පිළිකා සරණ භාරයට චීන සහාය

2017-09-26 11:21:00       24
feature-top
ගෙවී ගිය කාලය තුල ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රය වෙනුවෙන් නිහඬව නමුත්, ප්‍රභලතම සහාය ලබා දුන් චීනය, ඉදිරියේදී පිලිකා රෝගයෙන් පීඩාවට පත් ශ්‍රී ලාංකික ජනතාව ඉන් මුදවාලීම සඳහා තම විශේෂඥ දැනුම සහ වෙනත් සෞඛ්‍ය ආධාර ශ්‍රී ලංකාවට ලබා දීමට අපේක්ෂා කරන බව ශ්‍රී ලංකාවේ චීන තානාපති යී. ෂියැන් ලියැන්ග් මහතා අවධාරණය කළේය.

ශ්‍රී ලංකා පිළිකා සරණ භාරය මගින් පිළිකා රෝගීන්ට සහනය සැලසීම වෙනුවෙන් ක්‍රියාත්මක කරන ව්‍යාපෘති පිලිබඳ නිරීක්ෂණය කිරීම සහ ඊට සහාය දැක්වීම පිණිස ඊයේ (2017-09-21) පස්වරුවේ මහරගම අපේක්ෂා රෝහලට නුදුරින් පිහිටි පිළිකා සරණ භාරයේ ප්‍රධාන කාර්යාලය වෙත පැමිණි චීන තානාපති යී.ෂියැන් ලියැන්ග් මහතා සහ එම මහත්මිය ඇතුළු දූත පිරිස අපේක්ෂා රෝහලේ ළමා ප්‍රතිකාර ඒකකය ද නිරීක්ෂණය කළහ.

ආගමික, සංස්කෘතික ආර්ථික, අධ්‍යාපනික,රාජ්‍ය තාන්ත්‍රික හා සෞඛ්‍ය ආදී සෑම ක්ෂේත්‍රයකදීම චීනය ශ්‍රී ලංකාවේ ශක්තිමත් මිතුරෙකු ලෙස කැප වන බව ද යී. ෂියැන් ලියැන්ග් මහතා සපථ කළේය. චීන තානාපතිවරයා පිළිකා සරණ භාරයේ කටයුතු වෙනුවෙන් විශේෂ මූල්‍ය ප්‍රදානයක් ද පිරිනැමීම මෙහිදී සිදු විය.

මෙම අවස්ථාවේදී පිළිකා සරණ භාරය වෙනුවෙන් අදහස් දැක්වූ එහි සභාපති වෛද්‍ය සමාධි රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාවේ වකුගඩු රෝගීන් ඉන් මුදාගැනීම සඳහා වැඩිම සහයක් ලබාදෙමින් සිටින චීනය, පිළිකා රෝගීන් පිලිබඳව ද සිය අවධානය මෙලෙස යොමු කිරීම විශාල අස්වැසිල්ලක් බව පෙන්වා දුන්නේය


More News »