ලෝක ජනාවාස දිනය නිමිත්තෙන් සංවර්ධන වැඩසටහන් මාලාවක් අද මාතරදී

2017-10-02 11:27:00       55
feature-top
මෙවර ලෝක ජනාවාස දිනය නිමිත්තෙන් මාතර දිස්ත්‍රික්කය කේන්ද්‍රකොට සංවර්ධන වැඩසටහන් මාලාවක් අද (2දා) පෙරවරුවේ නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතාගේ සහභාගිත්වයෙන් මාතර සනත් ජයසූරිය ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි.
මාතර දිස්ත්‍රික්කයේ ප්‍රතිලාභීන් 1,500කට අධික පිරිසකට නිවාස ණය, නිවාස ආධාර, සොඳුරු පියස බැංකු ණය, ශිල්ප සවිය පුහුණු ප්‍රදානය, හිමිකම් ඔප්පු ප්‍රදානය මේ වැඩසටහන් අතර වෙයි.

මීට සමගාමීව වැලිගම මැතිවරණ කොට්ඨාසයේ නිවාස 33කින් සමන්විත යසඉසුරුගම නව නිවාස ව්‍යාපෘතිය නිවාසලාභීන් අතට පත් කිරීමද මේ ජනාවාස සතියේදී සිදු කෙරේ. ලෝක ජනාවාස දින ඓතිහාසික පසුබිම හා එහි වත්මන් ක්‍රියාකාරිත්වය පිළිබඳ තොරතුරු විදහා දැක්වෙන විශේෂ ප්‍රදර්ශනයක් මාතර නූපේ පෞරාණික වෙළෙඳපොළ භූමියේදී පැවැත්වෙයි.

මීට අමතරව නිවාස සංවර්ධන වැඩපිළිවෙළට අදාළව එහි වෘත්තිකයන්, නිලධාරීන් හා මහජන නියෝජිතයන් සහභාගි වන විශේෂ වැඩමුළුවක් ජනාවාස සතියේදී සංවිධානය කර ඇති අතර එමඟින් මාතර දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක නිවාස හා ජනාවාස සංවර්ධන වැඩසටහන් සැලැසුම් කිරීම හා වාර්ෂික ක්‍රියාකාරී සැලැස්මක්ද සැකසීමට නියමිතය.
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ සංකල්පයක් මත ප්‍රකාශයට පත් කර ඇති කෘෂි සතිය ඔක්තෝබර් මස 6 වැනි දින ආරම්භ කරන අතර සැමට සෙවණ ජාතික නිවාස වැඩසටහන යටතේ මෙතෙක් ඉදි වූ හා ඉදිවෙමින් පවත්නා සියලු නිවාස ව්‍යාපෘතීන්හි ඵලදායි සැලැසුම්ගත කෘෂි ව්‍යාප්ති වැඩසටහන් ක්‍රියාත්මක කෙරේ. මේ කෘෂි සංවර්ධන වැඩපිළිවෙළට දිවයින පුරා ආදර්ශ ගම්මාන 200ක් දායක කර ගැනේ.



Wmqgd .ekSu u��u mqj;am; weiqfrks

More News »