සුන්දර ආරුගම්බේ විනාශ කරන්නේ කවුද?

2017-08-24 12:05:00       27
feature-top
විනාශකාරී මත්ද්‍රව්‍ය වැහි වැහැලා
තැන තැන කසළ ගොඩවල්
වෙරළ තීරයට ආසන්න ගෝනහඩුව රක්‍ෂිතයත් විනාශයි
නීතිවිරෝධී බීච් පාටි

නිල්වන් සයුර කළඹමින් එන සුදුවන් පෙණපිඬු සේනාව තඹවන් වෙරළ සිපගනිමින් සිටිති. මේ දිනවල පාසල් නිවාඩු කාලය නිසාත් ලංකාවට වැඩිපුර සංචාරකයන් එන කාලය නිසාත් ආරුගම්බ වෙරළ තීරය ජනයාගෙන් පිරී යමින් තිබේ.



ලෝකයේම සුන්දර මුහුදු වෙරළ තීරයන් අතරින් ආරුගම්බ වෙරළ තීරයට දෙස්‌ විදෙස්‌ සංචාරකයෝ මහත් රුචිකත්වයක්‌ දක්‌වති. සර්පින් ක්‍රීඩාවට ලෝකයේම ජනප්‍රිය වෙරළ තීරයක්‌ නිසා මෙහි ආකර්ෂණීයභාවයද වැඩිවී තිබේ. ඒ නිසා සෑම වසරකම අති විශාල දෙස්‌ විදෙස්‌ සංචාරකයන් පිරිසක්‌ මෙම සුන්දර අරුගම්බ මුහුදු තීරයට පැමිණෙමින් සිටිති.



අප පසුගියදා ආරුගම්බ වෙරළ තීරයේ කළ සංචාරයකින් අපිට සුන්දරතාවය යටින් තිබෙන බොහෝ අසුන්දර කතාවන් රැසක්‌ සොයා ගැනීමට හැකි විය. මේ සංචාරක ව්‍යාපාරයට යටින් තිබෙන ඒ අසුන්දරතාවය පිළිබඳව පුංචි සටහනකි.

ආරුගම්බ පුරවරයට සංචාරකයන් වැඩි වශයෙන් පැමිණෙන්නේ අප්‍රේල්, මැයි මාසයේ සිට නොවැබර් මාසය දක්‌වාය. තරු පන්තියේ තානායම් පළේ සිට කුඩා මට්‌ටමේ ළැගුම්හල් 170 ක්‌ පමණ මෙම ප්‍රදේශයේ සංචාරකයන් පිළිගන්නට සැදී පැහැදී සිටිති. සංචාරක ව්‍යාපාරයේ නියෑලෙන බොහෝ පිරිසක්‌ පවසා සිටින්නේ මේ වන විට මෙම ආරුගම්බ වෙරළ තීරයට වෙනදාට පැමිණෙන විදේශීය සංචාරකයන් තරමක අඩු බවකි. ඩෙංගු රෝගයත් මෙයට එක්‌ හේතුවක්‌ බව සමහරු අප සමඟ පවසා සිටියහ.

අප මෙම ප්‍රදේශයට පා තැබූ විට විදේශීය සංචාරකයන් කිහිප දෙනකුගෙන් ලංකාව ගැන තොරතුරු විමසුවෙමු.

ස්‌ලොවිනියාවෙන් පැමිණ සිටි මාර්ටින් කැස්‌ටෙලික්‌ මෙසේ පැවසුවේය.

ලංකාව ඉතා සුන්දර රටක්‌. අපි මේ රටට කැමතියි. අපි උණවටුන ප්‍රදේශයට ගිහින් ආරුගම්බේට ඇවිත් නුවර හරහා කොළඹට යන්නයි හිතාගෙන ඉන්නේ. මේ රටේ ආගන්තුක සත්කාරය ඉතා හොඳින් තිබෙනවා. මිනිසුන් හරි සුහදශීලියි. ආරුගම්බ වෙරළ හරි ලස්‌සනයි. නමුත් මෙතනට පැමිණෙන සංචාරකයන්ට නිදහසේ සිටීමට හැකි ආකාරය අඩුයි.

ඔහුත් සමග සිටි මිතුරා වන බොරූට්‌ ස්‌කෝඩ්ලර් මෙසේ කීවේය.

මම ලංකාවට හරිම ආසයි. මේ රටේ තිබෙන බෞද්ධාගමේ දර්ශනයට තමයි මම ගොඩක්‌ කැමති. ඉතා සුහදශීලී ජනතාවක්‌ සිටිනවා. ආරුගම්බ වෙරළ තීරය ගත්තම පැමිණෙන සංචාරකයන්ට විනෝද වෙන්න නිසි ආකාරයෙන් පහසුකම් නැහැ. සමහර සංචාරක නිකේතනවල නිසි පහසුකම් නැහැ. අපි ආසයි පැත්තකට වෙලා මිතුරන් සමඟ එකතු වෙලා විනෝදෙන් නිදහසේ බිමක්‌ බිබී ඉන්න. නමුත් ලංකාවේ සංස්‌කෘතියට ඒක ගැලපෙන්නෙ නැති නිසාද මන් දන්නේ නැහැ ආරුගම්බ වෙරළ තීරයේ එවැනි පහසුකමක්‌ නැහැ. මෙම මුහුදු තීරයේ අලංකාරය පවත්වාගෙන යන්න මහන්සි ගන්නවා නම් හොඳයි යනුවෙන් බොරුට්‌ මහතා පවසා සිටින්නට වුවේය.

අපි තවත් ආරුගම්බ ප්‍රදේශයේ ඇවිද ගියෙමු. ආරුගම්බ රථ වාහන නවත්වන්නට සකස්‌ කර තිබෙන රථගාලද හරිම අපූරුය. වාහනයක්‌ ඇතුළු කර සැනින්ම එහි සිටින සේවකයා දිවවිත් රුපියල් 100 ක බිලක්‌ දෙයි. පාර අසල වාහනයක්‌ නතර කළත් රුපියල් 100 අනිවාර්යයෙන්ම ලබාගැනීමට ඔහු කාර්යශුරය.

මේ කථාව කීවේ ආරුගම්බේ කනිල් මදුසංකයි

රථගාලෙ අය සල්ලි විතරමයි හොයන්නේ. මේ අය මෙතන පිරිසිදු කිරීම් මොනවත්ම කරන්නේ නැහැ. ප්‍රාදේශීය සභාවෙන් ටෙන්ඩර් එක ගද්දි එයාලට නිSතියක්‌ තියෙනවා සෑම දවසකම සවස සේවකයන් තුන් දෙනෙක්‌ මෙම රථ ගාල පිරිසිදු කරන්න ඕන කියලා. නමුත් රථගාලේ ටෙන්ඩර් එක ගත්ත අය සල්ලි විතරයි ගන්නේ. රථගාල සහ ඒ අවට මාර්ගය කිසිම පිරිසිදු කිරීමක්‌ කරන්නේ නැහැ. ඒ නිසා අවට තිබෙන ලැගුම් හල්වල හිමිකරුවන්ට තමයි මෙම ස්‌ථානය පිරිසිදු කරන්න වෙලා තියෙන්නේ. ඒත් එක්‌කම මෙම රථගාල තියෙන වැසිකිළි පද්ධතිය සහ නාන ස්‌ථානයේ ඒ අය මුදල් අය කරනවා. ඒවායෙන් පිටවෙන වතුර වළක්‌ කපලා එයට යොමු කරන්නේ නැහැ. ඒවා අපේ රෙස්‌ටුරන්ට්‌ ඉස්‌සරහ පාර දිගේ තමයි යවන්නේ. ඒ පාර තමයි ආරුගම්බ වෙරළට එන්න තියෙන ප්‍රධාන පාර. පස්‌සේ අපි මේක මාධ්‍යයේ පළ කරන්න හැදුවම ඒක නතර කරලා අලුත් වැඩක්‌ ඒ අය පටන් අරන් තියෙනවා. දැන් ඒ අය පිටුපස්‌සේ කාණු කපලා යවනවා. දැන් ධීවරයන් සිටින වාඩි අස්‌සෙන් තමයි ඒ වතුර පාර මුහුදු වෙරළ තීරයට ගලාගෙන යන්නේ. රථගාලේ ටෙන්ඩර් ගත්ත අය සල්ලි විතරක්‌ හොයද්දි පොතුවිල ප්‍රාදේශීය සභාවෙන් ඒ ගැන මොනවත්ම සොයා බැලීමක්‌ කරන්නෙ නැහැ යනුවෙන් අප හා කිවේ මේ කතාවට එක්‌වූ තවත් කෙනෙකි.

මෙම ප්‍රදේශය ජලය ලැබෙන්නේද අමුතු ආකාරයටය. ඒ දවසට පැය භාගයක කාලයකි. එය කිසිසේත්ම ප්‍රමාණවත් නොවන නිසා බොහෝ දෙනකු පුද්ගලිකව බවුසර් මගින් ජලය ගෙනවිත් පාචිච්චියට ගනු ලබයි. මෙම ප්‍රදේශය ආසන්නයේ තිබෙන සිංහඋල්ල ප්‍රදේශයට අත්ව තිබෙන ඉරණමද එයමය. නිසි ආකාරයෙන් ජලය නොලැබෙන නිසා සියලු දෙනාම දැඩිසේ පීඩාවට පත්ව ඇත.

මෙම සුන්දර වෙරළ තීරයට සිය දහස්‌ ගණනක සංචාරකයන් පැමිණුනද එහි එක පොදු ජල කරාමයක්‌වත් දක්‌නට නැත. ඒ නිසා පිපාසයක්‌ සැදුනද බොහෝ දෙනකුට සිදුවන්නේ ආරුගම්බ මුහුදේ ලුණු වතුර බොන්නටය. ලෝකයේ සුන්දරම වෙරළ තීරයක්‌ වන මෙහි කැළි කසළ බැහැර කිරීමේ නිසි ක්‍රමවේදයක්‌ නොමැත. මහා ලොකුවට ඩෙංගු ගැන කථා කළ ද ආරුගම්බ වෙරළ තීරයේ සිය දහස්‌ ගාණක්‌ පැමිණෙන තැනක්‌ වුවද ඉවතලන දෙයක්‌ දමන්නට නිසි වැඩපිළිවෙළක්‌ නැත. ඒ නිසා ප්ලාස්‌ටික්‌ වැනි අපද්‍රව්‍ය වෙරළ තීරය අසල තැන්තැන් වල ගොඩගසා තිබේ. මෙම ස්‌ථානයේ පොදු වැසිකිළි පද්ධති ඇත්තේ එකක්‌ පමණි. එය කිසිසේත්ම ප්‍රමාණවත් නොමැති අතර එය ද ඇත්තේ රථගාල තුළය. ඒ නිසා බොහෝ දෙනකු ඒ ආසන්නයේ ඇති ලැඟුම්හල්වලට දිවයන්නේ වෙනත් විකල්පයක්‌ නොමැති නිසා වන අතර එය මෙම ලැඟුම්හල් වල කටයුතුවලට දැඩි බාධාවක්‌ව ඇත.

මේ ආකාරයට ගැටලු රැසක්‌ මැද තිබෙන මෙම ආරුගම්බ සුන්දර වෙරළ තීරයට ආසන්නයේ තියෙන ගෝනහඩුව වන රක්‌ෂිතයටද මේ වන විට උදාවී ඇත්තේ නරක කලදසාවකි. අක්‌කර 20 කට ආසන්න ප්‍රමාණයක්‌ ඇති මෙම වන රක්‌ෂිතය විවිධ පුද්ගලයන් මේ වන විට බලයෙන් අල්ලා ගනිමින් සිටින බව අපත් සමඟ පවසා සිටියේ ආරුගම්බේ අමරදාස මහතාය.

වෙනදා ගැමිකමත් එක්‌ක අප දුටු සුන්දර ආරුගම්බ වෙරළ තීරය අද එහි නැත. ගැමිකම විනාශ වෙමින් ගොස්‌ මත් රකුසාගේ ග්‍රහණයට නතුව ඇති මෙම ආරුගම්බ වෙරළ තීරයේ මහත් ෙ€දවාචකයක්‌ බවට පත්ව ඇත. මේ වෙනකොට සංචාරකයන් පැමිණෙන සමයේ ආරුගම්බ ලැඟුම්ල්වල් බදු දීම ජයටම සිදුවෙයි. ඇතැම් ලැඟුම් හලවල් රුපියල් ලක්‌ෂ 40කට බදුදී තිබේ. මේ මාස හත අටක්‌ වැනි කෙටි කාලයක්‌ තුළදී බදු මුදලක්‌ පමණක්‌ සොයා ගන්නට මසකට රුපියල් ලක්‌ෂ 05 ක්‌ පමණ සෙවිය යුතුය. අඩුම තරමෙන් මාසයකට ලක්‌ෂ 10 ක්‌ වත් හොයා ගතහොත් වියදමට අමතරව පොඩි හෝ ලාභයක්‌ ලබාගත හැක. තරු හෝටල් නොවන නිසා මේවාට ලක්‌ෂ ගණනින් මුදල් ඉපයීමටද නොහැක. ඒ නිසා බොහෝ කුඩා රෙස්‌ටුරන්ට්‌ මේ ආකාරයෙන් ඉහළ මිලකට බදු ගෙන මුදල් සොයන්නට මත්පැන් සහ මත්ද්‍රව්‍ය අලවි කිරීම සාමාන්‍යයෙන් සිදු කරන කාර්යයක්‌ බවට පත්ව ඇත. ඒ අනුව බලන කල මෙම ස්‌ථානයේ හෙරොයින් වල සිට නානා මාදිලියේ මත්ද්‍රව්‍ය ජයටම හිතු හිතු මිලට අලෙවි කරනු ලබයි.

ඒ අතරම මෙම ස්‌ථානවල මෙම මත්ද්‍රව්‍ය ජාවාරම සාර්ථක කර ගැනීම සඳහා අලුත් උපක්‍රමයක්‌ භාවිතා කරනු ලබයි. ඒ බීච් පාටි පැවැත්වීමයි. සෑම දිනකම පාහේ රටේ නීතිය තුට්‌ටුවට මායිම් නොකරමින් මෙම පුද්ගලයන් තමන්ට හිතෙන සේ රෑ එළිවෙන තුරු බීච් පාටි පවත්වනු ලබන්නේ ආරුගම්බ වෙරළම සින්නක්‌කර අයිතිය තමන්ගේ යෑයි සිතමිනි.

මෙම බීච් පාටි පවත්වන ලැඟුම්හල්වලට මත්පැන් අලෙවි කිරීමට බලපත්‍ර නොමැත. නමුත් ඉතා ඉහළ මිලට මත්පැන් අලෙවි කරද්දී සුරාබදු නිලධාරීන් පැත්ත පළාතකවත් නැත. නමුත් සමහර රෙස්‌ටුරන්ට්‌ එක්‌ක බියර් තිබුණහොත් කිසිදු පැකිලීමකින් තොරව අල්ලා නිSතිය ක්‍රියාත්මක කිරීමට මෙම නිලධාරීන් මහත් උනන්දුවෙන් කටයුතු කිරීමත් මෙම තැන් සම්බන්ධයෙන් සුරාබදු නීතියේ හිල් පෙන්නුම් කරන සාධකයක්‌ බවට පත්ව ඇත.

මේ වන විට මෙම ආරුගම්බ වෙරළ තීරයේ ලෝකයේ භාවිතා වන විවිධ වර්ගයේ අති විනාශකාරී මත්ද්‍රව්‍ය භාවිතා කරන බවද තතුදත් අය පැවසූහ.

ආරුගම්බ මුහුදු තීරයේ මේ වන විට බරපතළ ගැටලුවක්‌ බවට පත්ව ඇත්තේ දිනපතාම වගේ පවත්වනු ලබන බීච් පාටිය. මේ පිළිබඳව අදහස්‌ දැක්‌වූ සර්ප් ඇක්‌සස්‌ රෙස්‌ටුරන්ට්‌ අධිපති එම්. එම්. ඩිල්ෂාඩ් අහමඩ් මහතා මෙසේ පවසා සිටියේය.

මෙම ප්‍රදේශයේ සංචාරක ව්‍යාපාරය වර්ධනය වෙලා තියෙනවා. කුඩා පරිමාණයේ සිට මේ වෙද්දී මහා පරිමාණය දක්‌වා මෙම සංචාරක ව්‍යාපාරය වර්ධනය වෙද්දී ගැටලු රැසක්‌ ඇතිවෙලා තියෙනවා. මේ වන විට අනවසර මත්පැන් සහ මත්ද්‍රව්‍ය මෙම ප්‍රදේශයේ අලෙවි කරමින් තිබෙනවා. ඒ නිසා රටින් ආරුගම්බට පවුල් පිටින් ඇවිල්ලා විනෝද වන සංචාරකයන්ගේ පැමිණීම අඩුවෙලා තියෙනවා. එහෙම එන අය මෙහේ තියෙන තත්ත්වය දැක්‌කම නැවතත් ආරුගම්බට එන්න උත්සාහ කරන්නේ නැහැ. පවුල් පිටින් එන විදේශීය සංචාරකයන් තමයි ගොඩක්‌ වියදම් කරන්නේ. ඒ අයගේ පැමිණීම අඩුවීම නිසා ගොඩක්‌ දෙනකුට ලොකු පාඩුවක්‌. බිච් පාටිවලට ශබ්ද උපකරණ පාවිච්චි කරන්න වෙලාවක්‌ තියෙනවා. සඳුදා, අඟහරුවාදා, බදාදා, බ්‍රහස්‌පතින්දා දිනවල රෑ 10 වෙනකම් පුළුවන්. සිකුරාදා සෙනසුරාදා රෑ 01 වෙනකම් ප`qළුවන්. ඉරිදා රෑ 12 වෙනකම් පුළුවන් මෙම ශබ්ද උපකරණ භාවිතා කරන්න. නමුත් ඒවා ගණන් ගන්නේ නැතිව එළිවෙනකම්ම මෙම බීච් පාටි පැවැත්වෙනවා. මේ ළඟකදි සුද්දෙකුට බීච් පාටියකදි ඔළුව පැලෙන්න ගහලා තිබ්බා. පස්‌සේ පොලිසිවලට යන්නේ නැතිව ඒවා ගොඩින් බේරගෙන තිබ්බා.

සමහර විදේශිකයන් මෙම බීච් පාටිවලට කැමැති වුණත් ගොඩක්‌ දෙනෙක්‌ මේවට අකමැතියි. සමහරු මේ සද්දෙට නිදාගන්න විදිහක්‌ නැති නිසා එතෙන්ට යනවා. අන්තිමේදී නිදි මරලා බීලා පසුවදා නිදාගන්නවා. එතකොට කෑම ගන්නෙත් නැහැ. සර්පින් බෝඩ් ගන්නෙත් නැහැ. සුද්දෝ අඩු නිසා ත්‍රීවීලර්වලටත් හයර් නැහැ. සර්පින් උගන්වන අයටත් වැඩ අඩු වෙනවා. ඒ නිසා මෙම පාටිවලින් දම්වැලක්‌ වගේ මෙම සංචාරක ව්‍යාපාරයත් එක්‌ක සම්බන්ධ වෙලා ඉන්න අය හැමෝටම වගේ විශාල පාඩුවක්‌ සිදු වෙනවා. මේ ගැටලුව ගැන අපි අම්පාරේ ඉහළ පෙළේ පොලිස්‌ නිලධාරීන් දැනුවත් කරලා තියෙනවා. 119 දුරකථන අංකවලට මේ ගැන නිරන්තරයෙන් දැනුවත් කරත් කිසිම පියවරක්‌ මේ දක්‌වා අරන් නැහැ. මෙහේ පොලිසියට කියලා වැඩක්‌ නැති නිසා අපි අම්පාරේ ඉහළ පොලිස්‌ නිළධාරීන්ට මේ ගැන පැමිණීsලි කරා.

අනෙක්‌ කාරණය නම් මෙම ප්‍රදේශයේ රෙස්‌ටුරන්ට්‌ දරන්න බැරි මුදලකට එක එක්‌කෙනා හිතු හිතු මිලට බදු දෙනවා. සමහරු ඒවා රුපියල් 1000ට ගන්න පුළුවන් භාණ්‌ඩයට අපි ලක්‌ෂයක්‌ වියදම් කරනවා වගේ අඩුවට බදු ගන්න තියෙන රෙස්‌ටුරන්ට්‌ මේ වෙද්දී වැඩි මිලට බදු දෙනවා. ඒ නිසා මෙම බදු දෙන විට එම කාර්ය සාර්ථක කර ගැනීමට හැකි වන ආකාරයෙන් ඒ පිළිබඳව නිසි තක්‌සේරුවක්‌ කරලා නිසි ක්‍රමවේදයක්‌ හදන්න යෑයි ඩිල්ෂාඩ් මහතා අපත් සමඟ පවසා සිටියේය.

අපි තවත් ආරුගම්බ ප්‍රදේaශයේ ඇවිද ගියෙමු. එවිට අපට තවත් තොරතුරු රැසක්‌ දැන ගැනීමට හැකි වූහ. මහත්තයෝ මේ පැත්තෙ කොකේන් ග්‍රෑම් එකක්‌ යන්නේ රුපියල් තිස්‌දාහකට වගේයි. තවත් වර්ගයක්‌ තියෙනවා. ඒවා නම් කොකේන්වලට වඩා ගාන අඩුයි. ඒවා ග්‍රෑම් පහක්‌ රුපියල් දහදාහත් දොළොස්‌ දාහත් අතර මිලකටයි යන්නේ. එක එක ටැබ්ලට්‌ වර්ග නම් තිsයෙනවා. ඒවත් සුපර් තමයි ඒවා නම් එක එක මිලට විකිණෙනවා. තවත් එකක්‌a තියෙනවා බිංදක්‌ වතුර බෝතලයට දැම්ම නම් ආයි පිස්‌සු තමයි. එක එක දේවල් තියෙනවා. සල්ලි තියෙනවා නම් ආරුගම්බේ මොනවද නැත්තේ. ඕන දෙයක්‌ හොයලා දෙන්නම් මහත්තයෝ. කියන්න මහත්තයා මහත්තයලාට මොනවද ඕන යනුවෙන් අපට මිතුරෙක්‌ හරහා මුණ ගැසුන අයෙක්‌ දිගින් දිගටම පවසා සිටින්ට වූවේය.

ජරාස්‌, එල්. එස්‌. ඩී., කොකෙන්, එම්.ඩි.එම්.ඒ., හෑෂ්, ඇසිඩ් පේපර්, ඇසිඩ්, ස්‌ටැම්ප් ආදී නොයෙක්‌ මාදිලියේ මත්ද්‍රව්‍ය වර්ග මෙම පුරවරයේ නිරන්තරයෙන් ඉහළ මිලකට අලවි කරමින් තිබේ.

මේ අනුව බලන කල මෙම සුන්දර වෙරළ තීරයේ සුන්දරකමට යටින් තියෙන්නේ මහා ෙ€දවාචකයකි. එය දිනෙන් දින වැඩිවෙනවා මිස අඩුවෙන පාටක්‌ ද නැත. හෙට දිනයෙත් ශ්‍රී ලාංකීය අභිමානය සමගින් සුන්දර ආරුගම්බ සුන්දරතාවයෙන් බබළවන්නට අදාළ බලධාරීන් දැඩි අවධානයෙන් කටයුතු කළ යුතුව ඇත. එය එසේ නොවුණ හොත් සුන්දර ආරුගම්බ අපිරිසිදුව ජරාජීර්ණව ගොස්‌ මත් රකුසන්ගේ ග්‍ර්‍රහණයට තව තවත් නතුවෙනු ඇත.

Wmqgd .ekSu Èjhsk mqj;a m; weiqfrks

More News »