හෝටල් ක්‍ෂේත්‍රයට පරිසර හිතකාමී බෑග් එකක් හැදූ දිරිය මව

2017-08-03 10:14:00       588
feature-top
දශක පහකට එහා අතීතය පද්මාට තාමත් හොඳටම මතකය. දවාලේ සේම රැුයෙත් එකවාගේම අම්මා ලස්සනට රටා පැදුරු විව්වාය. ඒ කාලයේ ද රටා තබන්නට බාගෙට වියන පැදුර ඉල්ලා සිටියත් අම්මා  නොදුන්නාය. ඒ ඇය රටාව වරද්දාවි යන බියෙනි. ඒ නිසා පද්මාට අම්මාගෙන් කිසිදා රටා පැදුරු වියන්නට ඉගෙන ගන්නට බැරිව ගියේය.

පද්මාගේ ඇෙඟ්ද කලාව නොඅඩුව පිහිටා තිබුණි. කීනදෙණිය මහා විද්‍යාලයෙන් ඉගෙනුම ලබන අවදියේ පටන් චිත‍්‍ර ශිල්පය කෙරෙහි  පද්මා තුළ වූයේ දක්ෂතාවයකි.ඈ සාමාන්‍ය පෙළට සේම උසස් පෙළටද චිත‍්‍ර විෂය හැදෑරූ අතර පද්මා ඇඳී විවිධ සිතුවම් වලින් ගෙදර කලාගාරයක් සේ සුන්දර වුණේය.

පද්මා වැල්ලවගෙදර අම්මා තාත්තා සමග හැදී වැඩුණේ මීරිගම වුවත් දැන් ජීවත්වන්නේ ගම්පහ අස්ගිරියේය. පාසල් අධ්‍යාපනය අවසානයේ චිත‍්‍ර ගුරුවරියක් වීමේ සිහිනයක් ඈ සිතේ රජ කළත්, ඒ සිහිනය ඈ විසින්ම බොඳවී යන්නට ඉඩ දී බලා සිටියාය.

”චිත‍්‍ර ගුරුවරියක් වෙන්න ආසාව තිබ්බෙ පුංචි පන්තිවල ඉඳලමයි. ඒත් උසස් පෙළ කරලා ගෙදරට වෙලා ඉන්නැද්දි විවාහ වුණා. විවාහයෙන් පස්සෙ මට රස්සාවක් කරන ආසාව හිතෙන් ගියා. ඒ නිසා රස්සාව අමතක කළා.  පුතා හම්බවෙන්න ඉන්නකොට තමයි අපිට අනාගතේ බර දැණුනේ. අපිට  ගෙදරක්  ඕන. ගෙදරක් හදාගන්න ඉඩමක්  ඕන.

ළමයිට උගන්නන්න  ඕන. ඒ ඔක්කොටම සල්ලි  ඕන. සල්ලි හම්බකරන්න  හොඳ  රස්සාවක්  ඕන. ලංකාවෙ ඔය එකකටවත් විස`දුම් නැති හින්දා  මට ලොකු පුතා
හම්බවෙන්න ඉන්නකොට මහත්තයා පිටරට රස්සාවකට ගියා. ..”

කාලය ගෙවී ගියේ ආරියසේන වසර ගණනාවක් පිටරට රැුකියාවේ සිරකරමින් පද්මා දෙදරු මවක් කරමිනි යහම්පත් පුතු හා ප‍්‍රමෝද් පුතු පද්මාගේ හා ආරියසේනගේ ලෝකය ලස්සන කරද්දී ඔවුන්ගේ ලෝකය ගොඩනගන්නට පද්මා මෙන්ම ආරියසේනත් වෙහෙස වූහ..

”මොනවහරි ඉගෙනගෙන හිටියොත් දෑතෙ රස්සාවක් හරි කරන්න පුළුවන්.. කියලා හිතාගෙන තමයි චූටි පුතාව මොන්ටිසෝරි දාලා මොන්ටිසෝරිය ඇරෙන වෙලාව එනකල් සංස්කෘතික දෙපාර්තමේන්තුවේ වෘත්තීය පුහුණු පාඨමාලා දෙකක් ඉගෙනගන්න හිතුවෙ. ඒත් මහත්තයා මුලින් ඒකට අකමැති වුණා. එයා කිව්වෙ මූලික තැන පුතාලට දෙන්න කියලයි.

මේ හැමදේම කරන්නෙ පුතාලා දෙන්නා වෙනුවෙන් නිසා  එයාලව මග ඇරෙන්න දෙන්න එපා කිව්වා. දාහක්  නීති රීති වැඩ අස්සෙ තමයි මං රූපලාවණ්‍ය පාඨමාලාවයි,අත්කම් නිර්මාණ පාඨමාලාවයි ඉගෙන ගත්තෙ. අවුරුදු දෙකකින් සහතික දුන්නා. ඊටපස්සෙ මං ගම්පහ රූපලාවණ්‍යාගාරයක් පටන් ගත්තා.. ”

”මම රූපලාවණ්‍යාගාරෙ කරගෙන යන අතරේ බෞද්ධ කාන්තා සම්මේලනයෙන් නොමිලේ උගන්නපු තවත් විසිතුරු අත්කම් නිර්මාණ පාඨමාලාවක් ඉගෙන ගත්තා.ඒකට බීරලූ නිර්මාණ, ඉරටු නිර්මාණ, තලකොළ පන් නිර්මාණ වගේ අත්කම් නිර්මාණ ගණනාවක් ගැන ඉගැන්නුවා. එතන තිබ්බ නිර්මාණ තරගවලිනුත් මම පළමුවැනියා වුණා. අවුරුද්දක් අවසානෙ සහතිකත් ලැබුණා”

අපට කුඩා කර්මාන්ත දෙපාර්තමේන්තුවේ මිස්ලා ඉරටු , පන්කොළ, තල්කොළවලින්  හට්ටි, මල්වාස්, බෑග්, පොලිතින් වෙනුවට විකල්ප බෑගයක් වැනි දේවල් නිර්මාණය කරන හැටි කියලා දුන්නා. මේවට බොහෝමයක් දෙනා ආසයි. ඒත් මේ හදන දේවල් ඒ අයට මිලදී ගන්න වෙළඳපොළක් තිබ්බෙ නෑ. අපිට මේව විකුණන්න වෙළඳපොළකුත් තිබ්බෙ නෑ. මම මේ නිර්මාණ එක්ක ජාතික ශිල්ප සභාවට බැ`දුණා. එතන හිටපු මහත්තයෙක් මට මගේ නිර්මාණ අලෙවිකර ගන්න වෙළඳපොළක් ගැන තොරතුරක් කිව්වා. ඔහු කිව්වෙ බත්තරමුල්ලේ ගුඞ් මාර්කට්  එක ගැන.

මම කල්දාන්නෙ නැතුව බත්තරමුල්ලට ගිහින් ඒ ගොල්ලන්ගෙන් මගේ නිර්මාණත් එතන අලෙවි කරන්න පුළුවන්ද ඇහුවා.මම අරන් ගිය නිර්මාණ ටිකක් එතන කාර්යාලෙ අයට පෙන්නුවා. ඊළඟ සතියෙ සෙනසුරාදා ඉඳලා මට කුටියක් ලැබෙන බව කිව්වා. මට හරි සතුටක් ලැබුණා. මගේ භාණ්ඩ අලෙවි කරගන්න වෙළඳ පොළක් ලැබීම ගැන. ඒ වගේම පොඩි ප‍්‍රශ්නෙකුත් තිබුණා. මම හදපු දේවල් ටිකයි තිබුණෙ. මම ඒ වෙනකොට මිනුවන්ගොඩ ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලෙ හරහා පාසල් හැරගිය ළමයින්ට ස්වයංරැුකියා සඳහා පන්ති කළා.  ඒ ළමයින්ට අවස්ථාව දෙන්නත් එක්ක මං ඒ ළමයින් හදපු නිර්මාණත් ගත්තා, වෙළඳ කුටියෙ තියන්න. මට මතකයි  එදා පළවැනි දවසෙ මගෙන් ඉස්සරවෙලාම විකිණුනේ  පලතුරු දාන වට්ටියක්. රුපියල් 1300ක්  වගේ මුදලකට. එදා බඩුත් විකිණනනා. රුපියල් 3400යි දවසේ ආදායම. මගේ උදව්වට යාළුවෙකුත් ඇවිත් හිටියා. එයාටත් රුපියල් 500 ක්  දුන්නා.  ”

පද්මා ඉදිරියට යන්නට එසේ වෙර වීරිය ගනිමින් නැගිටිද්දී ඇගේ සැමියා  ලංකාවට ආවේය. ඒ අසනීප තත්ත්වයකිනි. දැන් දැන් මේ ඉරටු, පන් කොළ තල් කොළ  අත්කම් නිර්මාණ සඳහා වෙළෙඳපොළක් නිර්මාණය වී ඇත. මේ කතා කරන්නේ පරිසර හිතකාමී  දේවල් ගැනයි. වස විෂ නැති යුගයක් ගැනයි. ප්ලාස්ටික් පොලිතින් ඉවතලන කාලයක් ගැනයි. එවන් කාලයක පද්මාගේ ඉරටු, පන්කොළ, තල්කොළ, පැදුරු, අමුද්‍රව්‍යයෙන් හැ¥ නිර්මාණ අගය නොකරන්නෝ කවරහුද?

”අපේ ගෙදර ඉරටු, පන්, තල් කොළ හැමතැනම. ත‍්‍රී විල් එකක් අරන් මමමයි යන්නෙ ඉරටු ගේන්න. මම හෝටල් ක්ෂේත‍්‍රයට විශේෂ බෑග් එකක් හදලා තියෙනවා. පරිසර හිතකාමී බෑගයක්.. ඒක හෝටල්වලට හඳුන්වලා දෙන්න මම කැමතියි. ඒකට කවුරුහරි උදව් කරනවා නම් ලොකු දෙයක්..,

පද්මා කියන්නේ බලාපොරොත්තු පොදි බැඳගෙනය. ඇය සියල්ල කළේ උත්සාහයෙනි. ඇගේ උත්සාහය ජයග‍්‍රහණය කර ඇත. උත්සාහවන්තයා ජයගන්නවා කියන්නේ ඒකය.

Wmqgd .ekSu ��r mqj;am; weiqfrks

More News »