සමහරු අහනව වැව් බැම්ම "උඹලගෙද" කියලා

2017-03-13 10:27:00       658
feature-top
බිස්‌නස්‌ එක වඳුරන්ට දාලා
දියේ ගිලෙන මිනිස්‌සු
බේරගන්න වැවට පනින
කන්තලේ වැව් බැම්මේ මිනිස්‌සු

ඉරේ රැස්‌ කෙඳි වැටිලා කන්තලේ වැව් දිය රිදී පාටින් දිලිසෙනවා. ඈතක ඉදන් හමන සුළඟ වැව් බැම්මට සෙවන දෙන්න උස්‌ මහත්වෙච්ච ගස්‌වල අතු ඉති එක්‌ක රහස්‌ මුමුනනවා. තව කාටවත් නොකියන ඒ රහස්‌ රැගත් සුළඟ එක මොහොතක්‌ එක තැනක නොරැඳී ඈතට පාවෙනවා. සිරිල් ඔවුන් පිළිබඳ තව තවත් විත්ති කතා අපත් සමඟ පවසනවා.

මේ කියන්න යන පිරිස අවුරුදු විස්‌ස විසිපහක කාලයක පටන් කන්තලේ වැව් බැම්ම තමන්ගේ ජීවිතය කරගත්ත මිනිස්‌සු. ඊටත් ඉස්‌සර කන්තලේ වැව් බැම්ම කඩාගෙන වැව් දිය ගම්බිම් යට කරද්දී වැව් බැම්මට ගොඩවැදිලි පණ බේරගත්ත කීප දෙනෙකුත් මේ පිරිස අතරේ ඉන්නවා.

අපට මේ අයව මුණ ගැහෙන්නෙ කන්තලේ වැව් බැම්ම මතදී. ඒ අයගේ වචනයෙන් කිව්වොත් "බන්ට්‌" එක උඩදී මේ අයත් සාමාන්‍ය සමාජයේදී මුණ ගැහෙන අනෙක්‌ මිනිසුන් වගේම පිරිසක්‌ තමයි. ඒත් පුංචි වෙනසකට තියෙන්නේ මේ අය කන්තලේ වැව් බැම්ම මතට වෙලා දවල් දවස තිස්‌සේ හක්‌කලං කරන්නේ වැවේ සිරිය ඇස්‌වල තවරගන්න නෙවෙයි. ජීවත්වෙන්න.

මුලින්ම අපත් සමඟ කථාවට වැටෙන්නෙ සිරිල්. සිරිල් කියන්නේ කන්තලේ වැව් බැම්ම පුපුරලා ගම් බිම් යටකරපු දවසෙ යාන්තම් ජීවිතය බේරගත්ත මනුස්‌සයෙක්‌. එදා සිරිල්ගේ අයියලගේ පවුලේ කීප දෙනෙක්‌ මහ මුහුද ගොඩගලනවා වගේ ගලපු වැව් දියට යට වෙද්දී සිරිල් තමන්ගේ දරු පැටවුන්ව කරපින්නාගෙන වැව් බැම්ම මතට ගොඩවෙලා තියෙන්නේ මරණයත් එක්‌ක මහ සටනක යෙදිලා. දැන් සිරිල් කියන්න යන්නේ මේ වෙද්දී කන්තලේ වැව් බැම්මට (බන්ට්‌) එකට වෙලා කරන්න වෙලා තිබෙන ජීවිත සටන ගැන විස්‌තර.

"මෙතන අපි දොළොස්‌ දෙනෙක්‌ බිස්‌නස්‌ කරනවා. දඹුල්ලෙන් අඹ, පේර, අන්නාසි ගෙනත් ඒව කපල මෙතනට එන අයට විකුණලා දරු පැටවුන්ට කන්න අඳින්න දෙන එකයි උන්ට අකුරු උගන්නන එකයි කරාට පස්‌සේ ඉතුරුවෙන දෙයක්‌ නෑ. හරියට බිස්‌නස්‌ එකක්‌ වෙන්නෙ නිවාඩු දවස්‌වලට විතරයි. මොකද වැඩි පිරිසක්‌ මේ මණ්‌ඩියට එන්නේ සති අන්ත නිවාඩු දවස්‌වලට. සමහර දවස්‌වලට අතිනුත් පාඩු කරගෙන තමයි හවසට ගෙදර යන්නේ."

ඉරේ රැස්‌ කෙඳි වැටිලා කන්තලේ වැව් දිය රිදී පාටින් දිලිසෙනවා. ඈතක ඉදන් හමන සුළඟ වැව් බැම්මට සෙවන දෙන්න උස්‌ මහත්වෙච්ච ගස්‌වල අතු ඉති එක්‌ක රහස්‌ මුමුනනවා. තව කාටවත් නොකියන ඒ රහස්‌ රැගත් සුළඟ එක මොහොතක්‌ එක තැනක නොරැඳී ඈතට පාවෙනවා. සිරිල් ඔවුන් පිළිබඳ තව තවත් විත්ති කතා අපත් සමඟ පවසනවා.

"අපි මෙතැන වෙළ¹ම් කරන්නෙ නගර සභාවට මුදලක්‌ ගෙවල අවසර ගත්ත පිරිසක්‌ විදිහට. බැලූ බැල්මට ඕනම කෙනෙකුට පේන්නේ අපි අඹ, පේර විකුණන පිරිසක්‌ විදිහට උනාට මේ වැව් බැම්ම රැක ගන්න මෙතන පිරිසිදු ස්‌ථානයක්‌ බවට පත්කරන්න විශාල වෙහෙසක්‌ ගන්නවා. අපේ මුදලින් ඉදල්, කොහු ගෙනත් මෙතන පිරිසිදු කරනවා. ඊට අමතරව වැවේ සිරිනරඹන්න පිට පළාත්වලින් වැව් බන්ට්‌ එකට එන මිනිසුන්ගේ ජීවිත පවා පරිස්‌සම් කරන්න වෙලා තියෙන්නෙත් අපිට. වැවේ තියෙන අනතුරුදායක බව කියාදීලා වැවට බහින්න එපා කිව්වම සමහරු අහනවා වැව උඹලගෙද කියලා. එහෙම අහන සමහරු කියන දේ අහන් නැතුව වැවට බහිනව මිනිය ගොඩ ගන්න වෙන්නෙත් අපිට ඔය වගේ කතාන්දර ගොඩක්‌ මෙතැන තියෙනවා. මහත්තයල අහගෙන ඉන්නවානම් අපි කියන්නම්."

සිරිල්ගේ සහය පිණිස වැව් බැම්ම මත වෙළ¹මේ යෙදෙන පිරිස අතරින් තව එකා දෙන්නා එක්‌වන්නට විය. ඔවුන් අතර චන්ද්‍රකලා, කුමාරි, තිස්‌ස, සීතා, මුණසිංහ ඇතුළු තවත් කීප දෙනෙක්‌ වූ අතර ඔවුන් සියල්ලෝම ගමේ පදිංචිකරුවන්ය. ඒ අතරින් චන්ද්‍රකලාගේ කටහඬ උස්‌ව නැඟෙන්නට විය.

අපි අඹ ගෝනියක්‌ ගේන්නේ රුපියල් 3500 ක්‌ විතර වෙළන්දට ගෙවලා. ඒ ගෙනත් තමයි අඹ පැකට්‌ එකක්‌ රුපියල් 50 කට විකුණන්නෙ. හුඟ වෙලාවට රුපියල් පනහක්‌ දීලා අපෙන් අඹ පැකට්‌ එකක්‌ ගන්නේ අපි වගේම දුප්පත් මිනිස්‌සු විතරයි. ලොකු කාර්වලින් කොළඹ ඉඳලා එන නෝන මහත්වරු බන්ට්‌ එක උඩ වාහනය නවත්වලා එකටම කරන්නේ ගාන අහන එක. රුපියල් පනහයි කිව්වම ඒ අය කියනව කොළඹ අඹ ගෙඩියක්‌ රුපියල් විස්‌සයි ඇයි මෙහේ මෙච්චර මිලක්‌ කියලා. අපිට බැණ බැණ තමයි ඒ අය මෙතනින් යන්නේ. තව කට්‌ටියක්‌ එනව ඒ අය මෙතනට ඇවිත් කරන්නේ අපි සුද්ධපවිත්‍ර කරන වැව් බැම්ම අපවිත්‍ර කරන එක. කොළඹින් ගේන ඉටිකොළ, ප්ලාස්‌ටික්‌ බෝතල්, ෂොපින් කවර මේ තැන් තැන්වල දානව ඒවා කුණු කූඩවලට දාන්න කියලා අපි කිව්වහම ඒ අය අහනවා වැව් බැම්ම උඹලගෙද කියලා. මෙතන කුණු දාන්න දෙන්න එපා කියලා නගර සභාවේ. පොලිසියේ මහත්වරු අපට කියලා තියෙන හින්දා අපි එහෙම කිව්වට පිට පළාත්වලින් මෙතනට එන සමහර පිරිස්‌ ඒව අහන්නේ නෑ. ඒවායින් බැට කන්නෙත් අපිනෙ මහත්තයො.

යුද්දෙ ඉවර උනාටත් පස්‌සේ නගර සභාවෙන් අපට වෙළෙ¹මට අවසර දුන්නේ නෑ. හේතුව තමයි මේ ස්‌ථානය අපිරිසිදු කිරීම, පස්‌සේ එම්. කේ. ඩී. එස්‌. ගුණවර්ධන ඇමැතිතුමා මැදිහත් වෙලා අපට අවසර අරන් දුන්නා. වැවේ සිරි නරඹන්න එන හුඟක්‌ අය මෙතන පිරිසිදුකම ගැන හිතන්නෙ නෑ.

සෑම සුන්දර දෙයක්‌ පසුපසම නොපෙනෙන අසුන්දරත්වයක්‌ද ඇත. කන්තලේ වැව් බැම්ම මතදි දකින සුන්දරත්වය පසු පසින් ඇත්තේද එම යථාර්ථයමය. ජීවත්වීම පිණිස වැව් බැම්ම මත අඹ පේර විකුණන මිනිසුන්ගේ කථාව මෙන්ම සුන්දර වැව් දිය යට සැඟව ගිය අසුන්දර කථා රාශියක්‌ද කන්තලේදී අපට අසන්නට හැකි විය. සිරිල් ඇතුළු අඹ පේර විකුණන අනෙක්‌ පිරිසගේ ඉල්ලීම වූයේ මාධ්‍ය මගින් ඒ පිළිබඳව රටේ ජනතාව දැනුවත් කරන ලෙසය.

පිට පළාත්වල ඉඳල වන්දනාවෙ යන පිරිස්‌ විනෝදගමන් යන උදවිය මේ පළාතට ආවොත් බන්ට්‌ එක උඩ ටිකක්‌ වෙලා නතර වෙන එක එදා පටන්ම වෙන දෙයක්‌.

එහෙම එන සමහර උදවිය බන්ට්‌ එක ළඟින් වැවට බහින්න හදනවනම් අපි කියනවා ඔතනින් බහින්න එපා වැව ගැඹුරුයි කියලා. මොකද පොලිසියට කට උත්තර දෙන්න වෙන්නේ අපිටනෙ. පොලිසියෙන් අපට කියලත් තියෙනවා ඒ දේ කරන්න දෙන්න එපා කියලා. අපි එහෙම කිව්වහම සමහරු කියනවා ඒ අයට වැව් ගැන කියලා දෙන්න ඕන නෑ. අපි වැව් ගැන හොඳට දන්න මිනිස්‌සු කියලා. මේ හරිය අඩි විස්‌සක්‌ විතර ගැඹුරුයි. ඉතිං කියන දේ නාහන සමහරු වැවට බහිනවා. අන්තිමට ගිලිලා මැරෙනවා. මේ හරියෙන් එහෙම වැවට බැහැපු කීප දෙනෙක්‌ම ගිලිලා මැරුණා. බැරිවෙලාවත් එහෙම දියේ ගිලෙන කෙනෙක්‌ අපි දැක්‌කොත් බිස්‌නස්‌ එක වඳුරන්ට දාල අපි වැවට පැනලා ජීවිත බේරගන්නවා. බැරිවෙලාවත් කෙනෙක්‌ දියේ ගිලිලා මැරිලා හිටියත් ගොඩට ගේන්නේ අපේ කවුරු හරි කිමිදිලා. මෙතන ඉදගෙන අපි බිස්‌නස්‌ එක විතරක්‌ කරනවා කියලා හුඟදෙනෙක්‌ හිතුවට අපි අපේ ජීවිත ගැනවත් හිතන්නෙ නැතුව මිනිසුන්ව බේර ගන්න රාජකාරියත් කරනවා. අපි අඹ ගෙඩියක්‌ අන්නාසි කෑල්ලක්‌ විකුණලා ජීවත්වෙන මිනිස්‌සු බව ඇත්ත. ඒත් මේ හරියෙදි කාට හරි වැවෙන් කරදරයක්‌ වෙනවානම් ඒ අයට පිහිටවීම අපි දකින්නෙ අපෙන් වෙන්න ඕන යුතුකමක්‌ විදිහට. ඕව රටේ ලෝකෙ මිනිස්‌සු හුඟදෙනෙක්‌ දන්නෙ නෑ මහත්තයා. වැවේ ගිලෙන කෙනෙක්‌ව බේරගත්තා කියමු. එහෙම නැත්නම් වැවට වැටිලා හරි පැනල හරි මියගිය මනුස්‌සයෙකුගේ සිරුරක්‌ ගොඩගත්තා කියමු ඒ අයත් එක්‌ක එන අනෙක්‌ මිනිස්‌සු ස්‌තුතියි කියන්නෙවත් නැතුව යන වෙලාවල් පවා තියෙනවා.

"අපි මේ දේවල් කරන්නේ මුදලටවත් ප්‍රශංසා ලබා ගන්නවත් නෙවෙයි බිස්‌නස්‌ එක වඳුරො ගෙනිච්චත් කමක්‌ නෑ කියලා අපි ඒ වෙලාවට වැවට පනින්නේ කාගෙ උනත් කමක්‌ නෑ ජීවිතයක්‌ බේරගන්න ඕන හින්දයි."

"ඒ මොනව කළත් අපිව හුඟ දෙනෙක්‌ දකින්නෙ අනුන්ගෙ අතපල්ලෙන් වැටුන මිනිස්‌සු විදිහට. මෙතන බිස්‌නස්‌ කරන අපි අතරේ ඉන්නවා පිළිකාවක්‌ හැදුන අක්‌ක කෙනෙක්‌. වකුගඩු අමාරුව හැදුන පිරිමි මනුස්‌සයෙක්‌ ඒවට බේත්හේත් ගන්න කොළඹට යන්න නම් කීයක්‌ හරි හොයාගන්න ඕන. රජයෙන් කියලා මේ වන තුරු අපට සතපහකින්වත් ආධාරයක්‌ නෑ. එදා 1986 අප්‍රේල් විසි වැනිදා වැව් බැම්ම කැඩිලා අපේ ගේ දොර අඹු දරුවන් පිටින් ගසාගෙන යද්දී මෙතන ඉන්න කීප දෙනෙක්‌ ජීවිත බේරගත්තේ මේ බන්ට්‌ එකට ගොඩවෙලා. අදත් අපි ජීවත් වෙන්නේ බන්ට්‌ එකට පින්සිද්ධ වෙන්න. අඹ මල්ලක්‌ පේර මල්ලක්‌ විකුණල ඒ හින්දා කවුරු මොනව කිව්වත් අදත් අපි වැවට වගේම මේ වැව් බැම්මට සලකන්නෙ දේවත්වයෙන් මෙතන තමයි මහත්තයෝ තව දුරටත් මේ ලෝකෙ අපට ජීවත් වෙන්න තියෙන එකම තැන."

වේලාව දහවල් 12 ට ආසන්න වෙමින් ඇත. වැව් බැම්ම පාමුල සිට වෙන වෙනම උස ගිය යෝධ තුරු පෙළ පාමුලට ඉර ගිනියම නොදැනෙන්නේය. අතීතයේ විසූ මිනිස්‌ සමූහයකගේ සාමූහික වෑයමක්‌ වන කන්තලේ වැව සහ අවට පරිසරය නෙත් මත අපූරු සිතුවමක්‌ මවමින් යුග යුග ගණන් තම මෙහෙවර ඉටුකරමින් ඇත. මේසා විසල් විස්‌කම් කළ මිනිසුන් විසූ බිමකින් අපට සමුගන්නට නියමිත මොහොත උදාවී ඇත.



Wmqgd .ekSu ,xldoSm mqj;am; weiqfrks

More News »