රතු කුරුමිණියා නිසා විනාශ වෙන පොල් වගාව

2018-03-16 10:44:00       242
feature-top
කෘමි උවඳුරක් හේතුවෙන් පුත්තලම දිස්ත්‍රික්කයේ පොල් වගාකරුවන් දැඩි ලෙස දුෂ්කරතාවට පත්ව තිබේ.

පොල් වගාකරුවන් පවසනනේනේ රතු කුරුමිණියා ලෙස හැඳින්වෙන කෘමි විශේෂය විශාල ලෙස බෝවීමත් සමඟ පොල් ගස් විශාල ප්‍රමාණයක් කපා ඉවත් කිරීමට සිදුව ඇති බවය.

පොල් ත්‍රිකෝණයට අයත් දිස්ත්‍රික්ක තුන අතරින් එකක් වන පුත්තලම දිස්ත්‍රික්කයේ පුත්තලම, වනාතවිල්ලුව, ආණමඩුව, මහකුඹුක්කඩවල හා කල්පිටිය යන ප්‍රෙද්ශවල වැඩි වශයෙන් පොල් වගාව සිදුකරයි.

වගාකරුවන් පවසන්නේ මෙම සෑම ප්‍රදේශයකම පාහේ පොල් වගාවන් රතු කුරුමිණි අක්‍රමණයට ලක්ව ඇති බවය.

රතු කුරුමිණියා දැනට ඵලදාව ලැබෙමින් පවතින මැදි වයසේ ගස්වෙත වැඩි වශයෙන් සිය ආක්‍රමණය සිදුකරන අතර පොල් ගොබයට ඇතුළු වී ගස සම්පූර්ණයෙන්ම විනාශ කරනු ලබයි.

රතු කුරුමිණියා හේතුවෙන් මේ වන විට පුත්තලම දිස්ත්‍රික්කයේ සැලකියයතු වගා හානියක් සිදු ඇති අතර වගා කරුවන් චෝදනා කරන්නේ මේ දක්වා ස්ථිර විසදුමක් ලබා දීමට පොල් සංවර්ධන මණ්ඩලය හෝ රජය අවධානයක් යොමුකර නොමැති බවය.

courtesy : adaderana.lk


More News »