මාතලේ තෙත් කලාපය අහිමි වෙයි ද

2018-03-30 10:36:00       114
feature-top
ශ්‍රි ලංකාවේ මධ්‍යම පළාතේ සුවිශේෂි වූ දේශගුණික කලාපයන්ගෙන් සමන්විත මාතලේ ප්‍රදේශයට වාර්ෂික වර්ෂාපතනය මි.මි 2500ක ඉහළ අගයක් ගන්නා නමුත් වර්තමානය වන විට මාතලේ නගරය ආශ්‍රිතව මෙන්ම මාතලේ දිස්ත්‍රික්කය පුරාම විවිධ දේශගුණීක විපර්යාසයන්වලට වසර ගණනාවක් තිස්සේ ලක්වී ඇති බව බව පරිසරවේදිහු පවසති.

80 දශකයේ අගභාගය වන විට මාතලේ දිස්ත්‍රික්කයේ තෙත් කලාප වන රත්තොට උකුවෙල , යටවත්ත හා පල්ලේපොළ යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසවල සැලකිය යුතු භුමි ප්‍රමාණයක් මෙම කලාපයට අයත්ව ඇති නමුත් වියළි කලාපයේ දේශගුණික රටාවන් තුළ හැදෙන වැඩෙන හල්මිල්ල , තේක්ක වැනි ශාඛ ප්‍රජා වේගයෙන් ව්‍යාප්ත වනබව පරිසරවේදිහු පවසති.

මිනිසා හැර අනෙක් සත්ව ප්‍රජාව පරිසරය හා සංවේදිව තම ජිවන තත්ත්වයන් පවත්වා ගෙන යෑමේ පාරිසරික සාධක මැනවින් හදුනාගෙන ඇති බව අප දන්නා කරුණක් වන නමුත් දේශගුණික වෙනස්කම් තුළින් සිය ජිවිත පැවැත්ම තහවුරු කර ගැනිම සඳහා නිකේතන වලට සුදුසු කලාප සඳහා සතුන්ගේ ව්‍යාප්තියක් ඇති අතර මාතලේ තෙත් කලාපයට අයත් ප්‍රදේශවලට මේ වන විට වඩු කුරුල්ලන් , මොනරුන් හා තලගොයින් බහුලව පැමිණෙමින් සිටින බවත් රත්තොට වේරගම හපුගස්තලාව උකුවෙල වාරියපොළවත්ත කළල්පිටිය වැනි ප්‍රදේශවල මෙම සතුත් දැකිය හැකි බව ගැෆෙක් ශ්‍රි ලංකා අධ්‍යක්ෂ පරිසරවේදි ගාමිණි ජයතිස්ස මහතා පැවැසිය.

වියළි කලාපයේ සිය නිකේතනය කර ගත් අළු කැදැත්තා සිග්‍රයෙන්  මෙම තෙත් කලාපය තුළට වි අද වන විට කෘෂිකාර්මික ජන ජිවිතයටද බලවත් තර්ජනයක් වි ඇත.මෙම තත්ත්වය දේශගුණික විපර්යාසයන් සඳහා සත්ව සන්නතිය විශේෂ නොවන්නේද?යන්න විශේෂ වූ පරික්ෂණ තුළින් සොයා බැලිය යුතු කරුණක් වන්නේය.මෙම වසරේදි නිරිත දිග මෝසම් වැසි ලැබිමද ප්‍රශ්නකාරි ලෙසට දැකිය හැකි අතර වෙනදා ලැබෙන වැසි රටාවන් හා වැසි අතර විශාල වෙනසක් මේ වන විට නිරික්ෂණය කර ඇති අතර එකි වැසි කොරහෙන් වැක්කෙරුවා හා සමාන බවද ජයතිස්ස මහතා පවසයි.

සියලු ප්‍රතිපත්ති මුල් කරගෙන සිදුවන කෘෂිකාර්මික කටයුතු එදා මෙන් අදත් සිදුව පවතින නමුත් යලමහ දෙකන්න බෙදා හදාගෙන ගොඩ මඩ ගොවිතැන් කළ මාස්පතා වගා රටාව හදුන්වා දුන් මාතලේ පඩිවිට වෙල්යායද එතරම් සරුසාර බවක් පෙනෙන්නට නැත.දෙකන්න බෙදාගෙන ගොවිතැන් කරන්න තිබු ජලය අද බෙදා ගැනිමටත් ප්‍රමාණවත් නොවන බව ගොවිහු පවසති.

මේ නිසා පුරන්වු කුඹුරු විශාල ප්‍රමාණයක් මාතලේ දිස්ත්‍රික්කයේ ඇති අතර විශේෂයෙන් නකල්ස් රක්ෂිත වනාන්තර භූමිය සමිපයෙහි ගම්මාන  ආශ්‍රිතව කුඹුරු අක්කර විශාල ප්‍රමාණයක් ඇති අතර ඒවා අස්වැදිම ද අභීයෝගයක් වි ඇත.

ආපදාවන් පාරිසරික  හායනයටත් මහඟු සාධකයක් වන්නේය.වැස්සත් සමග මතුවන මෙරුන්ගේ ශරිර ප්‍රමාණය වෙනදාට මතුවන මෙරුන්ගේ 1/3 ක් තරම් කුඩා බවද මේ වසරේ අවස්ථා කිපයක දිම නිරික්ෂනය කළ බව ගාමිණි ජයතිස්ස මහතා වැඩිදුරටත් පැවැසිය.මෙම සාධක තුළින් ප්‍රදේශයේ කෘෂිකාර්මික කටයුතු සඳහා අනුවර්තනිය වැඩසටහන් කඩිනමින් පිළියෙළ කළ යුතු අතර පාරිසරික සමතුළිතය ක්ෂණිකව කඩා වැටිමේ අවදානම වළක්වා ගැනිම සඳහා තෙත් කලාපය හා අන්තර් කලාපය නියෝජනය වන ප්‍රදේශවල මාතලේ පාවුල් කදුවළල්ලේ ,පන්සලා තැන්න, මාඋස්සාව , ඇටිපොළ විල්ෂයාර් ,මකුලුස්ස ,අම්බොක්ක වැනි ප්‍රදේශවල වාර්ෂිකව ගිනිතැබිමට ලක්වන අක්කර දහස් ගණනක් වන පතන් සහිත ඉහළ කඳු මුදුන් සහ එහි ක්ෂද්‍ර පද්ධති සංරක්ෂණය කර ක්‍රියාකාරි උස සහ පළල ශාක වැස්මකින් ආවරණය කර නැවත වළාකුළු වනාන්තර පද්ධති ස්ථාපනය කිරිමට ඉහත සාධක මානව සමාජයට කරන බලවත්ම ආයචනයක් බව පරිසරවේදිහු කියා සිටිති.

මාතලේ ද්‍රෝණිය හා අවට ප්‍රදේශය මනරම් කරමින් ගලා බසින ප්‍රධාන ගංගාව වන්නේ සුදු ගගයි.කුඩා ගංගාවක් වන පන්සලාතැන්න ඕවිලිකන්ද හා විල්ෂියාර් කඳු හරහා කුඹියන්ගොඩ ඔය නමින් මාතලේ නගරය හරහා ගලා යන අතර හුන්නස්ගිරිය , ඇල්කඩුව ඔස්සේ ගලා යන හපුවිද ඔය ඉන් අනතුරුව මහ ඔයට එක්වන අතර නකල්ස් කඳුවැටියෙන් ආරම්භවි දැලිවල ඔය හා දන්කන්ද ඔය රත්තොටදි එක්වි උතුරු දෙසට ගලා යන අතර සුදු ගගට එක්වි ඉන් අනතුරුව කළු ගගට සම්බන්ධවේ.

මෙම ශාඛා දෙක එක්වි අඹන්ගඟ නමින් බෝවතැන්න ප්‍රදේශය හරහා ගලාගොස් මහවැලි ගඟට එකතු වන අතර විශාල ජල ප්‍රමාණයක් මිට දශක කිහිපයකට පෙර මෙම කුඩා ගංඟාවලින් ගියත් වර්තමානය වනවිට මාතලේ කදු ආශ්‍රිතව සිදුවඇති පරිසර හානිය නිසා ජලය අඩු වි ඇති බවත් ජල පෝෂක ප්‍රදේශ ක්‍රම ක්‍රමයෙන් අඩුව ඇති බව පරිසරවේදින්ගේ මතයයි.මාතලේ නගරයේ පිහිටා තිබු වන ගොමුවද අද වන විට විනාශ වෙමින් පවතින අතර එය තුළද යම් පාරිසරික වෙනස්විම් සිදු වෙමින් පවතින බව පරිසරවේදි ගාමිණි ජයතිස්ස මහතා පවසයි.

මාතලේ නගරයේ මේ වකවානුව තුළ රිදි ආභරණ කළු වීම නිසා ඒවා පැළඳ සිටින අය විශාල වශයෙන් ඒවා අලුත් වැඩියා කර ගැනිම සඳහා මේ දිනවල ජුවලරි වලට පැමිණෙන අතර මෙය ශරිරයෙන් පිටවන දහදිය සමග රසායනික සල්ෆර් සංයෝගයක් සිදුවන බව රිදි ආභරණ අලුත්වැඩියා කරන අයගේ මතය වි ඇති බවත් මෙමගින් පෙන්නුම් කරන්නේ දේශගුණික වෙනස්විම් හේතුව පරිසරවේදින්ගේ මතයයි.

1980 දශකයේ ආසන්නයේ සිටම මාතලේ ප්‍රදේශයේ පරිසර පිළිබෙඳ මෙම වෙනස්වීම් සියුම් නිරික්ෂණය කරමින් ඒ පිළිබදව දිස්ත්‍රික්කයේ පරිසරය පිළිබද තින්දු ගන්නා රාජ්‍ය ව්‍යුහයන් වන දිස්ත්‍රික් පරිසර කමිටුවේ මෙන්ම විවිධ රාජ්‍ය ආයතනවලට කරුණු කාරණා පෙන්වා දුන් බවද පරිසරවේදි ගාමිණි ජයතිස්ස  මහතා පෙන්වා දෙයි.

දිවයිනේ සුවිශේෂී වැසි වනාන්තර පද්ධතියක් හා මුල්ම දේශගුණික රක්ෂිතය වන දුම්බර වන පෙත නකල්ස් සංරක්ෂණ වනාන්තරයේ හුන්නස්ගිරිය, කඹරගල ,රත්තොට , නාගල , ලග්ගල ආදි ප්‍රදේශ නියෝජනය කරන සංවේදි කලාපයේ ඇති තේ වගාවලින් අනුන ජලාදහර ප්‍රදේශයන් වශයෙන් නැවත වනාන්තර පද්ධතිය තහවුරු කිරිමේ කටයුතු දිනෙන් දින අතපසු විමද මාතලේ ප්‍රදේශයේ මෙන්ම රටේ දේශගුණික විපර්යාසයන් පිටු දැකිම සදහා කඩිනමින් කළ යුතු කාරණා වේ.

ජල පෝෂක ප්‍රදේශයන්හි විවිධ වැවිලි සමාගම් හට අයිතිය ඇති  වතු ආශ්‍රිතව පවතින විශාල ප්‍රමණයෙහි ගස්  බිම් හෙළීමට කටයුතු කිරිම මේ වන විටත් ආරම්භ කර ඇති අතර තවද වතුවල ඇති විවිධ ඛනිජ සම්පත් ද කුණු කොල්ලයට බදු දෙමින් පැවතිම වැනි කරුණු නිසාද මාතලේ දිස්ත්‍රික්කයේ පරිසර සමතුලිතතාව බිඳ වැටිමට හේතුවන කරුණක්ය.

ලෝක උරුමයක් බවට නම් කළ නකල්ස් හෙවත් දුම්බර අඩවියේ පවරාගත යුතු ඉඩම් නකල්ස් රක්ෂිතයට පවරා නොගැනිම හේතුවෙන් නකල්ස් රක්ෂිතයට දැඩි බලපැමක් සිදුවෙමින් පවතින බවත් මෙහි පවරා ගැනිම් කටයුතු 1982 වසරේ සිට ක්‍රියාත්මක වුවත් එකි කාර්යන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල හා වන සංරක්ෂණ දෙපාර්තමෙන්තුව අතර දෝලනය වමින් කනගාටුදායක මන්දගාමි තත්ත්වයක පවතින බවත් මේ පිළිබඳව පරිසර සංවිධාන වරින් වර අදාළ බලාධාරින් දැනුම්වත් කළත් කිසිදු ප්‍රයෝජනයක් සිදු නොවු බව ද පරිසරවේදිහු පවසයි.

නකල්ස් රක්ෂිතය වර්තමාන තත්ත්වයන්ට බලපාන අහිතකර සාධක ගණනාවක් ඇති බවත් ඒ අතුරින් සම්ප්‍රදායික ගැමි ජනතාව සතුව තිබූ කුඹුරු මෙන්ම හේන් ද මෙම රක්ෂිතවට ඇතුළත් කර ඇති නමුත් විවිධ පෞද්ගලික අයවළුන්ගේ ඉඩම් පවරා ගැනිම සිදු නොවන බව ඔවුහු කියා සිටිති. මේ වන විටත් කැලැ ගිනි තැබිම්,වනාන්තර ආශ්‍රිත අවශේෂ කැලැ බිම් හඳුනාගෙන නොතිබිම හා ඒ සඳහා නිසි කළමනාකරණයක් නොතිබීම,ඉහළ කඳුකර ප්‍රදේශවල එනසාල් වගාව,අක්‍රමවත්  සංචාරක ව්‍යාපාරය, රිවස්ටන් පිටවල පතන,ආශ්‍රිතව ආක්‍රමණශිලි ශාක ව්‍යාප්තිය,වන සතුන් දඩයම් කිරිම වැනි අනවසර ඉදිකිරිම් හෝටල් ලැගුම්හල් මේ අතර ප්‍රධාන තැනක් ගන්නා බව ද පරිසරවේදිහු කියති.

මොරගහකන්ද කළුගග ජලාශ ව්‍යාපෘතියේ  ප්‍රධාන ජල පෝෂක ප්‍රදේශයක් වන්නේද මෙම නකල්ස් රක්ෂිතයයි

මෙම කරුණු අලලා මිට වසර දෙකකට පෙර මාතලේ දි පැවති පරිසර දින උත්සවයේදි මාතලේ පරිසර සංවිධාන එකමුතුව තුළින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට “මාතලේ ප්‍රකාශනය“නමින් ලියවිල්ලක් බාර දුන් නමුත් මේ වනි තෙක් කිසිදු අවධානයක් ඒ සඳහා යොමු වි නොතිබමද කනගාටුවට කරුණක් බවද හම එකමුතුවේ සාමාජිකයෝ පවසති.

මෙම පරිසර පද්ධතිය තුළින් අපිට කරනු ලබන ඉඟි සමුහයේ ආරම්භය මැනවින් අවබෝධ කරගැනිම වටි.

රාජ්‍ය ප්‍රතිපත්තිමය තිරණ ක්‍රියාත්මක කිරිමේදි එයට   දිස්ත්‍රික් මට්ටමේ නායකත්වය දෙන  මාතලේ දිස්ත්‍රික්කයේ සිටින ඇතැම් දේශපාලනඥයින්ට පරිසරය ගැන කිසි අවබෝධයක් හා බුද්ධියක් නොමැති විමද  කනගාටුවට කරුණක් වන අතර එයට මහජනකාවට වන්දි ගෙවිමට සිදුවුවත් මේ කාරණය සම්බන්ධයෙන් නාමිකව පවතින දිස්ත්‍රික් සම්බන්ධීරණ,කෘෂිකර්ම හා පරිසර  කමිටු හරහා දේශපාලන අධිකාරියේ හා රාජ්‍ය නිලධාරින්ගේ හා පරිසරය පිළිබද ඇල්මක් දක්වන ලොකු කුඩා කාගෙත් අවධානය යොමු කළ යුතු කාලය හෙට නොව අද බව පරිසරය මගින් අපට කරනු ලබන ප්‍රකාශයන් මැනවින් හඳුනාගැනිම වටී.


උපුටා ගැනීම ලංකාදීප පුවත්පත ඇසුරෙනි

More News »