­ර­ගල පානීය ජල ව්‍යාපෘ­ති­යෙන් වෙහෙ­ර­ගල ඇතු­ළුව අවට ගම්මාන පහ­කට ජල පහ­සු­කම් සප­යයි. මීට වසර විසි­ප­හ­කට පමණ ඉහත මහ­වැලි අධි­කා­රිය මගින් ඉදි­කළ මෙම ජල ව්‍යාපෘ­තිය අද වන විට අබල දුලබ තත්ත්ව­යක පව­තින බව වෙහෙ­ර­ගල ජන­තාව පව­සති.

වෙහෙ­ර­ගල, අංක 104 හි පදිංචි පී.ඩබ්.නිලන්ති මහ­ත්මිය ජල ව්‍යාපෘ­තියේ අසා­ර්ථ­ක­ත්වය ගැන කරුණු කීප­යක් මෙලෙස පැහැ­දිලි කළාය..

“මෙම ජල ව්‍යාපෘ­තිය මීට අවු­රුදු 25කට කලින් මහ­වැලි අධි­කා­රිය මගින් ඉදි­කළා. ඊට පස්සේ දිඹු­ලා­ගල ප්‍රාදේ­ශීය සභා­වට පවරා දුන්නා. මුල් කාලේ සභාව මෙය හොඳින් කර­ගෙන ගියා. දැන් අවු­රුදු තුනක විතර ඉඳලා ආර්ථ­කයි. දැනට භාවි­තා­ක­රන සිය­ලුම උප­ක­රණ අලු­තින් යෙදිය යුතුයි. ජල ෆිල්ටර් අලු­තින් හැදි­ය­යුතු වෙනවා. සම­හර ජල නල මල­කඩ වලින් පිරිලා. ඒ වගේම තමයි මෙම ජල ව්‍යාපෘ­ති­යට ජලය ගන්නා උල්ප­ත්වැව වැවට සත්ත්ව ගොවි­පො­ළ­ව­ල­ව­ලින් අප­ද්‍රව්‍ය එකතු වීමේ අව­දා­න­මක් තිබෙ­නවා. ඒ ගැන ප්‍රාදේ­ශීය සභාවේ අව­ධා­නය යොමු විය යුතුයි.

වෙහෙ­ර­ගල මිනි­සුන්ගේ මූලි­කම අර­මුණ පිරි­සිදු වතුර පොදක් ලබා ගැනී­මයි. ඔවුහු ඒ සඳහා වසර තුනක සිට අර­ගල කරන බව කියති. ප්‍රාදේ­ශීය සභා මන්ත්‍රී සේනක රාජ­පක්ෂ කියන්නේ තමන් මන්ත්‍රී ධූර­ය­කට අවේ මෙම ජන­තා­වගේ ජල ගැට­ලුව ප්‍රමුඛ ප්‍රධාන ගැටලු කිප­ය­කට විස­ඳුම් ලබා ගැනී­මට බවයි..

“වෙහෙ­ර­ගල ජන­තාව මුහු­ණදී සිටින පානීය ජල අර්බු­දය මාව මන්ත්‍රී ධූර­යක් දක්වා ගෙනාවා. එහෙම කිව්වොත් එය නිවැ­ර­දියි. අපේ දිස්ත්‍රි­ක්කයේ පිබි­දෙමු පොලො­න්න­රුව වගේ දැවැන්ත සංව­ර්ධන වැඩ­ස­ට­හන් ක්‍රියා­ත්ම­ක ­වෙ­නවා. එවැනි වැඩ­ස­ට­හ­න­කින් වෙහෙ­ර­ගල මිනි­සු­න්ටත් සහ­න­යක් දෙන්න කියලා බල­ධා­රී­න්ගෙන් ඉල්ලා සිටි­නවා. අපි­රි­සිදු වතුර ලැබු­ණත් නිය­මිත වෙලා­වට ජල බිල නම් ලැබෙ­නවා. ඒ බව ජල පාරි­භෝ­ගි­ක­යින් ලෙස අපි කියන්නේ කණ­ගා­ටු­වෙන්.

මාදු­රු­ඔ­යෙන් එන වල්අලි වෙහෙ­ර­ගල ගොවි­තැ­නට වින­ ක­රති. වකු­ගඩු මාරයා ජීවිත බිලි ගැනී­මට සැදී බලා සිටියි. මේ සියලු අභි­යෝග මැද මේ උද­විය රටට බත සප­යති. නව වර්ෂ­යේ­දී­වත් වෙහෙ­ර­ගල මිනි­සුන්ට පිරිසුදු වතුර පොදක් බොන්න වාස­නාව ලැබේ­විද?.
කෝටි තුනක් වෙන් කරලා තියෙනවා ගැටලුව විසඳෙයි
- ප්‍රාදේශීය සභාවේ සභා­පති ජයන්ත මාර­සිංහ

වෙහෙ­ර­ගල, ජන­තාව තම මූලි­ක අව­ශ්‍ය­තාව ලෙස ඉල්ලා සිටින්නේ වෙහෙ­ර­ගල ජල ව්‍යාපෘ­තිය නවී­ක­ර­ණය කිරී­මය. දිඹු­ලා­ගල ප්‍රාදේ­ශීය සභාව මේ පිළි­බ­ඳ අව­ධා­නය යොමු නොක­රන්නේ මන්දැයි එහි සභා­පති ජයන්ත මාර­සිංහ ගෙන් අපි විම­සු­වෙමු. සභා­ප­ති­ව­රයා මෙලෙස පිළිතුරු දුන්නේය.

“දිඹු­ලා­ගල ප්‍රාදේ­ශීය සභා­වෙන් පාල­නය කරන වෙහෙ­ර­ගල ජල ව්‍යාපෘ­තියේ පාරි­භෝ­ගි­ක­යින් දැඩි අප­හ­සු­තා­ව­කට පත්වී සිටින බව මම දන්නවා. මේ වන විට වෙහෙ­ර­ගල ජල ව්‍යාපෘ­තිය නවී­ක­ර­ණය කිරී­මට රජ­යෙන් රුපි­යල් දෙකෝටි අසූ­ල­ක්ෂ­යක් වෙන්කර තිබෙ­නවා. ඊට අම­ත­රව ප්‍රාදේ­ශීය සභා­වෙන් රුපි­යල් ලක්ෂ විස්සක් වෙන්කර තිබෙ­නවා. මේ අනුව රුපි­යල් කොටි තුනක විය­ද­ම­කින් වෙහෙ­ර­ගල ජල ව්‍යාපෘ­තිය මේ වස­රේදී නවී­ක­ර­ණය වෙනවා. මේ වන විට ටෙන්ඩර් කැඳවා අව­සන් කර තිබෙ­නවා. තව සති­ය­කින් කොන්ත­රා­ත්ක­රු වැඩ පටන් ගනියි.

උපුටා ගැනීම සිළුමින පුවත් පත ඇසුරෙනි

More News »