කොළඹ ජාතික රෝහලේ
මේ අවනඩුව ගැන කියන්නේ කාටද?

2017-03-23 12:18:00       582
feature-top
මේ ලෝකයේ ඇති උතුම්ම ලාභය මොකක්‌දැයි කෙනෙක්‌ ඇසුවොත් බොහෝ දෙනකුට මතක්‌ වේවි ගෞතම බුදුරජාණන් වහන්සේ දේශනා කළ බුද්ධ ගාථාව. ඒක තමයි ආරෝග්‍යා පරමා ලාභා කියන අති උතුම් වචන ටික. යහපත් සෞඛ්‍ය තමයි උතුම්ම ලාභය කියලයි උන්වහන්සේ දේශනා කළේ. එහෙම නැතුව යාන වාහන සල්ලිs භාගෙ, ගේ දොර ඉඩකඩම්, අඹුq සැමියො, මිත්‍රයො, මේ මොනවත් නොවෙයි.

මේ පරම ලාභය නැති වුණොත් අපි යන්නේ වෙනින් කොහේවත් නොවෙයි ඒ සඳහා සුදුසු වෛද්‍යවරයෙක්‌ හමුවෙන්න. ඒ සඳහා බොහෝ දෙනා යන්නෙ රජයේ රෝහලකට. අපි බොහෝ දෙනාට රජයේ රෝහලක්‌ කියන්නෙ තමන්ගෙ අම්ම තාත්ත ඉන්න තැනක්‌ වගේ.

වැඩි ඈතක නොවෙයි පසුගිය 11 වැනිදා අපේa පත්තර මිත්‍රයකුට සහලෝල උණ ගත්ත. ඔහු කෙළින්ම ගියේ කොළඹ ජාතික රෝහලට. මේ වෙලාවෙ හිරුත් මුහුද පැත්තට ආවඩන්න ලකලෑස්‌ති වෙලා අඳුරු කඩමාල්ල ටිකෙන් ටික රජකරන්න ගත්තු නිසා ඔහුගෙ දයාබර බිරිඳත් දුවත් දැඩි ප්‍රශ්නයකට මැදිවෙලා හිටියෙ. තාත්තව නතර කර ගත්තොත් ළඟ ඉන්නෙ කව්ද ඒ ප්‍රශ්නය ඇහුවෙ දුව. ඉස්‌පිරිතාලෙක නිසා මට තනියක්‌ නැහැ පුතේ කියල පත්තර මිත්‍රයා දුවට කිව්ව.

පෝලිමේ තැපල ඉඳල ඔහුගෙන් ප්‍රශ්න අහපු වෛද්‍යවරිය ඔහුට 55 වාට්‌ටුවෙ නවතින්න ටිකට්‌ ලියල දුන්නා. 55 වාට්‌ටුව තිබුණේ ඒ ගොඩනැඟිල්ලෙ 4 වැනි තට්‌ටුවෙ. සාමාන්‍යයෙන් හතරවැනි තට්‌ට්‌ටුව කිව්වම වැරැද්දක්‌ කළා හරි නොකළා හරි විවිධ ප්‍රශ්නකිරීම්වලට ලක්‌වන තැනකුත් අපට මතක්‌ වෙනවා. කෙසේ වෙතත් මේ හතරවැනි තට්‌ටුවෙ නතරවූ පත්තර මිත්‍රය බොහෝ අයගෙන් ප්‍රශ්න පිට ප්‍රශ්න අහල තමයි මේ හතරවැනි තට්‌ටුවෙදි ජාම් බේරගෙන ටිකක්‌ හෝ සැහැල්ලුවෙන් කාලය ගතකළේ.

දැන් අපි ඔහුගේ කතාව ඔහුගේ වචනවලින් අහගනිමු.

මම හිතුවෙ ඇත්තටම අසනීප වෙච්ච කෙනෙකුට හිතේ සැනසිල්ලෙ ඉඳල ලෙඩෙත් හොඳ කරගෙන දවසින් දෙකින්ම ගෙදරට යා හැකියි කියල. දොස්‌තර නෝනල මගෙන් ප්‍රශ්න ඇහුවා. මම උත්තර දුන්නා. ඊට වඩා ඒගොල්ලගෙන් මමයි ප්‍රශ්න ඇහුවෙ. එක්‌ වෛද්‍යවරියක්‌ මගෙන් ඇහුව බොනවද? සිගරට්‌ බොනවද? කියලත් මම කිව්ව... උපෝපන්ජාති ජීවිතේටම සිගරට්‌ දෙකයි අරක්‌කු වීදුරු දෙක තුනකුයි බිව්ව කියලා. බෙහෙත් නියම කළා. මුත්‍රා ලේ ගන්න ලිව්ව. මට රාත්‍රි නිදාගන්න සිද්ධ වුණේ 55 වාට්‌ටුවෙ ඉස්‌තෝප්පුවෙ බංකුවක. පස්‌සෙන් පහු මට පැදුරක්‌ ලැබුණා. ඉස්‌තෝප්පුවෙ හිටපු බොහෝ ලෙඩ්ඩු තොර තෝංචියක්‌ නැතුව කහිනවා. ගොරෙද්දෙ අදිනවා, කාරනවා. මහ හයියෙන් කෙඳිරි ගානවා. මේ කිසිම ලෙඩකුට ඇඳක්‌ නම් ලැබුණෙ නැහැ.

මම මාධ්‍යවේදියෙක්‌ කියල කිසි කෙනෙකුට කිව්වෙත් නැහැ. එහෙම කිව්ව නම් රෝහලේ මේ වගේ දරදඬු තත්ත්වයක්‌ හෙළිකරන්නට ඉඩ අවසර කොහෙත්ම ලැබෙන්නෙත් නැහැ. අපිට බෙහෙත් දෙනකොට මහ හයියෙන් නම කියල ළඟට අරගෙන තමයි බෙහෙත් දෙන්නෙ. ඇඳන් උඩ හිනහ වෙවි ඕපදූප කතා කර කර ඉන්න අය ළඟටම ගිහිල්ල නර්ස්‌ නෝනල බෙහෙත් පොවනවා. මේන් මේ අලුකුත්තේරු, කාලකණ්‌ණි හැබිචෝල් ප්‍රශ්න තමයි මම මුලින්ම රෝහලෙන් අල්ල ගත්තෙ.

දෙවැනි කාරණය තමයි සුදු ඇඳගත්තු රෝහල් සේවකයෙක්‌ උදේ ඇවිත් ලෙඩ්ඩු තල්ලු කරන්න වගේ ඇවිත්, හා හා ඔය ඇති නිදාගත්ත. දැං බංකුවට යන්න කියල බලහත්කාර යෙන්ම පැදුරු ටික දනිපනි ගාල කුදලගෙන ගිහින් වාට්‌ටුවෙ තැනක ගාල් කිරීම. මේන් මේ විපිරියාස අසමත්ජාති නොහොබිනා අලුකුත්තේරු පාදඩ ක්‍රියාව මට ඇල්ලුවෙම නැහැ. පසුවදා උදේත් ඔය විනම්බෑසිය වෙනකොට මම හැම ලෙඩෙකුටම ඇහෙන්න මේන් මෙහෙම කිව්ව. අදින් පස්‌සෙ කිසිම කෙනෙක්‌ පැදුරු ගෙනියන්න දෙන්න එපා. ඔහොමම නිදාගෙන ඉන්න. අපිත් ලෙඩ්ඩු. ඇඳන්වල වැජඹෙන අයත් ලෙඩ්ඩු. කියල මම ඔබලා වෙනුවෙන් මැරෙන තුරා සටන් කරනවා කියල කිව්වා. අනේ දෙයියනේ මගේ කතාව අහපු ගොරෙද්ද අදින ලෙඩ්ඩු මගේ වචනවලට ගරු කරලා නිදාගෙනම හිsටියා.

මගේ කතාව අහපු එක්‌තරා නර්ස්‌ නෝන කෙනෙක්‌ එය පිළිඅරගෙන සේවකයට පැදුරුකඩමලු ගෙනියන්න එපා කිව්වා. ඊට පස්‌සෙ තමයි මගෙන් පළිගන්න වගේ සේවක පිරිස්‌ තැන තැන කුටු කුටු ගෑවෙ.

දවස්‌ දෙකක්‌ ගතවුණා. කිසිම හෙදියක්‌ මගෙන් ලේ ගත්තෙ නැහැ. නියමිත බෙහෙත විද්දෙ නැහැ. එදා රෑ නර්ස්‌ නෝනා කෙනෙක්‌ බෙහෙතක්‌ විඳින්න සෑහෙන වෙහෙසක්‌ ගත්ත. දෙතුන් පාරක්‌ම බෙහෙත් නහරවලින් පිටට ගියා. නර්ස්‌ නෝනා හිටපු වෛද්‍යවරියට කිහිප විටක්‌ම කතා කළා. උදව් ඉල්ලලා. ඒ නමුත් හිටපු වෛද්‍යවරිය කටකොනින් හිනහවෙලා යන්න ගියා. පසුවදා උදේ තව නර්ස්‌ නෝන කෙනෙක්‌ යාන්තම් බෙහෙත විද්ද. මා ළඟÊහිටපු ලෙඩෙක්‌ ඔහුගේ අවසන් මොහොත දැනගෙනදොa කොහේද වාට්‌ටුවෙ ඇඳකට දැම්ම. ඒ අහිංසක ලෙඩා මුස්‌ලිම් ජාතිකයෙක්‌. ඔහු පැය දෙක තුනකට පස්‌සෙ මිය ගියා.

පසුවදාත් හොඳටම උණ බව මට තේරුණා. නර්ස්‌ නෝන කෙනෙක්‌ උණ කටුව කිහිල්ලට දමල කිව්ව උණ නැහැ කියලා. මම කිව්ව මට උණ තියෙනවා. නැද්ද දිව යටට දමන උණකටු කියලා. නර්ස්‌ නෝනාට ඌරු ජුවල් ගිහින් කිව්ව එයින් එකක්‌ සල්ලිවලට අරගෙන එන්න අපි බලන්නම් කියලා. මම හිතුව මාව මරා දාන්නවත් වලිකනවද කියලා. ඊට පස්‌සෙ සවස්‌ වුණා. ආයෙ උණබැලුව ඊට පසුව කිව්ව සීයට උණ කියලා. පසුව දීපු බෙහෙත් පෙත්තෙන් උණ බැස්‌සා. ඒ නමුත් මුත්‍රා දැවිල්ල යස ගේටම තිබුණා.

දැන් රෝහල් කාර්ය මඩුල්ල මං ගැන මෙහෙම කතාවෙනවලු. මේ යකා ලොක්‌කෙක්‌ වගේනේ අපෙන් හරස්‌ ප්‍රශ්න අහන්නෙ. ඒ විත්තියක්‌ මා එක්‌ක කිව්වෙ නැවතිලා හිටපු ලෙඩෙක්‌. ඕන් ඔය අව්අස්‌සෙ තමයි ලොකු දොස්‌තර මහත්තය ඇවිත් මගෙන් අබමල් රේණුවක තරම්වත් වචනයක්‌වත් කතා නොකර දින තුනකට පස්‌සෙ ටිකට්‌ කැපුවෙ. මමත් හිටියෙ ඒ ටික වෙනකම්. ඒත් මට ප්‍රශ්නයක්‌ හිතට ආව ලොකු දොස්‌තර උන්නැහේ ඇයි මාත් එක්‌කලා කතා නොකරම ටිකට්‌ කැපුවෙ කියලා. නමුත් මම ඊට පස්‌සෙ ප්‍රශ්න අහ අහ හිටියෙ නැහැ. මමත් හිටියෙ මේ අපායෙන් ගැලවිලා ගෙදර යන්නෙ කොයි වේලේද කියල හිත හිතා.

අපි අතරෙ අගුපිලේ හිටපු දෙතුන් දෙනකුට ඇඳන් ලැබුණා. මට ආරංචියක්‌ ආව ඇඳන් ගන්න සේවකයකුගෙ අතමිට සරු කරන්න ඕන කියලා. නමුත් කෙනෙක්‌ කියපු දේවල් මම ගණන් ගත්තෙ නැහැ. තව දින දෙක තුනක්‌ හිටියා නම් එහි ඇත්ත නැත්ත මම හොයා ගන්නවා.

මගේ නෝනත් දුවත් මාව ගෙදර එක්‌කරගෙන යන්න ආව. තව දෙයක්‌ කිව යුතුයි. මගේ ජංගම දුරකථනය ඒ වෙනකොට උස්‌සල ඒක නැතිවුණේ නම් වැසිකිළියෙදි.

ගෙදර යනවිට රෑ වූ නිසා බෙහෙත් පෙත්ත ගත්තෙ µdමසියෙන්. බාහිරින් කළ යුතු ලේ පරීක්‍ෂාව හා මුත්‍ර පරීක්‍ෂාව දෙකම රෝහලින්ම කර ගන්නට ඕන කියල හිතල තනියම වෛද්‍යවරු හමුවන්න හතරවැනි තට්‌ටුවට නැවතත් ගියා. ඒ යනකොට ආයෙත් ඉස්‌තෝප්පුවෙ ලෙඩ්ඩුන්ගෙ පැදුරු කඩමලු උස්‌සල. බැරිමරගාතේ හූල්ල හූල්ල බංකුවල ලෙඩ්ඩු වාඩිවෙලා හිටියා. මට දුකේ බැරිව ගියා. කලින් දවසක පිරිමි නර්ස්‌ කෙනෙක්‌ මොකක්‌ද රක්‌ෂාවට කරන්නෙ කියල ඇහුව. දැන් සේරම වාට්‌ටුවෙ තත්ත්වෙ දන්න නිසා මම කිව්වා මාධ්‍යවේදියෙක්‌ කියලා. ඔහුගෙ හිත උණු වුණා වගේ ඉරියව්වක්‌ දුටුව. ඊට පස්‌සෙ ඔහු කිව්වා. මෙතැන තිබෙන ප්‍රශ්න කිව්වොත් පත්තර පිටු ගාණක්‌ ලියන්න පුළුවන් කියලා. මම කිව්ව ප්‍රශ්න ටික කෙටියෙන් ලියල දෙන්න කියලා. එදාම තමයි මගේ ටිකට්‌ කැපුවෙත්. ඕන් ඔහොම තමයි හතරවැනි තට්‌ටුවෙදි මම දුක්‌ වින්දෙ බොහෝ ලෙඩ්ඩු අදටත් දුක්‌ විඳින්නෙ. මගේ තව පරීක්‍ෂණයක්‌a කළ යුතුව තියෙන්නෙ මැයි මාසෙ.

ඇත්තටම අපගේ පත්තර මිත්‍රයා මේ සොයාගත් තොරතුරු ටික බොහොම වටිනව. මේක තමයි අද බොහෝ රජයේ රෝහල්වලට වෙලා තියෙන්නෙ. සල්ලි රජවෙලා. ප්‍රශ්න අහන ලෙඩ්ඩු තිත්ත වෙලා. හරස්‌ ප්‍රශ්නවලට කැමැතිම නැහැ. ඔහු හතරවැනි තට්‌ටුවෙ ගත කළ ජීවිතය හරිම දුක්‌ඛදායකයි.

මේ ප්‍රශ්න රෝහල් සේවයට නිකම් ආව නොවෙයි. මේක රට කරවනා ඇත්තන්ගෙ නොසැලකිල්ල නිසාම ඇතිවූ බව කිව යුතුයි. ඔබලාට පඩි මදිනම් උද්ඝෝෂණය කරපල්ල. ප්‍රශ්න අහන එක ලෙඩ්ඩුන්ට අයිති බවත් හිතාගනිල්ල. මුදල් මත සියලු දේ තීරණය කිරීම තමාටම කරගන්නා නොහොබිනා ක්‍රියාවක්‌ බවත් හිතපල්ලා. ගොරෙද්දෙ ඇද ඇද හෝ සිටින ලෙඩුන් ළඟටම ගොස්‌ බෙහෙත් දීපල්ලා. රෝහල්වල අඩුපාඩුකම් ලෝකෙටම කියපල්ලා.

කළුතර පළාතේ ඉදිකරනව යෑයි කියන දෙවැනි ළමා රෝහලත් කාන්තා රෝහලත් ගැන මහා ලොකුවට කයිවාරු ගහන ලොකු ලොක්‌කෝ පාර්ලිමේන්තුවෙ නිවාඩුවක්‌ දමල හරි ඇවිත් මේ රෝහල් ප්‍රශ්න ගැන සොයා බලාපල්ලා. පාර්ලිමේන්තුවෙන් පිටතත් පාරම්බබා මොරදිදී කෑගහන කතා කරන සුරංගනා කතා නතර කරපල්ලා. රෝහල් කොපමණ හැදුවත් පහසුකම් නැතිව මොන අහවල් රෙද්දකටද අලුත් රෝහල්.

මේ රෝහල්වල පිළිකාව සනීප කරපල්ලා. දොස්‌තරවරුන්ට ප්‍රශ්න ඇත්නම්, නර්ස්‌ නෝනලාට ප්‍රශ්න තියෙනවා නම්. සාමාන්‍ය කම්කරුවාට ප්‍රශ්න තියෙනවා නම් ලෙඩ්ඩුන්ගෙන් වාඩුව ගන්නට එපා. පාසලක්‌ වැහුවොත් වෙන්නෙ මොකද කියා හිතාපල්ලා.අලුත් අලුත් රෝහල් රටේ බිහි කළාට කමක්‌ නැහැ. ඒ නමුත් තිබෙන රෝහල්වලින් හොඳට වැඩගනිල්ලා.

Wmqgd .ekSu Èjhsk mqj;a m; weiqfrks

More News »