ඉසිවර පින් බිමක අනුහස්‌ පිරි හාස්‌කම් නාවික හමුදා නිළධාරියකුගඅක්‌මාවේ පිළිකාව සුව වූ හැටි...

2017-03-17 10:50:00       660
feature-top
බුලත් කොළ නවය දුන්න හැටියේ
හාමුදුරුවෝ ලෙඩේ ගැන කිව්වා...
ස්‌නායු ආබාධිත දරුවා සුවපත් වූ අරුමය

කපු මහත්මයෙක්‌ රෝගී දරුවකුට බෙහෙත් කරන අයුරු...

හොරොව්පොතාන වාහල්කඩ මංගලාරාමය රෝගී ජනතාවගේ ලෙඩ සුව කරන ඉසිවර අරණකි. සෑම තරාතිරමකම රෝගී ජනතාව ඒ පුණ්‍ය භූමියේ කූඩාරම්ගතව රැඳී සිටින්නේ ලෙඩ දුක්‌වලට ප්‍රතිකාර ලබාගැනීමටය. පිළිකා, වකගුඩු වැනි මාරාන්තික රෝග ඇතුළුව සෑම රෝගයකටම එම ස්‌ථානයේදී ප්‍රතිකාර ලබාදෙනු ලැබේ. වාහල්කඩ මංගලාරාමාධිපති හිමියන් පවසන පරිදි ප්‍රතිකාර කරනු ලබන්නේ සත්පත්තිනිs මැණියන්ගේ දේව වරමකිනි. ආගම් බේද, ජාති බේද මෙහි නැත. අසරණ වී මංගලාරාමයට පැමිණෙන ඕනෑම රෝගියකුට පත්තිනි මෑණියන්ගේ අභිමතය පරිදි ප්‍රතිකාර කරනු ඇත. සත් පත්තිනි මෑණියන්ගේ ප්‍රාතිහාර්ය බලයෙන් හෝ රටේ මිනිසුන්ට සහනයක්‌ ලැබේ නම් එය වාසනාවකි. එවැනි පහන් සිතිවිලිවලින් සිත පුරවාගෙන විහාරාධිපතින් වහන්සේ සමඟ ඒ පින්බිමේ ඇති කූඩාරමක්‌ ගානේ ඇවිද ගොස්‌ රෝගීන් සමඟ අපි කතා බහ කළෙමු. රෝගීන් අපට කියූ කතා ගැන මෙන්ම මේ පින්බිමේ හාස්‌කම් ගැන දැන් අපි ඔබට කියන්නෙමු. මේ පෙළගැසෙන්නේ එම කතා මාලාවේ සිව්වැනි කොටසය.

කාලයක්‌ සිරෝසිස්‌ රෝගයෙන් පීඩා විඳි කාලිංග වාහල්කඩ ඉසිවර අරණේaදී අප සමඟ කතා කළේය. ඔහු වාහල්කඩ ඉසිවර අරණෙන් ප්‍රතිකාර ගෙන දැන් රෝගය නිට්‌ටාවටම සුව වී ඇති බව අපට කීවේය. ඒ කතාව පසුගිය සතියේ අප ඔබට කීවේය. කාලිංග සමඟ කතාබහෙන් පසු අපි වාහල්කඩ ඉසිවර අරණේ ඇති තවත් කූඩාරමක්‌ අසල නතර වීමු. එම කූඩාරම තුළ සිටින්නේ පඬුවස්‌නුවර ප්‍රාදේශීය ලේකම්තුමියයි. මේ ඇය කියන කතාවයි.

මව රේණුක සහ දුව උපේක්‍ෂා

''වෛද්‍ය පරීක්‍ෂණවලින් තහවුරු වෙලා තියෙන්නේ මට පිළිකාවක්‌ වැළඳිලා කියලා. දැනගෙන වැඩි කාලයක්‌ නෑ. ඒ එක්‌කම වගේ හොස්‌පිට්‌ල් එකේදී අම්මා කෙනෙක්‌ මේ පන්සල ගැන මට කිව්වා. පන්සලක බොරු කෙරෙනවා අඩුයි. ඒ නිසා මම තාත්තා එක්‌ක මෙතැනට ආවා. ඒත් නවතින්න බලාගෙන නෙමෙයි. හාමුදුරුවන්ට බුලත් කොළ නවය දුන්න විතරයි. හාමුදුරුවො මගේ ඇඟේ තියෙන ලෙඩේ දැක්‌කා වගේ තියෙන තැන හැම දෙයක්‌ම කිව්වා. ඒ වචනත් එක්‌ක මට ලොකු විශ්වාසයක්‌ ගොඩනැඟුණා. ඊට පහුවැනිදාම මම ඇවිත් නතර වෙලා ප්‍රතිකාර පටන් ගත්තා. මුලින්ම පත්තිනි මෑණියන්ට පඬුරක්‌ අරන් තියෙනවා. ඊට අමතරව හැමදාම හවසට බෝධි පූජාවක්‌ කෙරෙනවා. මෙතැන ඉන්න සෑම දෙනාම බෝධි පූජාවට සහභාගි වෙනවා. සෙනසුරාදා හවසට පත්තිනි මෑණියන් වඩම්මවලා රෝගීන්ට සෙත් ශාන්ති කරනවා. සෑම රෝගියකුටම හාමුදුරුවෝ දෙහි කපනවා. පිරිත් පැන් බොන්න දෙනවා. ඒ වෙලාවට ඇඟේ වෙනස්‌කම් වෙනවා හොඳට දැනෙනවා. ඒක අත්විඳලම බලන්න ඕනෑ. එතකොට තමයි සත්‍ය නිවැරැදිව තහවුරු වෙන්නේ...''

''දවසකට රෝගීන් පස්‌ හය දෙනෙක්‌ රිපෝට්‌ හොඳයි කියලා මෙතැනින් පිට වෙලා යනවා. පහුගිය දවස්‌වල වෛද්‍යවරයෙක්‌ මෙතැන හිටියා. ඒ වෛද්‍යවරයාගේ අම්මට සිරෝසිස්‌. ඩොක්‌ටර්ගේ අක්‌කටත් ගර්භාෂයේ ගෙඩි ඇවිත් බොහෝම අමාරු තත්ත්වයේ හිටියේ. ඒ රෝගීන් දෙන්නම මෙතැනින් ගියේ සම්පූර්ණයෙන්ම සුව වෙලා. මෙතැනදී ලෙඩ හොඳ වෙන විදිහ හිතා ගන්නවත් බෑ කියලා ඒ වෛද්‍යවරයාත් මට කිව්වා. නාවික හමුදාවේ ඉහළ නිලධාරියෙක්‌ මෙතැන වෙදකම් ගන්න ඇවිත් හිටියා. එයාගේ අක්‌මාවේ පිළිකාවක්‌. එයාටත් ගෙඩිය වියෑකිලා ගැහිල්ලා දැන් හොඳටම හොඳයි. ඒ හැම කෙනෙක්‌ම මෙතැනින් ගියේ පුදුමාකාර සතුටකින්. ඒ මිනිස්‌සු කියන දේවල් ඇහෙනකොට අපේ හිතටත් හරිම සැනසීමක්‌ දැනෙනවා. මෙතැන බෙහෙත් විතරක්‌ නෙමෙයි කෙරෙන්නේ. වෙදකමයි, හෙදකමයි දෙකම කෙරෙනවා. මම මෙතැනට ඇවිත් සති දෙකක්‌ විතර වෙනවා. දැන් මට යහපත් වෙනසක්‌ දැනෙනවා. තවමත් වෛද්‍ය පරීක්‍ෂණයක්‌ කරලා බැලුවේ නෑ. ඉදිරියේදී කරලා බලනවා...''

''මෙතැන අපි ගත කරන ජීවිතය හරිම අල්පේච්ඡයි. හැමෝම ඉන්නේ කූඩාරම්වල. උයා පිහාගෙන කන්න තියෙන්නේ වළං දෙකයි. එක ගෙදරකට දවසකට පිල්ටර් කරපු වතුර ලීටර් දහයක්‌ දෙනවා. ඒකත් නොමිලේ දෙන්නේ. වතුර දෙනවා කිව්වහම හැමෝම වතුර ගන්න පෝළිමේ යනවා. හවස කාටහරි අසනීපයක්‌ හැදුනොත් හැමෝම දුවගෙන ඇවිත් බලනවා. තරුණ කාන්තාවක්‌ තනිපංගලමේ කූඩාරමක හිටියා කියලා කිසිම ගැටලුවක්‌ නෑ. ආරක්‍ෂාව හොඳට තියෙනවා. මෙතැන ස්‌වෙච්ඡාවෙන් වැඩ කරන කපු අම්මලා, කපු තාත්තලා රෑ තිස්‌සේ නිදිවරාගෙන අපේ ආරක්‍ෂාව තහවුරු කරනවා. මේක මනුස්‌සකම පිරුණු පොඩි ගම්මානයක්‌. වැවෙන් නාලා, එළවළු බත් කාලා කාර්ය බහුල ජීවිතවලින් මිදිලා මෙතැන ගත කරන දවස්‌ විසි එක මගේ ජීවිතේ අමතක නොවන සුන්දරම කාලපරිච්ඡේදයක්‌...'' සමාජයේ උසස්‌ යෑයි සිතා පුහුමාන්නයෙන් පිම්බී සිටින මිනිසුන් අතර ඇය නිරහංකාර ගති පැවතුම් ඇති නිලධාරිණියකි. නම සඳහන් කිරීමෙන් වැළකී සිටින්නැයි අපට කීවේ වාහල්කඩ පින්බිමේ ප්‍රතිකාර ගන්නා බව දැනගත් පසු ඇයගේ සුවදුක්‌ බැලීමට ඥාතීන්, හිතමිතුරන් පැමිණෙන නිසාය. එය ඇයගේ නිදහසට බාධාවක්‌ වන බැවිනි.

ප්‍රාදේශීය ලේකම්තුමිය සමඟ කතාබහ කරන අතරේ ඉඳහිට එහා, මෙහා ගිය මගේ දෙනෙත් පුංචි දියණියක්‌ අසල මොහොතකට නතර විය. ඇය කූඩාරමක්‌ ඉදිරිපිට පුටුවක්‌ මත හිඳගෙන සිටින්නීය. ඇයගේ ඇඟ පුරා තෙල් ආලේප කර ඇති බවක්‌ පෙනේ. ප්‍රාදේශීය ලේකම්තුමියට සමු දුන් අපි පුංචි සිඟිත්තිය අසලට ගියෙමු. කූඩාරම තුළ තවත් පුංචි දරුවන් දෙදෙනකු සමඟ තරුණ කාන්තාවක්‌ සිටිති. අපි ඒ කාන්තාවට කතා කළෙමු. ඇය රේණුකා කුමාරි කරඳගොල්ලය. දරුවන් තිදෙනකුගේ මවකි. මේ ඇය කියන කතාවය.

''අපි මෙහාට ආවේ දඹුල්ලේ ඉඳලා. මගේ මහත්තයා පාසල් මුරකරුවකු විදිහට වැඩ කරනවා. දෙවැනි දුව තමයි ලෙඩ වෙලා ඉන්නේ. දුවට ඇවිදින්න වාරු නෑ. මගේ පුංචි දුවට මේ දේ උදා කළෙත් වෛද්‍යවරුම තමයි. මගේ ලොකු දරුවා සීසර් කරලා ගත්තේ. දෙවැනි දරුවා සීසර් කරලා ගන්න ඕන කියලා වෛද්‍යවරු නිර්දේශ කළා. ඒ අනුව මම දුව හම්බ වෙන්න දඹුල්ල රෝහලට ඇතුළත් වුණා. 2007 ජනවාරි 21 වැනිදා මට අමාරු වුණා. ඒ වෙනකොට සීසර් කරන්න වෛද්‍යවරයා හිටියේ නැති නිසා මාව මාතලේ මහ රෝහලට මාරු කළා. දරුවා ලැබෙන්න කිට්‌ටු වෙනකොට මට ගොඩක්‌ අමාරු වුණා. මම කෑගහනකොට ඒ රෝහලේ වෛද්‍යවරු සීසර් කරන්නේ නැතිව අඬු දලා දරුවා ඇඳලා ගත්තා. දරුවටත් ගොඩක්‌ අමාරු වුණා. අවුරුදු තුනක්‌ ගත වෙලත් දරුවාගෙන් කිසිම ක්‍රියාකාරකමක්‌ දැක්‌කේa නෑ. ගමේ රෝහලේ ඉඳලා කොළඹ ළමා රෝහලට දරුව අරගෙන ගියා. අවුරුදු ගණනාවක්‌ රෝහල්වල නතර කරගෙන හිටියා. ඒ එකම තැනකින්වත් ඖෂධ ප්‍රතිකාරයක්‌ කළේ නෑ. ව්‍යායාම කරන්න දුන්නා විතරයි. ඒත් කිසිම ප්‍රතිඵලයක්‌ දකින්න ලැබුණේ නෑ. ස්‌නායු රෝග සම්බන්ධයෙන් ඉන්න හැම විශේෂඥ වෛද්‍යවරයකුටම දුව පෙන්නුවා. ඒ හැම වෛද්‍යවරයෙක්‌ම කිව්වේ 'දරු උපතේදී මොළේ ස්‌නායුවලට හානි වෙලා මොළයට විෂබීජ ඇතුළු වීම නිසා දරුවා ස්‌නායු ආබාධයකින් පෙළෙනවා කියලයි. අපි දුව හොඳ කරන්න නොවිඳිනා දුක්‌ වින්දා. ඔහොම ඉන්න අතරේ තමයි අපේ ගමට අල්ලපු රනව ගමේ කතා කරන්න බැරිව හිටිය පිරිමි දරුවෙක්‌ව මේ පන්සලට ගෙනත් ප්‍රතිකාර කරලා කතා කරනවා කියලා දැන ගන්න ලැබුණේ. මුළු ගමේම මිනිස්‌සු පුදුම වුණා. ඒ දරුවගේ දෙමවුපියෝ තමයි අපිටත් මේ පන්සලට එන්න කිව්වේ...''

''ළමයා සනීප කරන්න පුළුවන් කියලා හාමුදුරුවො කිව්වා. එදාම අපි නතර වෙලා වෙදකම් කරන්න පටන් ගත්තා. හැමදාම බෝධි පූජාවට සම්බන්ධ වුණා. හැමදාම දරුවා අල්ලාගෙන ගිහින් චෛත්‍යය වන්දනා කළා. හත්වැනි දවසේ චෛත්‍යය වන්දනා කරලා ආපසු එන්න සූදානම් වෙනකොට මගේ දුව චෛත්‍යය ළඟ ඉඳලා තනියම පහළට දුවගෙන ආවා. ඒක දැක්‌කම මට කෑගැසුණා. ඒ වෙලාවේ ඇති වෙච්ච සතුට කියන්න වචන නෑ...'' දැනුදු ඇයගේ දෙනෙත්වලින් සතුටු කඳුළු උතුරා ගලා දෙකොපුල් තෙත් කරන්නීය. ඇයට කඳුළු පාලනය කර ගැනීමට නොහැකි විය. මොහොතකට කතාව නතර විය. අපි පුංචි සිඟිත්තිය දෙසට හැරුණෙමු.

ඇය උදානි උපේක්‍ෂා රත්නායකය. පුංචි දෝණි මුව පළල් කර අප දෙසට මඳහස පාති. මේ මොහොතේ ඇයට පොළොවේ පය ගැසීමට නොහැකි ඇඟ පුරා තෙල් බෙහෙත් ආලේප කර ඇති හෙයිනි. එසේ නොවෙන්න පුංචි දියණිය දැන් කිසිවකුගේ වාරුවක්‌ නොමැතිව පොළොවේ පය ගසා ඇවිදින්නීය.

''දැන් මගේ පොඩි දුවට හොඳටම සනීපයි. මගේ දරුව සනීප කරලා දුන්න පත්තිනි මෑණියන්ට බුදු බව අත් වෙන්න ඕනෑ... නායක හාමුදුරුවන් නිවන් දකින්න ඕනෑ... නායක හාමුදුරුවො වෙදකම විතරක්‌ නෙමෙයි අපේ ආරක්‍ෂාව ගැනත් හොඳට හොයලා බලනවා. මේ වගේ කරුණාව දක්‌වන ස්‌වාමීන් වහන්සේ නමක්‌ ජීවිත කාලයට දැකලා නෑ. උන්වහන්සේ කිසිම කෙනෙකුට විශේෂත්වයක්‌ දක්‌වන්නේ නෑ. හැමෝටම එක වගෙයි. තව සතියක්‌ දෙකක්‌ යනකොට මගේ දුවට හොඳටම සනීප වෙනවා. ඒක මට විශ්වාසයි. ඒත් ඉතිං පිං කැටයක්‌වත් නැති පන්සලේ හාමුදුරුවන්ට, කාර්ය මණ්‌ඩලයට පිං දෙනවා මිසක්‌ වෙන කරන්න දෙයක්‌ නෑ...'' ආබාධිතව සිටි උපේක්‍ෂාව කරපින්නාගෙන රෝහල් ගානෙ ගිය රේණුකා අද සතොසින්ය. ඇය හෙට නිවසට යන්නේ දෙපයින් ඇවිද යන උපේක්‍ෂා සමඟය.

වාහල්කඩ පින්බිමේදී නිරන්තරයෙන් ඇසෙන්නේ මියෑදෙමින් තිබූ මිනිස්‌ අවයවවලට ජීවය දුන් කතාය. මේ පින්බිමේ ප්‍රතිකාර ගන්න සහ ප්‍රතිකාරගෙන සුව වී සිටින අය කියන කතාවලට සිත නැවුම් ප්‍රබෝධයකින් පිරෙන්නේය. එහෙත් ඇතැම් අය තම රෝගී තත්ත්වය ගැන කතා කිරීමටත්, පින්බිමේ හාස්‌කම් ගැන කතා කිරීමටත් මැලි වන විට අපේ සිතට මහත් දුකක්‌ දැනේ. දුෂ්කර වාහල්කඩ පන්සලේ, රටේ ප්‍රසිද්ධ චරිතයක්‌ නොවන රත්නපුරේ ධම්මකුසල හාමුදුරුවන්ගෙන් ප්‍රතිකාර ගෙන ලෙඩ සනීප වුණා කියා නම් ගම් සහිතව රටට පැවසීම ඔවුන්ට මදිපුංචිකමකි. වාහල්කඩ පින්බිමේ කූඩාරම්ගතව සිල්වත් ජීවිතයක්‌ ගත කර ප්‍රතිකාර ගෙන මරණය කල් දමා ගත්ත ද ඔවුන්ගේ සිත් තුළ පැළපදියම්ව ඇති පුහුමාන්නයට ප්‍රතිකාර ලැබී නැත. සමාජයේ එවැනි රෝගවලට ප්‍රතිකාර කිරීමට සත්පත්තිනි මෑණියන්ට නොහැකිය. ඒ ගැන කතා කිරීමට මීට වඩා වචන නාස්‌ති කිරීම ද ඵලක්‌ නැත.

වාහල්කඩ ඉසිවර අරණ ගැන 'දිවයින' කරන හෙළිදරව්වත් සමඟ එම පින්බිමට ප්‍රතිකාර ගැනීමට පැමිණෙන රෝගීන්ගේ විශාල වර්ධනයක්‌ පෙන්නුම් කෙරේ. මේ පින්බිමේ ආශ්චර්යයේ මහිමයට, යන ඕනෑම කෙනෙකුට කූඩාරමක්‌ අටවා ගැනීමට ඉඩ පහසුකම් ද ලැබේ. එහෙත් කඳු ගැටයක්‌ මත පිහිටි විහාරස්‌ථානය වැසි කාලයට සේදී යන්නේය. කූඩාරම්වල ලැගුම් ගෙන සිටින රෝගීන් දහසකට අධික පිරිසකට යන එනමං නැති වී යන්නාහ. එහෙයින් රටේ පුරවැසියන් විදිහට වාහල්කඩ පින්බිමේ ප්‍රතිකාර ලබන අසරණයන්ට අහිගුණ්‌ඨික ජීවිත ගත කිරීමට ඉඩ දී බලා සිටීමට නොහැකිය. දැන් අප කළ යුතුව ඇත්තේ වාහල්කඩ මංගලාරාමයේ ප්‍රතිකාර ලබන රෝගීන්ට නවාතැන් ගැනීමට ස්‌ථිර ගොඩනැඟිල්ලක්‌ ඉදිකිරීමට එකමුතු වීමය. එය අපට කළ නොහැකි දෙයක්‌ නොවේ. අවශ්‍යව ඇත්තේ උපකාර කිරීමට ඉදිරිපත් වීම පමණි.



Wmqgd .ekSu oskusK mqj;a m; weiqfrks

More News »