ඇලස්‌කාව දිනූ වලස්‌වැව ගැමියාට රට සැලකුවේ මෙහෙමයි....
සිංහල බෞද්ධ රටකට මෙහෙම කලක්‌ ගියේ ඇයි!

2017-06-05 11:10:00       662
feature-top
"ඇලස්‌කාව දිනූ වලස්‌වැව ගැමියා" යන මැයෙන් සුනිල් සෙනෙවිරත්න පිළිබඳව පළමුවරට රටට හෙළිදරව් කරන ලද්දේ " දිවයින ඉරිදා සංග්‍රහය" විසින්ය. 2015.12.13 වන ඉරිදා පළවූ එම විශේෂාංග ලිපිය කියවූ බොහෝ දෙනෙක්‌ ඔහු පිළිබඳව විමසිලිමත්වන්නට පටන් ගන්නේ අනුරාධ පුරය වලස්‌වැව දුප්පත් ගමේ උපන් මිනිසෙකු වන ඔහු විසින් කර ඇති හපන්කම් විටෙක පුදුමය උපදවන සුළු කාරණා වූ බැවින්ය.

වලස්‌වැව කටුමැටි ගසා පිදුරු සෙවිල කළ දුප්පත් ගැමි ගෙදරක උපන් සුනිල් සෙනෙවිරත්න පසු කලෙක ශ්‍රී ලංකාවේ සහ ඇමරිකාවේ ද්විත්ව පුරවැසිභාවය හිමිකරගන්නා අතර ඇමරිකාවේ ඔහු සතු දේපළ අතර ගේ දොර යාන වාහන පමණක්‌ නොව ලොව හොඳම ගුවන් යානාවලින් එකක්‌ ලෙස සැලකෙන (CESSNA-172 වර්ගයේ පෞද්ගලික ගුවන් යානාවකද වෙයි. පුරා වසර 47 ක විදෙස්‌ ජීවිතයක්‌ ගත කළ ඔහු සතුව ලොව විවිධ රටවලින් හිමිකරගත් සම්මානනීය සහතික පත් රාශියක්‌ පවතින අතර ඒ අතරින් චීනයේ බීජිං යුනිවර්සිටි හොස්‌පිට්‌ල්හී ඔහු විසින් හදාරා ඇති චීන කටු චිකිත්සාව පිළිබඳ උසස්‌ ඩිප්ලෝමා සහතිකයක්‌ද වන අතර එවැනි සහතික පතක්‌ හිමිකරගත හැක්‌කේ ඒ පිළිබඳ කාලයක්‌ තිස්‌සේ විධිමත් හැදෑරීමක්‌ සිදු කළ පුද්ගලයෙකුට පමණි.

ලෝකයේ ඕනෑම රටක මියයන තුරු ජීවත්වීමට හැකියාවක්‌ සහ වටිනාකම් රාශියකින් හෙබි සුනිල් සෙනෙවිරත්න ඇමරිකාව විසින් ප්‍රදානය කර තිබූ සම්මානනීය පුරවැසිභාවයට "ආයුබෝවන්" කියා යළි උපන් රට වෙත පැමිණෙන්නේ රට වෙනුවෙන් ඔහුගෙන් ඉටු විය යුතු යුතුකම් සමූහයක්‌ ඉටු කිරීමේ අදහසිනි.

එහෙත් සියරට පැමිණ ටික කලක්‌ ගතවත්ම ඔහුගේ බලාපොරොත්තු සියල්ල හොරු අරගන්නේ ඔහුවත් නොසිතූ පරිදිය. මේ වන විට ඔහු විසින් හරි හම්බකරගත් මිල මුදලින් රුපියල් කෝටියකට අධික මුදලක්‌ වංචාකාර මිනිසුන් විසින් වංචාකර හමාරය. ඔහුට තවත් විඳින්නට සිදු වී ඇති අකටයුතුකම් බොහෝය. අහිමි වූ මුදල පිළිබඳ සුනිල් සෙනෙවිරත්න හට ඒ හැටි විස්‌සෝපයක්‌ නැත. ඒ වෙනුවට ඇත්තේ තමන් උපන් රට පිළිබඳ දැනෙන සංවේදනා රාශියක්‌ සහ. වංචාකාර මිනිසුන් පිළිබඳ උපන් පිළිකුල් සහගත හැඟêම් සමුදායක්‌ය. ඉකුත් දිනක දිවයින කාර්යාලයට පැමිණි සුනිල් සෙනෙවිරත්න ඔහු තුළ උපන් සිතුවිලි වචන බවට පෙරළීය.

"මම අංගවිකල වෙලා එහෙම නැත්නම් සිහිකල්පනාව නැතුව නෙවෙයි ලංකාවට එන්නෙ. හොඳ ශක්‌තියක්‌ ජවයක්‌ එක්‌ක නැවත මම ලංකාවට ආවේ. මම ඇමරිකාවේ ඉදිද්දී ප්‍රධානම විනෝදාංශය වුණේ ගුවන් යානා පැදවීම ඊට අමතරව ටෙනිස්‌ ගෝල්µa ක්‍රීඩාව ආදී දේවල යොමු වුණා. එහෙම තත්ත්වයක්‌ තුළ මගේ රටට මගෙන් යම් සේවයක්‌ සිද්ධ කිරීමේ අදහසින් මම ලංකාවට ආවේ."

"එතනදී මගේ තිබුණ ලොකුම අරමුණ තමයි චීන කටු චිකිත්සාව පිළිබඳව මම හදාරපු දෙයින් රටට යමක්‌ කිරීම. මම පුද්ගලිකව දන්න දෙයක්‌ තමයි ඒ තුළින් බොහෝ ලෙඩ රෝග සුවපත් කළ හැකි බව මට ඕන කරල තිබුණ මගේ රටේ මිනිස්‌සුන්ගේ ජීවිත යම්තාක්‌ දුරකට හරි සුවපත් කරන්න."

සුනිල් සෙනෙවිරත්න එලෙසින් පවසමින් කථාව ආරම්භ කළේය. "අපහසුවකින් තොරව ඔහුගේ දෑසින් කලකිරීමක්‌ වෙනුවෙන් උපන් සේයාවන් කියවා ගත හැක. විදේශයන්හි ගත කළ වසර 47 ක කාලය තුළ ඔහු විසින් නොදුටුව නොවින්ද බොහෝ දේ මෙරටට පැමිණ වසර දෙකක්‌ යන්නට මත්තෙන් විඳින්නට වීම වෙනුවෙන් උපන් කලකිරීම ඒ දෑසෙහි විය.

මම ලංකාවට ආවේ සෑහෙන කාලයක්‌ විදේශීය මිනිසුන්ගේ ඇසුර විඳල. ඒ රටවල මිනිස්‌සු ළඟ වංචාව බොරුව නෑ. කියන දේ කරනවා. කරන දේ කියනවා. ඊට සාපේක්‍ෂව තමයි මම මගේ රටේ මිනිස්‌සු දෙසත් බැලුවේ. අද මට තේරෙනවා මගේ ධනයෙන් විශාල මුදලක්‌ මගෙන් එක එක්‌කෙනා උදුරගත්තෙ අන්න ඒ මනුස්‌සකම හින්ද කියලා.

"එහෙම වෙච්ච එක දෙයක්‌ කියන්නම්. මේ කියන පුද්ගලයා මගේ ළඟට එන්නේ නෑකමක්‌ කියාගෙන. හොයල බැලුවහම ඇත්තටම ඔහුත් සමඟ අපේ දුර නෑකමක්‌ තියෙනවා. එහෙම දවස්‌ ගාණක්‌ මා ළඟට ඇවිත් කථා බහ කරල මුලින් ලොකු හිතවත්කමක්‌ හදාගන්නවා. කාලයක්‌ යද්දී මම ඔහුව විශ්වාස කරනවා. එහෙම කාලයක්‌ ගියාට පස්‌සෙ තමයි ඔහු තමන්ගේ අරමුණට යන්නේ. ඒ වෙද්දි මගේ ළඟ වාහන දෙකක්‌ තිබුණා. වටිනාකම ලක්‍ෂ හතලිස්‌ පහක්‌ විතර වෙනවා. ඒ වාහන දෙකම මම අරන් තිබුණේ ඕපන් පේපර්වලට. ඔය අතරේ මම ටික දවසකට නැවත ඇමරිකාවට යනවා. මාව මගේ වාහනයකින්ම එයාර් පෝට්‌ එකට අරන් යන්නෙත් මම ඔය කියන පුද්ගලය. කොහොම හරි මම ඇමරිකාවට ගිහින් එද්දී මේ මනුස්‌සය එයාගෙ නමට ලියකියවිලි පවා හදාගෙන වාහන දෙකම විකුණල ඉවරයි."

"ඒ වගේම තමයි තවත් පිරිසක්‌ එකතුවෙලා මා සතු ධනයෙන් රුපියල් ලක්‍ෂ පනහකට ආසන්න මුදලක්‌ මගෙන් වංචා සහගත ලෙස ලබාගත්තා. හොර ලියකියවිලි සකස්‌ කරන්න ලංකාවේ තරම් කපටි මිනිස්‌සු ලෝකයෙ වෙන කුමන රටකවත් නැහැ කියල දැනගත්තේ ඒ සිද්ධියෙන්.

"නීතිඥවරියක්‌ ඉදිරියෙ ලියල අත්සන් කරල හිමිකරගත් දේපළක්‌ මම මිලට ගන්නෙ. මෙන්න ටික දවසක්‌ යද්දි වෙනත් හිමිකාරයෙක්‌ ඒ සම්බන්ධව ඉදිරිපත් වෙනවා. එහෙම ඇවිත් නීත්‍යනුකූලව මම ලබාගත්ත දේපළක්‌ ඔවුන්ගේ කියල කියනවා. හොයල බලන කොට මේ දේපළ මට විකුණල තියෙන්නෙ හොර ලියකියවිලි හදල."

"මට තියෙන ප්‍රශ්නෙ තමයි රටක මෙහෙම දේවල් සිද්ධ වෙන්න පුළුවන්ද කියන එක. මොකද මම ලෝකයේ රටවල් 45 ක විතර ඇවිද්ද මනුස්‌සයෙක්‌. රට රටවල මිනිස්‌සුන්ගේ ගති ලක්‍ෂණ ගැන හොඳින් හදාරල ඒ අයව ඇසුරු කරල අත්දැකීම් සම්භාරයක්‌ රැස්‌ කරගත්ත මනුස්‌සයෙක්‌. එහෙමත් වෙලා මගේ රටට ආවට පස්‌සෙ මගේ රට මට සැලකුව ආකාරය මෙහෙමයි."

මට මේ අය සමඟ රණ්‌ඩුකරන්න බැහැනේ මම කළේ මේ සිද්ධීන් දෙක සම්බන්ව වෙන වෙනම පොලිස්‌ පැමිණිලි කරල පැත්තකට වෙච්ච එක විතරයි. නමුත් අපේ රටේ නීතිය ක්‍රියාත්මක වීමේදී පවා යම් යම් ප්‍රමාදවීම් සිද්ධ වෙනවා කියල මට දැන් තේරෙනවා. නිර්මල බුදු දහම තියෙන සිංහල මිනිස්‌සු ජීවත්වෙන අපේ රටේ මෙහෙම අපරාධ කරන හොරු ඉන්නවා කියලා මම දැනගෙන හිටියෙ නැහැනේ.

මම රට පාලනය කරන මහත්වරුන්ගෙන් ඉල්ලා සිටින්නෙ මේ වගේ අපරාධකාරයන්ට දඩුවම් කරන්න කියලා. මට පුළුවන් මට සිද්ධ වෙච්ච අසාධාරණකම් පිළිබඳව ලියකියවිලි සහිතව ඔප්පු කරල පෙන්වන්න. නමුත් ඒකට අවශ්‍ය ඉඩකඩ නැහැ. පොලිසියෙ උසස්‌ නිලධාරීන් මේ ගැන අවධානය යොමු කරනව නම් මට පුළුවන් ඒ අයව මුණගැහිල මගේ අවනඩුව ඒ අයට කියන්න. කොටින්ම කියනවා නම් මේ වගේ මිනිස්‌සු හඳුනගෙන ඒ අයට දඬුවම් කරල මේ රට යහපත් රටක්‌ කරනවා නම් අඩුම තරමින් මට හිතහදාගන්න හරි පුළුවන් කමක්‌ ලැබෙනවා.

මම ලංකාවට විශාල ධනයක්‌ රැගෙන ආවේ මගේ පුද්ගලික විහරණය පිණිස නෙවෙයි. සත්‍ය වශයෙන්ම එම මුදල්වලින් යම් ප්‍රමාණයක්‌ රටේ යහපත පිණිස යෙදවීමේ වුවමනාව මට තිබුණ. මොකද මම අවිවාහකව ජීවත් වෙන පුද්ගලයෙක්‌ හින්ද ඉදිරිය ගැන ලොකු බලාපොරොත්තු මට තිබුණෙ නැහැ. නමුත් ඒ සියලු බලාපොරොත්තු මේ සිදුවීම් එක්‌ක පස්‌සට දාන්න මම කල්පනා කළා. මගේ උපන්ගම අනුරාධපුරය මිහින්තලේ වලස්‌වැව අදත් ඒ ගම දුප්පත්. මම ඒ පළාතේ උපන් මිනිහෙක්‌ විදිහට ගමට ගමේ මිනිස්‌සුන්ට යුතුකම් ටිකක්‌ ඉටු කරන්න සූදානම් වෙද්දි තමයි මේ කරදර හිස මත පාත්වෙන්න ගත්තෙ. මම ලංකාවෙන් පිටවෙලා යද්දි අපේ ගම්පළාත්වල තිබුණ යහපත් සමාජය අද කෝ කියල කෑගහල අහන්න හිතුනත් දැන් කාගෙන් කියල අහන්නද ඒ තරමටම මේ සමාජය පිරිහිලා ඉවරයි.

උපන් රටට තමන්ගෙන් ඉටුවිය යුතු යුතුකම් ඉටු කිරීමට පැමිණි සුනිල් සෙනෙවිරත්න හට රට විසින් යුතුකම් ඉටු කර ඇත්තේ ඉහත සඳහන් අයුරෙනි. මේ වන විට ඔහු මවිතයට පත්ව ඇත්තේ තමන් වෙනුවෙන් රටේ කාටත් පොදු නීතිය පවා හරිහැටියට ක්‍රියාත්මක නොවීම සම්බව්ධයෙනි. උගතුන් බුද්ධිමතුන් හැකි තරම් වේලාසනින් උපන් රට අතැර නොරට බලා පිටත්ව යන යුගයක සුනිල් සෙනෙවිරත්න වැන්නන් විදේශයන්හිදී විඳිය හැකි ඉසුරු සැප සම්පත් ඉවතලා යළිත් සියරට පැමිණ ඇත්තේ උපන් බිමට ණය නැති මිනිසෙක්‌ ලෙස ජීවිතයේ ඉතිරි කාලය රට වෙනුවෙන් කැප කිරීමේ අදහසිනි.

තවමත් ඇමරිකන් රජය විසින් මාස්‌පතා ගෙවනු ලබන විශ්‍රාම වැටුපක්‌ හිමි සුනිල් සෙනෙවිරත්න තමන්ට වූ අසාධාරණය පිළිබඳ කරුණු පැවසීමට දිවයින කාර්යාලයට පැමිණ ඉන් පිටව යන මොහොතේ අවසන් වශයෙන් ප්‍රකාශ කර සිටියේ තමන් රටට නොවටිනා පුද්ගලයෙක්‌ ලෙස රට විසින් සලකන්නේ නම් ඇමරිකාවේ ඇලස්‌කා ප්‍රාන්තයේ පාළුවට ගිය තමන්ගේ ගේ දොර පිළිසකර කොට එහි පදිංචියට යැමට තවමත් තමන්ට කිසිදු බාධාවක්‌ නොමැති බවය.



Wmqgd .ekSu Èjhsk mqj;a m; weiqfrks

More News »