ගත්තොත් ගත්තා ආයෙත් මාරු කිරිලි බොරු
කියවන්න පිටකොටුවේ මොබයිල් ෆොන් ගේම්

2016-09-01 11:13:00       583
feature-top
තට්‌ටු ලෑලි උඩ ෆොaන් බිස්‌නස්‌ එකක්‌ වෙන බවත් ඒවායින් ඕන තරම් මිනිස්‌සු ෆොaන් මිලට ගන්න බවත් රටම දන්න දෙයක්‌නෙ. දැන් වෙළෙඳපොළේ රුපියල් ලක්‍ෂයට විකුණන ෆොaන් එකක්‌ කියල හිතන්න. ඒකම පේව්මන්ට්‌ එකෙන් රුපියල් පහලොස්‌දාහකට දෙනව නම් පෙනුමින් නිෂ්පාදන නාමයෙන් කිසිම වෙනසක්‌ නැත්නම් ඇතැම් අය එහෙම දෙයක්‌ ගැන දෙපාරක්‌ හිතන්නෙ නැතුව ඒක ගන්නවනේ. එහෙම ගන්නෙ පිට ඔපයට රැවටිල, ටික දවසක්‌ පාවිච්චි කරන කොට තමයි දැන ගත්ත ලැබෙන්නේ තමන් ගන්න ෆොaන් එකේ සැබෑ තත්ත්වය.

පළමු වරට ලෝකයට දුරකථනය හඳුන්වාදුන් ගෞරවය ඇමරිකානු ජාතික ඇලෙක්‌සැන්ඩර් ග්‍රැහැම් බෙල්ට හිමිවන අතර එම විස්‌මිත සොයා ගැනීම සිදුකොට මේ වන විට වසර 140 ක්‌ ඉක්‌ම ගොස්‌ අවසන්ය. ඔහු විසින් නිර්මාණය කළ දුරකථනය රැහැන් සහිත දුරකථනය හෙවත් ස්‌ථාවර දුරකථනය වන අතර ඉන් දශක ගණනාවක ඇවෑමෙන් රැහැන් රහිත හෙවත් දන්න කියන භාෂාවෙන් ජංගම දුරකථනය නිර්මාණය වන්නේ සන්නිවේදන තාක්‍ෂණයේ මහා පෙරළියක්‌ද සමගින්ය. මේ කියන අපූර්ව වස්‌තුව පළමුවරට මෙරට ජනතාව අතට පත්වන්නේ අසූව දශකයේ අගභාගය ආසන්න වකවානුවකය. එකල රජ මැති ඇමතිවරු මිල මුදල් යහමින් ඇති ධනවතුන් සඳහා පමණක්‌ සීමා වූ ජංගම දුරකථනය මේ වන විට රටේ සෑම පුද්ගලයෙකුගේම එදිනෙදා කටයුතු සඳහා නැතුවම බැරි උපකරණයක්‌ වී හමාරය. ඒ සඳහා වන දැවැන්ත වෙළෙඳපොළක්‌ද රට පුරා ව්‍යාප්ත වී හමාරය.

පිටකොටුව හා ඒ ආශ්‍රිත තවත් ප්‍රදේශ රැසකම රටේ ප්‍රධාන නගර සියල්ලකම පාහේත් අඩුවැඩි වශයෙන් සිදුවන ජංගම දුරකථන ජාවාරමක්‌ පිළිබඳවත් එය සියෑසින් දැක රට හමුවේ අනාවරණය කිරීමත් ගමනේ අරමුණ බැවින් ඒ පිළිබඳ වඩා විමසිලි වෙමි. දිනය සති අග සෙනසුරාදාවක්‌ බැවින් පිටකොටුව ඇතුළු අවට පෙනෙන තෙක්‌ මානයට දිස්‌වන්නේ ඇවිස්‌සුන කඩි ගුලක්‌ බදු ස්‌වරූපයකිනි.

පිටකොටුව ඕල්කට්‌ මාවතින් හැරී පළමු වන හරස්‌ වීදිය දිගේ පෙරට යමි. මාර්ගය දෙපස මුළුමනින්ම අවහිරවන සේ සකසා ඇති එහා මෙහා ගෙන යා හැකි ලී තට්‌ටු විසින් දෙපස පදික වේදිකා පමණක්‌ නොව පළමු වන හරස්‌ වීදියේ මාර්ගයෙන් අඩක්‌ පමණ වැසී යන සේ අවහිර කළ සෙයකි. ඒ හරහා මර්ගයේ ගමන් කිරීම පවා අසීරු අවදානම් සහගත ගමනකි. දෙපස අඩියෙන් අඩියට තබා ඇති ලී තට්‌ටු මත හතු පිපෙන්නාක්‌ මෙන් ලොව අංක එකේ වෙළෙඳ නාමයන්ගෙන් යුත් විවිධ මාදිලියේ ජංගම දුරකථනද ඒවා සිල්ලරට අලෙවි කරන විවිධ ස්‌වරූපයන් ගෙන් යුත් මිනිසුන් සමූහයකි. එක්‌ අතකින් මාර්ග නීතිරීති අමු අමුවේ උල්ලංඝනය කරමින්ද තවත් පැත්තකින් යමක්‌ මිලදී ගැනීමේදී සහ අලෙවියේදී රට තුළ පවතින නීතියක්‌ වෙතොත් ඒවා "තුට්‌ටුවකට" මායිම් නොකරමින්ද ඔවුහු වෙළෙඳාමේ යෙදී සිටිති. පුදුමය උපදවන කරුණ වන්නේ පිටකොටුව පොලිසිය පෙනෙන දුරින් පිහිටා ඇති පළමු හා දෙවන හරස්‌වීදි ආශ්‍රිතව මාර්ග නීතිරීති පවා පයිසකට මායිම් නොකර සිදු කරන ජංගම දුරකථන සහ අනෙකුත් පදික වෙළෙඳාම් ගැන පිටකොටුව පොලිසිය " නිදිසුව" විඳීම ගැන පමණි.

පිටකොටුවත් පිටකොටුව පොලිසිය පිළිබඳවත් වෙනම කතා බහක්‌ ඇති කළ යුතු බැවින් අදාළ මාතෘකාව හෙවත් ජංගම දුරකථන වෙළෙඳාම පිළිබඳ පමණක්‌ රටේ දැන ගැනීම පිණිස දැනට ලියා තබමි. පළමුව පළමුවන හරස්‌ වීදියේ මද දුරක්‌ ගිය තැන මාර්ගය අවහිර වන සේ අටවා තිබු ජංගම දුරකථන අලෙවිය පිණිස තබා ඇති ජංගම ලී තට්‌ටුවක්‌ අසල නතර වෙමි. එවෙලෙහිද දුරකථනයක්‌ මිලට ගැනීමට හෝ මිල ගණන් විමසීම පිණිස එය වටා රොක්‌ වූ මිනිසුන් පිරිසක්‌ වූ අතර බාල ලීයෙන් කළ ලී තට්‌ටුව වැසීයන සේ අතුරා ඇති ඉටිකොළයක්‌ මත විවිධ මාදිලියේ ජංගම දුරකථන රාශියක්‌ විය. පළමු වන හරස්‌ වීදියේ නිත්‍යානුකූලව පවත්වාගෙන යන ජංගම දුරකථන අලෙවිසලක අලෙවිය පිණිස ප්‍රදර්ශනය කර තිබූ රුපියල් තිස්‌ දහසකට ආසන්න අගයකින් යුත් ස්‌මාර්ට්‌ ජංගම දුරකථනයක මිල පදික වේදිකා දුරකථන අලෙවියේදී රුපියල් අටදහසක්‌ පමණ අඩු අගයකින් යුක්‌තය. බැලු බැල්මට දුරකථන දෙකෙහිම ඇත්තේ එක සමාන පෙනුමක්‌ය. වෙනසකට ඇත්තේ මිල ගණන්වල පරතරය පමණක්‌ය. පාරිභෝගිකයන් වන අප අන්දවන්නේද අප විසින් කැමැත්තෙන් " ඇඳගන්නේද" මිල ගණන් විමසීමත් සමඟය. ඒ පිsළිබඳවත් පෙනුමින් සහ වෙළෙඳ නාමයන්ගෙන් එක සමාන දුරකථන දෙකක්‌ පිළිබඳව මිල ගණන්වල ඇති වෙනස පිළිබඳවත් පිටකොටුව ආශ්‍රිත නිත්‍යානුකූල ජංගම දුරකථන අලෙවිසලක හිමිකරුවෙකුගෙන් විමසූ අතර එයට පිළිවදන් දෙමින් ඔහු පවසා සිටියේ මෙබන්දක්‌ය.

"පිටකොටුව කියන්නෙ හොඳ නරක දෙකම එක සමානව තියෙන තැනක්‌ කියන එක රහසක්‌ නෙමෙයිනේ" ඒ වගේම තමයි කොළඹට ගියොත් මොකක්‌ හරි භාණ්‌ඩයක්‌ කීයක්‌ හරි අඩුවට ගන්න පුළුවන් කියල රට පුරා මතයක්‌ පවතින එකත් ඇත්තක්‌නෙ. ඒක ෆොaන් එකක්‌ වෙනත් පුළුවන් කමිසයක්‌ කලිසමක්‌ වෙන්න පුළුවන් එහෙම නැත්නම් වෙනත් මොකක්‌ හරි නිෂ්පාදනයක්‌ වෙන්නත් පුළුවන්. ඒ හින්දනේ හැමදාම උදේ හිට හැන්දෑවෙන කම් මිනිස්‌සු කොළඹ එන්නෙ. දැන් අපි කතා කරන්නෙ හැන්ඩ් ෆොaන් ගැන හින්ද මම කීයන්නම් නිත්‍යානුකූල බලපත්‍ර අරන් කඩකුලි සේවක පඩිනඩි ගෙවල හොඳ දෙයක්‌ මිනිස්‌සුන්ට අලෙවිකරල කීයක්‌ හරි හොයා ගන්න අපි වගේ මිනිස්‌සුන්ගෙයි පේමන්ට්‌ බිස්‌නස්‌ කරල මොකක්‌ හරි ජරාවක්‌ විකුණල එදාවේල හොයා ගන්න මිනිස්‌සුන්ගෙයි අතරෙ තියෙන වෙනස."

මෙහෙමයි..... තට්‌ටු ලෑලි උඩ ෆොaන් බිස්‌නස්‌ එකක්‌ වෙන බවත් ඒවායින් ඕන තරම් මිනිස්‌සු ෆොaන් මිලට ගන්න බවත් රටම දන්න දෙයක්‌නෙ. දැන් වෙළෙඳපොළේ රුපියල් ලක්‍ෂයට විකුණන ෆොaන් එකක්‌ කියල හිතන්න. ඒකම පේව්මන්ට්‌ එකෙන් රුපියල් පහලොස්‌දාහකට දෙනව නම් පෙනුමින් නිෂ්පාදන නාමයෙන් කිසිම වෙනසක්‌ නැත්නම් ඇතැම් අය එහෙම දෙයක්‌ ගැන දෙපාරක්‌ හිතන්නෙ නැතුව ඒක ගන්නවනේ. එහෙම ගන්නෙ පිට ඔපයට රැවටිල, ටික දවසක්‌ පාවිච්චි කරන කොට තමයි දැන ගත්ත ලැබෙන්නේ තමන් ගන්න ෆොaන් එකේ සැබෑ තත්ත්වය. මේක කොළඹට විතරක්‌ සීමාවූ, දෙයක්‌ නෙවෙයි. රටේ හැම තැනම මේ වෙද්දී ප්‍රසිද්ධියෙ සිද්ධවෙන දෙයක්‌. කොළඹට මේක විශේෂ වෙන්නෙ කාරණා කීපයක්‌ උඩ, එකක්‌ තමයි ඩුප්ලිකේට්‌ ෆොaන් ලංකාව පුරාම බෙදාහැරීම සිද්ධ වෙන්නෙ කොළඹ මුල් කරගෙන වීම. මේව රටට එන්නෙ කොහොමද එහෙම ගෙන්වන්න පුළුවන්ද කියල මෙතනදී කෙනෙකුට හිතන්න පුළුවන්. ඇත්තම කියනවා නම් මේ ජාවාරම කරන ඒ කියන්නෙ ඩුප්ලිකේට්‌ ෆොaන් විතරක්‌ම හොරපාරෙන් රටට ගෙන්වන පිරිසක්‌ මේ බජාර් එකේ ඉන්නවා. ඒ අය තමයි මේ බිස්‌නස්‌ එක හසුරුවන්නෙ. එහෙම එන ෆොaන් තමයි ඔය පේව්මන්ට්‌ එකේ විකිණෙන්නෙ. ඕක තනිකරම පාරිභෝගිකයව ඇන්දීමක්‌, කඩකුලී නෑ. බදු නෑ. ඒ හින්ද අඩුවට දෙනව කියල ඔය මොකක්‌ හරි බොරුවක්‌ කියල දවසට ෆොaන් දෙකතුනක්‌දී ගත්තම ඇතිනෙ. ඒ කතාවට රැවටිල තමයි හුඟ දෙනෙක්‌ බාල බඩුවලට මාට්‌ටු වෙන්නෙ. විශ්වාස කරන්න. සමහර ෆොaන් බැටරිවල වැලි පුරවල තියෙනවා. සතිය යනකොට බැට්‌රිය ඉවරයි.

ඊට පස්‌සෙ ආපහු අරන් එන්නද? ඇවිල්ල මාරු කරගන්න පුළුවන්ද? අඩුම තරමින් ඇවිල්ල කියන්නවත් බෑ. එහෙම කිව්වොත් මේ අය කියන්නෙ "මේක මේ ෆොaන් එකේ බැටරිය නෙවෙයි මේක. මාරු කරලනේ, ඔන්න ඔයවගේ කතා එහෙම නැත්නම් එදාට ඉන්නෙ වෙන කෙනෙක්‌ නිකං සවුත්තුවෙලා යන්න විතරයි සිද්ධ වෙන්නෙ. පේව්මන්ට්‌ බිස්‌නස්‌ එකේ තත්ත්වය දැන දැන තමයි හුඟදෙනෙක්‌ මේ අයට රැවටෙන්නෙ.

ඔහු පවසන ආකාරයට පිටකොටුව පළමු හා දෙවන හරස්‌විදී ආශ්‍රිතව කලක පටන් සිද්ධ වන බාල තත්ත්වයෙන් යුත් ජංගම දුරකථන අලෙවිය හේතුවෙන් මේ වන විට ගැටලු රාශියක්‌ පැන නැඟê ඇත. එහි පළමු වැන්න වන්නේ පදික වේදිකා පමණක්‌ නොව මහා මාර්ගය පවා අවහිර කරමින් වෙළෙ¹ම් කටයුතු සිදු කිරීමය. දෙවැන්න ඉතාමත් පහත් නිෂ්පාදන තත්ත්වයෙන් යුත් ජංගම දුරකථන අලෙවි කරමින් ප්‍රසිද්ධියේම පරිභෝගික ජනතාව ගොනාට ඇන්දවීමය. පාරිභෝගිකයා ආරක්‍ෂා කිරීම පිණිස ආයතන සහ නීති පද්ධතියක්‌ පවතින රටක මෙවැනි අකටයුතු කම් කලක පටන් ප්‍රසිද්ධියේ සිදු වෙමින් පවතිද්දී ඒ පිළිබඳ අදාළ ආයතන මුනිවත රැකීම රටේ ජනතාවට පුදුම වීමට කරුණක්‌ වී ඇත.

ජංගම දුරකථනයක්‌ මිලදී ගැනීමේ මුවාවෙන් පිටකොටුව පළමු හරස්‌ වීදියේ ලී තට්‌ටුවක්‌ මත දුරකථන අලෙවි කරමින් සිටි කළු කෙසඟ තරුණයෙකු වෙත සමීප වී කෙටි කතා බහක යෙදීමේ අවස්‌ථාවක්‌ උදා විය.

එහිදී මා විසින් විමසා සිටි පැනයකට පිළිතුරු දෙමින් ඔහු පවසා සිටියේ මෙවැන්නක්‌ය.

අපිට අම්ම තාත්තගෙන් වැඩක්‌ නෑ. මහත්තෙයා අපි කරන්නෙ "බබාව" විකුණන එක විතරයි. කැමති නම් ගන්න පුළුවන් නැත්නම් යන්න පුළුවන්. මේව අපි හදන දේවල් නෙවෙයිනෙ. මේ හැම එකක්‌ම විදේශීය නිෂ්පාදනයක්‌. ඒකට නමක්‌ තියෙනවා. ෆොaන් එක වැඩකරනවද නැද්ද කියලා හොයල බලල මිලට ගන්න පුළුවන් කම තියෙනවා. කාලයක්‌ තිස්‌සෙ මම වගේම තවත් විශාල පිරිසක්‌ මේ බජාර් එකේ මෙහෙම බිස්‌නස්‌ කරල ජීවත් වෙනවා. ඉතිං වෙන මොනවද? අපි අපේ ළඟ තියෙන බඩු පුළුවන් තරම් අඩුවට දීල කීයක්‌ හරි හොයාගන්නව එච්චරයි. මේවා ලංකාවට එන්නෙ නිත්‍යානුකූලවද එහෙම නැතුවද මේව පිටිපස්‌සෙ ඉන්නේ කවුද? කියල වත්තෙ හතර මායිම හොයන්න අපිට වෙලාවක්‌ වුවමනාවක්‌ නෑ කියලා විතරයි මට කියන්න තියෙන්නෙ.

ඔහු පවසා සිටිය දෙය පිළිබඳවද දෙවරක්‌ සිතා බැලිය යුතුය. මිනිසුන් ජීවත් වීම පිණිස අනවරත අරගලයක යෙදිය යුතුය. පිටකොටුව පමණක්‌ නොව රටේ බොහෝ ප්‍රදේශවල තත්ත්වයෙන් ඉතාමත් පහළ ජංගම දුරකථන අලෙවියක්‌ සිදුවන අතර පෙනෙන්නට ඇති ආකාරයට රටේ නීතියෙන් ඊට බාධාවක්‌ නැත. මිනිසුන් තම කැමැත්තෙන් ඒවා මිලදී ගන්නා අතර ඉහළ ප්‍රමිතියෙන් යුත් ජංගම දුරකථන එකක්‌ මිලදී ගැනීමට යන මුදලින් පහත් තත්ත්වයෙන් යුත් ජංගම දුරකථන කීපයක්‌ මිලදී ගත හැකිවීම එයට ප්‍රධාන හේතුව වී ඇත.

කෙනකු මුදල් ගෙවා මිලදී ගත යුත්තේ කුමන තත්ත්වයෙන් යුත් දුරකථනයක්‌දැයි තීරණය කිරීම පාරිභෝගික අධිකාරියේ රාජකාරිය නොවෙතත් මෙවැනි අවරගනයේ වෙළෙඳාම් පිළිබඳ ඔවුන්ගේ අවධානය යොමු විය යුතුය. එවැනි ගසාකෑම් නතර කිරීම ඔවුන්ගේ වගකීම විය යුතුය.

එහෙත් පිටකොටුව ආශ්‍රිතවත් රටේ තවත් ප්‍රධාන නගර රැසකත් දිනෙන් දින ඉහළ නගිමින් ජයටම කෙරීගෙන යන ජංගම දුරකථන ජාවාරම නතර කිරීම හෝ ඒ පිළිබඳ සොයා බැලීම තවමත් හරි ආකාරයෙන් සිදුවන බවක්‌ පෙනෙන්නට නැත. ඒ පිළිබඳව රටට දැනෙන ආකාරයේ මැදිහත්වීමක්‌ කිරීම සඳහා අදාළ ආයතනවලට ශක්‌තියක්‌ නැද්ද? එසේ නැත්නම් උවමනාවක්‌ ඕනෑකමක්‌ නැද්දැයි කියන්නට අප දන්නෙ නැතත් හෙට දිනයේත් ඉහත හෙළිදරව් කළ කාරණාව ජයටම සිද්ධවන බව පමණක්‌ අප දන්නා කරුණක්‌ය.

More News »