සති ගානකින් ආවත් මම ඒ දරුවම තමා
ජයවර්ධනපුර රෝහලෙන වාර්තාගත විශ්මිත හපන් කමක්‌

2016-09-12 10:57:00       660
feature-top
ඔබත්, අපත් ජීවත්වන මේ ලෝකයේ රටවල් ආකාර තුනකට බෙදී තිබෙන්නේය. දියුණු රටවල්, නොදියුණු රටවල් සහ දියුණු වෙමින් පවතින රටවල් ලෙස ඒ ආකාරයන් හැඳින්විය හැක. ලෝකය, අපේ රට පිළිගන්නේද දියුණු වෙමින් පවතින රටක්‌ ලෙසය.

මේ දියුණු යයි සම්මත වන මූළික ප්‍රධාන කාරණාවන් අතරට ආර්ථිකය, අධ්‍යාපනය සහ සෞඛ්‍ය අනිවාර්යය. මේවා සියල්ලම හොඳින් ශක්‌තිමත්ව, සක්‍රීයව පවතී නම් ඒ දියුණු රටක්‌ බවට විවාදයක්‌ නැත.

අපේ රටේ, මුල් කාරණාවන් දෙක කෙසේ වෙතත් සෞඛ්‍ය ක්‍ෂේත්‍රය තුළ නම් 'දියුණු' මෙන්ම තවදුරටත් 'හොඳින් දියුණු වෙමින් පවතින' තත්ත්වයක තිබෙන බව පැහැදිළිවම පෙනෙන්නට තිබේ. නිතර, නිතර සෞඛ්‍ය ක්‍ෂේත්‍රය තුළින් අපට ලැබෙන විශ්මිත ආරංචි ඒ බව තහවුරු කරන්නේය.

කැපී වෙන්වී ගිය අත්, පා නැවත බද්ධකිරීම්, සිරුරු පසාරුවී ගිය උල් ලී, යකඩ කම්බි වැනි දේ කපා ඉවත් කර ජීවිත බේරා ගැනීම් වැනි සිද්ධි නිතර, නිතර අසන්නට ලැබන නිසා, අප අප රටේ සෞඛ්‍ය ක්‍ෂේත්‍රය පිළිබඳ ධනාත්මක බලාපොරොත්තු ඇතිකර ගැනීම සාධාරණය.

පසුගියදා තවත් වාර්තාගත විsශ්මිත හපන් කමක්‌ කරමින් අපේ රටේ සෞඛ්‍ය ක්‍ෂේත්‍රය තවදුරටත් ගෞරවණීය කරන්නේ ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ නොමේරූ ළදරු ඒකකයේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය මේධා වීරසේකර මහත්මිය ප්‍රමුඛ වෛද්‍ය සහ හෙද කාර්ය මණ්‌ඩළය විසිනුයි.

වව්නියාවේ පදිංචි අන්තෝනි මුත්තු ඩේවිඩ් එස්‌වින් සහ ඇගේ බිරිඳ ආනන්ද රාජා වික්‌ටෝ අමලිනී ට විවාහවී වසර 09ක්‌ ගත වුවද දරුවන් සිටියේ නැත. හැම දෙමාපියෙක්‌ මෙන්ම අන්තෝනි මුත්තු යුවලත් දරුවකු ලබා ගැනීමේ ෙච්තනාවෙන් නොකළ වෙදකමක්‌ නැත.

පසුව ලැබුණු වෛද්‍ය උපදෙස්‌ මත සුක්‍රාණු තැන්පත්කර කෘතිමව ගැබ් ගැන්වීම සිදුකළද වැඩි කාලයක්‌ ඇගේ කුස ඒ ගැබ දරාගෙන සිටියේ නැත. එසේ වුවද බලාපොරොත්තු අත නොහැරි අන්තෝනි සහ අමලිනී තවත් විශාල වියදමක්‌ දරා නැවතත් කෘතිමව ගැබ් ගැන්වීම සිදුකළේය.

අමලිනී ඉතා ප්‍රවේශමෙන් එදිනෙදා සාමාන්‍ය වැඩකටයුතු කරන්නේ දරු ගැබ රැකගැනීමේ ස්‌ථිර අධිෂ්ඨානයෙනි. නිතර වෛද්‍ය උපදෙස්‌ ලබමින් දින, සති ගෙවමිවන් සති 20 ඉක්‌මවීය. ඇයව නිතර පරීක්‌ෂා කරන වෛද්‍යවරු, ඇගේ කුසේ සිදුවන වෙනස්‌කම් ගැන දැඩි ළෙස විමසිළිමක්‌ වූහ. ඔවුන්ට පෙනෙන්නේ දරු ගැබේ තත්ත්වය එතරම් යහපත් නොමැති බවයි. අවසානයේ දී ෙෙව්‍යවරුන් ඇයට පවසන්නේ ශ්‍රී ජයවර්ධනපුර රෝහලට වහාම ඇතුළත්වන ලෙසයි.

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ නොමේරූ ළදරු ඒකකයේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය මේධා වීරසේකර මහත්මියට, අමලිනී හොඳින් පර§ක්‌ෂා කිරීමේදී පෙනී යන්නේa දරුවා බිහිවීම ඕනෑම මොහොතක සිදුවිය හැකි බවයි. අඩුම වශයෙන් සති 30ක්‌ වත් ඇගේ දරු ප්‍රසුතිය පමා කරගැනීමට හැකිවුවහොත් දරුවා ගැන බලාපොරොත්තු ඇතිකර ගත හැකි බවයි.

කෙසේ වෙතත් ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ අදාළ වෛද්‍යවරුන් මෙන්ම හෙද කාර්ය මණ්‌ඩළය සමග සුහදශීලීව සාකච්ඡා කරගන්නේ පවතින අභියෝගයට සාර්ථකව මුහුණ දීම සඳහා ඕනෑම මොහොතක සුදානම්ව සිටිය යුතු ළෙසටය.

අම්මාගේ තත්ත්වයත් දරුවාගේ තත්ත්වයත් නිතර පරීක්‌ෂා කරමින් සහ අවශ්‍ය වෙද, හෙද කම් නිවැරදිව සිදුකරමින් සිටියදී සති 24ක්‌ ඉක්‌ම යමින් තිබිණි. 25 වෙනි සතිය ආරම්භයේදීම අමලිනීට ප්‍රසව වේදනාව ඇතිවිය.

විශේෂඥ වෛද්‍ය මේධා වීරසේකර මහත්මියත්, මෙවැනි තත්ත්වයන් වළදී අවශ්‍යවන සියලු අංශයන්හී වෛද්‍ය සහ හෙද කණ්‌ඩායමත් දැඩි සූදානමකින් සිටියදී අමලිනී දියණියන් දෙදෙනෙකුගේ මවක්‌ විය. දරු දෙදෙනාම දුර්වල තත්ත්වයක පසුවූ අතර එක්‌ දරුවෙකු ඉතාම දුර්වල විය.

සති 25ක්‌ පමණක්‌ කුස තුළ සිටි දරුවන් දෙදෙනා ගෙන් දුර්වලම දරුවා දින කීපයකින් මියගියද උපන් බර ග්‍රෑම් 650ක්‌ පමණවූ අනෙත් දරුවා බේරා ගැනීමේ අභියෝගය අභිමානයෙන් යුක්‌තව ජය ගැනීමට විශේෂඥ වෛද්‍ය මේධා වීරසේකර මහත්මිය ඇතුලු වෙද හෙද කණ්‌ඩායමට හැකිවුණි. මේවන විට දරුවා යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන අතර, සිය දෙමාපියන්ද සමගින් රෝහලෙන් පිටවී නිවස කරා ගොස්‌ද අවසානය.

අප විශේෂඥ වෛද්‍ය මේධා වීරසේකර මහත්මිය දුරකථනයෙන් සම්බන්ධ කරගන්නේ මේ පිළිබඳව අප නොදත් තොරතුරු දැනගැනීම පිනිසය. විශේෂඥ වෛද්‍යතුමිය අප දැනුවත් කළේ මෙළෙසය.

"ඒ දෙමාපියන්ට වෙනත් දරුවන් නෑ. සුක්‍රාණු තැන්පත්කර කෘතිමව ගැබ් ගැන්වීම විශාල වියදමක්‌ යන දෙයක්‌. බොහෝවිට වෛද්‍යවරු දරුවන් දෙදෙනකුට සූදානම් කරමින් තමයි ඒ කටයුතු කරන්නේ. හේතුව, එක්‌ දරුවෙක්‌ හෝ ජීවත්කරලීමේ උවමනාව. අපි හැකි උපරිමයෙන් කටයුතු කළා මවත් දරුවණුත් ජීවත් කරලීම සඳහා."

"සාමානයයෙන් උතුරු නැගෙනහිර ප්‍රදේශවලින් කොළඹ රෝහල්වලට ඉස්‌සරට වඩා විශාල රෝගීන් සංඛ්‍යාවක්‌ මේවන විට පැමිණෙනවා. ඒ අතර අමලනීලා වගේ රෝගීන්ද බොහෝමයක්‌ එනවා. අපි ඒ අයටත් අපිට කරන්න පුලුවන් උපරිම මට්‌ටමෙන් ප්‍රථිකාර කරනවා.

ඉතාම අවධානම් තත්ත්වයක තමයි ඒ අම්මාගේ දරුවන් කුස තුළ සිටියේ. මගේ උපරිම උත්සාහය වුණේ සති 25න් එහාට ප්‍රසුතිය පමා කරගන්නයි." ඒවනවිටත් මීට සම්බන්ධ වන සියලුම අංශවල වෛද්‍ය සහ හෙද කණ්‌ඩායම් නිතර තොරතුරු හුවමාරු කරගනිමින් දැඩි සූදානමකින් පස්‌වුණේ.

සති 25දී දරුවන් ලැබුණා. දරුවන් නිරොගීව නෙවෙයි සිටියේ. මමත් වෛද්‍ය සහ හෙද කණ්‌ඩායම් නිරන්තරයෙන් අවශ්‍ය කටයුතු කරමින් තවත් මාස දෙක හමාරක පමන කාලයක්‌ ඉතිරි දරුවා නිරෝගී සෞඛ්‍ය සම්පන්න දරුවෙකු බවට පත්වෙනතුරු සියලුදේ සිදුකළා. අපි සාර්ථක වුණා. ඒක ඒ දෙමාපියන්ට වගේම අපිටත් ලොකු සතුටක්‌,"

දියුණු යයි සම්මත විදෙස්‌ රටවලින් පමණක්‌ මෙතෙක්‌ මෙවැනි හපන්කම් ගැන වාර්ථාවී තිබුණද, ශ්‍රී ලංකා වෛද්‍ය ඉතිහාසයේ පළමු වතාවට සති 25ක්‌ පමණක්‌ මවුකුස හොත් දරුවකු ජීවත් කරලීමේ සාඩම්බර වාර්තාව මෙතැන් සිට ශ්‍රී ලංකා වෛද්‍ය ඉතිහාසයේ ලියෑවෙණු ඇත.


More News »