පනින පිමි ගහන කරනම් පාරේ නොදා
ක්‍රීඩාවක්‌ බවට පත් කරන්න "අයිඩියල්" අතහිත

2017-08-16 11:44:00       29
feature-top
ලොව විවිධ ක්‍රීඩා ඉසව් පවතින අතර, ඒ අතරින් ඇතැම් ක්‍රීඩාවන් ත්‍රාසය, භීතිය උපදවන සුලු ක්‍රියාවන්ගෙන් සමන්විතව ඇත. එවැනි ක්‍රීඩා අතරින් මේ වන විට ලෝ සුපතළ ක්‍රීඩාවක්‌ ලෙස යතුරුපැදි ක්‍රියාදාම හෙවත් ,Stunt, හැඳින්විය හැක. මුළුමනින්ම එහි ඇති දැඩි අවධානම ක්‍රීඩකයා මත සහ ඔහු සතු හැකියාව මත රඳවා ගනිමින් ශාරීරික සමබරතාව මත තම හැකියාවන් ප්‍රදර්ශනය කිරීම Stunt හි ඇති සුවිශේෂිභාවය ලෙස හැඳින්විය හැක. ලොව පුරා ඉමහත් ජනප්‍රියත්වයට පත් යතුරුපැදි ක්‍රියාදාම හෙවත් Stunt මේ වන විට මෙරට ක්‍රීඩා ලෝලීන් අතර ඉමහත් ජනප්‍රියතාවයට පත් ක්‍රීඩාවක්‌ බවට පත්ව ඇතත් ගැටලුවක්‌ බවට පත්ව ඇත්තේ ක්‍රීඩාවක්‌ ලෙස මෙරට තුළ එය වඩාත් ප්‍රචලිත කිරීම පිණිස අවශ්‍ය වටපිටාව තවමත් නිසියාකාරව සකස්‌ව නොතිබීමය.

ඉකුත් දිනක එම "හිඩැස" පිරවීම පිණිස මෙරට රථවාහන අලෙවියේ ප්‍රමුඛයෙකු වන "අයිඩියල්" මෝටර් රථ සමාගම තම නොමසුරු සහයෝගය මඟින් මෙරට තුළ "යතුරුපැදි ක්‍රියාදාම" (Stunt) ක්‍රීඩාව වඩාත් ප්‍රචලිත කිරීම පිණිස ආයතනික මැදිහත්වීමක්‌ සිදුකරන ලදී. ඉකුත් දිනක ඒ පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීම පිණිස අයිඩියල් මෝටර්ස්‌ ප්‍රධාන කාර්යාලයේදී මාධ්‍ය සාකච්ඡාවක්‌ පැවැත් වූ අතර, ඒ සඳහා අයිඩියල් මෝටර්ස්‌හි සභාපති නලීන් වෙල්ගම, සාමාන්‍යාධිකාරී සුරංජිත් නානායක්‌කාර ඇතුළු යතුරුපැදි ක්‍රියාදාම පිළිබඳ මෙරට ප්‍රධානම ක්‍රීඩා සමාජ කීපයක නායකයන් සහ සාමාජිකයන් පිරිසක්‌ සහභාගි වූහ.

එහිදී රථවාහන ක්‍ෂේත්‍රයේ නියුතු ව්‍යාපාරික ආයතනයක්‌ ලෙස අයිඩියල් මෝටර්ස්‌ යතුරුපැදි ක්‍රියාදාම (Stunt) ක්‍රීඩාව සඳහා මැදිහත් වන ආකාරයත් ඒ හරහා ක්‍රීඩාවක්‌ ලෙස (Stunt) රට තුළ වඩාත් ප්‍රචලිත කරවීමේ ඇති වැදගත්කමත් ගැන අයිඩියල් මෝටර්ස්‌ සභාපති නලින් වෙල්ගම මහතා සිය අදහස්‌ ප්‍රකාශ කළ අතර, එහිදී සභාපතිවරයා වැඩිදුරටත් මෙසේ පවසා සිටියේය.

විශේෂයෙන් Stunts එහෙමත් නැත්නම් යතුරුපැදි ක්‍රියාදාම කියන සුවිශේෂී ක්‍රීඩාව සඳහා මගේ අවධානය යොමු වෙන්නෙ කාරණා කීපයක්‌ මුල්කරගෙන. එකක්‌ තමයි මෝටර් රථ හා යතුරුපැදි ක්‍ෂේත්‍රයේ ඉන්න ව්‍යාපාරිකයකු ලෙස මේ ක්‍රීඩාව ඉහළ තලයකට රැගෙන යැමට අපි කල්පනා කිරීම. මොකද Stunt නමින් හඳුන්වන මේ ක්‍රීඩාව තුළ තියෙන්නෙ මේ රටේ තරුණ ජවය. මම ඒ අයගේ හැකියාවන් පළමු වරට දකින්නෙ මීට ටික දිනකට පෙර නෙළුම් පොකුණ එළිමහන් භූමියේ පැවති අයිඩියල් විෂන් ඔටෝ ඇන්ඩ් ලයිෆ් ස්‌ටයිල් ෂෝ 2017 යතුරුපැදි සංදර්ශනය අතරතුරදී මම දැක්‌ක දෙයක්‌ තමයි මේ ක්‍රීඩාව තුළින් ජාත්‍යන්තරයට යන්න පුළුවන් හැකියාවන් සහිත තරුණ පිරිසක්‌ අප රටේ ඉන්නවා කියන දෙය.

ඊළඟට රථවාහන ක්‍ෂේත්‍රයේ ඉන්න ආයතනයක්‌ ලෙස මම සභාපතිත්වය දරන "අයිඩියල් මෝටර්ස්‌" වෙතින් මෙරට ක්‍රීඩා ක්‍ෂේත්‍රයට යමක්‌ කළ යුතුයි කියන සංකල්පය අපි Stunt ක්‍රීඩාව නංවන්න ඒ ක්‍රීඩාවේ යෙදෙන ක්‍රීඩකයන්ට වඩාත් ආරක්‌ෂාකාරී හා විධිමත් ලෙස එම ක්‍රීඩාවේ යෙදෙන්න පහසුකම් සපයාදීම තමයි අයිඩියල් මෝටර්ස්‌ හරහා සිද්ධ කරන්නෙ. අද ලංකාවේ වාහන ප්‍රමාණය ගත්තොත් වාහන ලක්‌ෂ 65 ක්‌ පමණ ලියාපදිංචි වෙලා තියෙනවා. ඒ අතරින් ලක්‌ෂ 36 ක්‌ තියෙන්නෙ යතුරුපැදි. ඉතින් ඒකෙන්ම පේනවා යතුරුපැදි සඳහා මෙරට ජනතාවගේ ඉල්ලුම මොන වගේද කියන කාරණය. එතනදී අපි කල්පනා කළා යතුරුපැදි ආශ්‍රිතව කරන ක්‍රීඩාවක්‌ ලෙස Stunt සඳහා යමක්‌ කළ යුතුයි කියන දෙය.

කිසිම ලාභ ප්‍රයෝජනයක්‌ එහෙමත් නැත්නම් වෙනත් ව්‍යාපාරික අරමුණක්‌ ඉටු කර ගැනීමේ අරමුණින් තොරව මේ ක්‍රීඩාව රටේ ජනප්‍රිය ක්‍රීඩාවක්‌ බවට පත් කිරීම සඳහා මොකක්‌ද අපෙන් විය යුත්තේ. අන්න ඒ අරමුණ ඉටු කිරීම පිණිස පමණයි අයිඩියල් මෝටර්ස්‌ මේ සඳහා සිය දායකත්වය ලබා දෙන්න තීරණය කළේ. ඒ නිසා හරි දේ හරියට කිරීම තුළින් Stunt මේ රටේ ජනප්‍රිය ක්‍රීඩාවක්‌ බවට පත් කිරීම පිණිස අපට කළ හැකි දේ හරියට සිද්ධ කිරීම තමයි මේ වගේ කථිකාවතක්‌ තුළින් අපි බලාපොරොත්තු වෙන්නෙ. මොකද ව්‍යාපාරිකයෙක්‌ වශයෙන් මගෙන් සහ මගේ ආයතනයෙන් මවුබිමට යමක්‌ ලබාදීම තුළ රටේ අභිමානය ඉහළ නැංවීමක්‌ කළ හැකි නම් මම විශ්වාස කරනවා ඒ දෙය රට වෙනුවෙන් කරන එක යුතුකමක්‌ මෙන්ම වගකීමක්‌ කියලා.

මේ අවස්‌ථාව සඳහා අයිඩියල් මෝටර්ස්‌ සාමාන්‍යාධිකාරී සුරංජිත් නානායක්‌කාර මහතාද සහභාගි වූ අතර, Stunt මෙරට ප්‍රචලිත කිරීම පිණිස ඔහු මහත් වෙහෙසක්‌ හා උත්සාහයක නියුතු පුද්ගලයකු ලෙස ක්‍ෂේත්‍රය තුළ මහත් ප්‍රසිද්ධියට පත්ව ඇත. Stunt මෙරට ප්‍රචලිත කිරීමේ අරමුණ පැහැදිලි කරමින් සුරංජිත් නානායක්‌කාර මහතාද අදහස්‌ දැක්‌වීමක්‌ සිදු කළේය.

විශේෂයෙන්ම තාරුණ්‍යය අතර ඉමහත් ජනප්‍රියත්වයකට පත්වෙලා තිබෙන මෙම ක්‍රීඩාව මෙතෙක්‌ කලක්‌ සිද්ධ වුණේ එක්‌ එක්‌ ක්‍රීඩා සමාජ අතර වෙන් වෙන් වශයෙන් එක්‌තරා අවස්‌ථාවකදී. මේ ක්‍රීඩාව සඳහා ඉහළ වටිනාකමක්‌ තියෙන ඉන්දියාවේ ක්‍රීඩකයන් පවා අපේ රටේ තරුණයන්ගේ දක්‌ෂතා දැකලා මවිතය පළ කළා. ඒ තරමට හැකියාවන් තියෙන ක්‍රීඩකයන් අපේ රට සතුව ඉන්නවා.

ඊට අමතරව ලෝකයේ අනෙක්‌ රටවල් ගත්තොත් ඒ අය මේ ක්‍රීඩාව සඳහා භාවිත කරන්නෙ ඉහළ එන්ජින් ධාරිතාවයෙන් යුක්‌ත යතුරුපැදි. අපේ රටේ තත්ත්වය ඊට වෙනස්‌. මේ වෙද්දී අපේ රටේ ක්‍රීඩකයන් 100 CC බයික්‌ එකෙන් පවා තම තමන්ගේ දස්‌කම් පෙන්වන්න සමත් වෙලා තියෙනවා. එතනදී අපි කල්පනා කළා මේ රටේ තියෙන යතුරුපැදි ක්‍රියාදාම ක්‍රීඩා සමාජ එක තැනකට ගෙනත් ඒ අයගේ හැකියාවන් සඳහා හොඳ වටපිටාවක්‌ සහ පහසුකම් සලසා දිය යුතුයි කියලා. මොකද මෙතෙක්‌ කලක්‌ මේ අයගේ හැකියාවන් වලින් විවිධ ව්‍යාපාරික ආයතන ඒ අයගේ ප්‍රවර්ධන වැඩසටහන් සඳහා ප්‍රයෝජන ගැනීමක්‌ පමණයි කළේ. එතනදී අයිඩියල්aa මෝටර්ස්‌ සභාපති නලින් වෙල්ගම මැතිතුමා මේ අයගේ හැකියාවන් දැකලා මේ අයට අත දෙන්න නිර්ලෝභීව ඉදිරිපත් වෙනවා. Stunt හරහා මෙරට ක්‍රීඩකයන්ට නිසි වටිනාකමක්‌ දෙන්න ඒ අයව එක තැනකට ගෙනත් මුළු රටේම Stunt ක්‍රීඩාව ක්‍රිඩාවක්‌ ලෙස ව්‍යාප්ත කරන්න අවශ්‍ය ආරම්භය මේ හරහා සිද්ධ කිරීම අපේ මූලික අරමුණ බවට පත්වෙලා තියෙනවා.

මෙම අවස්‌ථාව සඳහා දිවයිනේ නමගිය යතුරුපැදි ක්‍රියාදාම ක්‍රීඩා සමාජ හතරක නායකයන් සහභාගි වූ අතර එහිදී ඔවුන්ද අදහස්‌ දක්‌වමින් ප්‍රකාශ කර සිටියේ මෙතෙක්‌ කලක්‌ තමන්ට නිසි අනුග්‍රාහකයෙකු නොසිටීමේ අඩුව අයිඩියල් මෝටර්ස්‌ විසින් සම්පූර්ණ කිරීම අගය කළ යුතු ක්‍රියාවක්‌ බවය. එහිදී පළමුව අදහස්‌ දැක්‌වූ "90 ඩිගී්‍රස්‌" ක්‍රීඩා සමාජයේ නායක ජුඩ් ඇලෙක්‌සැන්ඩර් වත්තල, හුණුපිටිය,

"ඇත්තටම Stunt සඳහා මෙතෙක්‌ කලක්‌ වටිනාකමක්‌ ලැබුණෙ විවිධ ආයතන ඒ අයගේ ප්‍රවර්ධන වැඩසටහන් සඳහා අපිව යොදා ගැනීම තුළ පමණයි. මොකද Stunt ටීම් එකක්‌ සෙල්ලම් කරනවා කිව්වොත් එතනට විශාල වශයෙන් ජනතාව රැස්‌ වෙනවා. මේ ක්‍රීඩාව ඒ තරමට ආකර්ෂණීය ක්‍රීඩාවක්‌. නමුත් ලෝකයේ අනෙක්‌ රටවල් ගත්තොත් තත්ත්වය මීට වඩා වෙනස්‌. ඒ අයට ඒ ඒ රටවල් විසින් පහසුකම් සපයනවා. නමුත් ලංකාවේ තත්aත්වය ඊට වඩා වෙනස්‌. තවමත් මේ ක්‍රීඩාව සඳහා සුදුසු වටපිටාවක්‌ නිර්මාණය වෙලා නැහැ. නමුත් අද වෙන කොට මේ ක්‍රීඩාව සඳහා අත දෙන්න අයිඩියල් මෝටර්ස්‌ ඉදිරිපත්වීම මම දකින්නේ මේ රටේ තරුණ ජවයට අතදීමක්‌ විදිහට. පහුගිය 150 වැනි පොලිස්‌ දිනය වෙනුවෙන් ක්‍රීඩකයන් 12 දෙනකුගෙන් යුත් ටීම් එකක්‌ ක්‍රීඩා කළා. ඊට අමතරව Sග ඔග F එකට පුහුණුවීම් පවා කරන්නෙ අපි විසින්. මේ ක්‍රීඩාවට අවශ්‍ය වැදගත්ම දේ තමයි "විනය" හා මත්ද්‍රව්‍යවලින් තොරවීම.

රක්‌වාන "මයි බෝයිස්‌" ක්‍රීඩා සමාජ නායක මනෝඡ් අදහස්‌ දක්‌වමින්,

"Stunt කියන ක්‍රීඩාව හරියට සිද්ධ කළොත් ඒ තුළ හිමිවීම් මිස අහිමිවීම් නැහැ. මොකද මේ ක්‍රීඩාවට යොමුවන තරුණයන් තුළ මත්ද්‍රව්‍යවලට වෙනත් වෙනත් මානසිකත්වයන්ට යොමු වුණ පිරිස්‌ නැහැ. ඒ හරහා ක්‍රීඩාවට වගේම සමාජයටත් යම් මෙහෙවරක්‌ Stunt හරහා සිදුකළ හැකියි. අද වන විට ලංකාව පුරා 25000 ක්‌ විතර පිරිසක්‌ මේ ක්‍රීඩාවේ නිරත වෙනවා. නමුත් මේ කිසිකෙනෙකුට කිසිම ක්‍රීඩා සමාජයකට පුහුණුවීම් කරන්න ග්‍රවුන්ඩ් එකක්‌ නැහැ. මම මේ අවස්‌ථාවේ ඉල්ලා සිටිනවා. පුළුවන් නම් අපට අක්‌කරයක පමණ වපසරියකින් යුක්‌ත ග්‍රවුන්ඩ් එකක්‌ හදලා දෙන්න කියලා. ඒක මේ රටේ තරුණ ජවයට විශාල වටිනාකමක්‌ ලබාදීමක්‌ වෙනවා. ඒ සඳහා ආරම්භක පියවර ලබාදුන් අයිඩියල් මෝටර්ස්‌ වෙත අපි අපේ ප්‍රණාමය පුද කරනවා. ඒ හරහා රජයේ අවධානය මේ ක්‍රීඩාව සඳහා යොමු වෙයි කියන විශ්වාසය අපට තියෙනවා."

මෙහිදී බී. ආර්. සී. ක්‍රීඩා සමාජ නායක ජනුක රාජපක්‌ෂ, යසස්‌ මධුශංක යන අයද අදහස්‌ දැක්‌වූ අතර ඔවුන්ද අදහස්‌ දක්‌වමින් කියා සිටියේ ජාත්‍යන්තරය පවා ජයගත හැකි දක්‌ෂතාවන්ගෙන් සමන්විත ක්‍රීඩකයන් රැසක්‌ බිහිකර ඇති Stunt ක්‍රීඩාව සඳහා අයිඩියල් මෝටර්ස්‌ වැනි පුද්ගලික ආයතන මැදිහත්වීම ඔවුන්ට විශාල ශක්‌තියක්‌ බවත් ඒ හරහා ඉදිරියේදී රජයේ අවධානයද මෙම ක්‍රීඩාව සඳහා යොමුවනු ඇතැයි සියල්ලන්ගේම විශ්වාසය පවතින බවත්ය.

Wmqgd .ekSu Èjhsk mqj;a m; weiqfrks

More News »