දරුවන් ගං ඉවුරේ තබා ගිල්වලා ගඟට පැන්න අම්මා

2016-12-27 11:08:00       659
feature-top
සැමියා වස පානය කර මිය ගිහින්...
දරුවන් හය දෙනයි...
වයස අවුරුදු 43 යි...

අපිරිමිත දයාවේ මහා උල්පත අම්මාය. ඉන් උනන දරු සෙනෙහෙ දියකඳ නිල්වලා දියකඳට වැඩියෙන් විශාලය.

ඇය ජීවිතේ බර දරු පැටවුන් සමඟ ගං ඉවුරේ තබා නිල්වලා ගඟට බැස ඇත්තේ ජීවිතේ දුක්‌ගිනි ගං දියේ දියකර දිවි තොරකර ගැනීමේ අටියෙන්ය. මාතර කොට්‌ඨාස ළමා සහ කාන්තා කාර්යාංශයේ ස්‌ථානාධිපතිනි ඇතුළු පොලිස්‌ කණ්‌ඩායමක්‌ විසින් ඇය බේරා නොගන්නට මේ කියන්නට යන අම්මා සොයා ගැනීමට හැකිවන්නේ නිල්වලා ගංදියේ ගිලීමෙන් මරණයට පත් තවත් එක්‌ මෘත ශරීරයක්‌ ලෙසින්ය.

ගන්දර, නාඔටුන්න ප්‍රදේශයේ පදිංචි ඇය 43 හැවිරිදි මවකි. "පුංචි පවුල රත්තරන්" සංකල්පය යටතේ උපත් පාලන උපකරණ සමඟින් දරුවන් zඩස්‌aට්‌බින්Z වලට බහාලන රටක ඇය දරුවන් හය දෙනකුගේ බර තනිව ඉහිලූ මවකි. වස පානය කර මෑතකදී හිමි මළ බැවින් තනිව දරු බර දැරූ මවකිs. "වැලේ ගෙඩි වැලට බර නැත" යනුවෙන් නිතර කියවෙන රටක ඉකුත් දා මේ කියන්නට යන "අම්මා" නිල්වලා ගඟට පනින්නේ ඇයට වෙන කළ හැකි දෙයක්‌ නොවූ තරමට, ජීවිතය "බරක්‌" වූ හෙයිනි.

දිවි තොර කර ගැනීමට උත්සාහ කිරීම රටේ නීතියට අනුව වරදකි. හෙට අනිද්දා වන විට ඇයට උසාවි, පොලිසි ගානේ රස්‌තියාදු වීමට සිදු වුවහොත් එසේ නැත් නම්, "ඇයට පිස්‌සු" යෑයි පවසමින් දිවි තොර කර ගැනීමට ඇය විසින් දැරූ උත්සාහය සාධාරණීකරණය කිරීමට කවුරුන් හෝ උත්සාහ දැරුවහොත් එය එසේ කරන පිරිසගේ වරදක්‌ නොව රටේ වරදකි. රටක්‌ ලෙස කලක සිට අප උත්සාහ කරන්නේ ගැටලුවට විසඳුම් වෙනුවට එය පෙන්වා දෙන තැනැත්තාට දඬුවම් දීම හෝ නිර්ධය විවේචනයට ලක්‌ කිරීම තුළින් "රටේ එහෙම අර්බුද නෑ" යනුවෙන් රට්‌ටුන් රැවටීම පමණි.

මාතරදී නිල්වලා ගඟට පැන දිවි තොරකර ගැනීමට යත්න දැරූ 43 හැවිරිදි මව වසර දෙකකට එක බැගින් දරුවන් හය දෙනකු වැදූ මවකි. අවුරුදු 17, 15, 13, 11, 09, 06 වයස්‌ කාණ්‌ඩවල පසුවන දරුවන් උස්‌ මහත් කිරීම කෝටු අතපය රෙදිකඩමලුවලින් හෝ සැරසීම උන් වෙනුවෙන් කළ යුතු වැදගත්ම යුතුකම වන අධ්‍යාපනය ලබාදීම ඇයට තනිව සිදු කරන්නට වී ඇත්තේ දරුවන්ගේ තාත්තා මීට වසර තුනකට පෙර වස පානය කර මිය පරලොව යැම හේතුවෙනි. වේලක්‌ හැර වේලක්‌ බතක්‌, හොද්දක්‌ රත් කරන ඇය "කටවල් හයක" බඩගින්දර නිවන මවක්‌ වන්නේ ඇගේ බඩගින්දර නිවීම පිණිස වැඩිපුර ඇල්වතුර බීමෙනි.

යුගයේ හැටියට දරුවන් හයදෙනකු වැදූ "දුක" ඇය විසින් උහුලාගෙන ඇතත් විලිරුදාව පරයමින් ඇයව රිදවන්නට ගන්නේ "දුප්පත්කම" විසිනි. එයට "නූගත්කම" එකතු වූ විට ඇතැමෙක්‌ ජීවිතයෙන් පලා යැමට උත්සාහ ගන්නේ දුප්පත්ව ඉපිද දුප්පතෙක්‌ව මිය යැම දෛවයට භාර කරමිනි.

නිල්වලා ගඟට පැණ මියයැමට උත්සාහ දැරූ මව එතනට තල්ලුවීම පිණිස බලපෑ හේතුව දුප්පත්කම සහ නූගත්කම ද? යනුවෙන් සෙවීම පිණිස ඇගේ ජීවින පසුබිම පිළිබඳ පසු විපරමකින් පසු කළ යුත්තක්‌ බැවින් එය පසුවට කල්තබා මේ මොහොතේ ඇය සහ ඇගේ දරුවන් වෙනුවෙන් කළ යුත්තේ නිල්වලා ගඟ මාතරට ගැලීම නතර කිරීම වැනි කෙස්‌ පැලෙන තර්ක නොව අන්ත අසරණභාවයට පත් ඔවුන් නඟාසිටුවීම පිණිස කළ හැකි දෙයක්‌ වේ නම් ඒ දෙය ඉටුකිරීම පමණි.

ඒ සඳහා අනුන්ගේ දුකෙහිදී උණුවන මනුස්‌සකමින් යුත් මිනිසුන් තවමත් රටේ ඇති බැවින් මහත්වරුනි....ඔවුන්ට පිහිටක්‌ වෙන්න යනුවෙන් ඉල්ලා සිටින අතර අවසාන වශයෙන් තවත් පිරිසකට යම් සිහිපත් කිරීමක්‌ සිදුකිරීම පිණිස මෙලෙසින් ලියා තබමි.

රට කරවන මහත්වරුනි.....ඉකුත් දා මාතරින් නිල්වලා ගඟට පැන දිවි තොරකර ගැනීමට උත්සාහ දරා ඇත්තේ දුප්පත්කම විසින් හෙම්බත් කරන ලද එක්‌ අම්මා කෙනෙක්‌ පමණි. අලුත් පාසල් වාරය අත ළඟ බැවින් දරුවන්ට පොතක්‌ පැන්සලක්‌ රැගෙන දීමට නොහැකි තවත් අම්මාවරු දස දහස්‌ ගණනක්‌ රටේ සිටිනා බැවින් අඩුම තරමින් උන් වෙනුවෙන් යමක්‌ කළ මැනවි.

divaina.com


More News »