අණපනත් උල්ලංඝනය කරමින් රක්‌ෂිත වනාන්තර ඉඩම් සමාගම සතු කර ගැනීම

2017-04-04 10:44:00       595
feature-top
2009 අංක 22 දරන පනතින් අවසන් වරට සංශෝධිත වන සත්ත්ව හා වෘක්‌ෂලතා ආරක්‌ෂක ආඥාපනතේ 3 අ වගන්තියේ 1 හා 2 උප වගන්ති වලට අනුව ජාතික වනෝද්‍යානයක මායිමේ සිට ලම්භකව ඕනෑම ලක්‌ෂ්‍යයක සිට සැතැපුමක්‌ ඇතුළත සීමාවේ සංචාරක හෝටලයක්‌ ආරම්භ කිරීම හෝ ඊට සමාන පහසුකම් සැපයීම නොකළ යුතු අතර 4 වැනි උප වගන්තියට අනුව මෙවන් ක්‍රියාවක නිරතවන්නෙකු වරදකරුවකු වන බව ස`දහන් වේ. එච්.වී.එA. µdම් වගා ව්‍යාපෘතිය කාබනික ගොවිතැන් නිවාඩු නිකේතනයක්‌ ලෙස පවත්වාගෙන යැමට සැලසුම් කර ඇත්තේ මෙම නීති උල්ලංඝනය කරමිනි.

මෙම පනතේ 9 අ(1) උප වගන්තියට අනුව ජාතික වනෝද්‍යානයක මායිමේ සිට සැතැපුම් එකක සීමාවේ පිහිටි රජයේ හෝ පෞද්ගලික ඉඩමක වන ජීවී අධ්‍යක්‌ෂ ජනරාල්ගේ ලිත අනුමැතියකින් තොරව කවර ආකාරයක හෝ සංවර්ධන ක්‍රියාකාරකමක්‌ සිදු කළ නොහැකිය. එම ලිත අනුමැතිය ලබා ගැනීම සඳහා 1980 අංක 47 දරන ජාතික පාරිසරික පනතට අනුව පරිසර බලපෑම් ඇගයීම් ක්‍රියාවලියට යටත්ව අනුමැතිය ලබා ගත යුතුය. එහිදී සකස්‌ කරන වාර්තාව දින 30 ක කාලයක්‌ මහජන අදහස්‌ සඳහා ද දින 60 ක කාලයක්‌ වනජීවී උපදේශක කමිටුවේ අදහස්‌ සඳහා ද විවෘත කර තැබිය යුතුය. එම සියලු තත්ත්වයන් සැලැකිල්ලට ගෙන වනජීවී අධ්‍යක්‌ෂ ජනරාල්වරයා අදාළ ව්‍යාපෘතිය සඳහා අනුමැතිය ලබා දීමට තීරණය කරනු ලැබේ. නමුත් එච්.වී.එA. µdම් වගා ව්‍යාපෘතිය සඳහා මෙවන් කිසිදු අනුමැතියක්‌ ලබා ගෙන නොමැත.

මෙම නීතිමය තත්ත්වය උල්ලංඝනය කරමින් ජාතික වනෝද්‍යානයක මායිමේ අනවසර සංවර්ධන කටයුතුවල නිරත වන පුද්ගලයකු අධිකරණයෙන් වැරදිකරුවකු කරනුq ලැබූ විට පනතේ 10(ඈ) උප වගන්තියට අනුව රුපියල් පහළොස්‌ දහසකට නොඅඩු හා රුපියල් පනස්‌ දහසකට නොවැඩි දඩ මුදලකට හෝ අවුරුදු දෙකත් පහත් අතර කාලයක්‌ බන්ධනාගාර ගත කිරීමකට හෝ දඩ මුදල හා බන්ධනාගාරගත කිරීම යන දඬුqවම් දෙකටම යටත් කළ හැකිය. ඉතාම පැහැදිලිව එච්.වී.එA. µdම් සමාගමේ හිමිකරුවන් මෙම දණ්‌ඩනයට ලක්‌ කිරීමේ හැකියාව ඇත.

මේ අයුරින් ජාතික වනෝද්‍යානයක මායිමේ සිදු වන සංවර්ධන ක්‍රියා පාලනය කර ඇත්තේ එමඟින් වනෝද්‍යානයේ ජෛව ප්‍රජාවට ඇති විය හැකි බලපෑම් පාලනය කිරීම සඳහාය. නමුත් එම නීතිමය තත්ත්වය උල්ලංඝනය කරමින් විල්පත්තුව ජාතික වනෝද්‍යාන මායිමේ සැතපුමක සීමාව තුළ මෙම ව්‍යාපෘතිය සඳහා ඉඩම් නිදහස්‌ කිරීමට කටයුතු කිරීම නීති විරෝධී හා ඉතාම හානිකර තත්ත්වයකි. එA පිළිබඳ ව වනජීවී සංරක්‌ෂණ දෙපාර්තමේන්තුව කිසිදු ක්‍රියා මාර්ගයක්‌ නොගැනීම පුදුමයට කරුණකි.

වන සත්ත්ව හා වෘක්‌ෂලතා ආරක්‌ෂක ආං පනතේ 2(2) උප වගන්තියට අනුව 2002 ජූලි 19 වන දින අංක 1245/31 දරන ගැසට්‌ නිවේදනයට මගින් හෙක්‌ටයාර 2193.309 ක්‌ වන තබ්බෝව අභය භූමිය ලෙස ප්‍රකාශයට පත් කර ඇති රජයේ ඉඩම් එච්.වී.එA. µdම් වගා ව්‍යාපෘතිය සඳහා නිදහස්‌ කිරීමට කිසිදු නීතිමය හැකියාවක්‌ නොමැත. අභය භූමියකට අයත් යම් ප්‍රදේශයක්‌ සංවර්ධන කාර්යයක්‌ සඳහා නිදහස්‌ කළ හැකි වන්නේ පනතේ 2(5) උප වගන්තියට අනුව පාරිසරික බලපෑම් පිළිබඳ විමර්ශනයකින් අනතුරුව ඉඩම් නිදහස්‌ කිරීමට ඇති හැකියාව සලකා බැලීමෙන් අනතුරුවය. ඊට පසුව ගැසට්‌ නිවේදනයකින් එම භූමිය රක්‌ෂිත භාවයෙන් ඉවත් කර ඉඩම් කොමසාරිස්‌ දෙපාර්තමේන්තුව වෙත පැවරීමෙන් පසුව අදාළ ව්‍යාපෘතිය සඳහා බදු පදනම මත ඉඩම් ලබා ගත හැකිය.

විශේෂයෙන් අභය භූමියකට අයත් ඉඩම් නිදහස්‌ කිරීම සඳහා පරිසර බලපෑම් පිළිබඳ විමර්ශනයක්‌ සිදු කළ යුතු වන්නේ මෙම ඉඩම් නිදහස්‌ කිරීම සිදු කරනු ලබන්නේ මෙය අභය භූමියක්‌ ලෙස ප්‍රකාශයට පත් කරන අවස්‌ථාව වන විට පැවති පාරිසරික, ජෛව විද්‍යාත්මක, ජල විද්‍යාත්මක හා පුරා විද්‍යාත්මක වටිනාකම් මොනයම් හේතුවක්‌ මත හෝ අහෝසි වී පවතින තත්ත්වයක්‌ තුළය. එසේ නොමැතිනම් රටේ පොදු කාර්යයක්‌ සඳහා ඉඩම් ලබා දීමේ අවශ්‍යතාව සලකා බැලිය හැකිය. එසේ නොමැතිව පෞද්ගලික සමාගම් සඳහා වර්තමාන හා අනාගත පරපුර වෙනුවෙන් වෙන් කළ අභය භූමියක ඉඩම් ලබා දීමට කිසිදු හැකියාවක්‌ නොමැත. එහෙත් තබ්බෝව අභය භූමියට අයත් වනාන්තර මෙම සමාගමට නිදහස්‌ කර ඇත්තේ වනජීවී සංරක්‌ෂණ දෙපාර්තමේන්තුවේ කිසිදු අවසරයකින් තොරවය. නමුත් මේ පිළිබඳ ව කිසිදු අවබෝධයක්‌ වනජීවී සංරක්‌ෂණ දෙපාර්තමේන්තුවට නොමැතිවීම කනගාටුවට කරුණකි.

වන සත්ත්ව හා වෘක්‌ෂලතා ආරක්‌ෂක ආඥපනතේ 7 වැනි වගන්තියට අනුව පනතේ 2(2) උප වගන්තිය මගින් අභය භූමියක්‌ ලෙස ප්‍රකාශයට පත් කළ භූමි ප්‍රදේශයක්‌ තුළ වගා කිරීම, ශාක කපා ඉවත් කිරීම, ස්‌ථිර හෝ තාවකාලික ඉදිකිරීම් කිරීම ඇතුළු සියලුම මානව ක්‍රියාකාරකම් තහනම් වේ. මෙවන් ක්‍රියාවකට මහෙස්‌ත්‍රාත් අධිකරණයක දී වරදකරුවකු වන පුද්ගලයෙක්‌ පනතේ 10(ඈ) උප වගන්තියට අනුව රුපියල් පහළොස්‌ දහසකට නොඅඩු හා රුපියල් පනස්‌ දහසකට නොවැඩි දඩ මුදලකට හෝ අවුරුදු දෙකත් පහත් අතර බන්ධනාගාරගත කිරීමකට හෝ දඩ මුදල හා බන්ධනාගාරගත කිරීම යන දඬුqවම් දෙකටම යටත් කළ හැකිය. වර්තමානය වන විට මෙම සමාගම වගා බිම් පවත්වාගෙන යන්නේ මේ තත්ත්වයන් උල්ලංඝනය කරමිනි. නමුත් ඊට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට වනජීවී සංරක්‌ෂණ දෙපාර්තමේන්තුව අපොහොසත් වී ඇත. මෙම නීතියට අනුව දැනට ලබා දී ඇති වනාන්තර එළිපෙහෙළි කි කිරීමේ කිසිදු හැකියාවක්‌ මෙම සමාගමට නොමැත. එවන් ක්‍රියාවක නිරත වුවහොත් මෙම නීතියට අනුව කටයුතු කි රීමට වනජීවී සංරක්‌ෂණ දෙපාර්තමේන්තුවට හැකියාව ඇත.

මෙම ව්‍යාපෘතිය වයඹ පලාතේ පුත්තලම දිස්‌ත්‍රික්‌කයේ ක්‍රියාත්මක වන බැවින් 1990 අංක 12 දරන වයඹ පලාත් පාරිසරික ප්‍රඥප්තියට යටත් වේ. මේ ප්‍රඥප්තියට අනුව ප්‍රකාශයට පත් කරන ලද 1998 මාර්තු 27 වන දින අංක 1020/21 දරන ගැසට්‌ නිවේදනයට අනුව ප්‍රඥප්තියේ 42 වන වගන්තිය යටතේ දැක්‌වෙන පරිදි අභය භූමියක්‌ තුළ හෝ වන රක්‌ෂිතයක්‌ තුළ හෝ එම රක්‌ෂිතවල මායිමේ සිට මීටර් සියයක්‌ ඇතුළත සීමාවේ යම් සංවර්ධන ව්‍යාපෘතියක්‌ ක්‍රියාත්මක කිරීමට ප්‍රථමයෙන් හෝ හෙක්‌ටයාර එකකට වැඩි කැලෑ ඉඩම් එළිපෙහෙළි කර යම් සංවර්ධන ව්‍යාපෘතියක්‌ ක්‍රියාත්මක කිරීමට ප්‍රථමයෙන් පරිසර බලපෑම් ඇගයීම් ක්‍රියාවලියට යටත්ව පූර්ව ලිත පාරිසරික අනුමැතිය ලබා ගත යුතුය. දැනට වසර කිහිපයකට ප්‍රථම මෙම නීතියට අනුව ඉතාම අසම්පූර්ණ වාර්තාවක්‌ මත පදනම්ව වයඹ පළාත් පරිසර අධිකාරියෙන් මෙම ව්‍යාපෘතිය ස`දහා අනුමැතිය ලබා ගෙන ඇත. නමුත් එම අනුමැතියේ කිසිදු වලංගුභාවයක්‌ නොමැත. ඊට ප්‍රධාන හේතුව මේ වන විට අනුමැතිය ලබා ගත් ව්‍යාපෘතිය වෙනස්‌කම් බොහොමයකට ලක්‌ කර තිබීමය. මෙයට අමතරව අණපනත් කිහිපයකට අයත් වන ව්‍යාපෘතියකට පළාත් ප්‍රඥප්තියක්‌ යටතේ පිහිටුවා ඇති ආයතනයකින් පමණක්‌ අනුමැතිය ලබා ගැනීමට හැකියාවක්‌ නොමැත. වයඹ පළාත් පරිසර අධිකාරිය වැනි ඉතාම දූෂිත රාජ්‍ය ආයතනයකින් ලබා දෙන අනුමැතිය පිළිගත හැකි මට්‌ටමක නොපවතී.

එපමණක්‌ නොව 1980 අංක 47 දරන ජාතික පාරිසරික පනතේ 23බ වගන්තියට අනුව ප්‍රකාශිත 1993 ජුනි 24 දින අංක 772/22 දරන ගැසට්‌ නිවේදනයට අනුව හෙක්‌ටයාර එකකට වැඩි කැළෑ ඉඩම් එළිපෙහෙළි කර යම් සංවර්ධන ව්‍යාපෘතියක්‌ ක්‍රියාත්මක කි රීමට ප්‍රථමයෙන් හෝ වන රක්‌ෂිතයක්‌ තුළ හෝ මායිමේ සිට මීටර් 100 ක්‌ ඇතුළත හෝ 1995 පෙබරවාරි 23 වන දින අංක 859/14 දරන ගැසට්‌ නිවේදනයට අනුව අභය භූමියක්‌ තුළ හෝ අභය භූමියක මායිමේ සිට මීටර් 100 ක්‌ ඇතුළත යම් සංවර්ධන ව්‍යාපෘතියක්‌ ක්‍රියාත්මක කිරීමට ප්‍රථමයෙන් පරිසර බලපෑම් ඇගයීම් ක්‍රියාවලියට යටත්ව පූර්ව ලිත පාරිසරික අනුමැතිය ලබා ගත යුතුය. එA අනුව වයඹ පලාත් පාරිසරික ප්‍රඥප්තිය පමණක්‌ නොව ජාතික පාරිසරික පනත ද මෙම ව්‍යාපෘතියට අදාළ වේ. එA අනුව මෙම ව්‍යාපෘතියට වයඹ පලාත් පරිසර අධිකාරියෙන් පමණක්‌ අනුමැතිය ලබා ගැනීම යුක්‌ති සාධාරණ නොවේ.

1940 අංක 09 දරන සංශෝධිත පුරාවස්‌තු ආඥා පනතේ 43අ සහ 47 වන වගන්තිවලට අනුව ප්‍රකාශිත 2000 ඔක්‌තෝබර් 04 වන දින අංක 1152/14 දරණ ගැසට්‌ නිවේදනයට අනුව හෙක්‌ටයාර දෙකකට වඩා වැඩි භූමි ප්‍රදේශ එළි පෙහෙළි කි රීමට ප්‍රථමයෙන් පුරාවිද්‍යා හානි ඇගයීමක්‌ සිදු කර ඒ ස`දහා අනුමැතිය ලබා ගත යුතු ය. ඉතාම වටිනා පුරාවස්‌තු රැසක්‌ හමුවී ඇති, පුරා විද්‍යා රක්‌ෂිතයක්‌ ලෙස ප්‍රකාශයට පත් කළ භූමි ප්‍රදේශයක්‌ තුළ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළ ද පුරා විද්‍යා හානි ඇගයීම් වාර්තාවක්‌ පදනම් කර ගෙන ලබා ගත් අනුමැතියකින් තොරව එච්.වී.එA. µdම් වගා ව්‍යාපෘතිය සඳහා ඉඩම් නිදහස්‌ කිරීම ඉතාම හානිකර තත්ත්වයකි. මේ සඳහා පුරා විද්‍යා දෙපාර්තමේන්තුව කඩිනමින් මැදිහත් විය යුතුව ඇත.

2009 අංක 65 දරණ පනතින් අවසන් වරට සංශෝධිත වන සංරක්‌ෂණ ආඥා පනතේ 3 වැනි වගන්තියට අනුව 2013 ඔක්‌තෝබර් මස 28 වන දින අංක 1834/13 දරන ගැසට්‌ නිවේදනය මඟිsන් වීරක්‌කුලිචෝලෙයි වන රක්‌ෂිතය ප්‍රකාශයට පත් කර තිබේ. මෙම වන රක්‌ෂිතයක තහනම් ක්‍රියා පනතේ 7 වන වගන්තිය යටතේ දැක්‌ වේ. එA අනුව වන රක්‌ෂිතයකට අනවසරයෙන a ඇතුළු වීම, රැඳී සිටීම, ශාක කපා ඉවත් කිරීම, ස්‌ථිර හෝ තාවකාලික ගොඩනැගිලි ඉදිකිරීම, එවායේ පදිංචි වීම, මාර්ග සකස්‌ කිරීම හා වගා බිම් ස්‌ථාපිත කිරීම නීති විරෝධී වේ. එවන් වරදක්‌ සිදු කරන පුද්ගලයකු හෝ ඒ ස`දහා ආධාර හෝ අනුබල ලබා දෙන තැනැත්තෙකු ද වරදකරුවකු වෙයි. එවන් වරදක්‌ ස`දහා වැරදිකරුවකු වන පුද්ගලයකු වසර 05 ක්‌ නොඉක්‌මවන බන්ධනාගාර ගත කිරීමකට හෝ රුපියල් ලක්‌ෂයත් දස ලක්‌ෂයත් අතර දඩයකට හෝ මේ දඬුqවම් දෙකටම යටත් කළ හැකි ය. ඊට අමතර ව වන රක්‌ෂිතයට කරන ලද විනාශය සඳහා අධිකරණය මඟින් නියම කරන දඩ මුදලකට ද යටත් කළ හැකි ය.

Wmqgd .ekSu kj,sh mqj;a m; weiqfrks

More News »