කුඹු­ක්ඇ­න්දෙන් බෝක්කු දැම්මොත් යෝධඇළ ආයෙත් ගල­නවා

2018-11-21 09:12:00       681
feature-top
මානෑව මංස­න්ධි­යට පැමිණි අපි යළි යෝධ ඇළ බැම්මට පිවි­සු­ණෙමු. දැන් කැකි­රාව සිට තලාව දක්වා දිවෙන මහා මාර්ග­යට සමා­න්ත­රව විහි­දෙන නිසා යෝධ ඇළ බැම්ම එත­රම් ජනා­කීර්ණ නොවේ. සිය ගමන් පහ­සුව සඳහා මහා මාර්ගය යොදා­ගත හැකි බැවින් හර­කුන් දිගේලි කිරී­මට හෝ බේත් සීට්ටුවේ ඔසු වගක් දෙව­ගක් සොයා­ග­න්නට හෝ ඉඳ­හිට ගැමි­යෙකු යෝධ ඇළට එනවා විය යුතුය. මානෑවේ සිට මහ­ඉ­ලු­ප්ප­ල්ලම දක්වා කොට­සේදී ගම් වැව් ගණ­නා­වක් වටා යමින් ඒ ගම් වැව්ද, ඒ ආශ්‍රිත කුඹු­රුද සරු කර­මින් ගලා යන යෝධ ඇළ මේ ප්‍රදේ­ශ­යේදී නෑම, සේදීම වැනි වෙනත් මිනිස් අව­ශ්‍යතා සඳහා යොදා­ගන්නා බවක් නොපෙනේ.

මානෑව හන්දිය පසු කළ සැණින්ම හමු­වන්නේ ඉප­ලෝ­ගම වැවයි. එය ගම් වැවකි. එහෙත් එහි ජලය රඳ­න්නට අව­ස්ථාව ඇති බවක් නොපෙනේ. මන්ද තෘණ වර්ගත්, පන් වර්ගත් වැවී වැව ගොඩවී ඇති ආකා­ර­යක් පෙනෙන නිසාය. වැවේ මැද්දෑවේ තණ බුදින ගව­යින් කිහිප දෙනෙකු පෙනේ. තැනින් තැන ජල තල කිහි­ප­යක් පෙනු­ණත් ඒවා වැටෙන වැස්සෙන් පිරුණු ඒවා මිසෙක දිගු කල් රඳා පව­තින ජල ගබඩා ලෙස නොපෙනේ. එලෙ­සින්ම ඊළ­ඟට හමු­වන නික­වැ­වද, ගෝණ­ප­ති­රාව මහ වැවද මේ අයු­රින්ම ගොඩවී තිබේ.

කලා­වැවේ සිට මෙතෙක් පැමිණි ගමනේ අපට හමුවූ හැම කුඩා වැවක්ම මෙලෙස ජලය ගබඩා කළ නොහැකි තත්ව­යෙන් ගොඩවී පැව­තීම කන­ගා­ටු­දා­ය­කය. මේ හැම වැවක්ම හාරා ගැළ­පෙන ලෙස වාන, සොරොව් සහ ඇළ මාර්ග සකස් කරන්නේ නම් එය මෙම ප්‍රදේ­ශ­වල කෘෂි නිෂ්පා­දන ධාරි­තා­වය ඉහළ නැංවී­මට හේතු වනු ඇත. එය තර­මක් විශාල ආයෝ­ජ­න­යක් වුවද ඉන් ලැබෙන දිගු­කා­ලීන ප්‍රති­ලා­භය අති මහත්ය.

වැව් පිළි­ස­කර කිරී­මට උන­න්දුව මදි

යෝධ ඇළ නිසා වැව පිරී නොපැ­වැ­ති­යද පහළ නිම්නයේ වැසි­යන්ට සිය වගා සඳහා ජලය ලැබේ. ඒ නිසාම මෙම වැව් පිළි­ස­කර කිරී­මට අදාළ ජනතා උන­න්දුව අවම තත්ව­යක පව­තින බව පෙනේ. හමු­වන ගොවීන් චෝද­නා­වක් ලෙස වැව් ගොඩ­වීම ගැන අද­හස් දැක්වූ­වද, මහ­වැලි අණ පනත් අනුව 1978න් පසුව වාරි­මාර්ග දෙපා­ර්ත­මේ­න්තු­වට වැව් පිළි­ස­කර කිරී­මට මැදි­හත් විය නොහැකි බව අපට පැවැ­සූවේ තලාව ප්‍රාදේ­ශීය සභාවේ උප සභා­ප­ති­තු­මාය.

ගෝන­ප­ති­රාව වැව් බැම්මේ සිට යෝධ ඇළ හරහා ගෝන­ප­ති­රාව ගම්මා­න­යට පිවි­සෙ­න්නට මෙතෙක් තිබී ඇත්තේ කුඩා ලෑලි පාල­මකි. දැන් එහි කොන්ක්‍රීට් පාල­මක් ඉදි­වෙ­මින් පවතී. තවත් බොහෝ වැඩ කර­න්නට ඇති පාල­මෙහි තව­මත් ඉදිව ඇත්තේ පැති බැමි පමණි. එයද සම්පූර්ණ කර නැත.

මානෑවේ සිට කිලෝ­මී­ට­ර­යක් පමණ ඉදි­රි­යට යන­විට කෙමෙන් කෙමෙන් යෝධ ඇළ බැම්ම අඩි පාරක් බවට පත්විය. සම­හර තැනක කඩා වැටුණු ගස්ව­ලින් වැව් බැම්ම අව­හිර වී තිබේ. විශා­ලව වැඩුණු නුග ගස් වල රැහැ­න්ව­ලින් ඇළ බැම්මේ යන අපේ ගමන සොඳුරු ලෙස අව­හිර කර තිබේ. යෝධ ඇළ බැම්මේ යන අපට ඉදි­රි­යට හමු­වන ගම් වැසි­යෙ­කුද නැත. ගෝණ­ප­ති­රාව විහා­ර­ස්ථා­නයේ කඨින පුජෝ­ත්ස­වයේ අව­ස්ථා­වන් වරින් වර ඇසේ. නිය­මිත කලට පෙර වට වැස්සෙන් උද්දා­ම­යට පත්වූ ගොවියෝ, බාල-වී අස්වැ­ද්දිය යුතු­යැයි වන මහ­වැ­ලියේ නියෝ­ග­යන්ට පරි­බා­හි­රව මහ-වී අස්ව­ද්ද­නට නියර රහිති. පස පෙර­ළති. දිය බඳිති. කුඹුරු මඩ කරති. වී ඉසිති.

අත­ර­මඟ මේ සියල්ල දකි­මින් යන අපට වන­ගත පෙදෙ­ස­කදී හමු­වූයේ දින­කට හෝ දෙක­කට පෙර හෙළූ අලි වසුරු පිඩකි. මේ වැව් ගම්මා­න­වල දිවුල් ඉදෙන සමය නිසා­වෙන් තිර­ප්පනේ ප්‍රදේ­ශයේ කැලෑ කුට්ටි­ව­ලින් මහ­ඉ­ලු­ප්ප­ල්ලම, ගල්ග­මුව දෙසට ඇදෙන වන අලි යෝධ ඇළෙන් එගොඩ වී තම ගමන යන බවට අලි වසුරු හොඳ සාක්කි­යකි.

“ඉස්සර ඉඳන්ම වල්අලි ඉඳ­හිට

මේ ගම්මැ­ද්දෙන් යනවා…අලි මිනිස් ගැටු­මක් ඇති­වෙන තර­මට තර්ජ­න­යක් නැතත් දිවුල් ඉදෙන කාලෙට ඒ සුව­ඳට වල්අලි ගම්ව­ලට ඇදෙන එක නව­ත්වන්න බෑ….” සංග­ට්ටෑවේ දී අපට හමුවූ ගොවි­යෙකු වල් අලි ගැන කීවේ එලෙ­සිනි.

යෝධ ඇළ අල්ලා ගත් කුඹුරු යාය

මේ කොටසේ යෝධ ඇළ ට අයත් ඉඩ එහි ඉහ­ත්තාවේ වෙසෙන පදිං­චි­ක­රු­වන් විසින් හරි හරි­යට අත්ප­ත්ක­ර­ගෙන ඇති ආකා­ර­යක් දක්නට ලැබේ. යෝධ ඇළ බැම්මේ අපට හමු­වුණු බාධක මේ පදිං­චි­ක­රු­වන්ගේ සැල­සුම් මත සිදු­වුණු ක්‍රියා­කා­ර­කම් වන්න­ටද ඉඩ ඇත. තැනෙක යෝධ ඇළට අයත් ඉඩ මිරි­දිය මත්ස්‍ය වගා­වක් සඳහා යොදා­ගෙන තිබේ. ඒ උස් පස් වැටි­ය­කින් යෝධ ඇළේ ඉඩ සීමා කර­ගෙන සකස් කළ ඉඩ­කය. කිසි­වෙකු නොවූ නිසා එහි ඡායා­රූ­ප­යක් ගන්නට අපට හැකි­විය. තවත් තැනෙක කුඹුරු යාය යෝධ ඇළේ ඉඩද භාවිතා කර පුළුල් කර­ගෙන තිබෙන ආකා­ර­යක් දකි­න්නට පුළු­වන. යෝධ ඇල මායිමේ වූ කුඹුක් ගස් ආදිය ගිනි­තබා තිබෙන ආකා­ර­යද දැක­ගත හැකි­විය. තවත් තැනෙක ඉදි­කි­රීම් ආය­ත­න­යක අබලි ද්‍රව්‍ය සහ උපාංග ගොඩ­ගසා තිබුණේ යෝධ ඇළ බැම්මේය. මේ සියලු දේ දකි­න්නට ලැබුණේ මානෑ­වත්- සංග­ට්ටෑ­වත් අතර ගෝණ­ප­ති­රාව කොට­සේ­දීය.

සංග­ට්ටෑ­වේදී කුඹුරු වැඩ කර­මින් සිටි ගොවීන් දස දෙනෙකු පමණ අපට හමු විය. ඔවුන් ලහි ලහියේ සිය කුඹුරු ලියදි සක­ස­මින් සිටි අතර, මද­කට ඔවු­නට කර­ද­ර­යක් වෙමින් යෝධ ඇළේ ඇසු දුටු දෑත්, යෝධ ඇළ ගැන ඔවුන්ගේ අද­හ­සුත් විම­සු­වෙමු.

“ඉස්සර යෝධ ඇළ ගැන බැලුවේ ඉරි­ගේ­ෂන් (වාරි­මාර්ග) මහ­ත්වරු. දිසා­පතිතුමාට තමයි වග­කිව්ව. අමරහේවාමද්දුම වගේ දිසා­ප­ති­වරු ඉන්න කාලෙ ජීප් එකේ අනු­රා­ධ­පුරේ ඉඳන් කලා­වැ­ව­ට ම යනවා. හමු­වෙන ගොවීන් එක්ක කතා කර­නවා. ඒත් මහ­වැ­ලිය ආවට පස්සේ ඔක්කොම වෙනස් වුණා. යෝධඇළ විනාශ කරන්න ප්ලෑන් කර­ලම වැඩකළා. කලා­වැවේ ඉඳන් මහ­ඉ­ලු­ප්ප­ල්ල­මට යෝධඇළ ගැන බලන්නේ මහ­වැලි බ්ලොක් ඔෆිස් එකෙන්. ඒකේ ලොක්කා ඉන්නේ මහ­ඉ­ලු­ප්ප­ල්ලමේ. අනු­රා­ධ­පුරේ හිටපු දිසා­පතිතුමා මුළුබැම්ම දිගේම ගිය මත­කය තාම තිබ්බත් බ්ලොක් ඔෆිස් එකේ මහ­ත්ත­යෙක් යෝධඇළ බැම්ම දිගේ ගිහින් හොයල බලල නෑ. කොහෙන් හරි බැම්මට ගොඩවෙලා පොඩ්ඩක් බලල ආපහු යනවා. එයා­ගෙන් පැමි­ණී­ල්ලක් ගියොත් තමයි තඹු­ත්තේ­ ග­මින් යෝධ ඇළ ගැන බලන්නේ. එයා හරි­යට වැඩේ නොකර අඩු­පාඩු තියෙ­ද්දිත් හරි කියල කිව්ව­හම ලොකු ලොක්කෝ මේක දිහා බලන්නේ නෑ.”

සංග­ට්ටෑව පසු කළ විට අපට හමු­වන්නේ මහ­ඉ­ලු­ප්ප­ල්ලම ප්‍රදේ­ශ­යයි. මහ­ඉ­ලු­ප්ප­ල්ලම යනු මහ­වැලි එච් කලා­පයේ කට­යුතු වලදී නිතර ඇසෙන නමකි. එය වඩාත් ප්‍රච­ලිත වී ඇත්තේ කෘෂි­කර්ම දෙපා­ර්ත­මේ­න්තුවේ ක්ෂේත්‍ර බෝග පර්යේ­ෂණ හා සංව­ර්ධන මධ්‍ය­ස්ථා­නය පිහිටා ඇති නිසාය. මහ­වැලි කලා­ප­වල වගා කෙරෙන MI කාණ්ඩයේ බීජ වී නිෂ්පා­ද­නය වන්නේ එහි සිදු­කෙ­රෙන පර්යේ­ෂණ වලට අදා­ළ­වය. මහ­ඉ­ලු­ප්ප­ලම කුඩා කඩ­වී­දි­යකි. ප්‍රදේ­ශයේ ගොවි ජන­තාව සිය අව­ශ්‍යතා සඳහා එහි පැමි­ණෙන්නේ සතියේ දින­වල වුවද, අප එහි ගියේ සති අන්ත­යක නිසා එදින නග­රය පැවැ­තියේ නිද්‍රා­ශී­ලී­වය.

ජලය ගලා නොයන යෝධ ඇළ

මහ­ඉ­ලු­ප්ප­ල්ලම ප්‍රදේ­ශ­යේදී යළිත් යෝධ ඇළ බැම්ම ජනා­කීර්ණ වේ. බැම්මෙන් පහළ කොටසේ නව නිවාස සහ ගම්මාන ඉදිව තිබේ. එසේම ඒ ප්‍රදේ­ශ­යේදී ජන­තාව සිය අව­ශ්‍යතා සඳහා යෝධ ඇළ හොඳින් භාවිත කරනු පෙනේ. නමුත් ඒ ප්‍රදේ­ශයේ දී යෝධ ඇළට ඇති ගැට­ලුව වන්නේ ඇළේ ජලය ගලා නොයා­මයි.

කාලා­න්ත­ර­යක් තිස්සේ අනු­රා­ධ­පු­රය දක්වා ගැලූ යෝධ ඇළ, අහඹු ලෙස සිය ගමන මහ­ඉ­ලු­ප්ප­ල්ලම ආසන්න කුඹු­ක්ඇන්ද ප්‍රදේ­ශ­යේදී අව­සන් කරන්නේ මහ­වැලි ව්‍යාපා­රයේ ආර­ම්භ­යත් සම­ඟය. එහිදී මහ­වැලි එච් කලා­පයේ කලා­වැව සිට මහ ඉලු­ප්ප­ල්ලම දක්වා ප්‍රදේ­ශ­යට ජලය දෙන්නට යෝධ ඇළ යොදා­ග­න්න­ටත්, ඉන් එපි­ටට ජලය දෙන්නට නව ජය­ගඟ යොදා­ග­න්න­ටත් මහ­වැලි බල­ධා­රීන් සැල­සුම් කර තිබේ.

ඇළ හරස් කර බැඳි කෘත්‍රිම බැම්ම

ඒ අනුව යෝධ ඇළේ අව­සාන පිට­වාන ඇත්තේ සංග­ට්ටෑව ප්‍රදේ­ශ­යෙනි. ඉන් ඔබ්බට කුඹුක් ඇන්ද දක්වා කොටසේ ජලය ගලා යන්නට හේතු­වක් නොවන බැවින් ඒ කොටසේ ජලය රැඳී තිබේ. එසේ වන්නේ යෝධ ඇළේ ජලය, ජය ගඟ හා එක් වීම වළ­ක්ව­න්නට කෘත්‍රිම බැම්මක් ඉදි­කර ඇති නිසාය.

මේ බැම්ම ගැන නතාව අපට කීවේ සංග­ට්ටෑවේ යූ.ඒ. ආනන්ද මහ­තාය. ඔහු ගොවි­යෙකි.

“ඉස්සර ඉඳන් ගැලුව යෝධ ඇළ හරස් කරල කුඹු­ක්ඇ­න්දෙන් බැම්මක් බැන්දා. වතුර ඉස්ස­ර­හට ගලා­ගෙන යන්න හදපු වංගු නිසා තමයි යෝධ ඇළ ගැලුවේ. පරණ තාක්ෂ­ණය අනුව වංගු­වෙන් වංගු­වට එන තෙර­පු­මෙන් තමයි වතුර ගැලුවේ. මෙතැ­නින් බැම්ම බැන්ද­ගෙන් පස්සේ තෙර­පු­මක් දෙන්න වුව­ම­නා­වක් නැතිව ගිය නිසා ගන්ති­රි­යා­ගම- මානෑව හරි­යෙන් ඉස්ස­ර­හට යෝධ ඇළ ගලන එක නැව­තුණා. දැන් මේ හරියේ වතුර එක­තැන පල්වෙ­නවා. මේකට පිළි­යම තමයි කුඹුක් ඇන්දේ හරස් බැම්මෙන් නව­තින වතුර පාර බෝක්කු කට­වල් දාලා ජය­ග­ඟට එකතු කරන එක. වතුර පාර පාල­නය කරන්න ඕන නම් ගේට්ටු දාන එක.”

යෝධ ඇළේ විනා­ශ­යට ගොවි විරෝ­ධය

යෝධ ඇළ මායි­මේම ඉප­දුණු ඔවුන්ට, තම බත සරි කර­න්නට දිය­වර දෙන යෝධ ඇළ තම දෙවැනි මව මෙන් වටී. යෝධ ඇළේ විනා­ශය ගැන ඔවුන් සිය අද­හස් පිට­ක­රන්නේ වේද­නා­වෙනි. ගමේ කුඹුරේ නියරේ අැවි­දින ඔවු­නට යෝධ ඇළ ගොඩ­ග­න්නට ඇති ප්‍රායෝ­ගික විස­ඳුම් පෙනේ. ඒවා බල­ධා­රීන් නෑසූ කන්ව සිටීම ගැන ඔවු­නට ඇත්තේ කෝප­යකි.

අප ඊළ­ඟට පිවි­සිය යුත්තේ යෝධ ඇළ හරහා බැම්ම බැඳ ඇති කුඹුක් ඇන්ද ගම­ටය. එහෙත් ඊට පෙර මහ­ඉ­ලු­ප්ප­ල්ල­මේදී මහ­වැලි බල­ධා­රින් හමු­විය යුතුය. යෝධ ඇළේ අහඹු අව­සා­න­යට එරෙ­හිව ගොවින් නඟන චෝද­නාෙ­ව­ලට පිළි­තුරු ඇත්තේ ඔවුන් සතු­වය.

හෙට දවසේ උදෑ­ස­නින් මහ­ඉ­ලු­ප්ප­ල්ලමේ මහ­වැලි බල­ධා­රීන් හමු­ව­න්නට අර­මුණු කොට­ගෙන අපි මහ­ඉ­ලු­ප්ප­ල්ලම මංස­න්ධි­යෙන් මහ­පා­රට පිවි­සුණේ නවා­තැන කරා යන අර­මු­ණෙනි.

යෝධ ඇළ දිගේ යන අපේ ගම­නට එක් කළ යුතු යමක් ඔබ­ටත් ඇත්නම් outofboxsrilanka@gmail.com ලිපි­න­යෙන් අපට ලියන්න.

උපුටා ගැනීම සිළුමින පුවත් පත ඇසුරෙනි

More News »