දෙපා, සිවුපා හරක්‌ නිසා අපා දුක්‌ විඳින මංගලගම කෙවිලියාමඩුව සිංහල ජනතාව

2017-04-18 10:33:00       659
feature-top
අමාරුවෙන් හදන හේන්
මඩකලපුවේ සිට එන හරක්‌ වනසනවා...
නිලධාරි සම-හරක්‌ මේවා කනකට ගන්නේ නෑ
ඇත්ත කතා කරන සිංහලයන්ට ජාතිවාදී ලේබලය

වසර 30 ක්‌ තිස්‌සේ රටම ලේ විලක්‌ කළ ඒ කාලකණ්‌ණි යුද්ධය නිමාවට ගොස්‌ ඇත. නමුත් තවමත් ඒ කුරිරු යුද්ධයේ අඳුරු සෙවණැලිවලින් ජනයා වෙරෑරෑ බැට කමින් සිටිති. වෙනදා මෙන් අපි අදත් හඬ නඟන්නේ මඩකලපුව සිංහල ජනයාගේ දුක්‌ අඳෝනාව ගැනය. අසිරිමත් වූ සහජීවන රංගනයෙන් යටව ගොස්‌ ඇති අහිංසක මඩකලපුවේ සිංහලුන්ගේ ශෝකාන්තය ගැනය. නමුත් කරුමයක තරම නම් මෙම අසරණ ජනයාගේ වේදනාව අසන්නට පෙනෙන්නට පාලකයන්ගේ ඇස්‌ කන් බීරිව හා පොට්‌ටව තිබීමය. එසේ නැතිනම් ද්‍රවිඩ සංධානයට යටව ගොස්‌ ඇති මහ එවුන්ගේ කොඳු නාරටිය රබර් බවට පත්ව තිබීමය. ඒ නිසා ඒ අසරණයන්ගේ හඬ අප නිරන්තරයෙන් මෙසේ සටහන් කරන්නේ මෙම ජනයාගේ හඬට අපට පිටුපෑමට නෙහැකි නිසාවෙනි.

මීට මාස කිහිපයකට පෙර මංගලගම සහ කෙවිලියාමඩුව ගම්මානයේ ජනයා මාර්ගය හරස්‌ කරමින් තම අවනඩුව ඉදිරිපත් කරමින් විරෝධතාවක නියෑළෙන ලදී. ඒ මඩකලපුව දෙසින් පැමිණෙන දෙමළ සහ මුස්‌ලිම් ජනයාගේ දහස්‌ ගණනක ගව සේනාවන් මෙම ගම්මානවලට පැමිණ වගාවන් මුළුමනින්ම විනාශ කර දමන නිසාය. සිංහලයන් වසර තිහ හතළිහක්‌ තිස්‌සේ වගා කළ ඉඩම් වන සංරක්‌ෂණයට අයත් යෑයි කියමින් තෘණ භූමියක්‌ කිරීමට එරෙහි වෙමිනි. අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලින් මේ ජනයාට කිසිම සහනයක්‌ නොලැබීම නිසාවෙනි.

මාර්ගය හරස්‌ කරමින් විරෝධතාවයේ නියෑළුණ ද මෙම අසරණයන් ලැබූ සහනයක්‌ නොමැත. ඒ වෙනුවෙන් සිදු වූයේ වසර ගණනක්‌ තිස්‌සේ කොටින්ගෙන් මදි නොකියන්නට බැට කමින් රෑ පුරා පණනළ බේරාගන්නට තැන් තැන්වල සැඟව සිටිමින් විටෙක ගම් බිම් අත්හැර තැන් තැන්වල නැවතී සිටිමින් යාන්තමින් පණනළ බේරාගත් මෙම ජනයාට රාජ්‍ය ත්‍රස්‌තවාදයෙන් මදි නොකියන්නට බැට කන්නට වීමය.

ඒ මොහොතේදී කවදත් නැෙ`ගනහිර ජනයා පිළිබඳව හඬනඟන මඩකලපුව මංගලාරාම විහාරාධිපති අම්පිටියේ සුමනරතන හිමියන් මෙම අසරණ ජනයා විඳින දුක්‌ වේදනාව පිළිබඳ කිසිදු තැකීමක්‌ නොකරනු ලබන ප්‍රාදේශීය ලේකම් ඇතුළු නිළධාරී පිරිවරට මීට මාස කිහිපයකට පෙර මංගලගමදී පැවති උද්ඝෝෂණයේදී ආවේගයෙන් යුතුව කතා කළේ වසර ගණනාවක්‌ තිස්‌සේ මෙම ජනතාවට සිදු කළ දැඩි අසාධාරණය නිසාවෙනි. අන්තිමේදී ගැටලුව එසේමය. සිංහලයන්ට පන්න පන්නා කෙනෙහිළිකම් කරනා ප්‍රාදේශීය ලේකම්, ග්‍රාමසේවක ඇතුළු නිළධාරීන්ට බැන්නා යෑයි මේ වන විට අම්පාර අධිකරණයේ නඩු 04 ක්‌ දමා ඇත.

අනේ හත්දෙයියනේ තුක්‌ නොදකින් කියා අපිට සිතෙන්නේ මේවාටය. මේ සිංහල රටේ නිදහසේ ජීවත් වීමටවත් අයිතියවත් නැතිව බැටකන මේ අසරණ සිංහලුන්ගේ වේදනාවට ගැටලුවට තවමත් පිළිතුරක්‌ නැත. මංගලගම, කෙවිලියාමඩුව, සිප්පිමඩුව, දිවුලපොතාන, සින්නවත්ත ආදී ජනතාවගේ දැවෙන ගැටලුවලටද කිසිම පිළිසරණක්‌ නැත. ග්‍රාමසේවකවරයාගේ සිට ප්‍රාදේශීය ලේකම්වරයා දක්‌වා නිලධාරීන් මේ ජනතාවට කරන්නේ දිගින් දිගටම මහා අසාධාරණයකි. එදා මෙන් අපි අද ද සටහන් කරන්නේ මේ ජනතාව විඳිනා ඒ මහා අසාධාරණයේ පුංචි සටහනක්‌ පමණි.

මේ කෙවිලියාමඩුවේ ධම්මිකා කුමාරි 'ඉරිදා දිවයින'ට කී ඇගේ දුක්‌බර කතාවයි.

"අපි යන්න එන්න තැනක්‌ නැතිව අන්ත අසරණවෙලා ඉන්න නිසායි මෙච්චර කාලයක්‌ නිලධාරීන්ගෙන් බැට කාලා මේ කෙවිලියාමඩුවට වෙලා ඉන්නේ. එහෙම යන්න පුළුවන්කමක්‌ තිබ්බානම් අපි මේ ගමේ දුක්‌ විඳ විඳ ඉන්නේ නැහැ. මේ ගමේ නිදහසේ ජීවත් වෙන්නේ හේන් කරලා බොහෝම අමාරුවෙන්. ඒ ලැබෙන ආදායමින් තමයි අවුරුද්දක්‌ම ජීවත් වෙන්නේ. නමුත් සිය දහස්‌ ගණනක්‌ හරක්‌ රංචු මඩකලපුව පැත්තෙන් ඇවිත් අපේ වගාවන් එහෙම්පිටින්ම විනාශ කරලා දානව.

අපිට රජයෙන් දෙන කිසිම දෙයක්‌ ලැබෙන්නේ නැහැ. මම බොහෝම අමාරුවෙන් ඉරිඟු අක්‌කරයක්‌ වගා කළා. හාන්න රුපියල් දහ දාහක්‌ ගියා. බීජවලට රුපියල් දහ දාහක්‌ ගියා. පොහොර දාන්න ඇට ඉන්දන්න මහන්සි වුණාම වගාවට රුපියල් 30 000 කට වඩා වියදම් වුණා. අන්තිමේදී ඒ ඔක්‌කෝම හරක්‌ ඇවිල්ලා කාලා ගියා. අන්තිමට ඉතිරි වුණේ වට්‌ටක්‌කා වැලක්‌ විතරයි. හරක්‌ ගැටලුව ගැන කාට කීවත් කිසිම පියවරක්‌ ගත්තේ නැහැ. අන්තිමේදී අපි අන්ත අසරණ වෙලයි ඉන්නේ. ඒ නිසා කොහොම හරි අපි අවුරුදු ගණනක්‌ තිස්‌සේ දුක්‌විදගෙන හිටියා. අපිට අද ජීවත් වෙලා ඉන්න බැරි වෙලා තියෙනවා. අපි 06 දෙනකුට මේ වන විට නිවාසවලින් අයින් වෙන්න කියලා උසාවියෙන් ලියුම් ඇවිල්ලා තියෙනවා. තවත් පවුල් 45 කට මේ ආකාරයෙන් නඩු දාලා අයින් කරනවා කියලා තියනවා. අනේ දෙයියනේ අපි අන්ත අසරණ වෙලා ඉන්නේ. අපි මේවා දාලා කොහෙද යන්නේ. යන්න තැනක්‌ තියෙනවා නම් අපි කෙවිලියාමඩුවේ මෙච්චර දුක්‌ විඳ විඳ ඉන්නේ නැහැ. අන්ත අසරණ වෙලා ඉන්න නිසයි අපි මේ ගමට වෙලා රජයේ නිලධාරීන්ගේ තාඩන පීඩනවලට ලක්‌වෙලා ඉන්නේ" යනුවෙන් ධම්මිකා සිය වේදනාත්මක කතාව පවසා සිටියේය.

"කෙවිලියාමඩුවේ නිමල්සිරි ද මෙසේ කීවේය.

මේ ගමේ පවුල් 85 ඉන්නවා. එයින් 55 දෙනකුට ජන්දය තියෙනවා. 65 දෙනකුට ජන්දය නැහැ. ජන්ද නාම ලේඛනයේ නම තියෙන අයට පමණයි, ග්‍රාමසේවා සහතික ලබා දෙන්නේ. අපේ ගමේ කාටවත් සමෘද්ධිය නැහැ. ඒ අපි සල්ලි තියෙන පෝසත් අය නිසා නෙවෙයි. පට්‌ටිපොළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් අපිව කල්ලතෝනියෝ කරලා නොසලකන නිසා. හැඳුනුම්පතවත් හදාගන්න විදිහක්‌ නැහැ. යුද්ධයෙන් පස්‌සේ නැවත පදිංචි කරනවා කීවාට ඒවා සිංහල අපිට අදාළ නැහැ. අනෙත් අය නම් පදිංචි කරනවා. කෙවිලියාමඩුවේ දෙමළ කොටසේ අය පදිංචි කරලා ගෙවල් හදන්න ආධාර ලබාදීලා රජයෙන් සියලු පහසුකම් ලබා දීලා තියෙනවා. අනේ අපිට ඒ මොනවත් නැහැ.

හරක්‌ ඇවිල්ලා අපේ වගාවන් එහෙම්පිටින්ම විනාශ කරලා යනවා. කටුකම්බිවලින් වැටවල් ගැසුවත් හරක්‌ රංචු පිටින් ඇවිත් වැටවල් පෙරළලා වගාවන් විනාශ කරලා යනවා. ඉස්‌සර කොටි ගහන කාලේ අපි බයෙන් හරි ටික ටික හරි වගා කරලා ජීවත් වෙන්න කියක්‌ හරි හොයා ගත්තා. ඒ කාලේ හරක්‌ගෙන් මෙහෙම කරදරයක්‌ තිබ්බේ නැහැ. නමුත් ගමේ අයගේ වගාවන් ඔක්‌කෝම වගේ විනාශ කරලා දාලා තියෙන්නේ. අපේ දුක කාට කොච්චර කීවත් වැඩක්‌ නැහැ. දිවයින පත්තරේ තමයි අපේ දුක මේ ආකාරයෙන් හැමදාම ඉදිරිපත් කරන්නේ. මේ වෙද්දි මඩකලපුව ලොකු හාමුදුරුවෝ නැත්නම් මේ ගමේ අයට මොනවද වෙන්නේ කියලා හිතාගන්නවත් බැහැ. මේ වෙද්දි මඩකලපුවේ හාමුදුරුවෝ හිතවත් අයගෛ උදව් උපකාර මත ගෙවල් 75 ක්‌ විතර කෙවිලියාමඩුවේ හදලා තියෙනවා. තවත් ගෙවල් ටිකක්‌ මේ වෙද්දි හදාගෙන යනවා යනුවෙන් නිමල්සිරි සිය කතාව අපට පවසා සිටියේය.

මේ ආකාරයෙන් මඩකලපුව පුරාවට ඇති ගම්මානවල තත්ත්වය මෙබඳුය. මේ ඒ ආසන්නයේ තිබෙන සින්නවත්ත ගම්මානයේ වත්මන් තත්ත්වයයි. මෙම ගම්මානයේ බොහෝ දෙනකුට මේ වන විට යුද්ධය නිසා අත්හැර ගිය නිවාස 32 ක්‌ පමණ කැඩි බිඳී ගොස්‌ පදිංචි වීමට නොහැකි මට්‌ටමේ ඇත. 99 අවුරුදු බදු ක්‍රමය යටතේ අක්‌කර 25 ඉඩම් කට්‌ටි 41 ක්‌ එකල මධ්‍යම පාංතිකයන්ට බෙදා දෙන ලදී. මෙම ඉඩම් සියල්ලම කොටි හිරිහැර වැඩිවත්ම අත්හැර දමා යන ලදී. නමුත් මෙම ඉඩම් මේ වන විට සිංහල මුල් අයිතිකරුවන්ගෙන් ඉවත්කර මුස්‌ලිම් සහ දෙමළ ඇතැම් පිරිස්‌ විසින් ඔවුන්ගේ නම් යොදා අදාළ බලපත්‍ර සහ ලිපි ලේඛන උපක්‍රමශීලී ලෙස සකසා තිබේ.

මෙම ඉඩම්වල මුල් අයිතිකරුවන්ද බොහෝ දෙනෙකු මිය ගොස්‌ සිටින නිසා එම අයගේ දූ දරුවන් මෙම ඉඩම් සොයා පැමිණිය ද නිසි තොරතුරු ඉදිරිපත් කර ගැනීමට අපොහොසත් වීම නිසා තම ඉඩම් යළිත් ලබා ගැනීමට නොහැකිව ළතැවෙමින් සිටිති. එදා මෙම ඉඩම් සිංහල මුල් අයිතිකරුවන් යටතේ වගා කරන ලද ගොවීන් විසින් මේ වන විට මේ ඉඩකඩම්වලින් කොටසක්‌ වගා කරගෙන ගිය ද මේ වන විට ඒ ගොවීන් උසාවියට රැගෙන ගොස්‌ නඩු දමා ඇත. ඒ නඩුව පවතින අතරවාරයේ වෙල්ලාවලි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් මේ ඉඩකඩම්වල කිසිම අයිතියක්‌ නැති පිරිසකට බලපත්‍ර ලබාදී තිබේ. මේ ආකාරයෙන් සිංහල ජනයාට අයත් ඉඩම් දැන් වෙනත් පිරිසක්‌ අත්පත් කරගෙන සිටිති. ඒ මඩකලපුව සිංහලයාට අත්ව ඇති ඉරණමය.

කොතෙක්‌ හඬ නැඟුවද මඩකලපුව සිංහල ජනයාගේ දුක්‌ අඳෝනාව පාලකයන්ට දැනෙන්නේ නැත. ඒ වෙනුවෙන් කතා කරන අයවලුන්ට ද ජාතිවාදීන් යෑයි චෝදනා කරති. තම අයිතිවාසිකම් ගැන කතා කිරීම ජාතිවාදී නම් මුස්‌ලිම් සහ දෙමළ ජනතාව තම අයිතිවාසිකම් ගැන දිගින් දිගටම කතා කරන විට එය ජාතිවාදී නොවන්නේද?

නැඟෙනහිර සිංහල ජනයාගේ අයිතින් වෙනුවෙන් සැමදා කටයුතු කරමින් මේ වන විට දිගින් දිගටම උසාවිවල රස්‌තියාදු වන්නට සිදුව අන්තවාදීන්ගෙන් දැඩි ජීවිත තර්ජනයක්‌ එල්ලව ඇති මඩකලපුව මංගලාරාම විහාරාධිපති අම්පිටියේ සුමනරතන නාහිමියන් මෙසේ 'දිවයින'ට අදහස්‌ දක්‌වා සිටින්නට වුවේය.

මේ වන විට මංගලගම උද්ඝෝෂණයේදී මම ප්‍රාදේශීය ලේකම්ට ග්‍රාමසේවක ඇතුළු හතරදෙනකුට බැන්නා කියලා මට නඩු හතරක්‌ දාලා. සිංහල ජනයාට වෙන අසාධාරණයට ඉවසලා ඉවසලා බැරිම තැන උද්ඝෝෂණය කරාම අපිට උසාවි යන්න වෙනවා. සිය දහස්‌ ගනණක අන්තවාදීන් දිගින් දිගටම "මරලා දානවා" කියලා මට මරණ තර්ජන කරනවා.

නැඟෙනහිර සිංහලයාගේ ගැටලුවලට විසඳුම් දෙන්න කවුරුවත් කටයුතු කරන්නේ නැහැ. ආණ්‌ඩුවේ ප්‍රබල ඇමැතිවරයෙක්‌ භික්‌ෂූන් වහන්සේලා සහ සංවිධාන සමඟ මඩකලපුවට ඇවිල්ලා අසරණ සිංහල ජනයාගේ ගැටලුවලට විසඳුමක්‌ දෙනවා කීවා. සිංහල ජනයාට මහා අසාධාරණයක්‌ වෙනවා කීවා. නමුත් ඒක සම්පූර්ණයෙන් බොරුවක්‌ වුණා. විජයදාස රාජපක්‌ෂ මහත්තයාගේ සූක්‌ෂ්ම දේශපාලන උපාය මත සියලු බෞද්ධ සංවිධාන යටපත් වෙලා තියෙනවා. අපිට තිබුණ ප්‍රශ්න වලට කිසි පිළිතුරක්‌ නැහැ.

කූරගල ගැටලුව විසඳුණාද? විල්පත්තුව ගැටලුව විසඳුණාද? මේ වෙන කොට වැලිකන්ද ප්‍රදේශයේ ඉස්‌ලාම් නීතිය උගන්වන ආසියාවේ ලොකුම මුස්‌ලිම් පල්ලිය රජය රවටමින් හිතුමනාපේ කරගෙන යනවා. මාලඹේ සයිටම් විශ්වවිද්‍යාලය සම්බන්ධයෙන් අද ගැටලු මතුවෙලා තියෙනවා. ඒ වාගේම හෙට දිනයේ මෙම ශරියා නීතිය උගන්වන්නට ආරම්භ කරන මෙම විශ්වවිද්‍යාලවලට දැඩි ගැටලු සහගත බවක්‌ ඇති වෙනවා.

මේ නැෙ`ගනහිර සහ උතුරේ දිගින් දිගටම පුරාවස්‌තු අපේ උරුමයන් විනාශ කරනවා. නමුත් නැවත අපේ උරුමයන් ගොඩනගන්න සුළු පිරිසක්‌ පමණයි, අපට සහාය දෙන්නේ. ලංකාවේ කෝටිපති ව්‍යාපාරිකයන් සිටිනවා, ඒ අයත් අපට සහාය දෙනවා නම් අපිට මෙම නැෙ`ගනහිර වෙහෙර විහාර ගොඩනඟන්න අපහසු වෙන්නේ නැහැ.

Wmqgd .ekSu ,la�u mqj;a m; weiqfrks

More News »