මුදල් වෙනුවෙන් මිනිස්‌ ජීවිත වනසන මිනිස්‌ අවයව ජාවාරම

2017-02-17 10:27:00       588
feature-top
ඕම් හුසේන්- ඉරාකයේ වෙසෙන අන්ත දුප්පත් අම්මා කෙනෙකි. ඉරාකයේ වෙසෙන මිලියන ගණනක්‌ වූ අනෙකුත් දුගී ජනතාව මෙන්ම ඇයද ජීවත් වෙන්නට අපමණ දුකක්‌ විඳින්නීය. කුඩා දරුවන් හතර දෙනෙක්‌ හා රෝගී සැමියා සමග ජීවත් වෙන්නට, දවසට එක වේලක්‌ හෝ හොයා ගන්නට ඇය නොකරන දෙයක්‌ නැත.

ඇගේ සැමියා -අලිට රැකියාවක්‌ නැත. ඔහු හදවත් රෝගියෙකි. පසුගිය අවුරුදු නවය පුරාම ඔවුන්ගේ පවුලේ අය යෑපුණේ ඕම් හුසේන් හොයා ගන්නා දෙයකිනි. ඇය කීයක්‌ හෝ සොයා ගන්නේ පොහොසත් නිවෙස්‌වල බැළමෙහෙවර කිරීමෙනි. හෘද රෝගියෙකු වූ ඇගේ සැමියාද නොකළ රැකියාවක්‌ නැති තරම්ය. වරෙක කුණු අහුලන්නෙකු ලෙසද, මස්‌ කපන්නෙකු ලෙසද, කුලී වැඩ කරන්නෙකු ලෙසද, අතට අසුවන හැම දෙයක්‌ම කළ නමුදු ජීවත් වෙන්නට සොච්චමක්‌ සොයා ගන්නට අසීරුකමින් ඔවුන් හති වැටී ගොසිනි.

ඕම් හුසේන් තම වකුගඩුවක්‌ විකුණා දමා කීයක්‌ හෝ වැඩිපුර හොයා ගන්නට තීරණය කළේ මේ අන්ත දුප්පත්කම නිසාමය. ඕම් හුසේන් සහ අලී තමන්ගේ වකුගඩුවක්‌ විකුණා ගන්නට වකුගඩු වෙළඳාමේ අතරමැදි වෙළෙන්දෙකු හමු වූහ. එහෙත් වකුගඩුවක්‌ ඉවත් කරන්නට තරම් ඒ දෙදෙනාම නිරෝගී අය වූයේ නැත. අන්තිමේදී මේ දෙදෙනා අහස පොළව නූහුලන තීරණයකට එළඹියහ. ඒ තම නව හැවිරිදි පුතු අක්‌බාර්ගේ වකුගඩුවක්‌ විකුණා දමා මුදල් හොයා ගන්නටය.

ඔබ පුදුම වනු ඇත. එහෙත් දුප්පත්කමේ පීඩාව ඉවසන්නට බැරි තැන මෙසේ තම ශරීර අවයව විකුනා හෝ මුදල් හොයන්නට පෙළඹුන මිනිසුන් සිටින්නේ ඕම් හුසේන් හා අලී පමණක්‌ නොවේ. ඉන්දියාව, පාකිස්‌ථානය, නේපාලය, ඉරාකය, ඉරානය, ඉන්දුනීසියාව, පිලිපීනය වැනි රටවල් වල බොහෝ මිනිසුන් දුප්පත් කම නිසා තම ශරීර අවයව විකුණා මුදල් සොයති.

කෙසේ වුවත් දුප්පත්කම නිසා හෝ වෙනයම් කරුණක්‌ මත මනුෙෂ්‍යයකුට තම ශරීරයේ කොටසක්‌ විකුණා දැමීමට සිදුවීම ෙ€දවාචකයකි. ඒ ෙ€දවාචකය හරහා දොර විවර වන්නේ ලෝකයේ බිහිසුණුතම ජාවාරමකටය.

ශරීර අවයව විකිණීම වර්තමානයේ ලොව රටවල් බහුතරයක පැතිරී ඇති නීතිවිරෝධී බිහිසුණු ජාවාරමකි.

වකුගඩු, අක්‌මාව, පටක, ඇස්‌ ආéය පමණක්‌ නොව මිනිස්‌ හදවත් පවා බද්ධ කළ හැකි තරමට අද වෛද්‍ය විද්‍යාව දියුණුය. එසේම එවන් අවයව බද්ධ කිරීමකින් තොරව ජීවිතය බේරා ගත නොහැකි අසාධ්‍ය රෝගීන් සංඛ්‍යාවද දිනෙන් දිනම වැඩි වෙමින් පවතියි. 2013 වසරේ" ඇමෙරිකාවේ පමණක්‌ මෙසේ මිනිස්‌ අවයව බද්ධයක්‌ බලාපොරොත්තුවෙන් උන් රෝගීන් සංඛ්‍යාව 121,272ක්‌ බව වාර්තා වෙයි. එහෙත් පින් තකා හෝ අනුකම්පාව මත මෙවන් රෝගීන් වෙනුවෙන් අවයව පරිත්‍යාග කරන්නන් අල්පය. එවන් අසාධ්‍ය රෝගීන් තම ජීවිතය බේරා ගැනීමේ උවමනාව නිසාම කොතරම් මුදලක්‌ ගෙවා හෝ තමාට අවශ්‍ය මිනිස්‌ අවයවය මිලදී ගන්නට හෝ පෙළඹෙයි. මේ නිසාම මිනිස්‌ අවයව වලට දිනෙන් දිනම සීග්‍රයෙන් ඉහළ යන ඉල්ලුමක්‌ ඇත. මේ හේතුවෙන් ඇති වන වෙළඳපොල නිසාම මිනිස්‌ අවයව ජාවාරම අද ලෝකයේ බොහොමයක්‌ රටවල සිදු කෙරෙන ජාවාරමක්‌ බවට පත් වී ඇත.

මිනිස්‌ අවයව ජාවාරමේ අප දැනටමත් දන්නා කොටස වනුයේ දුප්පත් රටවල මිනිසුන් මුදලට තම අවයව විකුණන බවයි. මෙය මිනිස්‌ අවයව ජාවාරමේ එක්‌ ක්‍රමවේදයක්‌ පමණකි.

මිනිස්‌ අවයව ජාවාරමට මිනිස්‌ අවයව ලබා ගන්නා ක්‍රමවේදයන් කිහිපයක්‌ ගැන එක්‌සත් ජාතීන්ගේ සංගමයෙන් නිකුත් කළ මිනිස්‌ ජාවාරම් පිළිබද වාර්තාවක සදහන් වෙයි.

01. ඉන් පළමුවැන්න වනුයේ අවයව ගලවා ගැනීමට ලක්‌වන පුද්ගලයා තමන්ගේ අවයවය විකිණීමට හෝ පරිත්‍යාග කිරීමට විධිමත් ලෙස හෝ අවිධිමත් ලෙස කැමැත්ත පළකිරීමෙන් පසුව ඔවුන්ගේ අවයව ඉවත් කර ගැනීමයි. එනම් ඔවුන්ගේ කැමැත්ත ඇතිව අවයව ලබා ගැනීමයි.

දුප්පත්කම නිසා තම දරුවාගේ වකුගඩුව විකිණූ ඕම් හුසේන් හා අලි අයත් වෙන්නේ මෙකී පළමු වර්ගයේ වින්දිතයන් ගොඩටය.

ඉන්දියාව, පාකිස්‌ථානය, ඇµaගනිස්‌ථානය, ඉරාකය, ඉරානය, නේපාලය වැනි රටවල අන්ත දුප්පත් බවේ ගිලුණු මිනිසුන් බොහෝ ඇත. අසීරුවෙන් එදා වේල සරි කරගන්නා මේ දුප්පතුන් හට පවුලේ හදිසි අවශ්‍යතාවකට, ණය මුදලක්‌ පියවා ගැනීමට වැනි දේකට මුදල් අවශ්‍යතාවයක්‌ වුවහොත් ලොකු මුදලක්‌ ලබා ගැනීමේ මාර්ගයක්‌ නැත. එවන් අවශ්‍යතාවයන් උදෙසා මෙසේ තම ශරීර අවයවයන් විකිණීමට ඔවුන්ගෙන් ඇතැමුන් පෙළඹෙයි.

මෙසේ බහුලව විකුණනු ලබන මිනිස්‌ අවයව වනුයේ වකුගඩු, අක්‌මාව, පටක, ආදියයි.

ඒ ඒ රටවල දුප්පත් කමේත්, නූගත් කමේත් ප්‍රමාණයට අනුව මේ මිනිස්‌ අවයව වලට ලැබෙන මිල ගණන් වෙනස්‌ වෙයි. යුක්‌රේනය වැනි රටක" පුද්ගලයෙකුට තම වකුගඩුවක්‌ වෙනුවෙන් ඩොලර් ලක්‌ෂ දෙකක්‌ පමණ ලැබෙයි. චීනය වැනි රටක" නම් එය ඩොලර් විසි දහසක්‌ පමණ වෙයි. ඉන්දියාවේ වකුගඩුවක්‌ මිලදී ගන්නා මිල ඩොලර් එක්‌දාස්‌ පන්සීයක්‌ වැනි අඩු මුදලකි. කෙන්යාව වැනි රටකදී එය ඩොලර් හයසිය පනහක්‌ වැනි මුදලක්‌ දක්‌වා පහත බසී.

එහෙත් යම් රෝගියෙකු වකුගඩුවක්‌ මිලදී ගන්නා මිල කීයදැයි ඇසුවහොත් ඔබ පුදුමයට පත් වෙනු ඇත. ඒවා විකිණෙන්නේ කලුකඩ ගාණටය. වකුගඩුවක්‌ අවශ්‍ය කෙනෙකු එය මිලදී ගතයුතු අවම මුදල ඩොලර් ලක්‌ෂ එකහමාරක්‌වත් වෙයි. ඉතා අඩු මුදලකට දුප්පත් රටක අසරණ දුප්පතෙකුගෙන් මිලදී ගන්නා මිනිස්‌ අවයවයන් අධික මිලට පොහොසත් රටවල රෝගීන්ට විකුණා මිනිස්‌ අවයව ජාවාරමේ අතරමැදියෝ ඩොලර් කෝටි ගණනින් මුදල් උපයති.

ජාවාරම්කරුවන් මිනිස්‌ අවයව වෙළඳාමෙන් අධික මුදලක්‌ ඉපයුවද ඇතැම් විට මුදල් බලාපොරොත්තුවෙන් තම අවයව විකිණූ ඇතැම් දුගී පුද්ගලයන්ට ඒ සඳහා පොරොන්දු වුණු අවම මුදල හෝ ලැබෙන්නේ නැති අවස්‌ථාද වෙයි.

මොµsස්‌- ඇµaගනිස්‌ථානයේ අන්ත දුප්පත් කම්කරුවෙකි. ඔහු ලැබූ අත්දැකීම එවැන්නකි.

මම වකුගඩුවක්‌ විකුණන්න හිතුවේ උගසට සින්න වෙන්න යන මගේ ගේ බේරගන්න. ඒ ගොල්ලො මට ඩොලර් හයසීයක්‌ දෙන්න පොරොන්දු වුණා. හැබැයි වකුගඩුව ගලවගෙන ඒක ලෙඩාට බද්ද කළාට පස්‌සෙ තමයි සල්ලි දෙන්නෙ කියල ඒ ගොල්ලො කිව්වා. ඊට පස්‌සෙ මම සල්ලි ඉල්ල ඉල්ල හත් අට වතාවක්‌ම ගියා. සල්ලි පස්‌සෙ දෙන්නම් කියලා මඟඇරියා.. අන්තිමේදි මං එතනට ගියාම ඒ ගොල්ලො මට ටකා 2000ක්‌ (ඩොලර් තිහක්‌ පමණ) දීලා කිව්වා ආයෙත් ඇවිත් තිබුණොත් උඹව මරණවා කියලා.-

තම ශරීර අවයවය විකුණන බව දනිතත් එහි ඇති බරපතලකම ගැන නොදැන ශරීර අවයව විකුණන නූගත් දුප්පතුන්ද ඇත.

මිනිස්‌ අවයව ජාවාරම්කරුවන් නිර්මාණය කර ඇති -නිදන වකුගඩුව- හෙවත් Sකැeචසබට ණසාබැහ ගැන කතාවද එසේ දුප්පත් අහිංසකයින්ව රවටන්නට ගෙතූ එකකි. බොහෝ දුප්පත් මිනිසුන්ට මේ ජාවාරම් කරුවන් කියන්නේ මිනිස්‌ ශරීරයට වකුගඩු දෙකක්‌ ඇති නමුත් එයින් ක්‍රියාකාරී වන්නේ එක්‌ වකුගඩුවක්‌ පමණක්‌ බවය. ඉතිරි වකුගඩුව නිදන වකුගඩුවකි. නිදන වකුගඩුවකින් ශරීරයට ඇති පලක්‌ නැත. එනිසා මේ අනවශ්‍ය අවයවය විකුණා මුදල් ලබා ගැනීමේ ඇති වරදක්‌ද නැත.

මෙවන් බොරු ගොතා අසරණ නූගත් මිනිසුන්ව රවටමින් මේ මිනිස්‌ අවයව ජාවාරම්කරුවෝ මිනිස්‌ අවයව හොරා ගනිති. ඉන්දියාව නේපාලය, ඇµaගනිස්‌ථානය වැනි රටවල මෙවැනි කතන්දර බොහෝය.

පරියාර්- කත්මන්ඩු නගරයේ ගොඩනැඟිලි වැඩබිමක අත්උදව්දෙන කම්කරුවෙකි. ඔවුන්ගේ වැඩ පරීක්‌ෂක වරයා දිනක්‌ මේ කම්කරුවන් වෙත අපූරු වාසනාවක්‌ රැගෙන ආවේය.

තමන්ගෙ ඇගෙන් පුංචි මස්‌ කෑල්ලක්‌ විතරයි විකුණගන්න තියෙන්නෙ.. රුපියල් ලක්‌ෂ තිහක්‌ ලැබෙනවා..(මෙය ඩොලර් විසිදහසක්‌ පමණ මුදලකි.)-

මේ කියන -මස්‌ කෑල්ල- තම -වකුගඩුව- බව පරියාර් දැනගෙන උන්නේ නැත.

"වැඩබලන මහත්තය කිව්ව ඒ මස්‌ කෑල්ල ආපහු වැවෙන්නෙ නැතැයි කියල.. එච්චර ගානකුත් හම්බ වෙනව නං මස්‌ කෑල්ලක්‌ කපා ගත්තට මොකෝ කියල මං කැමති වුණා. මාව ඉස්‌පිරිතාලෙට ගෙනිච්චට පස්‌සෙ ඒ ඉස්‌පිරිතාලෙ දොස්‌තර මහත්තුරුත් කතා කරේ ඉංග්‍රීසියෙන්නෙ. මං දැනගෙන හිටියෙ නෑ මට ඇත්තටම මොකක්‌ද වෙන්නෙ කියලා..- පරියාර් තමාට සිදුව ඇති දෙය දැනගත්තේ මාස කිහිපයකට පසු අසනීපයකට රෝහල් ගතවූ විටය. පරියාර්ට ලැබුණේද නේපාල රුපියල් විසිදහසක්‌ පමණි. දැන් ඔහු මරණය බලාපොරොත්තුවෙන් සිටිනා රෝගියෙකි.

එක්‌සත් ජාතීන්ගේ සංගමයේ වාර්තාවේ සදහන් අන්දමට ශරීර අවයව ජාවාරමේ දෙවන වර්ගය වෙන්නේ වින්දිතයා කිසිසේත්ම දැනුවත් නොකර ඔහුගේ හෝ ඇයගේ ශරීරාංග සොරා ගැනීමය.

බොහෝ විට මේ මිනිස්‌ අවයව සොරා ගැනීම සිදුවන්නේ රෝහල් හරහාය. යම් රෝගයකට ප්‍රතිකාර කරන්නට ශල්‍යකර්මයක්‌ කරන බව රෝගියාට හඟවා රෝගියාට නොදන්වාම රෝගියාගේ ශරීර කොටසක්‌ සොරා ගැනීම ලෝකයේ බොහෝ රටවල මිනිස්‌ ජාවාරමට සම්බන්ධ වූවන් විසින් සිදු කරනු ලබයි. මෙබඳු අවයව ජාවාරමක නායකයෙකුව උන් අමිත් කුමාර් නම් ඉන්දියානු වෛද්‍යවරයෙකු 2008 වසරේදී නේපාලයේදී අත් අඩංගුවට ගැනිණ. ඔහු වසර නවයක්‌ පුරාවට මේ ක්‍රමයට වකුගඩු පන්සීයක්‌ පමණ සොරා ගෙන ඇතැයි වාර්තා විය.

ඒ ඇරෙන්නට පුද්ගලයන් සිහි නැති කර හෝ මත් කර ඔවුන්ගෙන් ශරීර අභ්‍යන්තර අවයව සොරා ගැනීම ගැන කතාද අසන්නට ලැබෙයි.

ලීසාද එවන් අපරාධයකට ලක්‌ වූ කාන්තාවකි. සාදයකදී හඳුනාගත් කඩවසම් පුද්ගලයෙකු සමග සබඳකමක්‌ ඇති කරගත් ලීසා ඔහු සමඟ දිනක්‌ ගත කරන්නට හෝටලයකට ගියාය. එහිදී ඒ තැනැත්තා ලීසාට හොඳින් සංග්‍රහ කර මත්පැන්ද බොන්නට දුන්නේය. ටික වේලාවකින් ලීසා සිහිසුන් වූවාය. ඇයට සිහිය ලැබෙන විට ඇය උන්නේ හෝටල් කාමරයට යාබද නාන කාමරයේ නාන බේසමේය. නාන බේසමට අයිස්‌ කැට පුරවා තිබිණ. ලීසාගේ අතේ යමක්‌ ලියූ කොළ කැබැල්ලක්‌ද තබා තිබිණ. -වහාම වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්න. ඔබගේ එක්‌ වකුගඩුවක්‌ ඉවත්කොට ඇත.- ඒ කොළ කැබැල්ලේ ලියා තිබිණ.

මේ ලෙසින්ම කාන්තාවන් හා කුඩා දරුවන් මිනිස්‌ අවයව සොරා ගැනීම සදහා පැහැර ගන්නටද අවයව ජාවාරම්කරුවන් යොමු වී සිටිති.

ලෝකයේ බොහෝ රටවල මෙසේ අවයව සොරාගැනීම සඳහා කුඩා දරුවන් පැහැරගැනීම සිදු වෙයි.

අනෙක්‌ ක්‍රමය නම් යම් කිසි පුද්ගලයෙකුගේ ජීවිතය කිසිසේත්ම නොවැදගත් යෑයි සලකමින් ඔහුගේ හෝ ඇයගේ ශරීර අවයව ඉවත්කර ගැනීමය. ලෝකයේ මානව හිමිකම් ආයතනවල දැඩි විවේචනයන්ට ලක්‌ වුවද මෙම ගණයට අයත් මානව අවයව කොල්ල කෑම ලොව පුරා රටවල් බහුතරයක මහා පරිමාණයෙන් සිදුවෙයි.

මැදපෙරදිග රටවලදී නම් ගෘහ සේවිකාවන්, කම්කරුවන් වැනි සංක්‍රමණික සේවකයන් මෙසේ අවයව ජාවාරමේ ගොදුරු බවට පත් වෙති. පසුගිය වසර ගණනාවක්‌ තිස්‌සේම මැදපෙරදිගදී යම් අයුරකින් මිය ගොස්‌ ලංකාවට ගෙන ආ ගෘහ සේවිකාවන්ගේ මළ සිරුරු වල ශරීර අභ්‍යන්තර අවයව අතුරුදන් වී තිබුණු බව වාර්තා විය. මෙසේම ඉන්දියාව, පිලිපීනය, නේපාලය වැනි රටවලින් මැදපෙරදිගට හා වෙනත් රටවලට යන සංක්‍රමණික ශ්‍රමිකයන්ද අවයව ජාවාරමේ ගොදුරු බවට පත් වී ඇත.

යාචකයන් හා කාත් කවුරුවත් නැති වීදි දරුවන්ද මේ අවයව ජාවාරමේ අසරණ ගොදුරු බවට පත් වෙති. මෙවන් පුද්ගලයන් පැහැරගෙන ගොස්‌ ඝාතනය කර අභ්‍යන්තර අවයව පැහැර ගත්තද බොහෝ විට ඒ සඳහා නීතිය ක්‍රියාත්මක වීමක්‌ නැත.

ලෝකයේ වඩාත්ම කතාබහට ලක්‌ වුණු මේ වර්ගයේ මානව අවයව කොල්ලකෑම සිදුවන්නේ චීනයේය. චීනයේ මේ අයුරින් මිනිස්‌ අවයව උදුරා ගන්නේ දේශපාලන සිරකරුවන් ගෙනි. චීනයේ දේශපාලන සිරකරුවන් සලකන්නේ -සජීවි අවයව දන් දෙන්නන්- හැටියටය. මෙය අති බිහිසුණු දරුණු මානව හිමිකම් උල්ලංඝනයකි. මේ දේශපාලන සිරකරුවන්ගේ වකුගඩු, අක්‌මාව, පටක මෙන්ම හදවත් පවා ගළවා ගැනෙයි. මේ ගැන ගවේෂණය කළ ඇතැම් වාර්තාකරුවන් වාර්තා කර ඇත්තේ ශරීර අවයව ගළවා ගැනීමෙන් පසුවද පණ ගැහෙන සිරුරු තමන් දුටු බවයි. එහෙත් අවයව ගළවා ගත් මේ දේශපාලන සිරකරුවන්ගේ සිරුරුවලට අයත් වන්නේ එකම ඉරණමකි. ඒ රෝහලේ මළසිරුරු දවන උදුනට දමා පුළුස්‌සා දැමීමය. මෙසේ ගළවා ගන්නා මිනිස්‌ අවයව එහි හැඳින්වෙන්නේ -මිනිස්‌ අවයව අස්‌වැන්න- ලෙසිනි. මේ -අස්‌වැන්න- විකුණා චීනය වසරකට ලබන ආදායම ඇමරිකානු ඩොලර් බිලියනයද ඉක්‌මවයි.

මේ අයුරින්ම අයි.එස්‌.අයි.එස්‌. ත්‍රස්‌ත සංවිධානයද දැන් මිනිස්‌ අවයව ජාවාරමට එකතු වී ඇත. තමන් යටත් කරගන්නා ප්‍රදේශවලින් අත් අඩංගුවට ගන්නා පුද්ගලයන් හා දරුවන්ගේ ශරීර අවයව ගළවා විකුණා අයි.එස්‌ ත්‍රස්‌ත සංවිධානයට මුදල් සොයන්නට ඒ ත්‍රස්‌තයෝ කටයුතු කරති.

මේ කවර ආකාරයකින් සිදු වුවද, එක්‌ පුද්ගලයෙකුගේ ජීවිතයක්‌ බේරා ගන්නට තවත් පුද්ගලයෙකුගේ ජීවිතය උදුරා ගැනීම අපරාධයකි.

අවයව ජාවාරම අපරාධකරුවන් රැසක්‌ එකතු වී කරන සංවිධානාත්මක අපරාධයකි.

අවයව විකුණන්නන්, අතරමැදියන්, රෝහල් / වෛද්‍ය මධ්‍යස්‌ථාන, වෛද්‍යවරු හා රෝහල් කාර්ය මණ්‌ඩල, මිනිස්‌ අවයව ප්‍රවාහනය කරන්නන් මෙන්ම මිලදී ගන්නන්ද මේ අපරාධයේ කොටස්‌කරුවෝය. ඒනිසා මෙය අතිශය සංකීර්ණය.

ලෝකයේ බොහෝ රටවල මෙය නීතියෙන් තහනම්ය. මිනිස්‌ අවයව විකිණීම සහ මිලදී ගැනීම නීතියෙන් තහනම් නැති රටක්‌ ලෙස දැනට ඇත්තේ ඉරානය පමණකි.

එක්‌සත් ජාතීන්ගේ සංගමය, ලෝක සෞඛ්‍ය සංවිධානය ආදී සංවිධාන විසින්ද මේ බිහිසුණු ජාවාරමට එරෙහිව තම තමන්ගේ නීති රීති පනවා ඇත. බොහෝ රටවලද මේ අපරාධයට එරෙහිව දැඩි නීති රීති ඇත.

එහෙත් අද මේ වන විටත් පැයකට වරක්‌ නීති විරෝධී අවයව ජාවාරමේ තවත් අලුත් ගනුදෙනුවක්‌ සිදු වන බව නම් සහතිකය.



Wmqgd .ekSu ��r mqj;am; weiqfrks

More News »