E අපද්‍රව්‍ය වලින් මීගමු කලපුව අපවිත්‍ර වෙලා

2018-01-05 11:01:00       232
feature-top
මීගමු කලපුව ඉලෙට්‍රොනික අපද්‍රව්‍ය (e-waste)  වලින් අපවිත්‍ර වීම නිසා බරපතල සෞඛ්‍ය සහ පාරිසරික අර්බුද පැනනැගී ඇති බව පරිසර සංවිධාන පෙන්වා දෙයි.

ඒකල, කොටුගොඩ ආදී කාර්මික ප්‍ර‍දේශ වලින් අත්තනගලු ඔයටත් ජා ඇල ටත් මුසුවන ඉලෙට්‍රෝනික අපද්‍රව්‍ය සහ මීගමු කලපුවට සෘජුවම මුසුවන ‍ඉලෙට්‍රෝනික අපද්‍රව්‍ය නිසා බරපතල පාරිසරික සහ සෞඛ්‍ය අර්බුද බහුලවීම සම්බන්ධයෙන් වගකිවයුත්තෙකු ගේ අවධානය යොමුව නැතැයි පරිසරවේදීහු පෙන්වා දෙති.

මේ අතර කටුනායක කාර්මික කලාපයේ අපද්‍රව්‍යද  සංවිධානාත්මක අයුරින් මීගමු කලපුවට බැහැර කිරීම පිළිබඳවද තොරතුරු වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු දැනගැනීම සඳහා මධ්‍යම පරිසර අධිකාරියේ නිලධාරියෙකු සම්බන්ධ කර ගැනීමට අප උත්සාහ දැරුවද එම උත්සාහය ව්‍යවර්ථ විය.


More News »