ලොක්‌කන් ඔච්චම් කරන ලාතුගල ගමට අලි මදිවට හරක්‌
වැව් බැම්ම තිබුණාට වැවක්‌ නැහැ
පාසලට වැසිකිළි නැහැ

2017-01-17 10:31:00       579
feature-top
ලාතුගල කී සැනින් අපට සිහියට නැඟෙන්නේ අම්පාර උහන ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාශයට අයත්ව පිහිටා ඇති අති දුෂ්කර ගම්මානයකි. උහන නුවර මාර්ගයේ වළගම්පුර මංසන්ධියේ සිට බොක්‌කේබැද්ද ගම්මානය පසුකරමින් කිලෝ මීටර් 08 ක්‌ පමණ ගිය කල්හි මෙම ගම්මානය හමුවේ. පන්නල්කන්ද, කිරිවරල, මොරතුලහෙළ, කරපිංචාගල, සහ දෙතරංගල ආදී සුන්දර ක`දු ගැට කිහිපයකින් මෙම ගම්මානය වටව තිබුණද මෙම ගම්මානයේ ජනයාගේ දිවිය සැබැවින්ම සුන්දර නැත.

මහා අඩුපාඩු ගොන්නක්‌ මෙම ජනයාගේ දිවිය වසාගෙන ඇත්තේය. හේනක්‌ කර දිවිසරු කරගන්නා මෙම ජනයාගේ ජීවිතය කටුකය, දුක්‌බරය, ලොකු ලොක්‌කන් මෙම ගම්මානට ඔච්චම් කරන්නා සේ මෙම ගම්මානයේ ජනයාගේ දිවියට මෙවරද වැස්‌ස වළාහක දෙවියන්ද ඔච්චම් කරන්නට වූහ.

මෙම ගම්මානය දිගාමඬුල්ලේ පැරණිම ගම්මානයකි. ගල්ඔය ව්‍යාපාරය අරඹන්නට පෙර සිට කොටේළි`ද, මහවෙල ආදී ප්‍රදේශවල පවුල් 21 ක්‌ පමණ පදිංචිව සිටින්නට වූහ. ඔවුන් ජල පහසුකම් තිබූ ප්‍රදේශවල පදිංචි වෙමින් හේන් වගාවෙන් දිවි සරු කරගෙන වාසය කරන්නට වූහ. පසු කාලයේ මෙම ගම්මානයේ පවුල් ප්‍රමාණය වැඩිවූ අතර කොටසක්‌ ගල්ඔය ව්‍යාපාරය යටතේ වළගම්පුර 27 ජනපදයේ පදිංචි වූ අතර අනෙකුත් පිරිස මෙම ලාතුගල ගම්මානයේම ජීවත් වන්නට වූහ. මේ වන විට ලාතුගල ගම්මානයෙ පවුල් 200 කට අධික සංඛාවක්‌ ජීවත් වෙමින් සිටිති.

මෙම ගම්මානයේ ජනතාවගේ සිතේ පැතුම් මල් විකසිත කරවමින් පසුගිය චන්ද්‍රිකා ජනපතිතුමියගේ සමයේ දසදහසක්‌ වැව් ඉදිකිරිම යටතේ මෙම ගම්මානයේ වැවක්‌ ඉදිකරන්නට විය. එවකට කෘෂිකර්ම ඇමතිව සිටියේ ජනතා විමුක්‌ති පෙරමුණේ අයෙකි. වැවේ ඉදිකිරීම ආරම්භ කරන්නට වූහ. මහා සෙනඟක්‌ ද ආවෝය. නැටුම්ද නැටුවෝය. වැවද ඉදිsකිරීම ආරම්භ වූවෝය. ජනතාව හිතූසේ යල මහ දෙකන්නයේම වගාකළ හැකි ආකාරයට වැවක්‌ ඉදිවෙතැයි සිතූහ. කයිවාරු දේශපාලනයේ ඔස්‌තාර්ලා වූ රතු සහොදරයන් විසින් මෙම වැව නිසි පරිදි සාදතැයි කවුරුත් විශ්වාස කරන්නට වූහ.

කොටපත් දමන කන්ද සහ රිදීකෙළිය කන්ද අතරින් ආඳාඔය ගලා බසිති. හුඹස්‌ දමන කන්දේ සිට ගලා එන අරුත්දෙන ඇල්ල ද ආදල්ඔයට පෙම් කරමින් එක්‌වේ. වැසි සමයේ මෙම ආදල්ඔය දෙගොඩතලා යන්නෝය. කොටපත්දමන ඉස්‌මත්තට වන්නට පැරණි රජකාලේ වැවක්‌ වන රිදීකෙළිය වැව් බැම්මේ කොටස්‌ අදටද දක්‌නට ලැබේ. මේ ආකාරයෙන් හිඳගල ඇල්ලද මෙම ගම්මානයෙන් ගලා බසිති. අවසානයේදී වැව බැන්දේ අතුරු ඇලක්‌ හරස්‌කරය. එයට එකතු වන්නේ කුඩා ජල ක`දකි.

මෙය සුළු වාරි පද්ධතිව අයත් නිසා ගොවිජන සේවා නිලධාරීහූ අදාළ උපදෙස්‌ දෙන්නට වූහ. වැව් බැම්බ සැකසිනි. සොරොව්වෙන් ජලය පිටවෙන්නේ අ`ගල් හතරක බටයකිනි. නමුත් ඒ කුඩා බටයෙන් හෝ ජලය පිටවෙන්නේ වැවේ ජලය තිබුණොත් පමණි.

මේ වැව දුටු විට අපිට තුක්‌ නොදකිං කියා වුණි. ලොවම මවිත කළ විස්‌මිත වාරි තක්‌ෂණයක්‌ අතීතයේ සිට තිබුණි. එරම විශිෂ්ට වාරි තාක්‍ෂණයටද මෙම කුඩා වැව හෝ සෑදු නිලධාරි රොත්ත අවමන් කර ඇත. එයට හේතු වන්නේ මෙම වැවේ පිටවාන ඇත්තේ වැව්බැම්මට ගොඩක්‌ පහළින් වීමය. ඒ නිසා වැවට එකතු වන ජලපහර කෙළින්ම පිටවාන ඔස්‌සේ ගලා බසින්නේ වැවට කොකම්පාය. මේක සාදන්න කස්‌තිරම් ඇල්ලූ රතු සහෝදරයන්ටද මෙය නොපෙණුනි. කටින් කිව්වාට කොරන්න ගියාම අපහසු බව ඔවුන් ක්‍රියාවෙන්ම ඔප්පු කර ඇත.

මේ කතාව අපිට කීවේ ලාතුගල තිසාහාමි ගොවි මහතාය.

දැන් නම් මේ ගම්මානේ අපි ජීවත් වෙන්නේ බොහෝම අමාරුවෙන්. අද වගාවක්‌ කරන්න විදිහක්‌ නැහැ. වනජීවී එකෙන් සහ වන සංරක්‍ෂණයෙන් අපිට ගැටලු ඇවිල්ලා. දස දහසක්‌ වැව් කියලා වැව හැදුවට වැඩක්‌ නැහැ. ඒකේ වතුර නැහැ. පැරණි වැවක්‌ ගමේ තියෙනවා. ඒ පැරණි වැව් බැම්මත් තියෙනවා. ඒක නිසා ඒ වැව හැදුවොත් දෙයියනේ කියලා මේ ප්‍රදේශයේ අක්‌කර හාර පන්දාහක්‌ වගා කරන්න පුළුවන්. එතකොට අපිටත් දෙයියනේ කියලා කන්න දෙකක්‌ වගාකරලා ජීවත් වෙන්න පුළුවන්. අර කලින් හදපු වැව වෙනුවට තව වැඩි මුදලක්‌ වියදම් කරලා පැරණි වැව හැදුවානම් අපේ ගමට අද මෙහම වෙන්නේ නැහැ යනුවෙන් ඔහු පවසා සිටියේය.

එකමුතු ගොවි සංවිධානයේ සභාපති ඒ. එම්. ආරියදාස මහතා මෙසේ කීවේය.

මේ ගම්මානයට හරක්‌ගෙන් තියෙන්නේ පුදුම කරදරයක්‌. මුස්‌ලිම් සහ සිංහල අයගේ හරක්‌ දහස්‌ ගාණක්‌ මේ ලාතුගල කැළේට දාලා තියෙන්නේ. රෑ දවල් කියලා නැහැ හරක්‌ ගමට පැනලා අපේ වගාවන් විනාශ කරලා දානවා. ඒ මදිවට අලිත් ගම් වදිනවා. හරක්‌ කාපු තණකොළ කන්න අලි කැමති නැති නිසා අලිත් ආහාර සොයාගෙන ගම් වදිනවා. අලි ඇවිල්ලා වගාවන් විතරක්‌ නොවෙයි ගෙවල් පවා කඩලා විනාශ කරලා දානවා. ඒ වාගේම මිනිසුන්ටත් පහර දෙනවා. සමහරු අලි ගහලා තුවාල වෙලා යාන්තම් ජීවිතේ බේරාගත්තා. වන සංරක්‌ක්‍ෂයෙන් පැළ හිටවපුවාත් විනාශ කරලා දාලා තියෙන්නේ. ඒත් අපේ දුක කොච්චර බලධාරීන්ට කිව්වත් ඒ අය කිසි ගාණක්‌ ගන්නේ නැහැ. නගරයෙන් ඈත තිබෙන ගමක්‌ නිසා බලධාරීන් අපේ ගැටලුව ගැන පොඩ්ඩක්‌වත් බලන්නේ නැහැ" යනුවෙන් ධනපාල පවසා සිටියේය.

ආර්. එම්. වසන්ත ප්‍රදීප් ද මෙසේ කීවේය

අපේ ගම්මානයේ අය ජීවත් වෙන්නේ අහස්‌ දියෙන් වගා කරලා, කුඹුරක්‌ සහ හේනක්‌ කරලා. නමුත් අපේ කරුමෙට මේ පාරත් වැස්‌ස හරියට නැහැ. ගොඩට වගා කළ කුඹුරුවල ගන්න දෙයක්‌ නැහැ. ඉරි`ගු වගාවත් ගන්න දෙයක්‌ නැහැ. සවුත්තු වෙලා ගිහින්. අවුරුද්දක්‌ ජීවත් වෙන්නේ මේ විදිහට හේනක්‌ කරලා ගන්න ආදායමෙන්. 1965 ඉඳලා වගාකල ඉඩම් වනසංරක්‌ෂණ නිලධාරීන් අල්ලලා මායිම් දැම්මා ගමේ අය පෑවිල්ලේදී වතුර නැතිව පුදුම දුකක්‌ විඳින්නේ. බොන්න වතුර ටිකක්‌ ගේන්න සමහර අය කිලෝ මීටර් දෙක තුන යනවා. සමහර වේලාවට ඔයේ වළවල් හාරලා වතුර ගන්නවා. ගමේ නළ ළිං කිහිපයක්‌ තිබ්බත් ඒවායේ වතුර බොන්න අමාරුයි. ගමට වතුර දෙන්න 2014 බට දැම්මේ. නමුත් තවම වතුර නැහැ. ඒක නිසා ගමේ අයට පුදුම දුකක්‌ විඳින්න වෙලා තියෙන්නේ.

අපේ ගමේ තිබෙන පුදුම වැවට ගියෙමු. ඒ අවට අපි දුටුවේ විශ්මිත වාරි කර්මාන්තයේ ඉපැරණි නටඹුන්ය. ඒ තැන් තැන්වල තිබුණුq ගලින් කරනු ලැබූ කුඩා සොරොව්ය. එයින් කියාපාන්නේ මෙම ප්‍රදේශයේ රජ දවස වාරි ජලයෙන් පෝෂිතව තිබූ බවට නිදසුන්ය. නමුත් අපේ වත්මන් වාරි ශිල්පීන්ගේ අපූරු නිර්මාණශීලිත්වයට පින් සිදුවන්නට වැව් බැම්මට බොහෝa පහළින් පිටවාන ඇත.

මේ කතාව කීවේ ඩී. එම්. ගුණවර්ධනයි

වැවේ මඩ හාරලා පිටවාන හැදුවොත් වැවෙන් අක්‌කර 40 ක්‌ පනහක්‌ විතර කරන්න පුළුවන්. දැන් වැවේ වතුරෙන් කුඹුර කරන්න විදිහක්‌ නැහැ. බොහොම අමාරුවෙන් ගොවිතැන් කරන්න වෙලා තියෙන්නේ. හාන්න, බීජවලට, තෙල් පොහොරවලට වියදම් කරලා අපි වගා කරලා හරක්‌ ඇවිල්ලා කාලා යනවා. ආයි අලිත් ඇවිල්ලා කනවා. නියඟෙත් තදේට තියෙන නිසා වගාවත් සවුත්තු වෙලා පුදුම දුකක්‌ තමයි අපි විඳින්නේ, යනුවෙන් ඔහු පවසා සිටියේය.

මේ ගමට අලි කරදර නිමක්‌ නැත. අලියකුගෙන් පහර කෑ ඩී. එම්. සුදුබණ්‌ඩා මෙසේ කීවේය.

මම ගල්ක`දුර හරියේ හරක්‌ බැ`දලා එද්දී අලියෙක්‌ පැන්නුවා. මම අලියගෙන් බේරෙන්න ටික දුරක්‌ දිව්වා. අලියා ළඟට දුවගෙන ඇවිල්ලා ගහපුවම මම කැළයට විසිවුණා. බොහෝම අමාරුවෙන් පණ බේරගත්තේ. ඊට පස්‌සේ සති 03 ක්‌ ඉස්‌පිරිතාලේ නැවතිලා බෙහෙත් කළා. ගමට අලි වැටක්‌ ගහනවා නම් අලි කරදරෙන් බේරෙන්න පුළුවන්. වගාවන් ආරක්‍ෂා කරගන්න පුළුවන්. ගමට අලි වැටක්‌ අනුමත වුණත් ගැහුවේ නැහැ, යනුවෙන් ඔහු කීවේය.

වාරිමාර්ග නිලධාරීහු උගත්තුය. වැඩ ගැන නිපුණතාවක්‌ ඇත්තෝය. මේ කතාව කියන්නේ ඩී. එම්. කරුණාරත්නයි -

වැව හදද්දී මහත්වරු වැවට අඩි කිහිපයක්‌ පහළින් තමයි පිටවාන හදන්න හැදුවේ. අපි කීවා මහත්තයෝ මෙතනින් පිටවාන දාන්න එපා මෙතන පහතයි කියලා. ඒක නිසා වැවේ වතුර පිරෙන මට්‌ටමින් පිටවාන දාන්න කියලා අපි කිව්වා. ඒකට නිලධාරීන්ට කේන්ති ගියා. ඒ අය කිව්වා වැවේ පිටවාන දාන්න අපි දන්නවා. තමුසෙලා ඒ ගැන අපිට කියා දෙන්න වුවමනා නැහැ. අපි ඒක දාන්න ඕන තැන දාන්නම් කියලා අපිට කිව්වා. අන්තිමේදී වැව හදන්නම් වාලේ හැදුවා. පිටවාන වැව් බන්ට්‌ එකට ගොඩක්‌ පහතින් දැම්මා. අන්තිමේදී මොකද වුණේ, වැසි කාලෙත් වැවේ වතුර නැති වෙච්ච එකයි.

එලෙස අනාවරනය වූවේ නිලධාරීන්ගේ මහා දස්‌කම් ගැනය. පොඩි වැවකවත් පිටවානක්‌ නිසිලෙස සකසන්නට බැරි බකපණ්‌ඩිත නිලධාරීන් කළ හැක්‌කේ කයිය ගැසීමට පමණක්‌ බව ඔවුන් පසක්‌ කර ඇත.

මෙම ගම්මානයේ පිහිටා තිබෙන පාසලේද මහා අඩුපාඩු ගොඩකි. ඒ අඩුපාඩු මැද විදුහල්aපති එම්. ආර්. ටී. ලියනගේ මහතා කිවේ මෙවැනි කතාවකි -

ලාතුගල විද්‍යාලයේ 05 ශේ්‍රණිsය දක්‌වා පංති පැවැත්වෙනවා. ළමයි 42 ක්‌ ඉන්නවා. ඒත් ගුරුවරු 07 ක්‌ ඉන්න ඕන. නමුත් දැන් ඉන්නේ ගුරුවරු දෙන්නයි. කිසිදු මුදලක්‌ නැතිව ස්‌වෙච්චාවෙන් වැඩ කරන ගුරුවරු 04 දෙනෙක්‌ වසර දෙකක්‌ තිස්‌සේ මේ ළමයින්ට අකුරු කියලා දෙනවා. නළ ළිං තිබ්බත් වතුර බොන්න බැහැ. මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරයින් ඇවිල්ලා කිව්වා මේ වතුර බොන්න හොඳ නැහැ බොන්න එපා කියලා. පාසලේ වැසිකිළියක්‌ නැහැ. අබලන් එකක්‌ යානතමින් පාවිච්චි කරනවා. ගුරුවරුන්ටත් වැසිකිsළියක්‌ නැහැ. ගමට එන පාර කැඩිලා. අපේ ළමයි කවදාවත්ම කොළඹ ගිහිල්ලා නැහැ. නමුත් පරිත්‍යාගශීලී මහත්තයෙක්‌ගේ මැදිහත්වීමෙන් ඒ දරුවෝ දින තුනක අධ්‍යාපන චාරිකාවක කොළඹ එක්‌කරන් ගියා. ඒ සත්කාර්ය කළ මහතාටත් එය මාධ්‍යයේ පළකර "දිවයින" පුවත්පතටත් අපේ ස්‌තුතිය පළ කරනවා" යනුqවෙන් විදුහල්පති ලියනගේ මහතා "ඉරිදා දිවයිනට" පවසා සිටියේය.

මේ ලාතුගල ගම්මානයේ ජනයා අන්ත අසරණව පීඩා විඳින ආකාරයයි. කවදානම් රිදී කෙළිය වැවෙන් රිදී පැහැයට දිය දහරාවන් නිකුත්වේද? කවදා නම් මේ ගමේ අඩුපාඩු සපිරේද? මේ ගමේ ජනාතාවගේ අහිංසක පැතුමන්ය. දැන්වත් බලධාරීන්ගේ අවධානය මෙම ගම්මානය වෙත යොමුව සහනයක්‌ ලැබෙනු ඇතැයි මෙම ගම්වාසීහු බලාපොරොත්තු දැල්වූ දෑසින් පසුවෙති.

Wmqgd .ekSu u��u mqj;am; weiqfrks

More News »