Home / ඇහැ ගැටෙන මානයේ /
කුඹුරු අක්කර දහසක් හා ගවයන් විසිහතර දහසක් විනාශ වීමේ අවදානමක
2018-01-19 10:12:00  ★ 573

අම්පාර දිස්ත්‍රික්කයේ පවතින ඉඩෝරය හේතුවෙන් අක්කර දහසකට අධික කුඹුරු විනාශවීමේ අවදානමට ලක්ව ඇත. මේ නිසා මෙවර කන්නයේ වී ගොවිතැන් කළ ගොවීහු අසීරුතාවට ලක්ව සිටිති.
සමන්තුරේ, තිරුකෝවිල් වැනි ප්‍රදේශවල මෙසේ ගොවිතැන් කළ කුඹුරු ජලය නොමැති වීමෙන් ගොයම් වියළී ගොස් ඇති අතර සමහර කුඹුරු සම්පූර්ණයෙන්ම විනාශ වී ඇත.
සමන්තුරේ ප්‍රදේශයට වාරිමාර්ග දෙපාර්තමේන්තුව මගින් ජලය ලබාදීමට කටයුතු කර ඇතත් සමහර කුඹුරුවලට මෙතෙක් ජලය නොලැබී ඇති බව ගොවීහු මැසිවිලි නඟති. මේ නිසා අක්කර දහසකටත් අධික ගොවිතැන් කළ කුඹුරු විනාශ වී යැමේ අවදානමට ලක්ව ඇත.
මේ අතර පවතින ඉඩෝරය හේතුවෙන් තිරුකෝවිල් වට්ටමඩු ප්‍රදේශයේ ගවයන් 24 දහසකටත් අධික ප්‍රමාණයක් ජලය හා ආහාර නොමැති වීමෙන් මරණයට ගොදුරු වීමට ඉඩ ඇති බව සත්ත්ව කිරි නිෂ්පාදකයන් අම්පාර දිසාපතිවරයාට පැමිණිලි කර ඇත.
මේ අතර මෙම දිස්ත්‍රික්කයේ උදේ හා සවස ශීත කාලගුණයක් පවතී. මේ නිසා කුඩා දරුවන් හා මහල්ලන් දැඩි දුෂ්කරතාවන්ට මුහුණ දී සිටිති.
උපුටා ගැනීම දිවයින පුවත් පත ඇසුරෙනි
ඇහැ ගැටෙන මානයේ
අසල්වාසියා බඩ ගින්නේ ලෝක ආහාර නිශ්පාදනයෙන් තුනෙන් එකක් කසල ගොඩට
2018-05-04 11:13:00පළාත් සභා ඡන්දය ඉල්ලා සත්‍ය ගවේශකයෝ අධිකරණයට
2019-02-18 05:27:00පොහොට්ටුවට තනිව දිනන්න බෑ කියන්නේ කිසිදා තනිව තරග නොකල පක්ෂ කිහිපයක්
2019-02-18 05:26:00BMICH විදෙස් බහුජාතික සමාගමකට විකුණයි..?
2019-02-18 04:00:00කුඩුකාර ඇමතියන් හෙලි කරන්නැයි රන්ජන්ට බලපෑම්..කුඩු නොබොන ඇමතිලාගෙනුත් ඉල්ලයි
2019-02-18 03:57:00දේශපාලනයේ රැඩිකල් වෙනසක් ඇති කළ යුතුයි
2019-02-18 03:07:00රැඳවියෙක් සිම් කාඩ්පත් දෙකක් ගිල දමයි
2019-02-18 03:01:00කිලිනොච්චියේ බුදුමැදුරක් තිබූ තැන මත්පැන් පොළක් වෙයි.. බුදු පිළිමය අතුරුදහන්
2019-02-18 02:08:00වලේ වැටුණු සද්ධන්තයා ජීවිතය හැරයයි
2019-02-18 02:04:00සිමෙන්ති මිල ඉහළ යයි - බ්ලොක් ගල් මිලත් වැඩිවෙයි
2019-02-18 01:16:00
© Copyright 2017-Tharunaya.com . Design by:Tharunaya.com