ගංවතුර ආපදාවලින් ජනතාව මුදවන ආරක්ෂිත ඔරු පාරු

2017-07-14 11:05:00       661
feature-top
වතුරාවට යටවුණු ලංකාවේ දිස්ත‍්‍රික්ක ගණනාවක දුක් අඳෝනා තවම ඇසේ. පවුල් පිටින් පස් කඳු අතර වැළලී සදහටම අතුරුදන් වූ මිනිසුන් ේග් විලාපය ලෝක පරිසර දිනයේ තේමා ගීතය බවට පත් වී තිබේ. 2004 දී මුහුද ගොඩ ගලා කළ විනාශය රටට තවමත් අමතක නැත. එතැන් පටන් ආපදා ගැන රජය වැඩිපුර හිතන්නට උත්සාහ ගත්හ. අපදා කළමනාකරණයට අවශ්‍ය පනතක්ද සම්මත කර ගැනීමට සූදානම් කළහ. එහෙත් 2017 මැයි මාසයේ හත් දා ගංවතුර එ් සියලූ දේ ගසා ගෙන ගොසින් ඇත. සහනාධාර බෙදීම පමණක් අපදා කළමනාකරණය නම් රජයක් අවශ්‍ය  නැත. ගම්බිම්වල සිටින වීරෝදාර තරුණයන්ට සහ හමුදාවන්ට වැඬේ භාර දුන්නා නම් අහකය.

සිංහල අවුරුද්ද පසුවී දින හතළිස් පහකින් මහා ගංවතුරක් එන බව කළු ගඟ අවට පැරණි ජනතාව  දැන සිටියහ. එ් නිසා ගඟ අසබඩ සෑම ගෙදරකම අඟුලක් හෝ පාරුවක් තිබුණි. පුරුද්දට සහ විනෝදයට තරුණ පිරිස මේ පාරු යාත‍්‍රා  කළහ. ගඟ දියේ නිරතුරු දිය නෑම කළහ. යුරෝපීයන්ගේ පාලන සමයේ රත්නපුරයේ සිට කළුතර දක්වා බඩු ප‍්‍රවාහනයට පාරු සේවයක්ද තිබුණි. ඇතැම් විට මැණික් පැටවූ පාරු කළුතර දක්වා පැමිණි බව පැරණියන් පවසති. ඇතැම් ඔරුවක් කලාතුරකින් ගං පතුලේ සැඟවෙයි. මෑතකදී සමන් දෙවොල  අසල ගඟ පතුලේ තිබූ කැඩුණු පාරුවක තිබී බොහෝ පුරාවස්තු හමු විය. දහනව වන සියවස අවසාන වන විට කළු ගඟ වැලිවලින් පිරී යන්නට විය. එයට හේතු වාර්තා කරන්නේද සුදු නිලධාරියෙකි. සහකාර සංරක්ෂක වශයෙන් සිටි ලූවිස් නම් මහත්මයතු කැලණි වැලි දුම්රිය මාර්ගය ගංවතුරට යටවීම ගැන පැවැත්වූ කොමිෂන් සභාවක් ඉදිරියේදී දුන් සාක්ෂියක් 1894 දී නිකුත් වූ එම වාර්තාවේ දැක්වේ. එහි සඳහන් අන්දමට කඳුකරය එළි වීමත් කෝපි, තේ සිටවීමත් නිසා සෝදා පාළුවූ දේ ගංගාවන්ට එකතු වීම නිසා වැලි නිධි තැන්පත් වීම ආරම්භ වී තිබේ. ගං වතුර පිටාර ගැලීම වැඞීවීමට මෙය හේතුවක් වී ඇත.

අපගේ පැරණි ඔරු බඳ සෑදීමේදී ලී කොටන් හාරා කවාකාර ලෙසට සකස් කරලීමක් විය. ගෙඟ් පකුල් දෙන දිය ඔරු කඳ තුළට එ්ම වැළැක්වීමට ගංදියට ලම්භකව ලී කොටයට උඩින් පත්තාරුවක් ද සකස් කෙරුණි. ඔරුවේ හෝ අඟුල ජලයේ උඩුකුරුව විස්ථාපනය වීමට මේ හැඩය බලපායි. එවිට යම් විදියකින් ඔරුව පෙරළීමට බලන්නේ පැටවෙන බර උඩුකුරු විස්ථාපනයට වඩා වැඩි වීමෙනි. එසේත් නැතිනම් ගඟ දියේ හෝ වෙල් දියේ පවතින මාරියාවෙන් ජලය ඔරුව තුළට පැමිණීමෙනි. ඔරුවල කවාකාර කොටස දක්වා ජලය පිරෙන තෙක් මේ උඩුකුරු තෙරපුම වැඩි මට්ටමක පවතී. නමුත් බර වැඩි වූ කෙනෙහි පත්තාරුවද යට කරගෙන ඔරුව ජලය තුළ ගිලෙයි. පැරණි ඔරුවල මේ කවාකාර බඳ වෙනස් කරලිය හැකි නොවුණි. එයට හේතුව එ්වා ලී කොටන්වලින්ම සාරා ගැනීම නිසාය. පසු කාලයේදී මේ හැඩයටම සරිලන ලෙස ෆයිබර් ග්ලාස්වලින් මේ ඔරු සාදන ලදහ. නමුත් පෙරකී හැඩය හෝ තාක්ෂණයේ වෙනසක් නොවීය. එහි ප‍්‍රතිඵලය නම් ඔරුව පෙරටත් වඩා පෙරළෙන්නට බැලීමයි. විශේෂයෙන්ම ලී කොටයට වඩා ෆයිබර් ඔරුව සැහැල්ලූ නිසා තොටියා වාඩිව සිටින පසුපස ඉතා ඉක්මනින් ඔහුගේ පසට ගිලෙන්නට තිබෙන ඉඩ කඩ වැඩිය. ෆයිබර් අඟුල සාදන කිසිවෙක් මේ ගැන සැලකිලිමත් වී නැත. පසුගිය ගං වතුරාවේ දී මෙලෙසෙ පෙරළුන අඟුල් නිසා ජීවිත හානි කීපයක්  සිදුව ඇත. ධීවර බෝට්ටු ලෙසට භාවිත කරන යාත‍්‍රාවන්ද ගංවතුර සහනාධාර බෙදා දීමට යොදවා ගෙන තිබුණි. එ්වාද කටුඅකුල් සහිත විවිධ බාධක සහිත තැන් උඩින් බෝක්කු පාලම් උඩින් පදවා ගෙන යෑම ලෙහෙසි පහසු නොවුණි. එම නිසා අත්‍යවශ්‍ය සාධකයක් වන්නේ ආපදාවක් පැමිණි විගස ජනතාව ප‍්‍රවාහනය කරවීමට සහ සහනාධාර බෙදීමට සරිලන යාත‍්‍රා සූදානම් කර තැබීමයි.

කළු ගෙඟ් අසබඩ ගෝවින්නේ දේවමුල්ලේ ජීවත් වන පැරණි පාරු හිමි පරම්පරාවක පුද්ගලයකු වූ අයි. එස්. ඩබ්. කරුණතිලක මහතා මෙම ගැටලූවට පැහැදිලි පිළිතුරක් දුන්නෙකි. ඔරු පාරුවල ක‍්‍රියාකාරිත්වය නිසා ගං ඉවුරුවලට වන හානිය අවම කරලීම පිණිස ඔරු බඳ වෙනස් කර සාදන ලද විශාල අඟුල් නිර්මාණයකට ඔහු ජනාධිපති සම්මාන දිනා ගත්තේය. ඉන්පසු රේ විජේවර්ධන සම්මානයද දිනා ගත්තේය. මේ ඔහු  සැඩ පහරට ඔරොත්තු දෙන අඟුල් ගැන පළ කරන අදහසයි.

‘මගේ අඟුල් සියල්ල මා නිර්මාණය කළේ පත්තාරුවේ සිට ජල මට්ටම දක්වාම  ලම්භක වන පරිදියි. එසේම ඔරු කඳේ ඉදිරිපස ට ලැබෙන ජල ප‍්‍රතිරෝධය අවම වන ලෙසට ඉදිරිපස කොටස උල් කරනු ලැබුවා. එලෙසම තොටියා වාඩිව සිටින තැන ක්ෂේත‍්‍ර  ඵලය වැඩි කර සාදනු ලැබුවා. මේ නිසා  මේ අඟුල් ලෙහෙසියෙන් පෙරළෙන්නේ නැහැ. වරක් හිටපු අගමැති රත්නසිරි වික‍්‍රමනායක මහතා ගේ ඉල්ලීම පරිදි කැකුළලිය තොටුපළට මා අඟුලක් සාදා දුන්නා. එහිදී සාම්ප‍්‍රදායික ලී අඟුලට පුරුදු වූ තොටියන් උද්ඝෝෂණය කළා මෙයට විරුද්ධව. ගිනිපෙට්ටි වගේ ඔරු අපට වැඩක් නැහැ යයි ඔවුන් එක හෙළා පැවසුවා. මා එහි ගොස් ඔවුන් ගෙන් ඉල්ලා සිටියේ එ්වා පදවා බලන ලෙසටයි. අවසානයේ ඔවුන් තේරුම් ගත්තා මේ ඔරුව වැඩි ජල ප‍්‍රතිරෝධයක් නොමැතිව ආරක්ෂාකාරී ලෙස පැදවිය හැකි බව. මා විසින් නිෂ්පාදනය කරන ලද පාරු සහ අඟුල් ලක්ෂ දෙකක පමණ වියදමකින් නිම කළ හැකියි. කළුතර පැත්තේ අනන්තරා නම් හෝටලයක් මේ අඟුල් කීපයක් මාගෙන් මිලදී ගත්තා. දැනට ධීවර බෝට්ටුවලට භාවිතා කරන අශ්වබල පහළොවේ එන්ජින් යන්ත‍්‍රය අඟුල්වලට ඔරොත්තු දෙන්නේ නැත. එ් වෙනුවට අශ්ව බල  පහේ ඇන්ජින් යන්ත‍්‍ර භාවිත කොට මගේ නිර්මාණ සාර්ථකව දියත් කරන බව ප‍්‍රකාශ කරන්නට කැමතියි. එ්වා පෙරළෙන්නේ නැහැ. ඉතා ඉක්මනින් පැදවීම පුරුදු පුහුණු කරගත හැකියි. ’

සැබවින්ම කරුණාතිලක මහතාගේ නව නිර්මාණයන් ගංගා අසබඩ ජීවත් වන බොහෝ පිරිසකට ප‍්‍රයෝජනවත් වනවා නිසැකය. ආපදා කළමනාකරණ අංශවල යුතුකම විය යුත්තේ මෙම ඔරුපාරු අවශ්‍ය  ප‍්‍රමාණයට නිමවා ගංවතුරට යට වන ප‍්‍රදේශවල නවත්වා තැබීමයි. එසේම මෙම එන්ජින් යන්ත‍්‍ර  නඩත්තු කර ගැනීමටද ඔරු නඩත්තු කර ගැනීමටද ගම්වාසී තරුණයන්ට පුහුණුවක්ද ලබා දිය හැකියි. එවිට යම් ආපදාවකදී රජයේ නිලධාරීන් ගමට එ්මට ප‍්‍රථම ඔවුන් වහා ක‍්‍රියාකාරීවනු ඇත.  නව නිමැවුමක් වන  මෙම ඔරු පාරු ස්වේච්ඡුා සේවයට කදිම ප‍්‍රවේශයකි.



More News »