මුහුදු ඌරන් රකින වැඩමුලූවක උණුසුම යන්නටත් පෙර මන්නාරමෙන් තවත් දඩයමක්‌

2017-05-02 11:12:00       660
feature-top
මුහුදු ඌරා යනු අතිශය ජීවිත තර්ජනයට ලක්‌වූ දුලබ මුහුදු ක්‍ෂීරපායි සත්වයෙකි. නොගැඹුරු මුqහුදේ වැඩෙන මුහුදු තෘණ ආහාරයට ගෙන වැඩෙන මෙම සත්වයා මුහුදු තෘණ බිම් විනාශය හා දූෂණය, ධීවරයන් විසින් දඩයම් කිරීම, ධීවර දැල්වල පැටලීම, නැව් සහ බෝට්‌ටුවල ගැටීම වැනි කරුණු කාරණා රැසක්‌ හේතුවෙන් අද ජීවිතයෙන් සමුගනිමින් සිටින්නෙකි. ඉතා ශීඝ්‍රයෙන් ජෛව ලෝකයෙන් නොපෙනී යන මෙම චමත්කාරජනක මුහුදු සත්ත්වයා ලොව පුරා අද සීමිත ගහනයකට සීමා වී සිටින බැවින් රැක ගැනීමේ ඉක්‌මන් අවශ්‍යතාව ලෝක සංරක්‍ෂණවේදීන් අවධාරණය කර ඇත. මේ අනුව එක්‌සත් ජාතීන්ගේ පරිසර අරමුදලේ (UNEP) දායකත්වයෙන් මුහුදු ඌරන් සහ මුහුදු තෘණ බිම් සංරක්‍ෂණ ව්‍යාපෘතියක්‌ දැන් ස්‌ථාපනය කර තිබේ. එය Dugong and Seagrass Conservation Project ලෙස හැඳින්වේ. අප්‍රිකානු කලාපයේ සිට ඉන්දියන් සාගරය ඔස්‌සේ පැසිපික්‌ සාගරය දක්‌වා විහිද යන මුහුදු තෘණ බිම් පැතිර පවතින නොගැඹුරු මුහුදු ප්‍රදේශවල මේ අනුව මුහුදු ඌරන් හමුවන නිසා මුහුදු ඌරන්ද, උන්ගේ ආහාර බිම් වන මෙම මුහුදු තෘණ බිම්ද ආරක්‍ෂා කරනුවස්‌ රටවල් 8 ක දායකත්වය පාර්ශ්වකරුවන් ලෙස මෙම ව්‍යාපෘතියට ලබාගෙන ඇත. එම රටවල් 8 න් එකක්‌ වන්නේ ශ්‍රී ලංකාවයි.

එනම් මුහුදු ඌරන් හා මුහුදු තෘණ බිම්වලින් පොහොසත් රටවල් කිහිපය අතරට ශ්‍රී ලංකාව ද ගැනෙන අතර, අපේ රට එහි වැදගත් ස්‌ථානයක්‌ නියෝජනය කරනු ලබයි. විශේෂයෙන්ම පෝක්‌ සමුද්‍ර සන්ධියේ ශ්‍රී ලංකාව පිහිටා ඇති ආකාරය අනුව සුවිශේෂ භූගෝලීය වටිනාකමක්‌ ශ්‍රී ලංකාවට ලැබේ. උතුරු හා වයඹ දිග කලාපයේ මන්නාරම් බොක්‌කට යාව ඇති කලාපය නොගැඹුරු මුහුදු කලාපයක්‌ වන අතර එය ඉන්දියාව දක්‌වා විහිදේ. කල්පිටිය හා තලෙයිමන්නාරම් කලාපය ඔස්‌සේ යාපනය දූපත් කලාපය දක්‌වා මෙම නොගැඹුරු මුහුදු කලාපය ඇති අතර, මෙම ප්‍රදේශයේ කාලාන්තරයක පටන් මුහුදු තෘණ බිම් පිහිටා ඇත. එබැවින් මෙම කලාපය අතීතයේ පටන් මුහුදු ඌරන්ගේ පාරාදීසයක්‌ව තිබී ඇත. එහෙත් එයම උන්ගේ විනාශයටද හේතුවක්‌ බවට පත්විය. (මුහුදු) ක්‍ෂීරපායි සත්වයකු බැවින් මුහුදු ඌරන්ගේ මාංශවලට ධීවරයින්ගෙන් ඇත්තේ අධික ඉල්ලුමක්‌ හා ගිජු බවකි. එනිසා මුහුදු ඌරකු ධීවරයකුගේ ඇස ගැටීම යනු එම සත්වයා තවදුරටත් ජීවිත ආසාව අතහැර දැමීමකි. අතීතයේදී මෙසේ මරා දමන ලද මුහුදු ඌරන් සිය ගණන් කොළඹ සාන්ත ජෝන් මාළු වෙළෙඳපොළේදී, එනම් කොළඹ මාළු කඩේදී වුව ප්‍රසිද්ධියේ විකිණී ඇත්තේ තරගකාරී මිල ගණන්වලටය. එසේම මන්නාරම, යාපනය, ත්‍රිකුණාමලය ඇතුළු උතුරු, වයඹ හා නැගෙනහිර වෙරළ කලාපවලද මුහුදු ඌරාගේ මාංශවලට වැඩි ඉල්ලුමක්‌ හා වැඩි මිලක්‌ හිමිව ඇත. එනම් මුහුදු ඌරකු "ගොඩදා ගැනීම" යනු ධීවරයාට මුහුදේ ඉල්ලමක්‌ පෑදීමක්‌ බඳුය. සැබෑව නම් ඩොල්µsන් මසුන්ගෙන්ද ඔවුන් ඒ වාසියම අත්කර ගැනීමය. එනමුත් ඒ එදාය. අද ප්‍රසිද්ධියේ හෝ හොර රහසේ හෝ මෙවන් ආරක්‍ෂිත මුහුදු ක්‍ෂීරපායින්ගේ මාංශ විකිණීම දඬුවම් ලැබිය යුතු වරදකි. ඇප නොදෙන වරදකි. එබැවින් ඩොල්µsන් හෝ මුහුදු ඌරන්ගේ හෝ කැස්‌බෑවන්ගේ හෝ මාංශ, ශරීර කොටස්‌ ප්‍රසිද්ධියේ අලෙවිය නීති විරෝධී කටයුත්තකි. නීති විරෝධී දැඩි දඬුවම් ලැබිය හැකි වරදක්‌ වුවත් මෙවන් සතුන් දඩයම් කිරීම, හිතාමතා හෝ නොහිතා මරා දැමීම සිදු නොවෙතැයි කිව නොහැකිය. පසුගිය වසරේදී පමණක්‌ මෙවන් දුර්ලභ මුහුදු ඌරන් 13 දෙනකු ශ්‍රී ලංකා මුහුදු තීරයේදී (මන්නාරම අවට) මරා දමා ඇත. ඒ ඉහත කී "මුහුදු ඌරන් හා මුහුදු තෘණ බිම් සංරක්‍ෂණය සඳහා වූ ව්‍යාපෘතියේ සොයා බැලීම්වලදී හඳුනාගත් කාරණා අනුවය. ඒ අතර "අම්මා සහ පැටියා" යන අවස්‌ථා හතරක්‌ වාර්තා වීම මුහුදු ඌරන්ගේ හෙට දිනය පිළිබඳ කෙතරම් භයංකර චිත්‍රයක්‌ මවා පාන්නේ දැයි මේ අනුව කල්පනා කළ හැකිය.

එපමණක්‌ නොව මේ ඉතා මෑතක එනම් සති දෙකක්‌ වැනි කාල පරාසයක විශාල මුහුදු ඌරන් දෙදෙනකුම ඩයිනමයිට්‌ යොදවා මරා දැමුණු අවස්‌ථා දෙකක්‌ මන්නාරමෙන් වාර්තා විය. එම අවස්‌ථා දෙකේදීම එම මියගිය මුහුදු ඌරන් දෙදෙනාගේ සිරුරු සොයා ගැනීමට නාවික හමුදාව හා වනජීවී නිලධාරීන් හා මුහුදු ඌරන් සංරක්‍ෂණය සඳහා වූ ව්‍යාපෘතිය සමත් වූහ. එසේම එම ප්‍රදේශවල ධීවර ජනයා මෙම මුහුදු ඌරන් පිළිබඳව දැනුවත් කර ඔවුන් රැක ගැනීමේ අවශ්‍යතාව පෙන්වා දීමත්, මරා දැමුවහොත් සිදුවන නීතිමය තත්ත්වය පිළිබඳවත් ඉහත අංශ මගින් ධීවරයා දැනුවත් කළද හොර රහසේ සිදුවන මුහුදු ඌරන් මැරීම තවදුරටත් සිදුවනු දකින්නට ලැබේ. මෙසේ සංරක්‍ෂණය සිදුවන මන්නාරම් කලාපයේ මුහුදු ඌරන් සහ මුහුදු තෘණබිම් පිළිබඳව සොයා බැලීම සඳහා එක්‌සත් ජාතීන්ගේ සංවිධානය (පරිසර අරමුදල) (UNEP) ලෝක සංරක්‍ෂණ සංගමය (IUCN සංවිධානය කළ අන්තර්ජාතික මාධ්‍ය සංචාරයක්‌ පසුගියදා කල්පිටිය ප්‍රදේශයේ සිදුකරන ලද අතර, මෙහිදී මුහුදු ඌරන් තර්ජනයට ලක්‌ව ඇති ආකාරය හා කල්පිටිය ප්‍රදේශයේ නොගැඹුරු මුහුදේ ඇති (මුහුදු) තෘණ බිම් හා කොරල්පරවලට ඇති තර්ජන පිළිබඳවද දීර්ඝ ලෙස හදාරන ලදී. මේ සඳහා පෙර කී පරිදි මුහුදු ඌරන් ගැවසෙන ආසියා (ශාන්තිකර) කලාපයේ රටවල් 8 ක මාධ්‍යවේදීන් හා පරිසර ක්‍රියාකාරිකයන් ඇතුළත්ව සිටියහ. ඉන්දුනීසියාව, මැඩගස්‌කරය, මැලේසියාව, මොසැම්බික්‌, සොලමන්ස්‌ දූපත්, ශ්‍රී ලංකාව, ටිමෝරය, වනාටු එම රටවල් අටයි. මෙම රටවල් අටේ මාධ්‍ය කණ්‌ඩායම සාමාජිකයන් 20 ක ගෙන් සමන්විත වූ අතර, සාමාජිකයන් පස්‌ දෙනෙකුම ශ්‍රී ලංකාවෙන් තෝරා ගැණින. එම දුර්ලභ මාධ්‍ය සංචාරයට ලියුම්කරුද ඇතුළත් වූ අතර, කල්පිටිය ප්‍රදේශයේ සහ කල්පිටි මුහුදු කලාපයේ සිදුකරන ලද අධ්‍යයනයේදී මුහුදු ඌරන් සංරක්‍ෂණය ගැන වැදගත් තොරතුරු රැසක්‌ අනාවරණය කර ගැනීමට හැකිවිය. මේ අනුව ධීවරයන් භාවිත කරන තහනම් පන්න ක්‍රම ( මඩු දැල) ඉවත් කර මුහුදු ඌරන් හා අනෙකුත් ආරක්‍ෂිත මුහුදු සත්ත්වයන් සංරක්‍ෂණය සඳහා ගෙන ඇති යහපත් ක්‍රියාමාර්ග හඳුනා ගන්නට අපට හැකිවූ නමුත් එම සංචාරයේ උණුසුම යන්නටත් පෙර මන්නාරමෙන් තවත් මුහුදු ඌරන් දඩයමක්‌ වාර්තා විය. එනම් ප්‍රදේශයේදී ධීවරයන් විසින් හොර රහසේ මරා රැගෙන ගිය මුහුදු ඌරකුගේ මාංශ සමඟ සැකකරුවන් නීතියේ රැහැනට කොටුකර ගන්නට නිලධාරීහු සමත් වූහ. මේ අනුව කැබලිවලට කපා, අලෙවි කරමින් සිටියදී මෙම මාංශ තොගය සහ සැකකරුවන් අත්අඩංගුවට පත්විය.

අප්‍රේල් 09 වැනිදා මන්නාරම තාල්පාඩු ප්‍රදේශයේදී මුහුදු ඌරකු මරා මස්‌කර ප්‍රවාහනය කරන ලද ත්‍රීවිල් රථයක්‌ සමඟ පුද්ගලයන් දෙදෙනකු තාල්පාඩු නාවික හමුදා කඳවුර මගින් අත්අඩංගුවට ගන්නා ලදී. ඉන් අනතුරුව වනජීවී සංරක්‌ෂණ දෙපාර්තමේන්තුවේ තලෙයිමන්නාරම අඩවි ආරක්‍ෂක තිසර නන්දසේන මහතා වෙත දැනුqම් දීමෙන් අනතුරුව, මේ පිළිබඳව විමර්ෂණයක්‌ පවත්වන ලදී. මෙහිදී මුහුදු ඌරා මරා මස්‌ කරන ලද පුද්ගලයන් සම්බන්ධව තොරතුරු සොයා ගෙන ඇත. ඒ අනුව මස්‌ ප්‍රවාහනය කළ සැකකරුවන් දෙදෙනා වූයේ මන්නාරම එරක්‌කුලම්පිඩ්ඩි පුදුකුඩුඉරිප්පු ප්‍රදේශයේ පදිංචිකරුවන් වන තාහිල් මොහොමඩ් සදාත්, මොහොමඩ් මොහොමුදු සුල්තාන් ය. තවත් සැකකරුවකු වන එම ලිපිනයේ ම පදිංචි ඒ. නිසාර් නමැත්තා ප්‍රදේශය හැර ගොස්‌ ඇත. අප්‍රේල් 10 වැනි දින මන්නාරම මහෙස්‌ත්‍රාත් අධිකරණය වෙත අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා සහ නඩුභාණ්‌ඩ ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සැකකරුවන් දෙදෙනා රු. 100,000 බැගින් වූ ශරීර ඇප මත නිදහස්‌ කිරීමටත් ඒ පිළිබඳව අවශ්‍ය වාර්තා කැඳවීමටත්, සත්ත්වයා මරා මස්‌ කරන ලද අයව අත්අඩංගුවට ගැනීමටත් නියෝග නිකුත් කරන ලදී. සැකකරුවන් සන්තකයේ තිබී කි. ග්‍රෑ. 82 ක පමණ මස්‌ ප්‍රමාණයක්‌ හමුවූ අතර, එම මස්‌ කිලෝ 7 ක 8 ක ප්‍රමාණයේ කැබලි ලෙස කපා තිබිණි.

මස්‌ විනාශ කර දමන්නට අධිකරණය නියෝග කළේය. මේ අනුව පැහැදිලි වන්නේ කොතරම් නීතිමය බාධක පැවතියද මුහුදු ඌරන් මරා උන්ගේ මාංශ අංලෙවියට ධීවරයන් කැමැති බවත් උන්ගේ මාංශයට ගිජුවුවන් කොතෙකුත් එම ප්‍රදේශවල සිටින බවත්ය. මේ අනුව ශ්‍රී ලංකාවට සාඩම්බරය කැන්දන මේ අහිංසක සත්ත්වයාගේ ජීවිතය අනතුරේ බව තවදුරටත් තහවුරු කර ගත හැකිය.

මුහුදු ඌරා රකින ජාත්‍යන්තර වැඩසටහන

වඳවී යැමේ දැඩි තර්ජනයකට ලක්‌ව සිටින මුහුදු ඌරා නම් (මුහුදු) ක්‍ෂීරපායි සත්ත්වයා සංරක්‍ෂණය සඳහා දැන් ලෝක අවධානය යොමුව තිබීම සතුටකි. අප්‍රිකානු කලාපයේ සිට ඉන්දියන් සාගරය ඔස්‌සේ පැසිපික්‌ සාගරය දක්‌වා විහිද යන, මුහුදු තෘණ බිම් පවතින නොගැඹුරු මුහුදු ප්‍රදේශවල මුහුදු ඌරා හමුවේ. එහෙත්, ඩොල්µsන් හෝ තල්මසුන් මෙන් මුහුදු ඌරා මුහුදු රළ අතර හෝ ජල පෘෂ්ඨය මතුපිට තම සිරුර ප්‍රදර්ශනය නොකරන නිසා දැකගැනීම ඉතාමත් උගහටය. මුහුදු ඌරා කරන්නේ විනාඩි 20-30 කට වරක්‌ මුහුදු ජල තලය මතුපිටට ළඟා වී නාස්‌ විවරය පමණක්‌ ජල පෘෂ්ඨයෙන් ඉහළට ඔසවා ආශ්වාසය කර යළි ජලයේ ගිලී යැමය. එබැවින් මුහුදු ඌරා නොහොත් "ඩුගොන්" සත්ත්වයන්ගේ දුටු දර්ශන හා වාර ගණන් ඉතා අල්පය.

එබැවින් මෙවන් දුර්ලභ සතකු හා දුලබ හැසිරීම් රටාවක්‌ පෙන්වන මුහුදු ඌරා ගවේෂණය සඳහා මීට වඩා තාක්‍ෂණික ක්‍රමවේද හා උපකරණ භාවිතය කාලීන අවශ්‍යතාවක්‌ වී ඇත.

සැබෑය· වර්තමානයේදී රටවල් 8 ක්‌ සෘජුවමද, තවත් රටවල් රාශියක්‌ සහකරුවන්ද ලෙස ගෙන මුහුදු ඌරන් සංරක්‍ෂණය සඳහා ගොඩනඟා ඇති (Dugong and Seagrass Conservation Project) ව්‍යාපෘතියට අනුව ඉහත රටවල් 8 නොගැඹුරු මුහුදු ආශ්‍රිතව මුහුදු ඌරන් ගවේෂණය සඳහා විශේෂිත තාක්‍ෂණික ක්‍රමවේද හා මෙවලම් භාවිතයට ගනු ලැබේ.

මුහුදු ජලයේ කිමිද සිටින මුහුදු ඌරන් හඳුනා ගැනීම සඳහා ශබ්ද සංවේදී "සෝනාර්" උපකරණ භාවිතයට ගනු ලැබේ. එනම් නොගැඹුරු මුහුදු පත්ල ගවේෂණය කරමින්, මුහුදු ඌරන් යෑයි සැකකරන එම ප්‍රමාණයේ සිරුරු දරණ සත්වයන් "සෝනාර් ස්‌කෑන්" පරීක්‍ෂාවකට බඳුන් කිරීම මෙහිදී සිදුකෙරේ. ඒ අනුව ශබ්ද තරංග භාවිතයෙන් මුහුදු ඌරන් හා ඇතැම් විට ඔවුන්ගේ නිජබිම් නොහොත් මුහුදු තෘණ බිම්ද හඳුනාගැනීම සඳහා කටයුතු කරයි.

එසේම, අහසේ පා කර හරින කැමරා සහිත "ෙඩ්‍රාaන්" උපකරණ මගින් මුහුදු ඌරන් නිරන්තරයෙන් ගැවසෙන ප්‍රදේශ හඳුනා ගැනීමට හැකි වන අතර උන් "ෙඩ්‍රාaන" කැමරාවල සටහන් වනු ඇත්තේ විනාඩි 20-30 කට වරක්‌ එම ප්‍රදේශවලදී හුස්‌ම ගැනීම සඳහා දිය මතුපිටට නාස්‌ පුඬු දිගු කරන විටදීය. ඒ, නැතත් ගොඩබිම සිට බලනවාට වඩා ෙඩ්‍රාaන උපකරණයක්‌ (කැමරාවක්‌) භාවිතයේදී මුහුදේ අතිශය පිරිසිදු විනිවිද පෙනෙන දර්ශනද අපූරුවට රූගත කළ හැකිය.

මුහුදු ඌරන් සංරක්‍ෂණය සඳහා කටයුතු කරන මෙම සංවිධානය එක්‌සත් ජාතීන්ගේ පරිසර වැඩසටහන සමඟ සෘජුව සම්බන්ධ වන අතර තවත් පාර්ශ්ව සංවිධාන ගණනාවක්‌ ඒ සමඟ වේ.

Wmqgd .ekSu Èjhsk mqj;a m; weiqfrks

More News »