කල්පිටියේ එළවළු වගාව අනතුරේ
මිල පහළ යැමෙන් ගොවීන්ට දුෂ්කරතා

2017-02-13 10:41:00       602
feature-top
සීඝ්‍රයෙන් පහත බැස ඇති කල්පිටියේ එළවළු මිලට විසඳුමක්‌ ලබාදෙන ලෙස එම ගොවීහු රජයෙන් ඉල්ලයි. කිසිම දිනයක නොවූ ආකාරයට පසුගිය නත්තල් හා අලුත් අවුරුදු සමයේ බාල්දුවට පත් වූ එළවළු මිල මේ දක්‌වාද එම ආකාරයටම තිබීම හේතුවෙන් කල්පිටිය ප්‍රදේශයේ එළවළු වගාකරුවන් අපහසුතාවකට පත්ව ඇත.

මෙවර කල්පිටිය, නොරච්චෝලේ, තලවිල ප්‍රදේශයේ ගොවීන් උත්සව සමය අල්ලා වගා කළ ගෝවා, බීට්‌රූට්‌, රාබු හා අර්තාපල්, තක්‌කාලි වැනි එළවළු වර්ග නුවරඑළියටත් වැඩියෙන් පළ දරා ඇති නමුත් ගෝවා කිලෝ 2, 3 වැනි විශාල ගෙඩියක්‌ රුපියල් දහයත් විස්‌සත් අතර සුළු මුදලකට අලෙවිකරුවන් ලබා ගන්නා බැවින් නිසි විසඳුමක්‌ හා පාලන මිලක්‌ ඔවුහු බලාපොරොත්තු වෙති.

පසුගිය මහින්ද රාජපක්‌ෂ ආණ්‌ඩුව සමයේ මෙම ගොවීන් සඳහා සහනාධාර ක්‍රමයක්‌ මත පොහොර මිල රුපියල් 1350/} කට වසර ගණනාවක්‌ම ලබාදුන් නමුත් යහපාලන රජයෙන් එම පොහොර මිටිය රුපියල් 3500 ක මුදලකට ලබාදීමෙන් මේ වන විට පොහොරවල මිලටවත් එළවළු අලෙවි කර ගත නොහැකිව ගොවීහු අන්ත අසරණ තත්ත්වයට පත්ව ඇත. එදා එක කොටුවක සේවකයන් දහය දොළහක්‌ පමණ සේවයට යොදවා සිටි වගාකරුවන් මේ වන විට තම පවුලේ ශ්‍රම දායකත්වය පමණක්‌ වන පරිදි සීමා පැනවීමෙන් එම කම්කරුවන්ද අසරණ වී ඇති බව එම කම්කරුවෝ කියති.

එදා කල්පිටිය අර්ධද්වීපය මාළු හා කරවල, ජාඩි වැනි මුහුදු මත්ස්‍ය ආහාරවලටම පමණක්‌ සීමා වී තිබුණද මේ වන විට සීතල කඳුකරයේ සාරවත්ව වැඩුන අර්තාපල්, බීට්‌රූට්‌, ගෝවා, රාබු වැනි නුවරඑළිය එළවළු වර්ග සාරවත්ව ඵල හට ගත්තද එහි අඳුරු පැත්ත එම ගොවීහු අපහසුවෙන් දරා ගෙන සිටිති. මෙම ගොවියන් සුරැකීම සඳහා රජය විසින් ලබාදෙන පොහොර ටික හෝ සාධාරණත්වයකට පත් නොවුවහොත් කල්පිටිය ප්‍රදේශයේ කෘෂි කර්මාන්තය නොදැනුවත්වම අගාධයකට ඇද වැටීමට නියමිතය.

අද රටේ පවතින සහල් මිල හා ධාන්‍ය වර්ග පොල්, මාළු, මස්‌වල පවා මිලට පමණටත් වඩා වෙළෙඳපොළ මිල පාලනයකින් තොරව මිල වන නමුත් එළවළුව කොටුවලින් ලබා ගන්නේ තුට්‌ටු දෙකේ මිල ක්‍රමය මත බව එම එළවළු කොටු හිමිකරුවෝ කියති.

නමුත් මෙම එළවළු තරු හොටල්වලට හෝ සුපිරි වෙළෙඳසැලකින් පාරිභෝගිකයා ලබා ගැනීමේදී එම එළවළු කිලෝවක්‌ අදහා ගත නොහැකි ඉහළ මිලකට අලෙවි වන බවත් කීප දෙනකු විසින් මෙය ව්‍යාපාරක්‌ ලෙස හුරා ගෙන කන අතරමැදියන් පිරිසකට කල්පිටිය එළවළු වගාකරුවන් මේ වෙන විට ගොදුරු වී ඇත. පවතින රජයෙන් යම් ක්‍රියාමාර්ගයක්‌ නොගතහොත් හෙට දින කල්පිටිය කෘෂි කර්මාන්තයටද කන කොකා හඬන දිනය වැඩි ඈතක නොවනු ඇත.



Wmqgd .ekSu ��r mqj;am; weiqfrks

More News »