ගාමන්ට්‌ තරුණියන් ලෙස සැරසී
කොල්ලන්ගේ රත්රන් සුද්ධ කරන රූමතියෝ

2016-12-26 10:12:00       586
feature-top
කළාපයේ නොකී කතාව -03

* එක රැයකදී ගාමන්ට්‌ තරුණියන් සමූහයක්‌ අතවරයට ලක්‌වූ හැටි
* එක රැයින් චැට්‌ කර පසුදින යහන්ගත වන සුරූපිකාවෝ

ගාමන්ට්‌ කියූ සැණින් කටුනායක අපට මතකයට ආවද රත්මලාන ඒ ගැන ප්‍රසිද්ධියක්‌ ඉසුලුවේ කලක සිටය. මේ ගාමන්ට්‌ යුවතියන් ගැන ඇති පරණ ප්‍රවෘත්ති සොය ඉපැරැණි පුවත්පත් පෙරලද්දී 80 දශකය මුල "දවස" පුවත්පතක වූ ප්‍රවෘත්තියක්‌ අපේ ඇස ගැටුනේ නිරායාසයෙනි. එය වඩාත් ගැඹුරට අධ්‍යයනය කිරීමේදී අපට පෙනී ගියේ එය ඉතාමත් සංවිධානාත්මකව කරන ලද තවමත් නීතියෙන් වහන් වූ අපරාධයක්‌ බවය. එය සැකවින් මෙසේය.

අත්තිඩිය ප්‍රදේශයේ ගාමන්ට්‌ එකක රාත්‍රි වැඩ මුරය නිමවූ විට තරුණියන්ට දැකගත හැකිව ඇත්තේ වෙනදාට දක්‌නට නොලැබෙන බස්‌ රථයකි. එහි ගමනාන්තය සඳහන් පුවරුව දුටු බොහෝ යුවතියන් ඊට ගොඩවූයේ කිසිදු විශේෂත්වයක්‌ නැතිවය. බස්‌ රථයේ හැම ෂීට්‌ එකකම පාහේ ජනේලය අයිනට වෙන්නට පුද්ගලයින් සිටීම ඔවුනගේ අවධානයට ලක්‌වූයේ නැත. බස්‌ රථයේ ඉතිරි අසුන් සඳහා යුවතියන් නැග හරිබරි ගැහී ඉඳගත් වහාම අනෙක්‌ තරුණියන්ට බස්‌ රථයට ගොඩවන්නට ඉඩ නොදී රියෑදුරු බස්‌ රථය පණගන්වා අධි වේගයෙන් පදවන්නට වූයේ ගොදුරක්‌ ඩැහැගත් කොටියකු වියරුව හැසිරෙන්නාක්‌ මෙනි. අත්තිඩිය ප්‍රදේශයේ එකල ලඳු කැලෑවක්‌ වන් වගුරු බිමක්‌ තිබී ඇත. පුවත්පතේ වූ විස්‌තරය අනුව අපට තේරුම්ගියේ අද එම ප්‍රදේශය මුළුමණින්ම ගොඩකර නිවාස ඉදිකර ඇති බවය. පොලිසියට ලැබුණ ඇමතුමක්‌ මත පසුදින අලුයම බස්‌ රථය සොයා ගන්නා ලදී.

මේ වගුරු බිම අසල ලඳු කැලෑව අසල බස්‌ රථය නවතා තිබුණි. බස්‌ රථයට ගොඩවූ ගාමන්ට්‌ තරුණියන් සිහිමදව අසුන්වලට බරදී සිටියේ සිදුවූයේ කුමක්‌දැයි සිතාගත නොහැකිවය.

එදා "දවස" පුවත්පත මෙම වාර්තාව එම තරුණියකගේ ප්‍රකාශයත් සමග පළකළ තිබුණේ මෙසේය.

"කවදාවත් දැකල නැති මේ බස්‌ එකට අපි නැග්ගෙ අපි කට්‌ටියක්‌ම හිටපු හින්දා. බස්‌ එකේ ලයිට්‌ තිබුණේ කලාමැදිරි එළි වගේ. සීට්‌වල හිටපු පිරිමි හිටියෙ මූණ හංගගෙන වගේ. කවුරුත් අපි දිහා බැලුවේ නැහැ. එක පාරටම බස්‌ එක ලදු කැලෑව පැත්තට හරවනකොට අපි කෑගහන්න පටන් ගත්තා. ඩ්‍රැයිවර් හෝන් එක තුන් සැරයක්‌ ගහල බස්‌ එක ඇතුලෙ ලයිට්‌ නිමල සිග්නල් එකක්‌ ඇතුලෙ කට්‌ටියට දුන්නා. මං ගාව හිටිය කොල්ල සාක්‌කුවේ දාන් හිටිය ලේන්සුවක්‌ වගේ දෙයක්‌ මගේ නහයට තියල තදකළා. තත්ත්පර ගණනකදී මට කැරකැවෙනව වගේ දැනුන. මට මතක එච්චරයි. පොලිසියෙන් ඇවිල්ල ඇහැරවනකොට අපි කෙල්ලො ඔක්‌කොම ෂීට්‌වල අඩ නිරුවතින් නිදි කිරා වැටෙමින් හිටිය. එක රැයකින් අපි ඔක්‌කොම විනාශ වුණා. දැන් අපි ගමට යන්නෙ කොහොමද? මේ කවුරුත් බැඳල නෑ. අපේ පෙම්වතුන් අපිව මෙහෙම භාර ගනියිද?

යනුවෙන් එම යුවතිය සඳහන් කොට තිබුණි. පරීක්‍ෂණවලදී පෙනීගොස්‌ තිබුණේ මෙය ඉතා සංවිධානාත්මකව කෙරුණ සමූහ ස්‌ත්‍රී දූෂණයක්‌ බවය. බස්‌ රථය කුලියට ගත් එකක්‌ වන අතර එහි රියෑදුරා කිසියම් රසායන ද්‍රව්‍යයක්‌ නහයට අල්වා සිහිසුන් කර අතපය බැඳ තබා සිටියදී පසුව හමුවී ඇත. බස්‌ රථය වගුරු බිම දෙසට හරවද්දී බස්‌ රථයේ සිටි පිරිස තමන් අත තිබූ ලේන්සු අල්ලා තරුණියන් සිහිසුන් කොට ඇත. බස්‌ රථය හදිසියේ පණගන්වා ඇත්තේ බස්‌ රථයේ අහක බලාගෙන සිටි තරුණයන් ගණනට සෑහෙන ලෙස තරුණියන් බස්‌ රථයට ගොඩවනතුරුය. සිsහිසුන් වුණ තරුණියන්ගෙන් මෙම කාමාතුරයන් බස්‌ රථයේ සිටි වනම තම පහත් ආශාවන් සතපවා ගෙන ඇත. එළිවන ජාමේ මොවුන් පැනගොස්‌ ඇත්තේ ගංජා සුරුට්‌ටු කීපයක කොට කීපයක්‌ සහ හිස්‌ අරක්‌කු බෝතල් කීපයක්‌ පමණක්‌ බස්‌ රථය තුළ තනි කරමිනි. ජීවිතයේ රැක ගතයුතු බොහෝ දේ ක්‍ෂණිකයකින් නැතිකර ගත් මේ අහිංසක තරුණියන්ට සියල්ල නැතිවෙද්දී "ජීවිතය" පමණක්‌ හිමිවීම ගැන මේ අපරාධය ගැන ආරංචි වී කොළඹ ආ මේ තරුණියන්ගේ දෙමාපියන් කම්මුලට අත තබා ගත්තේ තම දුක්‌ගැනවිල්ල දෙවියන්ට කියමිනි. මේ පුවතින් කියෑවුණේ වැඩිදුර පරීක්‍ෂණ මේ සාමූහික ස්‌ත්‍රී දූෂකයන් සොයා ක්‍රියාත්මක කොට ඇති බවය. නමුත් සති ගණනාවක්‌ ඊට පසු "දවස පුවත්පත" පෙරලා බැලූමුත් මේ ගැන සැකපිට හෝ අත්අඩංගුවට ගත් බවට ප්‍රවෘත්තියක්‌ අපට සොයාගත නොහැකි විය.

මේ ගාමන්ට්‌ යුවතියන්ගේ තොරතුරු විමසමින් කටුනායක මෙන්ම රත්මලාන ප්‍රදේශයේ සැරිසරද්දී ත්‍රිරෝද රියෑදුරකු අපට අපූරු සිද්ධියක්‌ කිව්වේ ඔහුද එම සිදුවීම නිසා පොලිසියේ දවස්‌ කීපයක්‌ රස්‌තියාදු වූ නිසාම විය යුතුය. රත්මලාන ප්‍රදේශයේ ගාමන්ට්‌ එකක කටර් අංශයේ තරුණයෙකුගේ ප්‍රධාන විනෝදාශ්වාදය වූයේ තමන් උපයන මුදලින් රත්‍රං ආභරණ ගෙන පැළඳීමය. මුදු කීපයක්‌ම පැළඳි ඔහුගේ අතේ තඩි බ්‍රේස්‌ලට්‌ 2 ක්‌ම විය. කරේ විවිධ ඝනකමින් යුතු රත්‍රං මාල කීපයකි.

මලින් මලට පියාඹන බඹරෙකු වූ මේ තරුණයාගේ නම අජිත්. නමුත් තරුණියන් අතර මේ අජිත් වඩාත් ප්‍රසිද්ධ වූයේ "රත්තරං" යන සුරතල් නාමයෙනි. දිනක්‌ සවස්‌ වරුවේ ෂෝaට්‌ලිව් දමා ගොලුමඩම හන්දියට ආ අජිත්ට බස්‌ රථයක්‌ එනතුරු බලා සිටි රූමත් තරුණියක්‌ ඇස ගැටිණි. "අලුත් කෑල්ලක්‌ බැහැල" යනුවෙන් තමන්ම කියාගත් අජිත් ඇය අත වූ බෑගයේ වූ ගාමන්ට්‌ එකේ නම හොඳින් කියවා බැලුවේය.

"නංගි"... ගාමන්ට්‌ එකේද වැඩ. මාත් කලින් වැඩ කළේ එහෙ තමයි" කියමින් අජිත් තමන් සමග වැඩකළ කීප දෙනෙකුගේම නම් කියවන්නට විය. රූමත් තරුණිය හිස වැනුවා විනා අජිත් කියූ කතාවලට හා කියන්නවත් නෑ කියන්නවත් ගියේ නැත. ගාමන්ට්‌ එකක මෙවැනි රූමතියක්‌ වැඩ කරනවා අජිත් කිසිදාක දැක තිබුණේ නැත. ඇගේ කෙලිලොල් සිනාවට මෝහනය වූ අජිත් ඇගේ රූපශ්‍රීයෙන් වශීකෘත වී අන්දමන්ද විය. පසුදින හමුවන පොරොන්දුව පිට ඇය පිළියන්දල වෙත යන බස්‌ රථයට ගොඩ වූයේ මේ අතරය. අජිත්ද එම බස්‌ රථයට ගොඩවීමට සිදුවූයේ ගොදුර ඩැහැ ගැනීමට "ඉක්‌මන් වැඩියෑයි" සිතූ ඔහු මදක්‌ පසුබා සිටියේය. පසු දින ද අජිත් කාර්යාලයේ කලින් නිවාඩු ඉල්ලූමුත් පාලන අධිකාරිය එය ලබාදීමට අදිමදි කරන්නට විය. එහෙත් ඔහු ලොක්‌කෙකුට කියා පැය කීපයකට නිවාඩුවක්‌ ලබා ගන්නට පියවර ගත්තේය. දිනපතා බස්‌ රථයේ වැඩට එන අජිත් එදා අමතර හෙල්මට්‌ එකක්‌ද ගෙන තම අලුත්ම ස්‌කූටියෙන් පැමිණීම කාටත් කුතුහලයක්‌ විය. නමුත් සවස 3 ට පමණ ගාමන්ට්‌ එකෙන් එළියට එන්නට තම මෝටර් සයිකලය වෙත ගිය අජිත්ගේ ඉහමොළ රත්වන්නට විය. සිතා ගත නොහැකි ලෙස මෝටර් සයිකලයේ ඉදිරි ටයරයේ හුලං බැස තිබුණි. තම ගමන යැමට තම මිතුරකුගේ මෝටර් සයිකලයක්‌ ඉල්ලා ගැනීමට අජිත් සමත් විය. එහෙත් මෝටර් සයිකලයේ යතුර දෙන ගමන් මිතුරා අජිත්ට කියූ කතාව අජිත්ට දිරවූයේ නැත.

"මචං යන්න හිටිය සයිකලේ හුලං බැස්‌ස කියන්නේ යන්න තියන ගමනට බාදයි කියන එක. ඒක මං අත්දැකීමෙන් දන්නවා. උඹ කොහේ හරි යන්න හිටියනම් යන්න නම් එපා පුතෝ·. යි මිතුරා කියූ අනාවැකිය පයිසයකට ගණන් ගත්තේ අජිත් නොවේ.

පෙර දින හමුවූ රූමත් තරුණියගෙන් මොබයිල් අංකය ලබාගත් අජිත් ඇය බස්‌ රථයට ගොඩවූ වේලේ සිට චැට්‌ කරන්නට වූයේ නොනවත්වාය. එදින රෑ එළිවනතුරුම ඈ සමග "චැට්‌" කළ අජිත්ට පාන්දර දෙක තුනට ෆෝන් එක පපුව මත තබාගෙනම නින්දගොස්‌ තිබුණි. පසුදින තම මව උරහිසෙන් අල්වා ඇහැරවනතුරුම අජිත් සිටියේ ප්‍රේම ලෝකයේය. අජිත්ගේ මේ එක්‌දින ප්‍රේමය කොතරම් දුර ගියා දැයි කිවහොත් එදින ගොලුමඩම හන්දියේ හමුවීමෙන් පසු දෙදෙනා තමන්ගේ ලෝකයේ තනිවීමට හුදකලා "නවාතැනක්‌ද" තෝරාගෙන හමාරය.

මිතුරාගේ මෝටර් බසිසිකලය සැර දමා ස්‌ටාට්‌ කරගත් අජිත් එතැනින් පිටත් වූයේ මිටින් හල කුරුල්ලකු ලෙසය. ගොලුමඩම හන්දියට අජිත් යන විටත් අජිත්ගේ "එක්‌දින" ප්‍රේමවන්තිය ඔහු එනතුරු බලා සිටියේ බලාපොරොත්තු සහිතවය. ඇගේ නම එරංගි බවත් ඇය විසි එක්‌ වැනි වියේ පසුවන බවත් කලින් දින රාත්‍රියේම අජිත් දැනගත්තේය.

"අයියට මගේ වයස කිව්වා, ඒත් කෝ අයියගේ වයස මට තාම කිව්වේ නෑනේ. හරි හරි මං කියන්නම් අයියට තිහක්‌ නම් වයස නැහැ. විසි හයයි, නැත්නම් විසි අටයි. මම හරි නේද පැටියෝ" යි එරංගි අසත්දී අජිත් එයට හූමිටි තැබුවේ තමන්ගේ 48 වැනි උපන් දිනය තව නොබෝ දිනයකින් එළැඹෙන නිසාය.

එරංගි දවටාගෙන සිටි සුවඳ විලවුන් වර්ගය අජිත්ගේ නාසය කඩාගෙන යන්නක්‌ විය. අජිත් ආ බයිසිකලය දැක කලබලයට පත් ඈ සැනෙකින් µqල්ෙµaස්‌ හෙල්මට්‌ එක දමාගෙන බයිසිකලයට ගොඩවූයේ වයින් කළාක්‌ මෙනි. දෙදෙනා නතර වූයේ බොල්ගොඩ ගඟ අසල නවාතැනක ඉහළ මාලයේය.

"අයියේ හරි මහන්සියි. කෝක්‌ එකක්‌ බොමුද? එරංගි අසන්නට වූවාය. අජිත් වහාම කෝක්‌ එකක්‌ නොව දෙකක්‌ම ඇනවුම් කළේ සැනෙකිනි. බීම බෝතල් ගෙනා වේටර් අජිත්ගෙන් ඉල්ලා සිටියේ නවතා තිබූ වාහනයක්‌ එළියට ගැනීමට අවහිර ලෙස අජිත්ගේ බයිසිකලය නවතා ඇති බැවින් එය මදක්‌ ඉවතට ගන්නා ලෙසය. එරංගිට කාමරයට වී සිටින ලෙස කියූ අජිත් තම බයිසිකලය පාරට ගෙන වාහනය ඉවතට ගන්නට ඉඩ සලසා නැවත කාමරයට ආවේ නිමේෂයකිනි.

අජිත් නැවත කාමරයට එනවිට "එරංගි" ඔහු දෙස බැලුවේ කාමාතුර බැල්මකි. එක්‌ බීම බෝතලයක්‌ බී හමාර කළ ඈ අජිත්ගේ බීම බෝතලයෙන්ද මදක්‌ බී තිබුණි. එරංගි තුරුල් කරගත් අජිත් උගුරු දෙකට බීම බෝතලය ඇදබාන්නට විය. තත්පර ගණනකින් අජිත්ට තමන් ආකාසයේ පාවෙනවා මෙන් දැනෙන්නට විය. ඔහුට මතක එපමණය. ඔහුට සිහිය එන විට ඔහු සිටියේ කළුබෝවිල රෝහලේ සේලයින් ලබා දෙමිනි. ලක්‍ෂ හතරකට අධික ඔහුගේ සියලු රත්‍රංවලට සිදුවූ දෙයක්‌ නැත. ඔහුගේ එක්‌දින පෙම්වතියද අතුරුදන්ව ඇත.

සිදුවූ දෙය පසුව සොයාගත හැකිවිය. අජිත් අසුවී තිබුණේ මිනිසුන් රවටන වංචනික තරුණියකටය. අජිත් එළියට ගිය සැණින් සිහි විකල්වන කුඩු වර්ගයක්‌ බීමවලට දැමීමට මෙම රූමතිය සමත් විය. අජිත් සිහි විකල් වූ පසු ඔහුගේ සියලු රත්‍රං ගලවාගත් මේ රූමතිය පිළිගැනීමේ කවුන්ටරයට පැමිණ "ෙµdaන් කාඩ්" එකක්‌ ගේන්නට යෑයි කියමින් එළියට ගොස්‌ ඇත්තේ කාමරයේ බිලද ගෙවමිනි. පැය දෙක තුනක්‌ ගියමුත් ඇය පැමිණියේ නැති බැවින් කාමරයේ දොර කඩා ඇතුළුවන්නට හෝටල් හිමියාට සිදුවිය. ඔහුට දැකගත හැකි වූයේ සිහිවිකල් තත්ත්වයේ සිටි අජිත්ය. ඔහු සතු සියලු රත්‍රං කොල්ලකා මේ තරුණිය ඔහුගේ යට ඇඳුම නොහොත් ලන්කට්‌ටුවද ගෙන ගොස්‌ තිබුණේ සිහිවටනයක්‌ ලෙස විය යුතුය.

අජිත් සේවය කළ ගාමන්ට්‌ හිමිකරු මේ සුරුපිනිය වැඩකළා යෑයි කියූ ගාමන්ට්‌ එක පීරා සෙව්වත් ඔහුට දැන ගන්නට හැකි වූයේ එවැනි තරුණියක්‌ සේවය නොකළ බවය. ලැඡ්ජාව නිසා පොලිසියට යැමට අජිත් අකමැති වුවත් දොර කැඩීමට පෙර හෝටල් හිමිකරු ඇන්ටි්‍රයක්‌ දමා තිබූ නිසා "අජිත්ට" පොලිsසියට ගොස්‌ කටඋත්තරයක්‌ දීමට සිදුවිය. පොලිසියටද අවසානයේ සොයාගත හැකි වූයේ කලින් කලට රටේ විවිධ තැන්වලින් මෙවැනි සිදුවීම් වාර්තා වන බව පමණි.

divaina.com


More News »