සැත්කම පැත්තකට දමා ජීවිතය අතහැර මරණයට අතවනමින් සිටි පිළිකා රෝගීයා සුව කළ අරුමය...

2017-04-06 10:20:00       659
feature-top
කූඩාරම් අටවගෙන දරුණු රෝගවලින්
පීඩා විඳ විඳ හිටිය අය වාහල්කඩින් යන්නේ පිං දිදී...
මේ වන විට වාහල්කඩ ඉසිවර
අරණ රෝගීන්ගෙන් පිරී ඉතිරී ගිහින්...
මගේ මුළු බඩේම පිළිකාව පැතිරිලා තිබිලා තිබුණේ...

ඉසිවර පින් බිමක අනුහස්‌ පිරි හාස්‌කම් 7

හොරොව්පොතන වාහල්කඩ මංගලාරාමය රෝගී ජනතාවගේ ලෙඩ සුව කරන ඉසිවර අරණකි. සෑම තරාතිරමකම රෝගී ජනතාව ඒ පුණ්‍ය භූමියේ කූඩාරම්ගතව රැඳී සිටින්නේ ලෙඩ දුක්‌වලට ප්‍රතිකාර ලබාගැනීමටය. පිළිකා, වකගුඩු වැනි මාරාන්තික රෝග ඇතුළුව සෑම රෝගයකටම එම ස්‌ථානයේදී ප්‍රතිකාර ලබාදෙනු ලැබේ. වාහල්කඩ මංගලාරාමාධිපති හිමියන් පවසන පරිදි ප්‍රතිකාර කරනු ලබන්නේ සත්පත්තිනි මැණියන්ගේ දේව වරමකිනි. ආගම් බේද, ජාති බේද එහි නැත. අසරණ වී මංගලාරාමයට පැමිණෙන ඕනෑම රෝගියකුට පත්තිනි මෑණියන්ගේ අභිමතය පරිදි ප්‍රතිකාර කරනු ඇත. සත් පත්තිනි මෑණියන්ගේ ප්‍රාතිහාර්ය බලයෙන් හෝ රටේ රෝගී ජනතාවට සහනයක්‌ ලැබේ නම් එය වාසනාවකි. එවැනි පහන් සිතිවිලිවලින් සිත පුරවාගෙන විහාරාධිපතීන් වහන්සේ සමඟ ඒ පින්බිමේ ඇති කූඩාරමක්‌ ගානේ ඇවිද ගොස්‌ රෝගීන් සමඟ අපි කතා බහ කළෙමු. රෝගීන් අපට කියූ කතා ගැන මෙන්ම මේ පින්බිමේ හාස්‌කම් ගැන දැන් අපි ඔබට කියන්නෙමු. මේ පෙළගැසෙන්නේ එම කතා මාලාවේ හත්වැනි කොටසය.

වෛද්‍යවරු ජීවත් කරවන්න නොහැකි යෑයි කියූ රඹෑව ගිනිකටුවැව ප්‍රසාදනීට වාහල්කඩ ඉසිවර අරණේදී ජීවිතය ලැබුණු හැටි පසුගිය සතියේදී අපි ඔබට කීවෙමු. අතරමඟ නතර වූ උසස්‌ පෙළ කඩ ඉම පසු කර ජීවිතය ජය ගන්නා හැටි ප්‍රසාදනී ජයග්‍රාහීව කතා කළ හැටි දැනුදු මට මැවී පෙනේ. ඇයට අප සමඟ කියන්නට තව බොහෝ දේ ශේෂව තිබූ බව දැනිණි. එහෙත් ඇය ප්‍රතිකාර ලබන කූඩාරම ඉදිරිපිට අපි ඔවුන් සමඟ කතාබහ කරමින් සිටින දිහා ඈත සිට වියපත් පියෙක්‌ බලා සිටියි. ඔහු ද දෑස්‌ දල්වා බලා සිටින්නේ අප සමඟ කතාබහ කිරීමට කැමැත්තෙනි. එහෙයින් අපි ප්‍රසාදනීලාගෙන් සමුගෙන පෙරමඟ බලා සිටි පුද්ගලයා අසලට ගියෙමු.

හු ටී. ඩී. දයානන්දය. අම්පාර ග්‍රාම සේවා අංක 04 1/8 නිවසේ පදිංචි ගෘහ මූලිකයාය. වයස අවුරුදු 57 කි. එක්‌දරු පියෙකි. ගල්ඔය වැවිලි සමාගමේ රියෑදුරෙකු ලෙස සේවය කරගෙන යන අතරතුර ඔහු අසනීප වී ඇත.

''කාලයක්‌ කැස්‌ස හොඳ වෙන්නෙම නැතුව තිබුණා. සෙම ගතියකුත් තිබුණා. ඒක ටික කාලයක්‌ යනකොට හතියට ආවා. ඩිස්‌පැන්සරිවලින් බෙහෙත් ගත්තා අඩු වුණේම නෑ. පස්‌සේ අපි අම්පාර ජාතික රෝහලට ඇතුළත් වුණා. වෛද්‍යවරු පරීක්‍ෂණ කරලා බලලා පෙනහලුවල පිළිකාවක්‌ තියෙනවා කියලා කිව්වා. සියලු ජීවිත බලාපොරොත්තු අතහැර ගත්තා. ඒත් මැරෙනකම් සතුටින් ජීවත් වෙනවා කියලා හිතාගෙන වෛද්‍යවරු කිව්ව විදිහට බෙහෙත් පාවිච්චි කළා. එක දිගට මාස හයක්‌ විතර වෛද්‍ය සායනවලට සහභාගි වෙලා ප්‍රතිකාර, වෛද්‍ය උපදෙස්‌ ලබා ගත්තා. කිසිම සුවයක්‌ නැති තැන කොළඹ නාරාහේන්පිට පෞද්ගලික රෝහලක නේවාසිකව ප්‍රතිකාර ලබා ගත්තා. ලොකු ගාණක්‌ වියදම් වුණා. ලෙඩේ හොඳ වෙනවා නම් සල්ලි හම්බ කරන්න බැරි යෑ කියලා හිත හදාගෙන බෙහෙත් ගත්තා. ඒත් අන්තිමේ ඒ රෝහලේ වෛද්‍යවරු වැලිසර ළය රෝහලට මාරු කරලා හැරියා.

ළය රෝහලේදී වෛද්‍යවරු පරීක්‍ෂණ කරලා ඔපරේෂන් කරන්න ඕනා කියලා කිව්වා. ඒත් මට ජීවත් වෙන්න පුළුවන් මාස හයක්‌ වගේ කාලයක්‌ කියලා වෛද්‍යවරු මගේ පවුලේ අයට කියලා තියෙනවා. ඔපරේෂන් කරපු පිළිකා රෝගීන් දුක්‌විඳින හැටි දැක්‌කම මට ඔපරේෂන් කරන්න ඕන නෑ කියලා හිතුණා. ඉන්න කාලේ දුක්‌විඳින්නේ නැතුව ඉඳලා මැරිලා යනවා කියලා හිත හදාගෙන ඔපරේෂන් කරන්න බෑ කියලා වෛද්‍යවරුන්ට කිව්වා. වෛද්‍යවරුත් බල කළේ නෑ. පස්‌සෙ මම බෙහෙත් අරගෙන ටිකට්‌ කපාගෙන ගෙදර ආවා. ඒ ඇවිත් ඉන්නකොට තමයි යුද හමුදාවේ මල්ලි කෙනෙක්‌ මේ පන්සල ගැන අපිට කිව්වේ. ඒ මල්ලි දෙතුන් පාරක්‌ කියනකොට මම පන්සලට ආවා. 2016 අවුරුද්දේ ජූලි මාසේ තමයි අපි පන්සලට ඇවිත් බුලත් තියලා හාමුදුරුවො එක්‌ක කතා කළේ.

බුලත් කොළ නමය අතට ගත්ත ගමන් හාමුදුරුවො සියලු විස්‌තර කියලා ලෙඩේ හොඳ කරන්න පුළුවන් කියලා ස්‌ථිරවම කිව්වා. ඒ වචනවලට මගේ හිතේ ලොකු පැහැදීමක්‌ ඇති වුණා. එදාම අපි කූඩාරම අටවගෙන පන්සලේ නතර වුණා. එක දිගට මාස හතක්‌ විතර ප්‍රතිකාර ගත්තා. මේ මෑතක දවසක මඩකලපුව රජයේ රෝහලට ගිහිල්ලා සී.ටී. ස්‌කෑන් එකක්‌ කරලා බැලුවා. 'ඔයාගේ පෙනහලුවල කිසිම රෝගයක්‌ නෑ...' පරීක්‍ෂණය කරපු වෛද්‍යවරයා එහෙම කියනකොට මට ඇඬුණා. දුකට නෙමෙයි, සතුටට. පස්‌සෙ මම සම්පූර්ණ සිද්ධිය වෛද්‍යවරයාට විස්‌තර කළා. මගේ කතාව අහලා ඒ දොස්‌තර මහත්තයාත් පුදුම වුණා.

ඉස්‌සර තිබුණු ඇඟේ අමාරු දැන් මොනවත් නෑ. හිතටත් හරිම සැහැල්ලුයි. නැවතත් මම රියෑදුරු රස්‌සාව පටන් ගන්නවා. තව ටික කාලයක්‌ හම්බ කරන්න පුළුවන්. මැරෙන්න ගිය මම ජීවිතය අලුතින්ම පටන් ගත්තා. මේ වගේ ප්‍රාතිහාර්යයක්‌ පාන පන්සලක්‌ තවත් මේ ලෝකෙ නැතුව ඇති. අපේ රටේ වාසනාවට පත්තිනි මෑණියන් දීපු බෙහෙත් වරමක්‌. මේ රටට ලැබිලා තියෙන වටිනා අවස්‌ථාවෙන් උපරිම ප්‍රයෝජන ගන්න ඕන. නිස්‌කාරණේ මැරෙන්න ඕන නෑ. මොනයම් හරි ලෙඩක්‌ තියෙනවා නම් මේ හාමුදුරුවන් බැහැදැකලා ලෙඩ සුවපත් කරගන්න පුළුවන්ද කියලා අහලා බලලා ප්‍රතිකාර ගන්න කියලා තමයි රටේ සියලු රෝගීන්ට කියන්නේ...''

දයානන්ද කියන කතාව සැබෑය. සති හයක්‌ පුරාවට අපි කියන්නේ ද ඒ කතාවමය. අපේ මඟපෙන්වීම අනුව ප්‍රතිකාර ලබාගැනීමට ගිය රෝගීන් වාහල්කඩ පින්බිමේ විශාල පිරිසකි. දැන්, දැන් වාහල්කඩ පින්බිමේ ප්‍රතිකාර ලබන රෝගීන් බහුතරය රෝගය ගැන මෙන්ම ගුණ, අගුණ පැවසීමට මැලි නොවෙති. විහාර භූමියේ රෝගීන්ගේ සුව දුක්‌ විමසන අපට ඒ බව හොඳින් පැහැදිලි වේ.

සුන්දර සිනාවකින් මුව සරසාගෙන අප ඉදිරියට පැමිණෙන ඇයට රෝගී බවක්‌ නම් නොපෙනේ. කාර්යශූර ඒ අම්මාගේ කතාව ද සිත් ගන්නා සුලුය.

'මම මේ පන්සලට ආවේ 'දිවයින' පත්තරෙන් දැකලා. දිවයින පත්තරේට පින්සිද්ධ වෙන්න දැන් මගේ ලෙඩේ යහපත් අතට පෙරළීගෙන එනවා කියලා මට තේරෙනවා...' ඒ කතාව අසා මගේ සිත සතුටින් පිරිණි.

ඇය ආර්. සෙලින් ප්‍රනාන්දුය. වයස අවුරුදු පනස්‌ අටකි. තිදරු මවකි. උපතින්ම කතෝලික ආගම වැළඳගත් ඇය වෙන්නප්පුවේ පදිංචිකාරියකි.

''මම 2004 අවුරුද්දේ ඉඳලා පිළිකාවකින් දුක්‌වින්දා. මුලින්ම බඩේ පැත්තක්‌ රිදෙන්න පටන් ගත්තා. රජයේ රෝහලකට ගිහිල්ලා ඒ බව කිව්වා. වෛද්‍යවරයෙක්‌ පරීක්‍ෂා කරලා බලලා ගැස්‌ට්‍රයිටිස්‌ කියලා ප්‍රතිකාර කළා. ඒ බෙහෙත් බොන අතරේ මුත්‍රා එක්‌ක ලේ යන්න පටන් ගත්තා. පස්‌සෙ රාගම රෝහලට ඇතුළත් වුණා. පරීක්‍ෂණ කිහිපයක්‌ම කරලා ගර්භාෂයේ ගෙඩියක්‌ තියෙනවා කියලා වෛද්‍යවරු කිව්වා.

'බය වෙන්න දෙයක්‌ නෑ... ඔපරේෂන් එකක්‌ කරලා ගෙඩිය අරන් දැම්මට පස්‌සෙ සනීප වෙයි...' කියලා වෛද්‍යවරු මගේ හිත ධෛර්යමත් කළා. ඒ එක්‌කම වෛද්‍යවරු මාව ඔපරේෂන් එකට ගත්තා. මගේ ගර්භාෂයේ කිලෝ එකයි ග්‍රෑම් 10 ක ගෙඩියක්‌ තිබිලා ඉවත් කළා. ඒ වෙනකොට ගෙඩිය උඩුදුවන්න පටන් ගෙන. ඊට පස්‌සේ වෛද්‍යවරු කිව්වා පිළිකා සෛල වර්ධනය වී ගෙන එනවා. බෙහෙත් විඳින්න වෙනවා කියලා. බෙහෙත් විදින්න පටන් ගත්තා. බෙහෙත් හයක්‌ විදලා ඉවර වෙනකොට මට හුස්‌ම වැටෙනවා විතරයි. සිරුර සම්පූර්ණයෙන්ම දිරාපත් වෙලා. ඒ අතරතුරේ සායනවලදී වෛද්‍යවරු පරීක්‍ෂණ කරලා බලලා ආයෙමත් ගැටිත්තක්‌ තියෙනවා කියලා ඔපරේෂන් කළා. බෙහෙත් විදින්නත් ඕන කියලා වෛද්‍යවරු කිව්වා. මම ඒකට කැමැති වුණේ නෑ...''

''2011 අවුරුද්දේ ආයෙමත් බඩේ වේදනාව වැඩි වුණා. තුන් වැනි වරටත් ඔපරේෂන් කළා. මීට වඩා හොඳයි මැරුණා නම් කියලා හිතුණු වාර අනන්තයි. මහත්තයාට වැඳලා කිව්වා, ආයෙත් මාව ඉස්‌පිරිතාලවලට ගෙනියන්න එපා කියලා. එහෙම කියලා සායනවලට යන්නෙ නැතුව ගෙදර හිටියා. බඩේ වේදනාව වැඩි වුණා. කෑම කන්න බැරිව ගියා. බඩ පුරවා දැම්මා, මුත්‍රා යැම නතර වුණා. පෞද්ගලික රෝහලකට ගිහින් ස්‌කෑන් කරලා බැලුවහම බඩ පුරාම පිළිකාව පැතිරිලා ආමාශයටත් ළං වෙලා දැන් ඉතිං කරන්න දෙයක්‌ නෑ කියලා වෛද්‍යවරු කිව්වා. ගෙදර එක්‌කගෙන ගිහිං හොඳට බලාගන්න කියලා වෛද්‍යවරු මහත්තයට කියලා තිබුණා. මුත්‍රා යන්න බටයක්‌ දාගෙන ගෙදර ආවේ අවසාන හුස්‌ම පොද ගෙදරදීම පිට කරන්න හිතාගෙන. එහෙම ඉන්නකොට තමයි, පහුගිය මාර්තු 08 වැනිදා දිවයින පත්තරේ මේ පන්සල ගැන පළ කරලා තිබුණු ලිපිය දැක්‌කේ. ඊට පහුවෙනිදාම මගේ මහත්තයා මාව මේ පන්සලට අරගෙන ආවා. ඒ එනකොට සතියකටත් වැඩි කාලයක ඉඳලා වතුර ටිකක්‌වත් නෑ. ඇවිදගන්න බෑ. කතා කරන්න බෑ. යන්තමට හුස්‌ම වැටෙනවා විතරයි. මාව හාමුදුරුවො ළඟට අරගෙන ගිය ගමන්ම බොන්න පිරිත් පැන් ටිකක්‌ දුන්නා. ඒක බිව්ව විතරයි මට බඩගින්නක්‌ ආවා. ඒ එක්‌කම මම කතා කරලා කිව්වා බඩගිනියි කියලා...''

''මහත්තයා මාරි බිස්‌කට්‌ තුනක්‌ දුන්නා. පැයකට විතර පස්‌සෙ ඉදිආප්ප තුනක්‌ කෑවා. දවල් වෙනකොට මට හොඳටම බඩගිනි ආවා. ඒ වෙනකොට පන්සලේ දානය දෙනවා. මහත්තයා බත් පිඟානක්‌ බෙදාගෙන මට කැව්වා. මම බත් පිඟානම කෑවා. මහත්තයා පුදුම වෙලා මා දිහා බලාගෙන හිටියා. එදාම හවස්‌ වෙනකොට ඇවිදින්න බැරිව හිටිය මම මහත්තයාව අල්ලගෙන බෝධීන් වහන්සේ ළඟට ගිහිල්ලා වැන්දා. බෝධිය ළඟදි මම නැවත ඉපදුණා කියලා මට හිතුණා. දැන් මගේ ඇඟට තියෙන සනීපය වචනවලින් පැහැදිලිs කරන්න බෑ. මේ පින්බිමේ පෑගෙන හැම වැලි කැටයක්‌ම ඖෂධයක්‌. මේක පුදුම ආශ්චර්යයක්‌. මගේ ලෙඩ හොඳ වෙන්නේ කොහොමද කියලා මට තවම හිතාගන්න බෑ. ඒත් මට දැන් සනීපයි...'' සෙලින් අම්මාගේ මුවගිsන් මල් විසිරෙන්නීය. ඇය සමඟ වාහල්කඩ පින්බිමේ කූඩාරම්ගතව සිටින සැමියා අදට ද පින්බිම ගැන විශ්මයෙන් පසු වන්නේය. ඔවුන් පමණක්‌ නොව මේ කතා අහන, දකින සියලු දෙනා තුෂ්ණිම්භූතව සිටින්නාහ. මේ කලාතුරකින් ලැබෙන දේව වරමක්‌ කියා පමණක්‌ සිතේ තබාගැනීම ප්‍රමාණවත්ය.

වාහල්කඩ ඉසිවර අරණ ගැන අපට ලබාදිය හැකි තොරතුරු සීමිතය. විහාරස්‌ථානයේ හෝ ලෙඩ දුක්‌ සුවපත් කරන මංගලාරාමාධිපති හිමියන් වහන්සේ ද දුරකථන පාවිච්චි කිරීමෙන් වැළකී සිටින බැවින් අපට ලබාදිය හැක්‌කේ වාහල්කඩ මංගලාරාමයට පැමිණෙන ගමන් මාර්ගයේ විස්‌තර පමණි. එහෙයින් අපි ඔබගේ පහසුව සඳහා වාහල්කඩ මංගලාරාමයට යන ගමන් මාර්ගය මෙසේ සටහන් කර තබමු. අනුරාධපුරය, මැදවච්චිය හරහා කැබිතිගොල්ලෑව, වාහල්කඩට. පැමිණෙන රෝගීන්ට සරණක්‌ ලෙස කැබිතිගොල්ලෑවේ සිට පැමිණෙන වාහල්කඩ බස්‌ රථ මංගලාරාමය ඉදිරිපිට නතර කරනු ලැබේ.

එමෙන්ම ප්‍රතිකාර ගැනීමට පැමිණෙන විවිධ රෝගීන්ගෙන් මංගලාරාම පූජා භූමිය පිරී ගොස්‌ය. එහෙත් එතැනට යන ඕනෑම රෝගියකුට ප්‍රතිකාර ගැනීමට අවශ්‍ය ඉඩ පහසුකම් කෙසේ හෝ සැලසේ. එහෙත් ඉදිරියට පැමිණෙන වර්ෂා කාලයේදී රෝගීන් අන්ත අසරණ වනු නියතය. පින් ඇති උත්තම මිනිසුනේ මේ එක අසරණ රෝගියකුට හෝ නොතෙමී සිටීමට සෙවණක්‌ ලබාදීමට හැකි නම් එය මහා පුණ්‍යකර්මයකි. එය ඔබට කළ හැකිය. යුතුකමක්‌ සේ සලකා එම පින්කමට දායක වන ලෙස අපි ඔබෙන් ඉල්ලා සිටිමු.

 

Wmqgd .ekSu ,xldoSm mqj;am; weiqfrks

More News »