කුඹු­ක්ඇ­න්දෙන් අහ­වර වන යෝධ ඇළේ ලැසි ගමන

2018-11-28 01:33:00       617
feature-top
රජ­කාලේ තිබ්බ සොරොව් කට අබ­ලන් වෙලා වල් බිහි­වෙලා ගියාට පස්සේ අට­සිය ගණන්වල සුද්දෝ කලා­වැ­වයි යෝධ ඇළයි අලු­ත්වැ­ඩියා කරල තියෙ­නවා. හොඳට තිබ්බ ඒ සොරොව්ව මහ­වැ­ලි­යෙන් අසූ ගණ­න්වලදී අයින් කරලා සිමෙ­න්ති­යෙන් හදපු සොරො­ව්වක් දැම්මා. ඩෝස­රේට මේක අයින් කරන්න දවස් තුනක් ගියා. මේ අවු­රුදු තිහට සොරොව් දොර දෙපා­රක් හැදුවා. ඒත් පරණ සොරොව්ව එදා කඩන දවස වෙන­ක­නුත් අබ­ලන් වෙලා තිබුණෙ නෑ.

ප්‍රදේ­ශ­වා­සීන් ‘බ්ලොක් ඔෆීස්’ ලෙස හඳු­න්වන මහ­ඉ­ලු­ප්ප­ල්ලම පිහිටි මහ­වැලි කොට්ඨාශ කාර්යා­ල­යට යන්නට පසු දින උදෑ­සන අප සූදා­නම් වෙද්දී, එප්පා­ව­ලදී අපට හමුවූ තලාව ප්‍රාදේ­ශීය සභාවේ උප සභා­ප­ති­ව­රයා වූ සරත් දිසා­නා­යක මහතා පැවැ­සූවේ ඇමැ­තු­මක් දී කොට්ඨාශ කළ­ම­නා­කරු සිටී­දැයි තහ­වුරු කර­ගන්නා ලෙසය. ඒ අනුව 025-2249130 අංක­යෙන් මහ­වැලි කොට්ඨාශ කාර්යා­ලය ඇමතූ අප ලද ප්‍රති­චා­රය වූයේ තඹු­ත්තේ­ගම පිහිටි මහ­වැලි ‘එච්’ කලා­පීය නේවා­සික ව්‍යාපාර කළ­ම­නා­ක­රුගේ මාර්ග­යෙන් පම­ණක් මාධ්‍ය­යට තොර­තුරු නිකුත් කරන බවය. ඉන්පසු 025-2276354 අංක­යෙන් තඹු­ත්තේ­ගම පිහිටි නේවා­සික ව්‍යාපාර කළ­ම­නා­කරු කාර්යා­ලය ඇමතූ පසු ලැබුණු පිළි­තුර වූයේ ආය­ත­නීය වශ­යෙන් ෆැක්ස් පත­කින් ඉල්ලී­මක් කරන ලෙසය. ඒ සඳහා යළි කොළඹ යායුතු නිසා එදින දවසේ තව­දු­ර­ටත් යෝධ ඇළේ බැම්ම දිගේ ඉදි­රි­යට යන්නට අපි තීර­ණය කළෙමු.

පෙර දිනයේ අප යෝධ ඇළේ සංචා­රය අව­සන් කළේ මහ­ඉ­ලු­ප්ප­ල්ල­මෙනි. පෙර පැවැසූ පරි­දිම මහ­ඉ­ලු­ප්ප­ලම කුඩා කඩ­ම­ණ්ඩි­ය­කින් ඔබ්බට ගොස් රටම දන්නා නමක් බවට පත්වූයේ මහ­වැලි ‘එච්’ කලා­පයේ සංව­ර්ධන කට­යු­තු­ව­ලට සාපේ­ක්ෂව ඇතිවූ කෘෂි­කර්ම ප්‍රබෝ­ධ­යත් සම­ඟය. නමුත් ඊට කල­කට පෙර සිටම එහි කෘෂි පර්යේ­ෂණ අංශයේ ශාඛා­වක් ඇතුළු කෘෂි­කර්ම දෙපා­ර්ත­මේ­න්තුවේ උප­කා­ර්යාල ගණ­නා­වක් ක්‍රියා­ත්මක වී තිබී ඇත. MI කාණ්ඩ­යෙන් පට­න්ගන්නා වී, බඩ­ඉ­රිඟු, මිරිස් ඇතුළු බොහෝ නව බීජ වර්ග හඳුන්වා දෙන්නේ මහ­ඉ­ලු­ප්ප­ල්ලම පිහිටි ක්ෂේත්‍ර බෝග පර්යේ­ෂණ හා සංව­ර්ධ­න‍ ­ආ­ය­ත­න­යෙනි.

මඟ දිගට වතුර විකු­ණන තැන්

යෝධ ඇළ බැම්ම සොයා තලාව - කැකි­රාව දිගේ මහ­ඉ­ලු­ප්ප­ල­මට එන අපට මඟ දිගට හමු­වූයේ වතුර විකු­ණන වෙළ­ඳ­සල්ය. රජ­රට ප්‍රදේ­ශය වෙළා­ගෙන ඇති වකු­ගඩු රෝගය හේතු­වෙන් දැන් එහි වැසි­යන් පානය කරන්නේ පිරි­ප­හදු කරන ලද ජල­යයි. මේ නිසා ප්‍රදේ­ශයේ වැසියෝ නිර­න්ත­රව භාජන රැගෙන පැමිණ වතුර මිළට ගනිති. මෙම වෙළ­ඳ­ස­ල්වල පිරි­ප­හදු කරන ලද වතුර ලීට­ර­යක් රුපි­යල් දෙකත්- තුනත් අතර මුද­ල­කට විකිණේ. පසෙ­කින් යෝධ ඇළ සහ නව ජය­ග­ඟත්, කලා­වැ­වෙන් දිය­වර ලබන වැව් පද්ධ­ති­යත් පිහිටි මෙම කලා­පයේ වකු­ගඩු රෝගය ව්‍යස­න­යක් ලෙස පැතිර යන්නට පට­න්ගෙන ඇත්තේ 1980 දශ­කයේ මැද භාගයේ සිටය.

අපි කැලෑ­දි­වු­ල්වැව ප්‍රදේ­ශයේ පිහිටි වතුර අලෙවි සලක නැවැතී වතුර වෙළ­ඳාම ගැන විස්තර විම­සු­වෙමු. එහි සිටි ව්‍යාපා­රික කාන්තාව නම හෙළි කිරී­මට අකැ­මැති වූ නමුත් තොර­තුරු ලබා­දී­මට එකඟ වූවාය.

“අපි දව­ස­කට වතුර ලීටර් හය හත්සි­ය­යක් විකු­ණ­නවා. ගමේ හැම ගෙද­ර­කම වගේ මිනිස්සු වතුර ගෙනි­ය­නවා. සම­හරු දව­ස­කට ලීටර් විස්සක් විතර ගෙනි­යන අව­ස්ථාත් තියෙ­නවා. හෝට­ල්ව­ලට, වන්ද­නාවේ යන මිනි­ස්සු­න්ටත් වතුර විකු­ණ­නවා. අපි ලීට­ර­යක් රුපි­යල් තුනට දෙන්නේ. ලීටර දහ­යක් වගේ ගන්න­කොට ශත පන­හක් අඩු කරලා දෙනවා. ඊට අම­ත­රව අපි පොඩි වෑන් එක­කින් පාර­වල් දිගේ ගිහි­ල්ලත් වතුර විකු­ණ­නවා.”

“මේ වතුර පිරි­සුදු කරන්නේ රසා­ය­නික ද්‍රව්‍ය­යක් භාවි­ත­යෙන් කියල කිය­නවා. මේක ඇත්තද?”

“නෑ. අපි නම් යාන්ත්‍රික ෆිල්ට­ර­යක් තමයි භාවිතා කරන්නේ. නමුත් ඇමෙ­රි­කන් තාක්ෂ­ණ­යෙන් කියල බෝඩ් ගහල තියෙන තැන්වල කෙමි­කල් එකක් දාන­වලු. ඒ නිසා එයාල අපිට වඩා අඩු මුද­ල­කට වතුර විකු­ණ­නවා.”

රජ­රට වතු­රට මහ­වැලි ජලය ඔස්සේ පැමිණි තේ වගා­වට යොදන ග්ලයි­ෆො­සේට් මිශ්‍ර වතු­රත්, රජ­රට පොළොවේ අස්වනු සඳහා භාවිතා කළ රසා­ය­න­වල පැවැති කැඩ්මි­යම් සහ ආස­නික් එක්වී­මත් ඒවා රජ­රටේ පස සමඟ මිශ්‍රව

නව රසා­ය­නික සංයෝග තැනීම නිසා මේ වකු­ගඩු රෝග තත්වය ඇති­වන බව එව­කට රජ­රට වෛද්‍ය පීඨයේ කථි­කා­චාර්ය වෛද්‍ය චන්න ජය­සු­මන මහතා විසින් 2014දී අනා­ව­ර­ණය කර­ගෙන තිබිණි.

මුදල් ගෙවා ගන්නේ හොඳ වතු­රද?

කාලා­න්ත­ර­යක් තිස්සේ යෝධ ඇළේ වතු­රත්, වැව් ජල­යත් පානය කළ අයට වකු­ගඩු රෝගය තර්ජ­න­යක් නොවී­මත්, මෑත­කදී මහ­වැලි ජලය පැමි­ණී­මෙන් සහ නවීන කෘෂි පිළි­වෙත් අනු­ග­ම­නය කර­න්නට වීමෙන් පසු මේ රෝගය මතු­ව­න්නට වීමත් මත එහි සම්පූර්ණ සත්‍ය­යක් තිබෙ­න්නට ඉඩ ඇත. එහෙත් වඩාත් ප්‍රබල කෘෂි රසා­යන ද්‍රව්‍ය මාෆි­යාව හමුවේ ස්ථීර පිළි­යම් වෙනු­වට අතී­සා­ර­යට අමුඩ ගස­න්නට රටක් වෙනු­වන් තීරණ ගන්නා උද­විය කට­යුතු කළ නිසා තව­දු­ර­ටත් පිරි­ප­හදු කළ ජල­යෙන් දිවි රැක­ග­න්නට රජ­රට වැසි­යන්ට සිදුව තිබේ.

එහෙත් පිරි­ප­හදු කළ ජලය ලෙස විශ්වා­ස­යෙන් ජලය මිළදී ගන්නා ජන­තා­වට ලැබෙන්නේ සැබෑ­ව­ටම පිරි­ප­හදු කළ ජලය දැයි සැක­හැර දැන­ග­න්නට නිසි නියා­මන ක්‍රම­වේ­ද­යක් ප්‍රාදේ­ශීය සෞඛ්‍ය බල­ධා­රීන් විසින් සිදු­කළ යුතුය. නැත­හොත් ස්වභා­වික ජල මූලා­ශ්‍ර­ව­ලට බියවී රජ­රට ජනයා මුදල් ගෙවා ලබා ගන්නේද ශරී­ර­යට අහි­ත­කර රසා­යන සහිත ජලය වන්නට බැරි නැත.

හොඳට තිබුණු සොරොව්ව අයින් කළා

මහ­ඉ­ලු­ප්ප­ල්ලම හන්දියේ වූ වින්ක­ල­ය­කින් අපගේ පාපැ­දි­වල අඩු­පාඩු කිහි­ප­යක් නිවැ­රදි කර­ගත් අපි එතැ­නින් යෝධ ඇළ බැම්මට ගොඩ වුණෙමු.

පෙර දිනයේ සව­ස්වීම නිසාත්, දිවුල් සුව­ඳට එළි බසින අලි ගැන වූ අව­ධා­නම නිසාත් සංග­ට්ටෑව ප්‍රදේ­ශයේ මඟ හැරුණු දේ දකි­න්නට අවැසි නිසා යළිත් පෙර දින පැමිණි මඟ දිගේ සංගැ­ට්ටෑව ආස­න්න­යට ගියෙමු. පෙරදා කුඹූ­රේදී හමුවූ ජී. සිරිල් බණ්ඩාර මහතා ඔහුගේ කුඹුර ආස­න්න­යේදී හමුවූ අතර ඔහු සමඟ 1872දී ඉංග්‍රීසි සමයේ ඉදි­කළ සොරො­ව්වක් දැක­ග­න්නට ගියෙමු.

“රජ­කාලේ තිබ්බ සොරොව් කට අබ­ලන් වෙලා වල් බිහි­වෙලා ගියාට පස්සේ අට­සිය ගණන් වල (1872) සුද්දෝ කලා­වැ­වයි යෝධ ඇළයි අලු­ත්වැ­ඩියා කරල තියෙ­නවා. එත­කොට දාපු ගල් පතු­රු­ව­ලින් හදපු සොරොව්වේ නට­ඹුන් තමයි මේ. මහ­වැ­ලි­යෙන් අසූ ගණ­න්වල හොඳට තිබ්බ ඒ සොරොව්ව අයින් කරලා සිමෙ­න්ති­යෙන් හදපු සොරො­ව්වක් දැම්මා. ඩෝස­රේට මේක අයින් කරන්න දවස් තුනක් ගියා. මේ අවු­රුදු තිහට සොරොව් දොර දෙපා­රක් හැදුවා. ඒත් පරණ සොරොව්ව එදා කඩන දවස වෙන­ක­නුත් අබ­ලන් වෙලා තිබුණෙ නෑ. අවු­රුදු සිය­ය­කට වැඩි නිසා මේක පුරා­ව­ස්තු­වක් වෙන්න ඕන. ඒත් තාමත් ඔහේ තියෙ­නවා.”

එය දැක ගැනී­මෙන් අන­තු­රුව අප ගියේ වපු­රන කුඹුරු යාය­ක­ටය. පරි­ණත ගොවීන් කිහිප දෙනෙකු කුඹුරේ වැඩ කරන අතර සෙසු ගොවියෝ ඔවු­නට උදව් වෙමින් සිටි­යහ. බිත්තර වී මල්ලක්ද, රසා­ය­නික පොහොර මල්ලක්ද කුඹුර අයිනේ සෙව­ණක තබා තිබෙනු පෙනේ….

වගා කට­යුතු එයා­ලට ඕනෑ විදි­හට

“මුළු රටේම මහ­වැලි කලා­වල ගොවි­තැන් කාල­ස­ට­හන තීර­ණය කරන්නේ පේරා­දෙ­ණි­යෙන්. ඉස්සර අපි වැස්සේ රටාව බලල අපිට ඕන හැටි­යට ගොවි­තැන් කළා. දැන් එහෙම නෑ. මෙදා පාර මහ­වැ­ලි­යෙන් වතුර දෙනව කිව්වේ 10දාට. ඒත් කලින් වැස්ස ආවා. ඒ නිසා අපි ඉක්ම­නට කුඹු­රට බැස්සා. දැන් අපි කන්න දෙකයි කරන්නේ. නොවැ­ම්බර් මාසෙට මහ කන්නේ. අප්‍රේ­ල්වල යල කන්නේ. ඉස්සර කන්න තුනක් කළා. ඒ යල මාර්තුවේ. අත­ර­මැදි එක ජූලි­වල. මහ කන්නේ නොවැ­ම්බරේ විදි­යට. මේවා පාර­ම්ප­රික කුඹුරු වුණත්, මහ­වැ­ලියේ වතු­ර­ව­ලින් කරන නිසා එයා­ලට ඕන හැටි­ය­ටයි වගා කරන්නේ”

ඉන් අන­තු­රුව යෝධ ඇළේ ඉදි­රි­යට ගිය අපි මහ­ඉ­ලු­ප්ප­ල්ලම පසු කොට කුඹු­ක්ඇන්ද සොයා ගියෙමු. පැරණි යෝධ ඇළ පසු­කා­ලී­නව ඉදි­කළ කෘත්‍රිම බැම්ම­කින් අව­හි­රවී සිය ගමන අව­සන් කරන්නේ කුඹු­ක්ඇ­න්දෙනි.

මහ­ඉ­ලු­ප්ප­ල්ලම සිට කුඹූ­ක්ඇන්ද දක්වා යෝධ ඇළ ආස­න්නයේ මහ රූස්ස ගස් මණ්ඩි­යක් දක්නට ලැබේ. එම ගස් ගොමුව යෝධ ඇළට ගෙනෙන්නේ මනා අලං­කා­ර­යකි. සිසි­ල­සකි.

අතී­තයේ යෝධ ඇළ ගමන් කළ මඟ දිගේ ඉන් ඔබ්බට දැන් ගලන්නේ නව ජය­ග­ඟයි. පැරණි යෝධ ඇළ ගලා ගිය පාරේ නව ජය­ගඟ දිග­ටම ගලන්නේ නැත. එය පැරණි යෝධ ඇළ ගිය මඟෙ­හිම යන්නේ සැතැ­පුම් කිහි­ප­යක් දුරට පමණි. ඉන්ප­සුව පැරණි යෝධ ඇළ අම­තක කොට වෙනත් මඟක තිසා වැව කරා ජලය ගෙන­ය­න්නට යෝධ ඇළ ගලන බව කියැවේ.

අපි කුඹු­ක්ඇ­න්දට වී යෝධ ඇළේ අහඹු අව­සා­නය නිරී­ක්ෂ­ණය කරන විට එතැ­නින් යන්නට ආවේ අත් ට්‍රැක්ට­ර­යකි. එහි වූයේ වැඩි­හිටි ගොවි­යෙකි. අප ඔහු නවතා යෝධ ඇළේ අතී­ත­යත්, වර්ත­මා­න­යත්, අනා­ග­ත­යත් ගැන තුන්කල් දැක්මක යෙදෙ­න්න­ටැයි ආරා­ධනා කළෙමු.

ඇඟ බේරා ගන්නවා මිස මැදි­හ­ත්වී­මක් නෑ

“අපි ඉස්සර හිටියේ මහ මූක­ලා­නක. මේවා එළි­පෙ­හෙළි වෙලා වගා සරු වුණේ මහ­වැලි වතුර නිසා. කාලෙක ඉඳලා මහ­වැ­ලිය උතු­රට හර­වන කතා තිබ්බට 1970 වෙන­කම් දෙයක් කෙරුණේ නෑ. ඊට පස්සේ තමා වැඩ කෙරුණේ. ගාමිණි දිසා­නා­යක වගේ ඇමැ­ති­වරු නිසා තමයි වැඩේ ඉක්මන් වුණේ. හැබැයි පටන් ගන්න කොට තිබුණු උන­න්දුව දැන් මහ­වැ­ලි­යට නෑ. ඒත් හරි සැලැ­ස්ම­කට කෙරෙ­න­ව­නම් මහ­වැලි වතු­රෙන්, මේ ඉඩම් ටිකෙන් හොඳ ප්‍රයෝ­ජ­න­යක් ගන්න පුළු­වන්. ඒත් හැමෝම ඇඟ බේර­ග­න්නවා මිසෙක හරි මැදි­හ­ත්වී­මක් කරන්නේ නෑ.”

අපෙන් සමු­ගත් ඔහු කුඹුක් ඇන්දෙන් වමට හැරී මර­ද­න්ක­ඩ­වල දෙසට යද්දී අපි දකු­ණට හැරී නව ජය­ගඟ බැම්ම දිගේ ඉදි­රි­යට යන්නට පටන් ගතිමු. කලා­වැවේ සිට මෙතෙක් දුරක් ඉප­ලෝ­ගම ප්‍රාදේ­ශිය ලේකම් කාර්යා­ල­යට අයත් බල ප්‍රදේ­ශයේ සැරි­සැරූ අප මින් ඔබ්බට සැරි­ස­රන්නේ තලාව ප්‍රාදේ­ශිය ලේකම් බල ප්‍රදේ­ශ­යේය.

නව ජය­ගඟ ජල­යෙන් පිරී ඇත. නිසි කලට පෙර වර්ෂාව ලැබීම නිසා නොවැ­ම්බර් 10 දිනට පෙර කලා­වැ­වෙන් යෝධ ඇළ­ටත්, නව ජය­ග­ඟ­ටත් වතුර නිකුත් කර­න්නට මහ­වැලි බල­ධා­රීන් තීර­ණය කර ඇති බව කීවේ සංග­ට්ටෑ­වේදී හමුවූ යූ. ඒ. ආනන්ද මහ­තාය.

අපි ජල­යෙන් පිරුණු නව ජය ගඟේ උජා­රුව බල­මින් ඉදි­රි­යට ගමන් කළෙමු. නව ජය­ග­ඟට සම්බන්ධ වන වැව් කිහි­ප­යක් මේ ඉස­ව්ව­වේදී දකි­න්නට පුළු­වන. ඒ පුලි­ය­න්කු­ලම වැවත්, තම්මැ­න්නේ­ගම වැවත්, අලුත් වැවත්ය. ඒවා පසු­ක­ර­මින් ඉදි­රි­යට පැමිණි අප දුටුවේ කුඹූරු යායක තනා ඇති පැල් කොට­යකි.

ඒ සුබ සල­කුණ මේ ප්‍රදේ­ශයේ කුඹූරු යාය වල රෑ පැල් රැකුම සිදු­වන බවට හොඳ සල­කු­ණකි. ඉදිරි දින­යක කුඹුරෙ පැලක රැය ගත කිරීමේ අර­මු­ණද සම­ඟින් අපි ඇඳ­ගල හරහා එප්පා­ව­ලට පැමි­ණියේ යළි දින­යක යෝධ ඇළේ ඉපැ­රණි මං සල­කුණු සොයා යාමේ අපේ­ක්ෂා­වෙනි.

උපුටා ගැනීම සිළුමින පුවත් පත ඇසුරෙනි

More News »