බඩට වදින්නට පෙර පාරට බැස්‌ස බඩ ඉරිගු ගොවියෝ
ගොවි සහනාධාරය තවමත් නෑ

2017-02-07 11:03:00       658
feature-top
වැස්‌ස වළාහක දෙවියෝ මෙවර මදි නොකියන්නට ගොවීන්ට අරියාදු කරන්නට වූහ. ඒ නිසා රට පුරාම නියං රකුසා කුරිරු විලසින් දත් විළිස්‌සා සිය අණසක පතුරන්නට වූහ. එනිසා අහස්‌ දියෙන් වී වගා කළ ගොවියා ද වගා බිම් පාලුව ගොස්‌ අන්ත අසරණ වූහ. මේ වන විට ලංකාවේම බඩ ඉරිඟු වගා කළ ගොවියාට හතේ හතේ වැදී ඇත. මේ රජයේ කිසිම සහනයක්‌ නොමැතිව අන්ත අසරණව සිටින බඩ ඉරිඟු ගොවියාගේ අඳෝනාවයි.

ඈත කාලයේ සිටම බඩ ඉරිඟු වගාව හේන් ගොවියාගේ ප්‍රධානතම වගාවන්වලින් එකකි. නමුත් බඩ ඉරිඟු වගාවට හොඳ ඉල්ලුමක්‌ ඇතිවූයේ මීට වසර දහයක පමණ කාලයක සිටය. එතැන් සිට වෙනදා පරිභෝජනය සඳහා පමණක්‌ වගා කරන ලද ඉරිඟු වගාවට හොඳ ඉල්ලුමක්‌ ඇතිවීමත් සමඟම මහා පරිමාණයෙන් ගොවීන් ඉරිඟු වගා කරන්නට පෙළඹුණේය.

මෙවර වැඩියෙන්ම ඉරිඟු වගා කළේ අම්පාර දිස්‌ත්‍රික්‌කයේය. ලංකාවේම ගත් කල මෙම කන්නයේ ඉරිඟු අක්‌කර ලක්‌ෂයට ආසන්න ප්‍රමාණයක්‌ වගා කර ඇත. නමුත් එලෙස වගා කළ ගොවීන් මෙම කන්නයේ අන්ත අසරණය. වී වගාවට රජයෙන් ලැබෙන පොහොර සහනාධාර ඉරිඟු ගොවියාට නොලැබුණි. එය දෙන බව පැවසුවද ඉරිඟු වගාවට මාස දෙකක්‌ ගත වුවද බඩ ඉරිඟු ගොවියාට තාමත් එය දෙන පාටක්‌ නැත.

2006 වසරේදී බඩ ඉරිඟු වගා කළ ගොවියකුට වසර 10ක්‌ ගිය කළ ඒ වෙනුවෙන් එදාට වඩා විශාල මුදලක්‌ වියදම් කිරීමට සිදුව ඇත. එදා බිම් සකස්‌ කරන්නට යන්නේ රුපියල් හයදහසකි. පොහොර මිටියක්‌ ගත්තේ රුපියල් 1200 ටය. ඇතැම් ගොවීන් ගොඩ වී වගා කරන්නට සහනාධාරය යටතේ පොහොර 350 ගෙන ඒවායෙන් කොටසක්‌ වී වගා කර ඉතිරි පොහොර යොදා බඩ ඉරිඟු ඇතුළු වෙනත් වගාවන් ද සිදු කරන ලදී. එදා දෙමුහුන් වර්ගයේ බඩ ඉරිඟු ඇට කිලෝවක්‌ රුපියල් 1625 කි. කම්කරුවකුගේ වැටුප දිනකට රුපියල් 350 කි. ඒ අනුව ගොවියාට රුපියල් විසිදහසක්‌ වැනි මුදලකින් බඩ ඉරිඟු අක්‌කරයක්‌ වගා කිරීමට හැකිව තිබුණී. එසේ වගා කර ගත් වියළි බඩ ඉරිඟු ඇට කිලෝවක්‌ රුපියල් 35 ත් 40 ත් අතර මිලකට අලෙවි කිරීමට හැකිව තිබුණි.

නමුත් මේ වන විට ඉරිඟු වගාවේ තත්ත්වය වෙනස්‌ව ඇත. මේ වන විට එදා මෙන් නොව බඩ ඉරිඟු වගාව සඳහා විශාල වියදමක්‌ දැරීමට ගොවියාට සිදුව ඇත. බිම් සැකසීමට රුපියල් 11500 කි. බීජ පැකට්‌ එකක මිල රුපියල් 6000 කි. පොහොර මිටියක්‌ රුපියල් 2500 කි. දිනක කම්කරුවකුගේ වැටුප රුපියල් දහසකි. මේ අනුව බැලූ කල කම්කරුවන් ගෙන වගා කරන්නේ නම් රුපියල් 60 000 කට ආසන්න මුදලක්‌ ඉරිඟු අක්‌aකරයක වගා කිරීම සඳහා ගොවියාට වියදම් කිරීමට සිදුවනු ඇත. නමුත් එසේ වැඩි වියදමක්‌ කර වගා කළ ද මෙම සමයේ වියළි බඩ ඉරිඟු ඇට කිලෝවක්‌ රුපියල් 55 කට අලෙවි කරගැනීමට හැකි වුවද අස්‌වනු නෙලන සමයේ බඩ ඉරිඟු කිලෝවක මිල රුපියල් 35 ට 40 ට අඩු වෙන්නේය. ඒ අනුව බලන කල එදාට වඩා අද වන විට බඩ ඉරිඟු වගාවට විශාල මුදලක්‌ වියදම් වනු ලැබේ. නමුත් වියළි ඉරිඟු ඇට කිලෝවක්‌ අලවි කිරීමට හැක්‌කේ වෙනදා මිලටමය. ඒ නිසා වගාවට අධික මිලක්‌ වියදම් වීම නිසා ගොවියාට හොඳ ආදායමක්‌ ලබා ගැනීමට නොහැකිව ඇත.

නමුත් යහපාලන රජය පත්වූවයින් පසුව මේ වන විට මෙම කන්නය සඳහා ඉරිඟු ගොවියන්ට පොහොර සහනාධාරය ලබා දෙන බව පවසා සිටින්නට වූහ. ඒ අනුව ඉරි`ගු වගා කළ ගොවීන් ද වී වගාවට අක්‌කරයට රජය මගින් ලබා දෙන රුපියල් පන්දහසේ මුදල හිමිවනු ඇතැයි මහත් බලාපොරොත්තුවෙන් පසු වූහ. නමුත් ඉරිඟු වගාවට මාස දෙකක්‌ ඉක්‌ම ගියද තවමත් ඉරිඟු ගොවීන්ට පොහොර සහනාධාරය නොලැබුණි.

අලි මදිවට හරක්‌ කීවාසේ මෙවර ගොවියාට මදි නොකියන්නට නියඟයද බැට දෙන්නට වූහ. එනිසා බොහෝ දෙනකුගේ වගාවන් සඳහා ජලය නොමැතිව වියළි විනාශ වන්නට වූහ. එලෙස අසරණව ගොවි රජවරු ඉරිඟු වගාව සඳහා පොහොර සහනාධාරය ලබා දෙන ලෙස ඉල්ලා දමන ප්‍රාදේශිSය ලේකම් කාර්යාලය අසලදී 25 වැනිදා දහවල් ගොවීන් 300 ක්‌ පමණ සහාභාගිත්වයෙන් විරෝධතාවයේ නියෑලෙන ලදී.

මෙම අවස්‌ථාවට එක්‌වූ සමස්‌ත ලංකා ගොවිජන සම්මේලනයේ විධායක සභික හිටපු ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත පියතිස්‌ස මහතා එම අවස්‌ථාවේදී ගොවීන් අමතා මෙසේ කීවේය.

ගොවීන්ට අම්පාරේ පොහොර සල්ලි ලෙස රුපියල් හය කෝටි හැත්තෑ තුන් ලක්‌ෂ හැටදාහක්‌ ගන්න තියෙනවා. තවමත් ඒවා ලැබුණේ නැහැ. අදාළ නිලධාරීන් ගොවීන් ලියාපදිංචි කරලා පොහොර ලේකම් කාර්යාලයට හා මහා භාණ්‌ඩාගාරයට තොරතුරු යවලා තිsයෙන්නේ. නියඟෙට මේ වන විට ගොවීන්ගේ වගා බිම් විනාශ වෙලා තියෙන්aනේ. බැංකු වලින් ගත්ත ණය ගෙවාගන්න විදිහක්‌ නැතිව ගොවීන් අසරණ වෙලා ඉන්නේ. ඒ නිසා අපි කියන්නේ රජයෙන් ගොවීන්ට දෙනවයි කියපු පොහොර සහනාධාරය සතියක්‌ ඇතුළත ලබා දෙන්න කියලා. කෘෂිකර්ම ඇමැතිවරයා මේ වන විට තවමත් ආරම්භ නොකරපු කාර්යාලයට මාසෙට රුපියල් දෙකෝටි දස ලක්‌ෂයක්‌ ගෙවනවා.

රජය අල, ලූනු, මිරිස්‌, සෝයා හා බඩ ඉරිඟු වගාවන් ස`දහා පොහොර සහනාධාරය හිමිවෙන බව චක්‍ර ලේඛයකින් ප්‍රකාශ කළා. මේ වන විට බඩ ඉරිඟු ගොවියා අන්ත අසරණ වෙලා. අද මේ විදිහට ගොවියා පාරට බැහැලා ඉන්නේ රජය මගින් මීට මාස දෙකකට කලින් දෙනවයි කියපු පොහොර සහනාධාරය ඉල්ලලා. මේ ආකාරයෙන් ගොවීන්ට පොහොර සහනාධාරය දෙනවා කිවේ ජනාධිපති, අගමැති කෘෂිකර්ම ඇමැති ඇතුළු පිsරිසයි. එම නිසා අපි ඉල්ලා සිටින්නේ අද අසරණ වෙලා ඉන්න මේ බඩ ඉරිඟු ගොවියාට ලැබිය යුතු පොහොර සහනාධාරය ලබා දෙන ලෙස අපි බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා යෑයි ද මෙම අවස්‌ථාවට එක්‌වූ වසන්ත පියතිස්‌ස මහතා කිවේය.

දමන ඒකාබද්ධ බඩ ඉරිඟු සංගමයේ කැඳවුම්කරු කේ. එම්. ආරියරත්න මහතා මෙසේ කීවේය.

ඉස්‌සර අපිට රුපියල් 1200 ට පොහොර ලැබෙද්දී ගොවීන් හොඳට ලාභ ගත්තා. 2006 වසරේ ඉඳන් තමයි වඩිනාගල ප්‍රදේශයේ මහා පරිමාණයෙන් ඉරිඟු වගාව ආරම්භ කළේ. නමුත් මේ වන විට පොහොර මිල ඉහළ ගිහිල්ලා ගොවීන්ට ගොවිතැන් කරන්න බැරි තත්ත්වයක්‌ උදාවෙලා. ඔක්‌කෝම ගොවීන් ඉරිඟු වගා කරන්නේ බැංකුවලින් ණය අරන්. නිය`ගය නිසා වගාවන් පා`ඵ වෙලා ගොවීන්ට ණය ගෙවන්න විදිහක්‌ නැතිව ඉන්නේ. ගොඩක්‌ තැන්වල අස්‌වැන්න 40%ක්‌ වත් ගන්න බැරි වෙන තත්ත්වයක්‌ තියෙන්නේ. ඒ නිසා ගොවීන්ට හැකි ඉක්‌මනින් පොහොර සහනාධාරය දෙන්න. හානි වෙච්ච වගාවන්ටත් වන්දි දෙන්න කියලා අපි බළධාරීන්ට දැනුම් දෙනවා යෑයි ද ආරියරත්න මහතා පවසා සිටියේය.

සමස්‌ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා මෙසේ කීවේය.

මේ පාර ලංකාවේ බඩ ඉරිඟු අක්‌කර ලක්‌ෂයකට ආසන්න ප්‍රමාණයක්‌ වගා කර තිබෙනවා. අම්පාර, අනුරාධපුරය, මොණරාගල යන දිස්‌ත්‍රික්‌කවල විශාල වශයෙන් ද මාතලේ, වව්නියාව කිsලිනොච්චි මඩකලපුව ආදී දිස්‌ත්‍රික්‌කවල මේ පාර ඉරිඟු වගා කරලා තියෙනවා. ගොවීන්ට දෙනවයි කියූ පොහොර සහනාධාරය තවමත් නැහැ. වී වෙනුවට අතිරේක බෝග වගා කරන්න කීවාම ගොවීන් වෙනදාට වඩා මේ පාර බඩ ඉරිඟු වගා කළා. මේ වන විට නියඟය නිසා ගොවීන්ගේ බඩ ඉරිඟු වගාවන් වලින් වෙනදා මෙන් අස්‌වැන්නත් ගන්න බැරිවෙලා තියෙනවා. ඒ නිසා මෙම ගොවීන්ට හැකි ඉක්‌මනින් සහනයක්‌ ලබා දෙන්න කියලා අපි බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා යෑයි නාමල් කරුණාරත්න මහතා පවසා සිටියේය.

හේන් ගොවියා ජීවත් වෙන්නේ වසරකට එක්‌ වරක්‌ වගා කරනා හේනෙන් ලැබෙන අස්‌වැන්නෙන්. එලෙස අස්‌වැන්න අහිමිවුවහොත් ඔවුනට වසරක්‌ පුරාවටම ජීවත් වෙන්න අසීරුවෙති.

වඩිනාගල චන්දික ප්‍රසන්න කීවේ මෙවැනි කතාවකි.

මම අක්‌කර 15 ක මේ පාර ඉරිඟු වගා කළේ මුළු වගාවම නියඟේට අහුවෙලා විනාශවෙලා ගිහිල්ලා තියෙන්නේ. 30%, 35% කවත් අස්‌වැන්නක්‌ ලබාගන්න මේ පාර බැරිවෙලා තියෙන්නේ. මම හත් ලක්‌ෂ පනස්‌ දාහක්‌ බැංකු ණය අරන් තමයි වගා කළේ. මැයි 01 වැනිදා වෙද්දි මුදල් මම සම්පූර්ණයෙන්ම ගෙවන්න ඕන. දෙනවයි කීව පොහොර සහනාධාරයත් තවමත් නැහැ. ණය ගෙවාගන්නත් විදිහක්‌ නැහැ. ඒ නිසා බැංකුවලින් අපි ගත් ණයවලට සහනයක්‌ දෙන්න කියලා අපි රජයෙන් ඉල්ලා සිටිනවා යෑයි ද චන්දික ප්‍රසන්න කීවේය.

වඩිනාගල සනත් කුමාර මෙලෙස කීවේය.

මම අක්‌කර 12 ක්‌ මේ පාර ඉරිඟු වගා කළා. අක්‌කර 03 ක වී වගා කළා. වගාව එහෙමම විනාශ වෙලා ගියා. මාස දෙකක්‌ වැස්‌ස නැති නිසා වගාව බාල වුණා. රුපියල් 2500 පොහොර අරන් වගාවට තුන් පාරක්‌ දැම්මා. මොන දේ කළත් අන්තිමේදි දිනුවේ නියඟයයි. මේ ආකාරයෙන් සියල්ලන්ටම හොඳ අස්‌වැන්නක්‌ ලබා ගන්න බැරි වෙනවා මේ පාර. ඒක නිසා මේ පාර අසරණ වෙලා ඉන්න ඉරිඟු ගොවියාට සහනයක්‌ දෙන ලෙස අපි වගකිව යුත්තන්ගෙන් ඉල්ලා සිටිනවා යෑයි ද සනත් පවසා සිටියේය.

වඩිනාගල පමණක්‌ නොව දිගාමඩුල්ල මිටියාවතෙන් ද ලංකාව පුරාම බඩ ඉරිඟු සහ වෙනත්a වගාවන් අහස්‌ දියෙන් වගා කළ ගොවීන්ගේ තත්ත්වය මේ ආකාරයෙන් නියඟය ගොදුරු කරගෙන ඇත. ලක්‌ෂ ගණනින් ගත් බැංකු ණය පොළියත් සමඟ ගෙවිය යුතුය. බැංකුවලට උගස්‌ කර ඇති කනකර ආභරණ සින්න වෙන්න නොදි බේරා ගත යුතුව ඇත. පුංචි දරු පැටව් ටිකගේ කුස පුරවා පාසල් යෑවිය යුතුය. ලෙඩට දුකට බෙහෙත් හේත් කළ යුතුය. මළ ගෙදරට ම`ගුල් ගෙදරට ගොඩවිය යුතුය. මේ ආකාරයෙන් වසරක්‌ පුරා ජීවක්‌ වෙන්නට තිබෙන එකම අත්වැළ අහිමිව ගිය කල්හි කෙසේ නම් හෙට දවස ගත කරන්නේද කියා ගොවීහු හිස්‌වූ අහස්‌ කුස දෙස බලා කල්පනා කරමින් සිටිති.

ජීවන අරගලයේදී කබළෙන් ළිපට වැටි අන්ත අසරණව ඇති මෙම සමස්‌ත හේන් ගොවියාම රැකගන්නට කියා අසරණවූ ගොවීහු රජයට පවසා සිටිති.



Wmqgd .ekSu ��; mqj;a m; weiqfrks

More News »