ඊළඟ ෂොපින් මල්ල
වීසි කරන්නට පෙර

2017-07-12 10:42:00       694
feature-top
අග නගරයේ ආයතනයක උසස්‌ තනතුරක්‌ හොබවන මා දන්නා හඳුනන කාන්තාවක්‌ සිටී. ඇය දිනපතාම තම කාරයේ දමා ගෙන පාර්සල් දෙකක්‌ රැගෙන එන්නීය. ඒ පාර්සල් දෙකෙන් එක්‌ පාර්සලයක්‌ ඇය තම ආයතනයේ පවිත්‍රතා කටයුතු වල නිරත සේවකයකුට ලබා දෙන්නීය. එකක ඇත්තේ වතුර බෝතලය සහ ඇගේ දිවා ආහාර පාර්සලය වන අතර අනෙක්‌ බෑගයේ ඇත්තේ දිරන හා නොදිරන ලෙස වෙන් කළ තම නිවසින් බැහැර කරන කසළ මලු දෙකක්‌ ය. මුලදී මෙය නිරීක්‌ෂණය කළ මා විමතියට පත් වුවද පසුව දැන ගන්නට ලැබුණේ මෙම ආයතනයේ බොහෝ දෙනකු මේ කටයුත්තේ නිරත වන බව ය. එපමණක්‌ නොව ලංකාවේ ප්‍රධාන නගර ආසන්නයේ ජීවත් වන බොහෝ දෙනෙකු රැකියාවට යැමේ දී මේ ආකාරයෙන් හොඳින් පාර්සල් කළ කසළ මල්ලක්‌ ද රැගෙන යන බව දැන ගන්නට ලැබිණ. මෙසේ රැගෙන එන කසළ මලු එක්‌කෝ පාරක්‌ අයිනකට, හෝ බෝක්‌කුවකට දමා යැම සුළභ තත්ත්වයක්‌ වන අතර දැන් දැන් සීසීටීවී කැමරා සවි කර තිබෙන නිසාවෙන් මේ වැඩේ කරන්නට බැරි නිසාවෙන් ද නගරයේ කැළි කසළ අර්බුදය තීව්‍රර වන්නේ ය. හොඳින් දැන උගත් මිනිසුන් පවා මේ ආකාරයෙන් හැසිරෙන්නේ ඇයි. මේ කතාන්දරය පිටුපස ලාංකේය කුණු වෙච්ච සමාජයේ තවත් එක්‌ ඕජස්‌ ගලන කුණු කතන්දරයක්‌ ඇත. නගරයට අවිධිමත්ව ගොඩනැඟුණු ලංකාවේ නගරවලට කිලෝමීටර් කිහිපයක්‌ දුරින් ලෑන්ඩ් සේල්කරුවන් විසින් පර්චස්‌ හයේ හතේ බිම් කට්‌ටි කඩා විකිණීම සිදු කරන ආකාරය සුළභව දකින්නට ලැබේ. මේ බිම් කට්‌ටිවල මිනිසුන් නිවාස තනා පදිංචි වූ පසු ඒවායේ අලුතින් ජනාවාස තැනේ. මේ ජනාවාස වල ජනනය වන කැළි කසළ කළමනාකරණය කරන්නට වැඩපිළිවෙළක්‌ පළාත් පාලන ආයතනවලට ඇත්තේ නැත. මේවායේ පදිංචි වන්නන් සියල්ලෝම ලංකාවේ නගරවල තිබෙන අධික වාහන තදබදය නිසාවෙන් පාන්දර 6 ටත් කලින් රාජකාරි සඳහා සහ පාසල්වලට පිටත්ව යා යුතුව ඇත. කසළ රැගෙන යන්නට කුණු ට්‍රැක්‌ටරය ආවත් එන්නේ පෙරවරු අටට නමයට ය. තම නිවස ඉදිරිපිට කසළ මල්ල හෝ කසළ බඳුන තබන්නට ද නොහැකි ය. එසේ තැබුවහොත් බල්ලන් හා කාක්‌කන් විසින් පාර පුරා කැළි කසළ විසුරුවා දමනු ඇත. එවිට අසල්වාසීන්ගේ දෝෂ දර්ශනයට තමන් ලක්‌ වනු ඇත.

හැට හැත්තෑව දශකයේ දී ඇමරිකාව විසින් නිර්මාණය කරන ලද ගෝලීය නව ලිබරල් ආර්ථික ක්‍රමය විසින් එතෙක්‌ ලොව බොහෝ රටවල සංස්‌ථාපනය වී තිබුණූ පරමාදර්ශී සමාජ හර පද්ධතීන් බොහොමයක්‌ම වාෂ්ප කෙරුණු අතර, නාස්‌තිකාර අධිපාරිභෝගික සමාජයක්‌ නිර්මාණය කරන ලදී. මෙම නව සමාජය ඇතමුන් විසින් හඳුන්වන ලද්දේ -අහක දමන සමාජය. නමිනි. (“Throwaway society”) පසුගිය දශක දෙකේ දී මෙරට ජනතාවගේ ජීවන විලාසය ද අහක දමන සමාජ ක්‍රමයට අනුරූපීව මැනවින් පත්තියන් වී ඇත. -මොන මැස්‌මටත් වඩා අරපිරිමැස්‌ම හොඳා... යෑයි ඇදහූ, නාස්‌තිය වළක්‌වන්නට, බරපතළ සමාජ රීතීන් සිරිත් විරිත් සහ ආකල්ප මුල් බැසගෙන තිබුණු සමාජය, කොටින්ම බත් ගුලියක්‌ විසි කළත් ටොක්‌කක්‌ ඇන්න තාත්තලා අද දකින්නට නැත. රෑට ඉතිරි වෙච්ච දංකොඩ බත් වලින් දිය බත්, බත් අග්ගලා හදන අම්මලා අද නැත. පරණ ඇඳුම්, ඉරුණු සපත්තු මස මසා අඳින, පරණ හට්‌ටි මුට්‌ටිවල මල් පැළයක්‌, එළවළු පැළයක්‌ ඉන්දන ගැහැනුන් හා මිනිසුන් අද දුර්ලභය.

එක්‌ අතකට මේ වීසි කරන්නේ අපේ මහපොළොවට අයිති සීමිත සම්පත් ය. මේවා කිසිදු ප්‍රයෝජනයකට නොගෙන කුණු ගොඩවලට යෑවීමේ ඵල විපාක සුළු පටු නොවේ. විටින් විට ඇති වන ගංවතුර සහ නාය යැම් මෙන්ම කුණු කඳු නාය යැම් ද අපට දැන් නිතර නිතර අසන්නට දකින්නට ලැබේ. රටේ කොයි කාලෙක ගත්තත් කැළි කසළ ප්‍රශ්න විසඳා දෙන ලෙස කෙරෙන උද්ඝෝෂණ ද දැන් දැන් සුළභ වෙමින් තිබේ. බිම් මට්‌ටමේ ගත්තත් පෙනෙන්නට තිබෙන්නේ නිවෙස්‌ වල මුළුතැන්ගෙවල් වල, ගෙයි පිටුපස, ගොඩගසා තිබෙන කැළි කසළ ගොඩවල් ය. අනෙක්‌ අතට බොහෝ ගෙවල්වල මෙන්ම ඇතැම් රජයේ ආයතන සහ රෝහල්වල පවා කැළි කසළ පුළුස්‌සා දමන ආකාරය ද සුළභව දකින්නට පිළිවන. ඩෙංගු රෝගය වැනි වසංගත රෝගවලින් රටම ආතුර වෙමින් පැවතීම, මී උණ, සහ වෙනත් බෝ වන රෝග සහ රෝග වාහක මැසි මදුරුවන් සහ මීයන් වැනි සතුන් බෝ වීම, කුණු කන වන සතුන් මිය යැම, ගංවතුර තර්ජන වැඩි වීම, මහජන පීඩාව වැනි කැළි කසළ අක්‍රමවත් ලෙස බැහැර කිරීම නිසාවෙන් සිදුවන පාරිසරික සහ සෞඛ්‍ය ප්‍රශ්නවලින් මෙන්ම, අවිධිමත් ලෙස කැළි කසළ ගෙවතු තුළ සහ කසළ බැහැරලන ස්‌ථාන තුළ ගොඩගසා ගෙන සිටීමෙන් සහ ඒවා පුළුස්‌සා දැමීමෙන් ජනනය වන විෂ රසායනික ද්‍රව්‍යයන් සහ විෂ වායූන් නිසාවෙන් සිදු වන පාරිසරික සහ සෞඛ්‍ය හානිවලින් අපි බරපතළ ලෙස පීඩා විඳිමින් සිටිමු.

නිදහසින් පසු සිංහල, දෙමළ, මුස්‌ලිම්, සහ අන් සුළු ජාතිකයන්ට -මේ අපේ රට යන හැඟීම,-ශ්‍රීලාංකේය ජාතිය නිර්මාණය කර ගන්නට ඓතිහාසිකව අපට නොහැකි වූවා සේම, -කැළි කසළ විධිමත්ව බැහැරලීම, -පරිසරය පිරිසිදුව පවත්වා ගැනීම, කියන කාරණාව, උසස්‌ සංස්‌කෘතිකාංගයක්‌ ලෙස ගොඩනඟා ගැනීමටත් නොහැකි විය. එA නිසා කෙසෙල් ගෙඩියක්‌ කන වඳුරට, ලෙල්ල විසි කිරීම ගැටලුවක්‌ නොවන්නා සේම, එA පුරුද්දෙන් ලංකාවේ බොහෝ දෙනෙකු ඉන් එහාට තවමත් පරිණාමය වී නොමැති බවක්‌ පෙනේ. අපේ පාසල් දරුවන්ට පරිසරය පිරිසිදුව තබා ගැනීම පිළිබඳව ඉගැන්වීමට නොහැකි අධ්‍යාපනයක්‌ රටට උරුම වී ඇත. බොහොමයක්‌ පෞද්ගලික ආයතන, රාජ්‍ය ආයතනවලට පවා, විධිමත් කසළ බැහැරලීමේ ක්‍රමවේදයන් නැත. ලංකාවේ බොහෝ නිවෙස්‌වල මෙන්ම, මෙම ආයතන පිටුපසද අපායවල්ය. -ටයි කෝට්‌ දාපු මහත්වරු, තම නිවසේ කසළ මල්ල, පාන්දරම වාහනයේ ජනේලයෙන් ඇළකට, දොළකට, පාරකට වීසි කරලා, උජාරුවෙන් වැඩට ගිහින්, තම ආයතන ඇතුළේ රට හැදීමට මහා සැලසුම් සකස්‌ කරති. එහෙම විසි කරන කසළ මලු මංමාවත් දෙපස ගොඩගැසුණාම ඒවා ෙµdටෝ අරන් සෝසල් මීඩියා වල, ජනමාධ්‍යවල දමා ආණ්‌ඩුවට බණින මිනිසුන්ගෙන් අපේ රටට අඩුවක්‌ නැත. කා බී ඉතිරි වන හැම දෙයක්‌ම පාරට, ලන්දට, අල්ලපු වත්තට දැමීම පිළිබඳව, අපරාධකාරී හැඟීමක්‌ හිතට නොදැනෙන, එය -ස්‌වාභාවික දෙයක්‌ ය කියා හිතාගෙන ඉන්න ජාතියක්‌ වෙමු.

අක්‍රමවත්ව අහක දැමෙන කුණු කසළ නිසාවෙන් ඇති වූ සහ ඇතිවන්නට නියමිත බරපතළ ෙ€දවාචකයන් නිමක්‌ නැත. කාබනික පොහොර ලෙස, ජීව වායු ලෙස ප්‍රයෝජනයට ගත හැකි දිරා යන කැළි කසළ අක්‍රමවත්ව බැහැර කිරීම නිසාවෙන් පමණක්‌ ජෛව ගෝලයට වාර්ෂිකව එකතු වන කාබන් පාද සටහනේ ප්‍රමාණය පමණක්‌ ගිගා ටොන් 3.3 ක්‌ පමණ වෙතැයි ගණන් බලා තිබෙනවා. මේ ප්‍රමාණය, වායු ගෝලයට මුදාහැරෙන කාබන් ඩයොක්‌සයිඩ් ප්‍රමාණයෙන් සියයට 14 ක්‌ පමණ වෙයි. (කාබන් පාද සටහන යනු (Carbon footprint) පෘථිවි උණුසුම ඉහළ නැංවීමට ඉවහල් වන, ප්‍රධාන ලෙස මීතේන් සහ කාබන් ඩයොක්‌සයිඩ් වායූන් වෙයි. කසළ අවිධිමත්ව බැහැරලීමේ ගැටලුව එතැනින් නවතින්නේ නැත. අහක දැමෙන දේවල් කසළ ලෙස බැහැර කරන්නට මහ පොළොවේ හෙක්‌ටෙයාර් මිලියන ගණනාවක්‌ නාස්‌ති වෙයි. මේ ප්‍රමාණය ගෙයක්‌ හදා ගන්න, වගා කරන්නට ඉඩමක්‌ නැති තවත් සහෝදර මිනිසුන් බිලියන ගණනකගේ ඉඩම් අයිතිය උදුරා ගැනීමක්‌ ද වෙයි. වසරකදී ප්ලාස්‌ටික්‌ වතුර බෝතල් පමණක්‌ ටොන් මිලියන 8 ක්‌ අපි මහ මුහුදට හෙළමින් සිටිමු. මෙය එක්‌ අතකට බිලියන ගණනාවක ජලජ ජීවීන්ගේ ජීවිත අනතුරේ හෙළීමක්‌ වෙයි. වාර්ෂික ලෝක ආහාර නිෂ්පාදනයෙන් තුනෙන් එක්‌ පංගුවක්‌ම එනම් මෙටි්‍රක්‌ ටොන් බිලියන 1.3 ක්‌ කැළි කසළ ලෙස නාස්‌ති කෙරෙන අතර මෙම ප්‍රමාණය වසරකට කුසගින්නෙන් මිය යන මිනිසුන් ප්‍රමාණය වන බිලියන 3 කගේ බඩ කට පුරවන්නට ඕනෑවටත් වඩා ප්‍රමාණවත් ය.

වසර දහස්‌ ගණනක්‌ තිස්‌සේ පැවති සොබාදහමේ සමතුලිතතාවයන් අපගේ අතීත පරම්පරාවලට වඩා වර්තමාන පරම්පරාව විසින් මහා පරිමාණව බිඳවට්‌ටවා ඇත. විද්‍යා තාක්‌ෂණය භාවිත කිරීම වැඩි වත්ම එක්‌ අතකට ජීවන තත්ත්වය උසස්‌ සහ සුඛෝපභෝගී වෙයි. අනෙක්‌ අතට අවදානම පිළිබඳ නොසලකා කටයුතු කිරීමට මිනිසා පෙළඹෙයි. මිනිසාට සම්පූර්ණයෙන් තේරුම් ගත නොහැකි සොබාදහමෙන් ඔහු ඈත් වන තරමට, එයට අකාරුණික වන තරමට අද්භූත අවදානම, නොපෙනෙන අනාරක්‌ෂිත බව වැඩි වැඩියෙන් ජනිත වනු ඇත. නමුත් එය පුපුරා නොයන තෙක්‌ මිනිසා මේ නිල් ග්‍රහලෝකයේ වැජඹෙන ආත්මාර්ථකාමි හිමිකරුවා වනු ඇත. මිනිසුන් ලෙස අප මීට වඩා අපගේ නිල් ග්‍රහලෝකය සමඟත්, මනුෂ්‍ය වර්ගයා සමඟත් ආදරණීය විය යුතු නොවෙමු ද? මේ ලෝකයේ බොහෝ දේවල් අපට වෙනස්‌ කළ හැකිය. නීති රීති වලින් සියල්ල සිදු වෙතැයි බලා නොසිට කැළි කසළ අර්බුදය විසඳා ගන්නට අප කාගේ කාගෙත් උර මත පැටවුණු වගකීමක්‌ ඇත. පිරිසිදු ශ්‍රී ලංකාවක්‌ සඳහා ඔබට ලෙහෙසියෙන් අනුගමනය කළ හැකි කාර්යයන් කිහිපයක්‌ මෙසේ ය.

* ඔබේ ශරීර සෞඛ්‍යයට හිතකර ප්‍රමාණයට ආහාර මිල දී ගැනීමට සහ අනුභවයට පුරුදු වන්න. ඔබේ ආමාශයට වඩා ඇස බඩගිනිකාරයකු වග නිතරම මතක තබා ගන්න. ඔබේ ඇත්ත පාරිභෝගික අවශ්‍යතාවන්ට වඩා සිත තෘෂ්ණාධික බව සිතට ගන්න.

* ඔබේ ආහාර සහ පාරිභෝගික භාණ්‌ඩ අරපිරිමැස්‌සෙන් යුතුව භාවිත කරන්නට පුරුදු වන්න.

* තමන්ට සෑහෙන පමණට ආහාර බෙදා ගන්න. කන්නට බැරිනම් අපරාදෙ, වීසි කරන්න එපා. සතෙකුට හරි දෙන්න.

* හැකි සෑම විටම වරක්‌ භාවිත කොට ඉවත ලන ද්‍රව්‍ය වෙනුවට නැවත නැවත භාවිත කළ හැකි, කල් පවත්නා භාණ්‌ඩ මිල දී ගන්න.

* ඔබගේ පෞද්ගලික සෞඛ්‍යයට ද බලපාන පෙට්‌ සහ අනෙකුත් ප්ලාස්‌ටික්‌ බෝතල් සහ ආහාර ඇසුරුම් වෙනුවට වීදුරු, සුදු යකඩ වැනි විකල්ප භාවිත කරන්න.

* ආහාර දැවටීම සඳහා ලන්ච් ෂීට්‌ භාවිත නොකරන්න. ඒ සඳහා සෞඛ්‍යයට ද හිතකර සුදු යකඩ භාජනයක්‌ භාවිත කරන්න.

* ෂොපිං බෑග් භාවිතය අවම කරන්න. වෙළෙඳපොළට යන විට මල්ලක්‌ රැගෙන යන්න. ෂොපිං බෑග්වල ආහාර ද්‍රව්‍ය ඇසිරීම සෞඛ්‍යයට ද තර්ජනයක්‌ බව සිතට ගන්න.

* ඔබට අවශ්‍ය පාරිභෝගික භාණ්‌ඩ මිලදී ගැනීමේදී එහි ඇසුරුම වෙළෙන්දාටම භාර දෙන්න. උදාහරණ ඇඳුම් මිල දී ගැනීමේදී ඒවා ඇසුරුම් කර ඇති පොලිතීන් කවරය වෙළෙඳසලේ තිබෙන කසළ බඳුනට දමන්න. පැකට්‌ කර ඇති සීනි, පරිප්පු වැනි ආහාර මිල දී නොගන්න.

* ෂොපිං බෑග් භාවිතය අවම කරන්න. ෂොපිං බෑග් නැවත නැවත භාවිත කරන්න.

* කැළි කසළ වෙන් කරන්න. දිරන කසළ වලින් කාබනික පොහොර නිපදවන්න. ඒවා භාවිත කොට ඔබේ ගෙවත්තේ එළවළු පාත්තියක්‌, පලතුරු ගසක්‌ වගා කර ගන්න.

* හැකි සෑම අවස්‌ථාවකදීම කල් ගිය අබලන් වුණු භාණ්‌ඩ අලුත්වැඩියා කොට නැවත භාවිත කරන්න. නැති නම් වෙනත් ප්‍රයෝජනවත් කටයුත්තකට භාවිත කරන්න. එසේත් නොමැති නම් කුණු ගොඩට නොදමා බෝතල් පත්තර කාරයෙකුට දෙන්න.

* කිසි විටෙක කැළි කසළ පිළිස්‌සීමෙන් වළකින්න. එය ඔබේ අනාගත පරම්පරාව පවා අනතුරේ හෙළන බරපතල අපරාධයකි.

විධිමත් ලෙස කසළ බැහැරළීම ඇඟට ගත්තු, සම්මා සතියෙන් (සබුද්ධික) ජීවත් වන අනාගත දරුවකුගේ ආඩම්බරකාර තාත්තා කෙනෙකු, අම්මා කෙනකු වන්නට අපි ඔබට ආරාධනා කරමු.



Wmqgd .ekSu Èjhsk mqj;a m; weiqfrks

More News »