ගසක් මුදුනේ අවු­රුදු කෑ පවු­ලක්

2017-04-26 10:52:00       589
feature-top
වසරක් ගෙවී නව වසරක ආරම්භයත් සමග මුල් මාස තුන අවසන උදාවන්නේ වසන්ත කාලය නොහොත් බක් මාසයයිග බක් මාසය උදා විමටත් පෙර තියාම ලොකු කුඩා සියලු දෙනා ඇඟිලි ගණින්නේ සිංහල අලුත් අවුරුදු උදාව වනතුරුයග ඇති හැකි නැති බැරි බේදයකින් තොරව සියලු දෙනාම එකට එක්ව අලුත් අවුරුදු උදාව සමරන්නේ පවුලේ උදවිය ඥාති මිත්‍රදීන් හා අසල්වැසියන් එක්වයග

සුපුරුදු පරිදි මෙවරද සිංහල අලුත් අවුරුද්ද උදා වුයේ ගම් දනව්වල සියලු දෙනාගේ සිත්වලට බලාපොරොත්තු එක් කරමිනිග අවුරුදු උදාවත් සමඟ ගම් දනව් අලුත් අවුරුදු සිරියෙන් ඇලී යන්නට වීයග අවට ගම්මාන සියල්ලෙහි අවුරුදු සිරිය එපරිද්දෙන් සැමරෙද්දී සෙවණගල ඉදිපඳුර ගම්මානයට මේ අවුරුදු සිරිය ආවේ නැතග ඒ ඉදිපඳුර ගමේ ඔන්චිල්ලා පදින්නටල පංචා දමන්නටල රබන් ගසන්නට රතිඤ්ඤා පත්තු කර විනෝද වෙන්නට කවුරුත් නොසිටි නිසායග

ගොවිතැන් බත් කරගෙන රටට බත සපයමින් පවුල් 50ක් පමණ මේ ගමේ ජිවත් වුවද අද වන විට මුළු ගමටම ඉතිරිව ඇත්තේ එකම එක පවුලක් පමණිග ඒ අන් කිසිවක් නිසා නොව මේ ගමට දිනෙන් දින වන අලින්ගෙන් සිදු වූ කරදර නිසාවෙනිග අවුරුදු 40කට වඩා පැරැණි ගමක් වූ ඉදිපදුර ගම ඉස්සර ඉතා සශ්‍රීක බිමකිග ඒ ගම ඉහත්තෑවෙන් පිහිටි නීල වර්ණයෙන් පිරී ගිය වැව හා වෙල් යායකිග ඊට අමතරව මේ ගම් වැසියෝ රට කජුල කුරහන්ල තලල මෙනේරිල මුං ඇට හා කවුපි ඇතුළු ධන ධාන්‍යයෙන් පෝෂිතව සිටියහග ඒ නිසා ගම්වැසියන් යහමින් අතමිට සරුව තිබූ බවද බොහෝ දෙනෙක් අප සමඟ පැවසූහගඑලෙස සරු බිමක්ව පැවැති මේ ගම්මානයට කණකොකා හඬන්නට වී දැන් වසර පහක් පමණයග එතෙක් කලක් පරම්පරා දෙකක පමණ පිරිසක් ජිවත් වූ ‍‍මේ ගම ටිකෙන් ටික වන අලින්ගේ පාරාදීසයක් බවට පත් ව තිබේග

ගමට වන අලින්ගෙන් එල්ලවන ගැහැට පිළිබඳ ගම්වැසියන් අවවස්ථා ගණනාවකදීම වගකිවයුතු බලධාරීන් දැනුම්වත් කළද ඉන් ඵලක් වී නොමැතග දිනෙන් දින ඉදි පඳුර ගම වන අලින්ගේ අණසකට නතුවෙද්දී බලධාරීන් ඇහැ කණ පියා සිටීම හේතුවෙන් සිය ගමට හා ගොවිතැනට ආයිබෝවන් කියූ ගම්වැසියන් ගම හැරදා වෙනත් පළාත්වල පදිංචියට ගියේ ජීවත් වීමට තිබූ ආශාව හේතුවෙනිග

පවුල් 50ක් පමණ සිටි මේ ගමේ වැසියන් ගම හැරදා යද්දී පවුල් දෙකකට පමණක් මේ ගමේ තනිවෙන්නට සිදු වියගඑම පවුල් දෙකේ පිරිස දුක සැප බෙදා ගනිමින් කලක් ගමේ ජිවත් වුවද ඉන් එක පවුලකට ද අලුත් අවුරුද්දට දිනක් තිබියදී ගම හැරදා යන්නට සිදු වූයේ ඔහුගේ නිවෙසද වන අලින් කඩා බිඳ දැමීම නිසායග

අවසානයේදී ගමේ ඉතිරි වූයේ එක් පවුලක් පමණිග ඒ එම්ගවසන්ත කුමාර:39-ල බිරිය චතුරිකා කුමාරි:35- හා අවුරුදු හතරක පුතණුවන් වන ගිම්හාන් ගනේෂ්යග ගම්මුන් ගම හැරදා යද්දී වසන්ත කුමාර ඇතුළු පවුලේ අය මේ ගමේ තනිවෙන්නේ ඔවුන්ටම කියා වෙන යෑමට ඒමට තැනැක් නොවුණු නිසායග මේ පවුලේ අයටද වන අලින්ගෙන් සිදු වන ගැහැට වචනයෙන් කීම උගහටයග ඒ තරමටම වන අලින්ගේ කරදරවලට මේ අය මුහුණ දී තිබේග ඔහුගේ නිවෙසද වන අලි පස් වතාවක්ම බිමට පෙරළා දැමූහග අද වන විට ඔහු වන අලින්ගෙන් ආරක්ෂා වීම සඳහා අඩි 30ක් පමණ උස මහා ගහක් උඩ තාවකාලිකව ඉදිකරගත් පැලක ජීවත් වෙයිග

රූස්ස ගසක් මුදුනේ ජීවත් වුවද වසන්ත කුමාර මහතාට අවුරුදු දිනය අත්හැර දැමිමට නොහැකි වූයේ ඔහුගේ සිවු හැවිරිදි දරුවා නිසායග ඒ නිසා ඔහුද තමන්ට හැකි පරිදි අවුරදු චාරිත්‍ර ඉටු කළේ ගස මුදුනේ තාවකාලිකව ඉදිකරගත් පැල්පතේ සිටයග

අසල්වැසි ගමක අයෙකුගෙන් ලද තොරතුරකට අනුව අපද ඉදිපඳුර ගමට ගියේ වසන්ත කුමාර මහතා සිය බිරිය හා දරුවා සමඟ ගමකට වී තනියම අවුරුදු සමරන හැටි බලා ගැනිමට හා ඔහුගේ මේ දුක් මුසු කතාව රටට කියන්නටයග එහි ගිය අපට ඇති වූයේ භීතියකිග ඒ අන් කිසිවක් නිසා නොව අප අලුත් අවුරුදු දිනය දා එහි යන විටත් අවුරුද්දට පෙර දින රාත්‍රියේ වන අලින් 50ක පමණ රංචුවක් පැමිණ ඔහු සිටින අවට සිදු කර තිබු විනාශය සියැසින් දුටු නිසායග

,අවුරුදු ගානක් තිස්සේ හොඳට ගොවිතැන් කරගෙන මේ ගමේ අපි සියලුම දෙනා හිටියේග නමුත් දැන් අවුරුදු පහක වගේ ඉඳලා ගමට වන අලි තර්ජන එන්න එන්නම වැඩි වුණාග ඒකේ අවසාන ප්‍රතිඵලය වුණේ ගමේ අය ගම අතහැරලා ගිය එකයිග නමුත් යන්න එන්න තැනක් නැති නිසා අපි විතරක් මේ ගමේ තනි වුණාග දැන් කාලයක ඉඳලා අපි මේ ගහ උඩට වෙලා ජිවත් වෙනවාග මං මේ ගහ උඩට යන්න හදලා තියෙන ඉණිමගෙන් බහින්න ගිහින් වැටිලා තියෙනවාග පුතත් මේ ගහෙන් වැටිලා කරාපිටිය රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබුවාග මීට කලින් අපි බොහොම හොඳට වගා කටයුතු කරගෙන හිටියාග දැන් නම් මොකුත් වගාවක් කරන්න විදියක් නෑග දැන් වන අලි කරදර හොඳටම වැඩියිග වෙනදා රෑට විතරයි අලි ආවේග නමුත් දැන් දවල් දෙකට තුනටත් අලි කඩා වදිනවාග එක සැරේට අලි පහ‍ළොවක් විස්සක් විතර එනවාග අපේ ජීවිත දැන් නම් තියෙන්නේ ලොකු අවදානමකයිග වගකිවයුතු බලධාරීන්ගෙන් අපි ඉල්ලන්නේ අපිට කොහේ හරි නිදහසේ ගොවිතැනක් කරගෙන ඉන්න පුළුවන් තැනක් ලබා දෙන්න කියලයිග, යනුවෙන් චතුරිකා කුමාරි පැවසුවායග

තමන් පත්ව ඇති දුෂ්කරතාව පිළිබදව වසන්ත කුමාර මහතා ද අප හා අදහස් දැක්වීයග

,මම මේ ගමේ පදිංචියට ඇවිත් අවුරුදු 15ක් විතර වෙනවාග විවාහ වෙන්නත් කලින් ඉඳලයි අපි මේ ගමේ පදිංචි වෙලා ඉන්නේග අපේ ගමේ එක පැත්තකින් බැලුවම පේන්නේ සූරියවැව මීගහපඳුර ක්‍රිකට් ක්‍රීඩාංගණයග අනිත් පැත්තෙන් කොතලාවල විද්‍යාපීඨයග මේ දෙකටම මැදිව තමයි අපේ ගම පිහිටලා තියෙන්නේගමේ ගම පිහිටලා තියෙන්නේ මොනරාගල හා හම්බන්තොට කියන දිස්ත්‍රික්ක දෙකේම මායිමේග ඒ නිසා කිසිදු බලධාරියෙකුගේ අවධානයක් මේ ගමට යොමුවෙලා නෑග

ගමට තිබුණු ප්‍රජා ශාලාවත් වන අලි කඩලා දමලාග මේ වෙනකොට ගමට එන පාරවල් කැලෑවට ගිහින්ග ගමේ හිටිය අයත් ටිකෙන් ටික ගම අතහැරලාම ගියාග මේ එහා පැත්තේ වැව තියෙනවාග ඉඩම් ටික හොඳට තියෙනවාග ඉතින් වන අලි කරදර නැත්නම් අපිට හොඳට වගා කටයුතු කරගෙන ඉන්න පුළුවන්ග අපි වගකිවයුත්තන්ගෙන් ඉල්ලන්නේ මේ වන අලි කරදරේට විසඳුමක් දෙන්න කියලා විතරයිග හැමදාමත් අපිට වන අලින්ට බයේ ගස් උඩට වෙලා ඉන්න බෑග අපිත් ආසයි ගෙවල් දොරවල් හදාගෙන ලස්සනට ජිවත් වෙන්නග ජීවිතයත් මරණයත් අතර සටනකයි අපි දැන් ජිවත් වෙන්නේග

අවුරුද්ට පෙරදා 20ක විතර අලි රංචුවක් ඇවිත් කෑගහලා අපි ගෙය හදාගෙන ඉන්න ගහ පෙරළන්න හැදුවාග පුතා බයේ කෑගහනවාග බැරිම තැන මං ගහ උඩ ඉඳගෙනම අලි වෙඩි කීපයක් දැම්මම තමයි අලි ටික ටිකක් එහාට ගියේග අපි මේ විඳින දුක පිළිබඳ බලධාරීන්ට තේරෙන්නේ නෑග වනජීවී එකට කිව්වත් වැඩක් නෑග ග්‍රාමසේවක මහත්තයා විතරයි ඇවිත් ගම දිහා බලලා යන්නේ හරිග මැති ඇමතිවරු හෝ වෙනත් වගකිවයුතු කෙනෙක් ඇවිත් එක රැයක් මේ ගමේ හිටියනම් ඒ අයට තේරේවි මොනවද අපි මේ කියන්නේ කියලාග මරණ බය කියන්නේ මොකද්ද කියලා ඒ අයට තේරේවිග,

අහස උසට මාලිගා හැදෙන යුගයකත් මෙලෙස දුක් විඳින ජනතාවක් සිටීම පිළිබඳ අපට ඇත්තේ ඉමහත් කනගාටුවකිග අද අප ඔබට හෙළි කළේ රටට බත සපයන එක් ගොවි මහතකුගේ දුක්බර කතාවක් පමණිග අපේ රටේ මෙවැනි දුක් ගැහැටවලට ලක් වූ එහෙත් සිතෙන් සවිමත් ගොවි මහතුන් කොතෙක් නම් වේද යන්න ගැන අපි සිතා බැලිය යුතු වෙමුග



More News »