උස්‌බෙකිස්‌ථානයෙන් ලංකාවට බැස්‌ස රෑ මනාලියෝ

2016-11-07 11:22:00       658
feature-top
උස්‌බෙකිස්‌ථානයේ ජීවත්වන ඇන්ඩි්‍රයා රූමත් විවාහක කාන්තාවකි. වයස හතළිහක්‌ පමණ වන ඇයට දරුවන් තිදෙනෙක්‌ සිටිති. ස්‌වාමිපුරුෂයා ඇය අතහැර ගියේ තුන්වැනි දරුවා ඉපදීමට මාස තුනකටත් පෙරය. ඉන්පසු පිරිමින් කිහිප දෙනකු සමඟ ඇය ජීවත් වූවාය. එහෙත් සාර්ථක පවුල් ජීවිතයක්‌ ගත කිරීමට ඇයට නොහැකි විය.

කලක්‌ යද්දි ඇන්ඩි්‍රයා දරු තිදෙනාත් සමඟ තනි වූවාය. හරි හමන් රැකියාවක්‌ නොතිබුණු ඇයට ජීවත් වීම සඳහා විශාල සටනක නිරත වීමට සිදු වූවාය. එන්න එන්නම ඇය මුහුණපෑවේ කටුක අත්දැකීම්වලටය. සතුටක්‌ පේන තෙක්‌ මානයක නොමැති බව ඇයට දැනුණි. එහෙත් කෙසේ හෝ මුදල් උපයාගත යුතු යෑයි ඇය තරයේ අදිටන් කර ගත්තාය.

ඇන්ඩි්‍රයාගේ හොඳම යහළුවා වූයේ ගෝරියා ය. ගෝරියා අවිවාහක තරුණියකි. වයස අවුරුදු තිස්‌ පහකි. ඒ වන විට ගෝරියා තරුණයන් කිහිප දෙනකු ඇසුරු කර තිබුණාය. ඇයද සිටියේ ආර්ථික අර්බුද රැසකට මුහුණ දෙමින්ය. දිනක්‌ ඇන්ඩි්‍රයා, ගෝරියාට අපූරු යෝජනාවක්‌ ගෙනාවේ මෙලෙසින්ය. "ගෝරියා අපි දැන් ගත කරන්නේ ඉතාම දුක්‌බර ජිවිතයක්‌නෙ. ගොඩ යන්න විදිහක්‌ පේන තෙක්‌ මානයක නැහැ. ඒක නිසා අපි ඇඟ විකුණලා සල්ලි ටිකක්‌ හොයා ගමු. මොකද පිරිමි අපේ ඇඟට අකමැති වෙන්න හේතුවක්‌ නැහැනේ තවම...."

ගෝරියා එය ඇසීමෙන් තරමක්‌ තිගැස්‌සුණාය. ඇය පැවසුවේ රැකියාව කළහොත් නෑදෑ හිතවතුන් සහ සමාජය ඉදිරියේ ගැරහුම් ලැබීමට සිදුවන බවයි. ඇන්ඩි්‍රයා උස්‌ හඬින් සිනාසෙමින් "කවුද මෝඩ කෙල්ලේ ඔය රස්‌සාව මෙහෙ කරන්නේ අපි පිට රටකට ගිහින් කරමු" කියා පැවසුවාය. ගෝරියාද එක පයින්ම එයට කැමැති විය.

අන්තර්ජාලය තුළ දවස්‌ ගණනක්‌ සැරිසරමින් මුදල් මත තම ඇඟ විකිණීමට හොඳම විදෙස්‌ රටක්‌ ඔවුන් දෙදෙනා සෙව්වෝය. අවසානයේ තායිලන්තය එයට සුදුසුම රට බව ඇන්ඩි්‍රයා සහ ගෝරියා තේරුම් ගත්තාය. දින කිහිපයක්‌ ඇතුළත සංචාරක වීසා අයෑදුම් කර ඔවුන් දෙදෙනා තායිලන්තය බලා පැමිණියහ. දින කිහිපයක්‌ ගතකළත් තමන් සිතූ අයුරින් ශරීරය විකුණා මුදල් උපයා ගැනීමට ඔවුන්ට නොහැකි විය. එයට ප්‍රධාන හේතුව වූයේ දෙස්‌ විදෙස්‌ එවැනි ගණිකාවන් බොහෝ පිරිසක්‌ එම රට තුළ සිටීමයි.

මාස දෙකක පමණ කාලයක්‌ ඇන්ඩි්‍ර සහ ගෝරියා තායිලන්තයේ ජිවත් වූවාය. ඒ අතර ශරීරය විකුණා සැලකිය යුතු මට්‌ටමේ නොවුණත් යම් මුදලක්‌ ඔවුන් දෙදෙනා උපයා ගත්තෝය. වීසා අවසන් වීමත් සමඟ යළි ඔවුහු මව් රට බලා පැමිණියෝය.

තායිලන්තයට ගොස්‌ තමන්ගේ අරමුණ හරියාකාරව ඉටුකර ගැනීමට නොහැකි බව ඇන්ඩි්‍රයා පැවසුවාය. එම නිසා ඔවුන් දෙදෙනා යළි අන්තර්ජාලය තුළ වෙනත් විදෙස්‌ රටක්‌ සෙවූහ. ඔය අතරතුර ශ්‍රී ලංකාව ඔවුන්ගේ නෙත ගැටුණාය. ශ්‍රී ලංකාව ගැන සෙවීමේදී එහි ජීවත්වන සමහරක්‌ පිරිමි විදෙස්‌ කාන්තාවන්ට දැඩි කැමැත්තක්‌ දක්‌වන බව ඔවුහු දැන ගත්හ. එම නිසා ඇන්ඩි්‍රයා සහ ගෝරියා මුදලට ඇඟ විකිණීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණීමට තීරණය කළහ.

ඇන්ඩි්‍රයා ශ්‍රී ලංකාවට පැමිණීම සඳහා ගෝරියාට අමතරව තවත් තරුණියන් සිව් දෙනකු සොයා ගත්හ. ඇඟපස පිරිපුන්ව වැඩුණු එම තරුණියන් සිව්දෙනාද අතිශයින්ම රූමත් වූහ. සංචාරක වීසා මගින් එම කාන්තාවන් හයදෙනා ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ පසුගිය මාසයේය.

කණ්‌ඩායමේ නායිකාව වූයේ ඇන්ඩි්‍රයා ය. ඔවුන්

ශ්‍රී ලංකාවට පැමිණි මුල් දවස්‌ කිහිපයේ නවාතැන් ගත්තේ මීගමුව ප්‍රදේශයේ ලැගුම්හලකය. ඉන්පසු ඔහු එම ලැගුම්හලේ කළමනාකරු සමඟ සුහද වී ශ්‍රී ලංකාව පිළිබඳ තොරතුරු රැසක්‌ දැන ගත්තේය. අවසානයේ තම රැකියාවට සුදුසු ප්‍රදේශය කොළඹ නගරය බව ඇන්ඩි්‍රයාට අවබෝධ විය.

මීගමුවේ සිට කොළඹ පැමිණි ඇන්ඩි්‍රයා ඇතුළු පිරිස මුහුදුබඩ මාර්ගයේ ලැගුම්හලක නවාතැන් ගත්තාහ. ඉන්පසු කණ්‌ඩායමේ නායිකාව වූ ඇන්ඩි්‍රයා තම සගයන්ට උපදෙස්‌ මාලාවක්‌ දුන්නේ මෙලෙසින්ය. "අපි ඇවිල්ලා ඉන්නේ නුපුරුදු රටකට. ඒත් මෙහෙ පිරිමි අපි වගේ අයට ගොඩක්‌ කැමැතියි. අපි මුලින්ම කරන්න ඕනෙ ත්‍රිරෝද රථ රියදුරන් සමඟ යහළු වෙන එක. ඊට පස්‌සෙ ඒගොල්ලො හරහා අපිට කැමැති පිරිමි හොයා ගමු. මතක තියාගන්න අපි ඇවිදිනකොට ඇඟෙන් භාගයක්‌ පමණ පේන විදිහෙ ඇඳුම් ඇඳගෙන යන්නත් ඕන"

"ගොඩක්‌ අපි හවසට තමයි පාරට බහින්න ඕන. මත්පැන් පානය කරන තැන්වලට එහෙමත් යන්න ඕන. ඒවාගේ තැන්වල ඉන්න පිරිමි ඉක්‌මණට අල්ල ගන්න පුළුවන්. තව එකක්‌ මතක තියාගන්න. ලිංගිකව එකතු වෙනකෙට අනිවාර්යයෙන්ම උපත් පාලන කොපු පාවිච්චි කරන්න. ඒ වගේම ඔවුන් දෙන මොනම පානයක්‌වත් බොන්න එපා. නියමිත වෙලාවට වඩා තත්ත්පරයක්‌ වත් ඉන්න එපා. පුළුවන් තරම් ඒගොල්ලන්ව සතුටු කරන්න බලන්න..." එම උපදෙස්‌ මාලාවට අනුව එම තරුණියන් නීති විරෝධී අයුරින් මුදලට ශරීරය විකිණීමේ රැකියාවට යොමු වූහ.

සතියක්‌ ඇතුළත නොසිතූ මුදලක්‌ ඇන්ඩි්‍රයා ඇතුළු පිරිස මුදලට ඇඟ විකුණා සොයා ගත්තේය. එම එක්‌ තරුණියක්‌ සමඟ පැය දෙකක්‌ යහන් ගතවීමට රුපියල් තිස්‌දහසක මුදලක්‌ අවශ්‍ය වේ. මෙරට බොහෝ සල්ලාල පිරිමි එම තරුණියන් සමඟ මුදලට යහන්ගත වූයේ සුර ලොවින් පැමිණි සුර දූතියන් කියා සිතාය.

සති දෙක තුනක්‌ ගතවෙද්දී ඇන්ඩි්‍රයා නීති විරෝධී අයුරින් මුදලට ඇඟ විකිණීමේ ජාවාරම මෙරට තුළ ජයටම කරගෙන ගියාය. සමහර දිනවල එම තරුණියන් මෙරට පිරිමි දහ දොළොස්‌ දෙනකු සමඟ යහන්ගත වූහ. එක්‌වරක්‌ යහන්ගත වන පිරිමි යළි එම තරුණියන් සමඟ යහන්ගත වීමට කැමැත්තක්‌ දක්‌වන්නේ ඔවුන්ගේ අඟර දඟරවලට සහ ලබාදෙන ආශ්වාදයට වශීවීම නිසාය.

ඇන්ඩි්‍රයා ඇතුළු තරුණියන් පිරිසගේ ආදායම දිනෙන් දින ඉහළ ගියේය. වරක්‌ ගෝරියා පැවසුවේ අපි පරක්‌කු වැඩියි. දැනට අවුරුදු කිහිපයකට කලින් පැමිණියා නම් හොඳ ගානක්‌ සොයාගෙන යන්න තිබුණා කියා ය. නීති විරෝධී දෙයක්‌ දිගුකාලීනව කරගෙන යා නොහැකිය. කෙදිනක හෝ එය නීතියේ රැහැනට හසුවෙයි. මෙය ඇන්ඩි්‍රයා ඇතුළු සියලුම නීති විරෝධී ක්‍රියාකාරකම් කරන්නන්ට පොදු දෙයකි.

ඇන්ඩි්‍රයාගේ සංවිධානාත්මක ගණිකා ජාවාරම ගැන එක්‌තරා මාධ්‍ය ආයතනයකට තොරතුරු දැන ගන්නට ලැබී තිබිණි. ඔවුහු ඒ පිළිබඳ ආගමන විගමන ඒකකයේ නිලධාරීන් දැනුවත් කළේය. ඒ අනුව ක්‍රියාත්මක වූ එම නිලධාරීහු ගණිකා සේවයේ නිරත වන උස්‌බෙකිස්‌ථානු කාන්තාවන් කොටුකර ගැනීමට සැලසුම් කළේaය.

පළමුව උපාය දූතයකු මාර්ගයෙන් ජාවාරමේ ප්‍රධාන මොළකාරිය වන ඇන්ඩි්‍රයාව එම නිලධාරීහු සම්බන්ධ කර ගත්තේය. ඉන්පසු තමන්ට අවශ්‍ය කාරණය පැවසුවේය. එවිට ඇන්ඩි්‍රයා පැවසුවේ තමන් ළඟ සුරූපී කතුන් සිටින බවත්, කොළඹ මුහුදුබඩ මාර්ගයේ එක්‌තරා ලැගුම්හලක්‌ වෙන්කරගෙන තමන්ට දන්වන ලෙසත්ය. ඉන්පසු සුරූපී තරුණියන් එම ස්‌ථානයට රැගෙන එන අතර තමන්ට උවමනා කෙනා තෝරාගත හැකි බව ඇය එම නිලධාරීන්ට පැවසුවාය.

ඇය කියු ලෙසට එම නිලධාරීහු මුහුදුබඩ මාර්ගයේ ලැගුම්හලක කාමරයක්‌ වෙන් කරවාගෙන එම කාන්තාවට දුරකතන ඇමතුමක්‌ ලබා දුන්හ. විනාඩි කිහිපයක්‌ ඇතළත එම කාන්තාව අදාළ ස්‌ථානයට පැමිණ කාමරය පරීක්‍ෂා කළාය. ඉන්පසු අඟ පසඟ තදවන සේ සරාගී ලෙස ඇඳුම් ඇඳ අඟර දඟර පාමින් විදේශීය කාන්තාවන් පස්‌දෙනකු පැමිණියාහ.

ගතවූයේ නිමේෂයකි. එම තරුණියන් සියලු දෙනාටම වාඩිවන ලෙස දැන්වූ උපාය දූතයන් ලෙස පැමිණි ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීහු තම අනන්‍යතාව පෙන්වමින් එම තරුණියන් සිව්දෙනා අත්අඩංගුවට ගත්හ. පසුව ප්‍රශ්න කිරීම්වලින් පසුව නීති විරෝධී අයුරින් මුදලට ශරීරය විකිණූ එම කතුන් හයදෙනා මෙරටින් පිටුවහල් කරන ලදී.

divaina.com


More News »