කොට්‌ටාව පාලමෙන් බිමට සිසුවියක්‌ පැන්නේ ඇයි?
අවවාද ඇසීමට වඩා පාලමෙන් පැනීම උතුම්ද?

2017-07-06 11:18:00       583
feature-top
කොට්‌ටාවේ මානවිකාවන් තිදෙනකුට, ඉකුත් ජුනි මාසය, අපල මාසයක්‌ විය.

මානවිකාවෝ දෙදෙනෙක්‌ අකාලයේ මිලිනව ගියාහ. තුරුණු වියට එළඹෙන වයසේ පසුවන 16 හැවිරිදි පාසල් දියණිය, පන්නිපිටියේ ධර්මපාල විදුහල අසල, හයිලෙවල් මාර්ගයට ඉහළින් තිබෙන යකඩ ගුවන් පාලම මතින් පැමිණ, පොත් බෑගය පසෙක තබා, ඉන් බිමට පැන්නා ය. එම සිද්ධිය වූයේ, 27 වැනි දින උදේ 6.30 ට පමණය. තවදුරටත් ඇයට ජීවත්වීමේ වාසනාව තිබිණ. මහපාර මත පතිත වන්නට ගිය ඇගේ සිරුර, එම ඇසිල්ලේ එතැන පසු කරමින් ධාවනය වූ හයිඒස්‌ වෑන් රථයේ වහල මතට වැටිණ. සිදුවීමට ගිය ඇගේ ජීවිත හානිය, වෑන් රථය. වලක්‌වා ගත්තේය. කශේරුකාවේ පුරුක්‌ දෙකකට හානිවීමෙන්, කොළඹ හදිසි අනතුරු රෝහලේ දැනට ඇය ප්‍රතිකාර ලබමින් පසු වන්නීය.

අනෙක්‌ දෙදෙනා මිය ගියේ අකාලයේ ය. එක්‌ තැනැත්තියක්‌, 16 හැවිරිදි පාසල් ශිෂ්‍යාවකි. 14 වැනි දින කොට්‌ටාවේ දුම්රිය නැවතුම්පළ අසල දී ඇය දුම්රියට බිළිවූවාය. දුවන දුමිරියට පැන ඇගේ මරණය, සිදු වූයේද, නොඑසේ නම් කිසිවකු, ඇය ඝාතනය කිරීමෙන්, ඇගේ ගෙල දුම්රිය පීල්ල මත රඳවා තැබුවා ද යන්න නිගමනය කිරීම, රජයේ රස පරීක්‍ෂකගේ කාර්යයකි. එම වාර්තාව මෙතෙක්‌ ලැබී නැත. වාර්තාව ලැබෙන තෙක්‌, ඇගේ මරණය ඝාතනයක්‌ දැයි යන්න ප්‍රශ්න ගතව පවතී.

පසුගිය 21 වැනි දින මහ දහවාලේ, උල් ආයුධයකින් ඇන තුවාල 23 ක්‌ සිදුකිරීමෙන් ඉතා සාහසික අන්දමින් සිය නිවසේ සයනය මත කුරිරු අන්දමේ ඝාතනයට ලක්‌වූ අනෙක්‌ තැනැත්තිය, 26 හැවිරිදි තරුණියකි. මේ පාපතර ක්‍රියාව සිදුකළ ඝාතකයා, දැනට රක්‍ෂිත බන්ධනාගාරයේ පසුවෙයි. මැගේ මරණය, පෙම් පලහිලව්වක්‌ නිසා සිදුව තිබෙන්නේ ද යන්න සැකයට තුඩු දී තිබෙන්නකි.

මෙම මානවිකාවන් තිදෙනාගෙන්, දෙදෙනෙක්‌ තවමත් පාසල් වියේ පසුවන දැරියන්ය. එක්‌ දැරියක්‌, කොළඹ දේවි බාලිකාවේ උසස්‌ පෙළ ජීව විද්‍යාව හදාරන්නීය. උසස්‌ පෙළ විභාගයට ඇය පෙනී සිටින්නේ, 2018 වර්ෂයේ ය. අනෙක්‌ දැරිය, පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයේ 11 වැනි වසරේ ඉගෙනුම ලබන්නීය. ඇය 2018 වසරේ පැවැත්වීමට නියමිත, අපොස සාමාන්‍ය පෙළ විභාගයට සූදානම් වන්නීය. මෙම දැරියන් දෙදෙනා පාසල් අධ්‍යාපන කටයුතුවල දක්‍ෂතා දක්‌වන දිරිය දැරියන් වෙයි. රටේ තරුණ දූවරුන්, මේ අයුරු සාහසික අන්දමින් මරණය වැළඳ ගැනීමට පෙළඹෙනුයේ ඇයි? මෙම ප්‍රශ්නය අභියස, රට කරවන ඇත්තන්ගේ මෙන්ම රටේ අධ්‍යාපනය උදෙසා සැළසුම් සකස්‌ කරන අධ්‍යාපනඥයන්ගේද දෑස්‌, වහ වහා විවර කළ යුතුය.

මෙම තරුණ දූවරුන් තිදෙනා ජීවත් වන පරිසරයේ විහාරස්‌ථාන බොහොමයකි. දහම් පාසල් ද ඒ අතර වෙයි. මොවුන් තිදෙනා දහම් පාසල් අධ්‍යාපනය, නොලැබුවේ යයි කිව නොහැකිය. දහම් පාසලකින් අධ්‍යාපනය නොලැබුවේ නම්, එය ඔවුන්ගේ දෙමාපියන්ගේම, වරදකි.

සෑම ආගමික ශාස්‌තෘන් වහන්සේලා දේශනා කර තිබෙන්නේ, සිය පණ නසා ගැනීම, මහා පාපයක්‌ බවය. මිනිස්‌ ආත්මයක්‌ ලබාගැනීම, කණ කැස්‌බෑවකු වියගහේ සිදුරෙන් අහස දකිනව වගේ, දුර්ලභ අවස්‌ථාවක්‌ බවයි, බුදුරජාණන් වහන්සේ දේශනා කර තිබෙන්නේ. ඒ බවක්‌ නොසිතා තම පණ නහ ගන්නා, අය කල්ප ගණනාවක්‌ නිරයේ පැහි පැහී ඉන්න සිදු වෙයි. මෙම අයවලුන්ට මෙලොව පමණක්‌ නොව, පරලොවදීත් මුහුණ දීමට සිදු වන්නේ, ඉතාමත් කටුක ඉරණමකට ය.

යකඩ පාලමෙන් පැන්න දැරිය, ලියුමක ලියා තිබී ඇත්තේ, තම සිතකවත් නොතිබූ කරුණකට දෙමාපිය සහ වැඩිහිටියන්ගේ සැකයට තුඩු දෙමින්, නිරතුරුව ඔවුන්ගෙන් ඇණුම් බැනුම් අසන්නට සිදුවීම, තමාට මහ වදයක්‌ වූ බව ය. මෙම තත්වය නිසා, ජීවිතයෙන් පලා යැම හැර වෙනත් විකල්පයක්‌ එම අහිංසකාවියට නොවී ය.

අපේ තරුණ තරුණියන්ට ජීවත්වීමට තිබෙන වටපිටාව කෙබඳු ආකාරයේ දුක්‌ඛදායක දැයි යන්න, මෙම දැරිය, ලියූ ලිපියෙන් මෙන්ම, අනෙක්‌ දැරියන් දෙදෙනාට සිදුවූ අවාසනාවන්ත මරණවලින් අනාවරණය වෙයි. වර්තමානයේ ඉතා දරුණු අන්දමේ මානසික ආතතීන්ගෙන්aaa පෙළෙන තරුණ තරුණියන්ට, නිවැරදි උපදේශන ලබාදෙන තැන්, අපේ රටේ තවමත් බිහි වී නැත. එවැන්නක්‌ තිබුණේ නම්, මෙම අහිංසකයන් සාහසික අන්දමින් තම ජීවිතයෙන් පලා නොයනු ඇත. අපේම අහිංසක ඉතාමත් දරුණු අන්දමේ උපක්‍රම මගින් සිය ජීවිතය අහිමි කර ගන්නා මෙම තරුණ තරුණියන් කියන්නේ, එම හිඩැස වහවහා පුරවා දමන්නැයි කියා නොවේ ද?

කොළඹ හදිසි අනතුරු රෝහලේ තෙවන මහලේ ප්‍රතිකාර ලබමින් පසුවන දැරියගේ වාට්‌ටුවට මම ඇතුළු වුණෙමි. රෝගී දියණිය මහත් වේදනාවෙන් ඇඳෙA කෙඳිරිගාමින් සිටිනු දක්‌නට ලැබිණ. ඇගේ මව ද ඒ අසල රැඳෙමින්, දැඩි ශෝකයෙන් කෙඳිරිගාමින් පසුවන තම දියණිය දෙස, ඇසි පිය නොහෙලා බලා සිටිනු පෙනිණ. දුක්‌ වේදනා විඳින තම දියණිය දෙස තෝන්තුවෙන් බලා සිටින ඇගේ මව සමඟ කතා කිරීමට තරම් මගේ සිතට දිරියක්‌ නොවීය.

එහි සේවයේ නිරතව සිටින හෙද නිලධාරිනියක මට හමුවිය.

අද සිදුවන අපරාධවලට වැඩි වශයෙන් දායකත්වය ලබා දෙන්නේ මාධ්‍යයයි. ඇයි මම එහෙම කියන්නේ, ඇය සෘජුව කතා කරයි. අද බොහොමයක්‌ රූපවාහිනි චැනල්වලින් විකාශය වෙන්නේ, එµa එම් නාළිකාවලින් ප්‍රචාරය වෙන්නේ. එසේ ම මුද්‍රිත පත්‍ර මාර්ගයෙන් පළවෙන්නේ මොනවාද? ෙµaස්‌ බුක්‌, ගොසිප් ආදී අන්තර් ජාලය හරහා මෙවැනි සිදුවීම් පාදක කරගෙන ගොඩනැඟෙන තොරතුරුවල මොනවද තියෙන්නේ? කුණු රහට අයිති දේ. ඒ වගේම, අසත්‍ය තොරතුරු මත පදනම්වූ සමාජය තවතවත් දූෂිත කරවන දේවල්.

මේවා කියවන අයගේ සිත්වල මොන ආකාරයේ පරිවර්තනයක්‌ ද සිදු වන්නේ? ඒ සිත්වල නිදිගත් හැඟීම් අවදිවෙනවා. යමෙකු දරුණු අන්දමේ විසාදයෙන් එනම්, ආතතියෙන් පෙළෙනවා නම්, ජීවිතයෙන් පලා යැමට, මෙම වාර්තා ඔස්‌සේ අනාවරණය ක්‍රම හා විධිවලට ඔවුන් පෙළඹෙනවා. මෙහි තිබෙන ගැහැණු සහ පිරිමි වාට්‌ටු දෙකට වැඩිපුර ම, එන්නේ තරුණ අය. තමන්ගේ ජීවිතය නැති කර ගන්න උත්සාහ කිරීමෙන්, කැපුම් තුවාල සහිතව, ඒ වගේම වස පානය කළ අය තමයි, වැඩිපුරම මෙහි එන්නේ. ඒ අය අතරේ ලිංගික හිංසනයට ලක්‌ වූ අයත් ඉන්නවා. ඔවුන් සමඟ කතාකළාම අපට දැනගන්න ලැබෙනවා, රටේ සිදුවන මෙවැනි සිද්ධීන්ට මාධ්‍යයත් වගකිව යුතු බව.

මාසයක කාලයක්‌ පමණ ගතවීමෙන් පසු, තුවාල සුවකර මෙම දියණිය අපි ඇගේ නිවසට පිටත් කර හරිනවා. ඒ වගකීම අපට ඉටුකළ හැකියි. මෙම දැරිය ගෙදර යවන්නේ තවත් මෙවැනි සිද්ධීන්ට ඉදිරියේදී ගොදුරක්‌ වීමට තිබෙන ඉඩකඩ අහුරා දමමිනුයි. මෙම රෝහලේ මානසික වෛද්‍යවරයාගේ නිරන්තර උපදේශනය සේවාවක්‌ ඉදිරියේදී මෙම දැරියට ලැබෙනවා. ඒ සේවාව මෙම දැරියට පමණක්‌ නොවෙයි, මැගේ පවුලේ මව සහ පියාටත් මෙම රෝහල මගින් උපදේශන සේවාවක්‌ ලබාදෙනවා. ඒ අනුව ඇයගේ ඉදිරි ජීවිත කාලය තුළ ඇතිවන මානසික ආතතීන්ට තවත් ගොදුරක්‌වීමට ඇයට ඉඩක්‌ නොලැබෙනු ඇති.

ඇගෙන් සමුගෙන රෝහලෙන් පිටතට පැමිණියේ, දෙවිවරුන් ඉන්නේ ආකාසයේ පමණක්‌ නොව, මිහිපිට රෝහල්වලද සිටින්නේ ය හැඟීමෙනි.

රටේ තරුණ, තරුණියන්ට සිදු ව තිබෙන, මෙම හානිදායක සිද්ධී ජනතා නියෝජිතයන්ගේ පවුල්වල දුවාදරුවන්ට සිද්ධ නොවන්නේ ද? සිද්ධ වේ මැයි. ඔවුන්, ඒවා තම නිලබලයෙන් හා මුදල් බලයෙන් යටපත් කරගෙන. රටේ අහිංසක පවුල්වල දරුදැරියන් දරිද්‍රතාවෙන් පෙලුනාට, මුදල් සහ බලය තිබෙන ඇත්තන්ගේ පවුල්වල දරුදැරියන්ට සාමාන්‍ය දරුදැරියන් පෙළෙන ද්‍රරිද්‍රතාව ඇත්තේම නැත. ඒ හැමෙකක්‌ ම මුදලට හා බලයට යට කරගෙන. රටේ අනාගතය භාරගන්න ඉන්න බාල පරම්පරාව ගැන රටේ ජනතා නියෝජිතයන් මහත් අභිමානයෙන් කතා කළාට, ඔවුන්ට මුහුණ දීමට සිදුවන, අති භයංකර මානසික හා ශාරීරික පීඩනය, මැඩපවත්වන සැලැස්‌මක්‌ ගැන, කතිකාවතක්‌a රටේ සිදු නොවීම, මහා ෙ€දවාචකයකි.

Wmqgd .ekSu Èjhsk mqj;a m; weiqfrks

More News »