ජලභීතිකා රෝග බිය අස්‌සේ ඇසෙන තවත් කතාවක්‌

2016-10-07 10:49:00       592
feature-top
හැම හත්දෙනකුටම එක බල්ලෙක්‌...
අපේ රටේ බලුගහනය ලක්‌ෂ තිහක්‌...

වසර 2020 වන විට මෙරටින් ජලභීතිකා රෝගය (රේබීස්‌) තුරන් කිරීම ඉලක්‌ක කරගෙන සිටින ශ්‍රී ලංකාව තුළ සිටින එම රෝගය වැඩි වශයෙන් පැතිරවීමට දායකත්වය දරන බල්ලන් ගහනය වැඩි බව අනාවරණය වී තිබේ.

ජලභීතිකා රෝගය රටකින් තුරන් කිරීමට නම් ජනගහනයෙන් 25 දෙනෙකුට වත් බල්ලෙකු බැගින් සිටිය යුතු බවට ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිර්දේශ කර ඇතත් මෙරට ජනගහනයෙන් 6.7 කට වත් බල්ලෙකු සිටින බව මහජන සෞඛ්‍ය පශු ශල්‍ය වෛද්‍ය රුවිනි පිඹුරගේ මහත්මිය පසුගියදා ප්‍රකාශ කළාය. ඇයට අනුව මෙරට මුළු ජනගහනය වන මිලියන 20.3 ට බල්ලන් මිලියන 3.03 ක සංඛ්‍යාවක්‌ සිටී.

මෙසේ බලුගහනය ඉහළ යැම මෙරටින් ජලභීතිකාව තුරන් කිරීමේ ඉලක්‌කයට ළඟාවීමට යම් තරමක බාධකයකි. ඒ බල්ලන්ගේ සංඛ්‍යාව වැඩිවත්ම ඔවුන් එන්නත් කිරීමට සිදුවීම මෙන්ම සුනඛ සපාකෑම් වැඩි වීමයි.

බල්ලන් හරහා ප්‍රධාන වශයෙන් පැතිරෙන වෛරස්‌ රෝගයක්‌ වන ජලභීතිකා රෝගය මිනිසුන්ට මෙන්ම සතුන්ටද බෝවන සියයට සියයක්‌ම මාරාන්තික වූ රෝගයකි. එය ගෘහාශ්‍රිත බල්ලන්, පූසන් මෙන්ම මුගටියන්, ලේනුන් හටද වැළඳිය හැකි වන සතුන්ටද බෝවිය හැකි වෛරස්‌ රෝගයක්‌ ලෙස බලධාරීන් විසින් හඳුන්වා දී ඇත.

ජලභීතිකා රෝගය වැළඳුණු බල්ලෙකු හෝ වෙනත් සුනඛයෙකු සපා කෑමෙන් නිරෝගී සුනඛයෙකුටද එම රෝගය වැළඳිය හැකි අතර එම සුනඛයින් හරහා මනුෂ්‍යයන්ට රෝගය පැතිර යනුයේ සපා කෑම හරහාය.

ලොව පුරා වාර්ෂිකව ජලභීතිකා රෝගයට ගොදුරු වීමෙන් 55,000 ක්‌ පමණ දෙනා මිය යන අතර ශ්‍රී ලංකාවෙන් 1973 වසරේදී වාර්තා වූ ජලභීතිකා රෝගී මරණ සංඛ්‍යාව වන 377 ක ප්‍රමාණය 2015 දී 24 දක්‌වා අඩු වී තිබේ. මෙම වසරේ ගතවූ මුල් භාගය තුළදී මෙරටින් වාර්තා වී ඇත්තේ ජලභීතිකා රෝග මරණ 10 කි.

මෙරටින් වාර්තා වන ජලභීතිකා රෝග මරණ සංඛ්‍යාව අඩු කරලීමට හැකිව ඇත්තේ සුනඛයන් එන්නත් කිරීම, සුනඛ උපත් පාලනය කිරීම (වන්ද්‍යාකරණය) හා සුනඛ සපා කෑම්වලට ලක්‌ වූවන්ට පසු ප්‍රතිකාර ලබාදීම යන ක්‍රියාමාර්ගයන් හරහාය. මෙම ක්‍රියාමාර්ගයන් වෙනුවෙන් රජය වාර්ෂිකව වැය කරනු ලබන මුදල රුපියල් මිලියන 600 කි.

මිලියන 3.03 ක්‌ වන මෙරට බලුගහනයෙන් වාර්ෂිකව මිලියන 1.5 ක්‌ දෙනා එන්නත් කෙරෙන අතර එක්‌ ලක්‌ෂ පනස්‌ දහසක්‌ දෙනා වඳ සැත්කමට ලක්‌ කෙරේ. එහෙත් බලුගහනයෙහි වැඩි වීමක්‌ මිස අඩු වීමක්‌ දක්‌නට නොලැබෙන බව වාර්තා වී ඇත.

බල්ලන් හා පූසන්ට අමතරව වන සතුන් අතරද ජලභීතිකාව පැතිර පවතී. ශ්‍රී ලංකාව 2020 දී ජලභීතිකාව තුරන් කිරීමේ ඉලක්‌කය කරා ළඟාවීමට නම් සුනඛ එන්නත් ලබාදීම වැඩි කිරීමත් වනසතුන් අතර පවතින ජලභීතිකාව පිළිබඳව අවධානය යොමු කිරීම වැදගත්ය.

ජලභීතිකා රෝගය සියයට සියයක්‌ම මාරාන්තික වීම නිසා බල්ලෙකු හෝ වෙනත් සුනඛයකු සපා කෑ විට එය ගණනකට නොගෙන සිටීම ජලභීතිකා රෝගයට ගොදුරුවීමට මඟ පාදනු ඇත. මෙම තත්ත්වය නිසා සුනඛ සපා කෑමකට ලක්‌ වූ විට වහා සපා කෑමට ලක්‌වූ ස්‌ථානය සබන් යොදා හොඳින් ජලයෙන් සේදීම අනිවාර්යයෙන් කළ යුතු වූ දෙයකි. සබන්වල, ජලභීතිකා රෝග වෛරසය විනාශ කිරීමේ ගුණයක්‌ පැවැතීම නිසා එම ක්‍රියාමාර්ගය අනුගමනය කිරීමෙන් රෝගයට ගොදුරු වීමේ අවදානම අවම කරලීමට හැකි වන බව වෛද්‍ය මතයයි.

අනතුරුව ඕනෑම රජයේ රෝහලක්‌ වෙත ගොස්‌ ජලභීතිකා මර්දන එන්නත ලබා ගැනීමට පියවර ගත යුතුය. දවසේ පැය 24 පුරාම රජයේ රෝහලකින් මෙම එන්නත් ලබාගත හැකි බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ මහජන සෞඛ්‍ය පශු වෛද්‍ය ඒකකය පවසයි.

ජලභීතිකා රෝගය සුනඛ සපාකෑම්වලට ලක්‌වූ අයෙකුට වැළඳුණු විට එම රෝගී වෛරසය ස්‌නායු පද්ධතියට ඇතුළුව මොළය කරා පැතිර යාම නිසා අවසානයේ රෝගියා මරණයට පත් වේ. ජලභීතිකා රෝගයට ගොදුරු වූ ඇතැමුන් රෝග ලක්‌ෂණ ඉක්‌මනින් මාසයක්‌ මාස තුනක්‌ අතර කාලයක්‌ තුළ පෙන්නුම් කළද තවත් සමහරුන් වසර 20 ක්‌ වැනි දිගු කලක්‌ ගතවූ පසු රෝග ලක්‌ෂණ පෙන්නුම් කළ හැකි බව පශු ශල්‍ය වෛද්‍යවරු කියා සිටිති.

ජලභීතිකා රෝගී වෛරසයට ගොදුරු වූ ඇතැමුන් කලබලකාරී හැසිරීම් රටාවක්‌ පෙන්නුම් කරන අතර තවත් සමහරෙක්‌ සාමාන්‍ය හැසිරීම් රටාවක්‌ පෙන්නුම් කරන බව එම වෛද්‍ය නිලධාරීහු පවසති.

කුමන ආකාරයේ හැසිරීම් රටාවක්‌ පෙන්නුම් කළද සුනඛ සපාකෑමකට ලක්‌ව නිසි පූර්ව ප්‍රතිකාර ලබා නොගත් අයෙකු ජලභීතිකා රෝගයට ගොදුරු වුවහොත් ඔහු හෝ ඇය මරණයට පත් වීම නියත වන අතර එම තත්ත්වය වැළැක්‌වීමට නම් තම නිවෙස්‌වල ඇති කරනු ලබන සුරතල් බල්ලන් හා පූසන් එන්නත් කිරීම, එම සතුන්ගේ සපා කෑමකට ලක්‌ වූයේ නම් පෙර කී පරිදි වහා සබන් යොදා සහ කෑ ස්‌ථානය ජලයෙන් සේදීම හා රෝහල වෙත ගොස්‌ එන්නත් ලබා ගැනීම සිදු කළ යුතු වේ.

වසර 2020 දී මෙම මාරාන්තික රෝගය මෙරටින් තුරන් කිරීමට නම් දැන් සිටම ජලභීතිකා රෝගය පැතිරීම පාලනය කිරීමට දායකත්වය දැක්‌වීම මහජනතාව සතු යුතුකම හා වගකීම වේ.

ඒමන්ති මාරඹේ

(කොළඹ සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේ පසුගියදා පැවැති මාධ්‍ය සම්මන්ත්‍රණයකදී හෙළි වූ කරුණු ඇසුරිණි)

Wmqgd .ekSu ,la�u mqj;a m; weiqfrks

More News »