බඩ ඉරිඟු රටින් ගෙන්නුවොත්
අපට වෙන්නේ මහපාරේ හිඟාකන්න....

2016-08-22 10:56:00       596
feature-top
මොණරාගල බඩඉරිඟු ගොවියාගේ අඳෝනාවලට කන්දෙමු...

මොණරාගලදී මා වට කරගත් බඩඉරිඟු ගොවීන් පිරිසක්‌...

මොණරාගල සිට පොතුවිල පාරේ නැගෙනහිර දෙසට ගමන්ගන්නා අපට 'කොඩයාන' හන්දිය හමුවන්නේ සියඹලාණ්‌ඩුව හන්දිය හමුවන්නට තරමක්‌ කලිනි. එම හන්දියෙන් වමට හැරී 'ඇතිමලේ' පාර ඔස්‌සේ කිලෝ මීටර් 20 ක්‌ පමණ යන විට අප සේන්දු වන්නේ අමුතුම පන්නයේ දේශගුණික හා පාරිසරික ලක්‍ෂණවලින් හෙබියාවූ සුවිශේෂී පරිසරයකට ය.

පරක්‌ තෙරක්‌ නොපෙනෙන කටු ප`දුරු හා ල`දු කැලෑවලින් පිරි තැනිතලාවකිනුත් තද හිරු රශ්මියෙන් හා වේගවත් සුළගින් යුතු දේශගුණයකිනුත් පිරිපුන් මේ ප්‍රදේශය අද 'කොටියාගල' නමින් හැ`දින්වෙයි. දුරාතීතයේ සද්ධාතිස්‌ස කුමරු වගා කළ සුවිසල් කෙත් යායක්‌ව පැවති බව කියන මේ ඉසව්ව ඉන් පසුව බොහෝ කලක්‌ යනතුරු ල`දු කැලෑවෙන් වැසී ගොස්‌ තිබිණි. පසුකාලීනව හේන් ගොවියන්ගේ විවිධ ක්‍රියාකාරකම්වලට ලක්‌වී එහෙන් මෙහෙන් අනවසර වගාවන්ට ගොදුරු වූ මේ බිම දැන් අපේ රටේ 'සුවිසල්ම බඩ ඉරිඟුයාය' බවට පත්ව තිබෙන අපූරුව මම පසුගිය දිනෙක දැක ගත්තෙමි.

සැබැවින්ම පසුගිය දිනක මා එහි ගියේ ලංකාවේ සුවිසල්ම බඩ ඉරිඟු යායේ සුන්දරත්වය හා අපූර්වත්වය දැක බලාගෙන ඒ ගැන වර්ණනා ලියන්නට නම් නොවේ. දැනට ලංකාවේ දුප්පත්ම මිනිසුන් වෙසෙන අති දුෂ්කරම දිස්‌ත්‍රික්‌කය ලෙස සැලකෙන මොණරාගල, ජීවත්වන ජනතාවගෙන් 70% පමණ වූ පිරිසක්‌ සෘජුවත් වක්‍රවත් ජීවිකාව සරි කරගන්නා 'බඩ ඉරිඟු වගාව' වර්තමානයේ මුහුණ පා සිටින ෙ€දවාචකය ගැන විමසා බලන්නටය. විමසා බලා ඒ පිළිබ`දව වගකිව යුත්තන්ගේ ඇස්‌ ඇරවන්නටය.

මම අසා ඇති පරිදි මේවන විට අපේ රටේ බඩ ඉරිඟු වගාව ඇත්තේ ස්‌වයංපෝෂිත බවට ආසන්න තැනකය. රටට අවශ්‍ය බඩ ඉරිඟු ප්‍රමාණයෙන් අති විශාල බහුතරයක්‌ ලබා ගත්තේ දේශීය වශයෙනි. පිටරටින් ගෙන ආයුතු වූයේ 20% බ`දු සුළු ප්‍රතිශතයකි. එසේ තිබියදී පසුගිය වසරේ අස්‌වැන්නෙහි වූ යම් පසුබෑමක්‌ දඩමීමා කරගෙන, දේශීයව ගොවියාගෙන් මිලදී ගත් ටොන් 75.000 පමණ විශාල බඩඉරිඟු තොග රටේ ඉතිරිව තිබියදී ඒවා ප්‍රයෝජනයට නොගෙන මහා පරිමාණ බඩඉරිඟු තොග පිටරටින් ගෙනෙන්නට යන බව මට අසන්නට ලැබිණ. මා තකහනියක්‌ම මොණරාගල ගියේ ඒ ගැන විමසා බලන්නටය.

මට වැඩි ඉස්‌පාසුවක්‌ ගන්නට ඉඩක්‌ ලැබුණේ නැත. ගිය මොහොතේ පටන්ම මගේ දෙසවන් පිරී ගියේ මහ පොළෙව සමග දිවා රැයේ ඔට්‌ටු වෙමින්, දහඩිය ලේ ක`දුළු වගුරවමින්, ජීවිතය මහ පොළොවටම දිය කරවමින්, මේ ගොරතර කටුක බිම රන් අස්‌වනු නෙලන කෙම්බිමක්‌ බවට හරවන්නට අපමණ දුක්‌ වි`දින අපේම මිනිසුන් පිරිසකගේ දුක්‌ අෙ`දාaනා වලිනි.

''අපට කරන්න වෙන රස්‌සා නැහැ මහත්තයෝ. අපට ඉඩම් නෑ. මේ සියඹලාණ්‌ඩුව, ඇතිමලේ, දමන, ලාහුගල, කොඩයාන, පළාත්වල මිනිස්‌සුන්ට වී වගා කරන්න ඉඩම් ලැබුණේ 'මුතුකණ්‌ඩිය' යෝජනා ක්‍රමයෙන්. ඒත් දෙවන තුන්වන පරම්පරාවලට යනකොට ඒ ඉඩම් මදිවුණා. ඉතින් අපේ අප්පලා මුත්තලා කාලෙ ඉඳලම මිනිස්‌සු කැලේ වැදිලා හේන් කොටන්න පුරුදු වුණා. වැසි දියෙන් කරපු හේන් කුඹුරු හැමදාම හරිගියේ නෑ. ඒක නිසා තමයි මේ සියඹලාණ්‌ඩුව ලංකාවේ දුප්පත්ම මිනිස්‌සු ඉන්න උප දිසාපති කොට්‌ඨාසය කියලා හංවඩු ගැහුණේ. ඒත් දෙයිහාමුදුරුවෝ අපේ මුහුණ බලන්න ගත්තේ බඩ ඉරිඟු වගාව නිසයි. අපි රජයෙන් අවසර අරන් මේ කොටියාගල, වඩිනාගල, ඇතිමලේ, ලාහුගල, කොඩයාන, ගුරුහෙල පැතිවල ල`දුකැලෑ සහිත තැනිතලා බිම් කොටලා බඩ ඉරිඟු වැව්වා. ඒවා බලා සිටියදී සාර්ථක වුණා. පහුගිය කන්නවල ඒක නිසා අපි ඔලුව උස්‌සන්න පටන් ගත්තා.... ඒත් දෙයියනේ ආණ්‌ඩුව දැන් මොකක්‌ද මේ කරන්න යන්නේ.... පිටරටින් බඩඉරිඟු ගේන්න ගත්තොත් අපට ආයෙත් සැරයක්‌ මහ පොළොවේ පස්‌ කන්න තමයි වෙන්නේ''. කොටියාගල ගොවියෝ තම කෝපය ස`ගවා 'වේදනාව' වචනවලට පෙරලුවේ එසේය.

කොටියාගල ගොවි මහත්තුරු මා වට කරගෙන ඔවුන්ගේ දුක කියන්නට පටන් ගත්හ... වැවක්‌ එක පාර වාන් දමන්නට පටන් ගන්නාක්‌ මෙන් හතරවටින්ම නැගෙන්නටවූ දුක්‌ අෙ`දාaනා චෝදනා යෝජනා මැසිවිලි අදහස්‌ උදහස්‌ මැද මා නිරුත්තරව අසරණ විණි. කතාව පටක්‌ පොටක්‌ බේරාගෙන තේරුම් බේරුම් කර ගන්නට මට මද වෙලාවක්‌ ගතවිය. ඔවුන්ගේ කතාන්දරයේ මා වටහා ගත් අතීත අනතීත කතා සාරය මෙයයි.

අපේ රටේ සාම්ප්‍රදායික ගොවියාගේ බඩ ඉරිඟු වගාව බොහෝ කලක්‌ පැවතියේ යෑපුම් මට්‌ටමකය. එය යම් සෙයකින් ව්‍යාපාරික වගාවක්‌ වන්නට වූයේ ව්‍යාපාරික සත්ත්ව පාලනය වෙනුවෙන් සත්ව ආහාර නිෂ්පාදන කර්මාන්තය අපේ රටේ ප්‍රචලිත වූවාට පසුවයි. විශේෂයෙන්ම කුකුල් කෑම නිෂ්පාදනය ස`දහා අපේ බඩ ඉරිඟු වලට හඳ දේශීය ඉල්ලුමක්‌ නිර්මාණය විය.

මීට ව සර 10 කට පමණ ඉහත බඩ ඉරිඟු වගාවේ වැදගත්කම තේරුම් ගත් ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ බඩ ඉරිඟු වගාව දියුණු කිරීම ස`දහා 'ජනාධිපති කාර්ය සාධක බලකායක්‌' පිහිටෙව්වේය. එමගින් රාජ්‍ය අනුග්‍රහය යටතේ වගාව දියුණු කළ එම රජයට අවශ්‍ය වූයේ රටේ බඩ ඉරිඟු වගාවේ ස්‌වයංපෝෂිත තත්ත්වයක්‌ ඇති කරන්නටය. ඒ වැඩ පිළිවෙල සාර්ථක විය. ඒ වන විට රටේ වාර්ෂික මුළු බඩ ඉරිඟු අවශ්‍යතාවය වන මෙටි්‍රක්‌ ටොන් ලක්‍ෂ 4 න් (400,000) 80% ක්‌ දේශීයව නිපදවා දෙන්නට අප ගොවියෝ සමත් වූහ. ඉතිරි 20% පිටරටින් ආනයනය කිරීමට සිදුවිය.

අපට බඩ ඉරිඟු අවශ්‍ය වූයේ සත්ත්ව ආහාර ස`දහා පමණක්‌ම නොවේ. දේශීයව පැවැති ත්‍රීපෝෂ නිෂ්පාදනය ස`දහාත් සමපෝෂ නිෂ්පාදනය ස`දහාත් බඩ ඉරිඟු වැදගත් විය. ඒ ස`දහා ටොන් 40,000 ක්‌ යොදාගත් අතර ලක්‍ෂ 4 න්a ඉතිරි ටොන් 360,000 ක්‌ ම යොදා ගැනුනේ සත්ව ආහාර නිෂ්පාදනය ස`දහාය.

මෙම නිෂ්පාදන ධාරිතාවය සැපයීමට හැකි දිස්‌ත්‍රික්‌ක ලෙස කැපී පෙණුනේ අනුරාධපුරය හා මොණරාගලයි. ඒවායේ වගාව ස`දහා අවශ්‍ය තරම් ඉඩම් තිබිණි. ගොවියෝ ද සිටියහ. වැස්‌ස අව්ව වැනි සාධක ද ගැළපිනි. මේ නිසා වගාවන් මහා පරිමාණයෙන් සාර්ථක විය. අනුරාධපුරයේ හා මොණරාගල ලොකු බඩඉරිඟු වෙළෝදපළක්‌ හා බඩඉරිඟු සංස්‌කෘතියක්‌ බිහිවිය. 2014 - 2015 වසරවල බඩඉරිඟු වගාවේ ඇතිවූ නවෝදයත් සමග ව්‍යාපාරික මට්‌ටමේ ගොවීන් පැමිණ ඒ දෙපළාතේ වගා ඉඩම් ගෙන වගාව මත ආයෝජන කරන්නට පටන් ගත්හ. ඒත් සමගම කේ. එස්‌. ටී. හා සී. අයි. සී. වැනි මහා පරිමාණ සමාගම් හා මධ්‍ය පරිමාණ සමාගම් පැමිණ නව තාක්‍ෂණයෙන් යුතු ගබඩා දිස්‌ත්‍රික්‌ක දෙකේම ඇතිකර මිල ඉහළ නංවමින් තරගකාරී ලෙස ගොවියාගේ අස්‌වැන්න මිලදී ගන්නට පටන් ගත්හ. ගොවියාට හඳ කලක්‌ උදාවූයේ ඒත් සමගයි.


අක්‌කර පණහ, හැට, සීය, දෙසීය බඩඉරිඟු වැවූ ගොවියන් ගොඩ ගියේ එසේය. කෝටි ගණනින් ලාභය පමණක්‌ ලැබූවෝද මොණරාගගල සිටින බව මට දැන ගන්නට ලැබිණි....

මේ ගැන කදිම සාක්‍ෂියක්‌ මට දුන්නේ සියඹලාණ්‌ඩුව නගරයේ කෘෂි උපකරණ අලෙවි ආයතනයක හිමිකරුවෙකු වූ මිතේෂ් බොරලැස්‌ස මහතාය....

''ගිය මහ කන්නයේ අස්‌වැන්නෙන් තමයි මොණරාගල බඩ ඉරිඟු ගොවියා වැඩිම ආදායමක්‌ ලැබුවේ... අර මොකද අපේ ව්‍යාපාරවලටත් ලොකු වාසි අත්වුණා. මම කරන්නේ ට්‍රැක්‌ටර්, ස්‌පෙයාර් පාට්‌ස්‌, මෝටර් සයිකල් අලෙවිය. මට කඩ දෙකක්‌ තියනවා. ඒ දෙකෙන්ම මේ කන්නයේ විතරක්‌ ට්‍රැක්‌ටර් 78 ක්‌ විකුණන්න මට පුළුවන් වුණා. මම වගේ තවත් ව්‍යාපාරිකයෝ මෙහේ ඉන්නවනේ... එයාලගේ අලෙවිය කොහොම ඇද්ද... දැන් ඒක ඉවරයි. එන පොට නම් හඳ නෑ වගෙයි පේන්නේ. මෙහෙම වෙලාවක ආණ්‌ඩුව බඩඉරිඟු පිටරටින් ගේන්න තීරණය කළොත් ඉතින් ගොවියොයි ආයෝජකයොයි අපියි ඔක්‌කොම ඉවරයි.''

බොරලැස්‌ස හමුවන්නට පෙර මට තවත් ගොවියන් රාශියක්‌ම මුණ ගැසිණි. ඒ අය අතර අක්‌කර 40 ක බඩඉරිඟු වවන වඩිනාගල කේ. ඇම්. ආරියරත්න, අක්‌කර 50 ක වවන සියඹලාණ්‌ඩුවේ වයි. එම්.ආර්. පුෂ්ප කුමාර, අක්‌කර 20 ක වවන කොටියාගල ගංඇති, මෙන්ම අක්‌කර දහය, පහ, දෙක, තුන වවන අයද වූහ. ගුරුහෙල ඩබ්. ඇම්. කරුණාදාස, ඇතිමලේ සමරසේකර, මහකණුවිගොල්ල කරුණාරත්න, වැදිකුඹුර ගාමිණී, ඇතිමලේ වික්‍රමපාල, ඇතිමලේ නිලන්ත, මුතුකණ්‌ඩියේ ශාන්ත, ගුරුහෙල සෝමපාල, ගුරුහෙල නන්දනී හා රේණුකා ඒ දිරිමත් ගොවීහුය. එහෙත් අද මේ සැවොම සිටින්නේ සිය අනාගත වගාවන් ගැන ලොකු දෙගිඩියාවකිනි. ඒ දෙගිඩියාව මා හමුවේදී වචන බවට පත්වූයේ මෙසේය.

''අපි පරම්පරාවෙන් ම බඩ ඉරිඟු වගාව කරපු අය. අපි වෙන කර්මාන්තයක්‌ කරන්න දන්නේ නැහැ මහත්තයා. මේ මුලු මොණරාගල දිස්‌ත්‍රික්‌කයේම ගොවියන්ගේ ප්‍රධාන භෝගය වී නොවෙයි, බඩ ඉරිඟු. අපේ දරු පවුල් ජීවත් වෙන්නේ අපි බඩ ඉරිඟු වවන නිසයි. අපිට 'ඉස්‌සර' මේ වගාව කරන්න හුගක්‌ පහසුකම් තිබුණා. බඩ ඉරිඟු අක්‌කරයක්‌ වවන කොට ඇට පැකට්‌ එක රු. 1600 යි. පොහොර මිටිය රු 350 යි. කුලී කාරයෙක්‌ රු. 400 යි. 'ග්ලයිෆොසෙට්‌' කියන වල් නාශකය බහුලව තිබුණා. ඒක ගැහුවහම කැලේ සුද්ද කරන්න පැති නගුලෙන් දෙපාර හාන්න ඕන වෙන්නේ නෑ. කෙලින්ම කොකු නගුලෙන් හාලා නෙර ගහලා වැස්‌ස එනකල් බලා ඉ`දලා ඇට දාලා නියමිත කාලයට පොහොර ටික දැම්මාම හඳටම ඇති. ඒ කාලේ අස්‌වැන්න වියළි ඇට කිලෝව රු. 30 ට 35 ට දීලත් අක්‌කරයට රු. 70,000 ක 80,000 ක ආදායමකුත් ගත්තා.

නමුත් අද නිෂ්පාදන වියදම තුන් හතර ගුණයකින්ම වැඩිවෙලා තියනවා. ඇට පැකට්‌ එක රු. 5600 යි. කුලීකාරයා 1300 යි. පොහොර මිටිය රු. 2500 යි. ඒකත් හි`ගයි. ග්ලයිෆොසෙට්‌ නැති නිසා පැති නගුලෙන් දෙපාර හාන්න ඕන අක්‌කරයට රු. 4000 බැගින් දීලා. එහෙම වවලත් අපට අස්‌වැන්න දෙන්න වුණේ රු. 30 ට 35 ටම තමයි. මොකද ඒ වන විට අස්‌වැන්න මිලදී ගන්න ලොකු ඒකාධිකාරියක්‌ තිබුණා. කේ. එස්‌. ටී. සමාගම කියලා මහා පරිමාණයෙන් එකම ගැනුම්කරුවයි රටටම හිටියේ. කුඩා පරිමාණයේ ගැනුම්කරුවෝ ගොඩක්‌ හිටියත් ඒ ඔක්‌කොම කළේ ගොවියගෙන් රු. 28 ට 30 ට මිලදීගෙන වැඩි මිලට කේ. එස්‌. ටී. එකට දීලා අතරමැද ලාභ ලබපු එකයි. අපේ වාසනාවට ගිය වසරේ සී. අයි. සී සමාගම මේ කර්මාන්තයට ආවා. එයාලා කෙලින්ම හඳ මිලක්‌ ගෙවලා ගොවියාගෙන් කෙලින්ම බඩ ඉරිඟු ගන්න පටන් ගත්තා. මේක නිසා සමාගම් දෙක අතර ලොකු තරගයක්‌ ඇතිවෙලා ගොවියාට ගෙවන මුදල බඩඉරිඟු කිලෝවට රු. 50 දක්‌වා මිල ඉහළ ගියා. අන්න ඒක නිසයි නිෂ්පාදන පිරිවැය ඉහළ ගියත් අපි වගාව තුළ රැඳිලා උන්නේ.... නමුත් අද මොකක්‌ද මේ ආණ්‌ඩුව කරන්න හදන්නේ... අද රටින් මේවගේ ආහාර ගෙන්වන ව්‍යාපාරිකයන්ට වැඩි වැඩියෙන් ලාභ ලබාදෙන්න, ඒ තුළින් කොමිස්‌ ගහ ගන්න බඩ ඉරිඟු පිටරටින් ගේන්න හදනවා.... මෙහෙමද රජයක්‌ දේශීය ගොවියාව, දේශීය ව්‍යාපාරිකයාව රැක ගන්නේ. අපි දන්නවා මේවා පිටිපස්‌සේ ඉන්න දේශපාලනඥයෝ කවුද කියලත්''

ගොවියෝ මේ ගැන ප්‍රශ්න කර සිටින්නේ අපගෙනි. ඒ අනෙකක්‌ නිසා නොව, රටේ ජනතාව රුපියල් 60 ට 70 ට හාල් කද්දී, කිලෝව රුපියල් 55 ට රජය මිලදී ගත් වී තොග අත යට වාසි ගෙන රුපියල් 24 බැගින් කුකුල් කෑම වලට මුදා හරිනා දේශපාලන බලවතුන් සිටින මේ රටේ ඒ ගැන දේශපාලනඥයින්ගෙන් විමසීම පලක්‌ නොවනා නිසාය.

අපි ලොකු දේවල් රජයෙන් ඉල්ලන්නේ නැහැ සර්... මුලින්ම මේ ගබඩා වල තියන බඩඉරිඟු තොග ටික අරන් ඉවර කරන්න. ඊට පස්‌සේ රටට මේ වෙලාවේ උවමනා තොගය පමණක්‌ පිටින් ගේන්න. එහෙම නැතුව මේ කර්මාන්තයේ නියෑලිලා ඉන්න ආයෝජකයෝ මේ කර්මාන්තය දාල යන මට්‌ටමට බඩඉරිඟු පිටින් ගෙනාවොත් අන්තිමේ වහ කන්න වෙන්නේ ගොවියට. අනිත් එක අපිට 350 ට පොහොර සහනාධාර එපා. දැන් මිල 2500 යි. එහෙම නැතුව 1500 ට විතර ගොවියාට දරන්න පුළුවන් මිලකට සුලභව පොහොර ටික ලබාදෙන්න. ග්ලයිෆොසෙට්‌ තහනම් නම් ඒක රටින් නැතිම කරල දාලා ඒ වෙනුවට වෙනත් වල් නාශකයක්‌ හඳුන්නලා දෙන්න. රු. 9000 ට අද ඒවා රහසිගතව අලෙවි වන නිසයි මම මේක කියන්නේ. බීජ ඇට පැකට්‌ එක සහන මිලට අලෙවි කරන්න. ඕව විතරයි අපි ඉල්ලන්නේ. මේ දේවල් වලට කන් නොදී දේශපාලකයන්ට වාසි ගන්න බඩඉරිඟු පිටරටින් ගේන්න හැරියොත් ඉතින් පාරට බහිනවා මිසක්‌ අපටත් වෙන විකල්පයක්‌ නෑ.'' වඩිනාගල ආරියරත්න අවසන් වශයෙන් අප හා කීවේ ඒ ටිකයි.



Wmqgd .ekSu isxy,u.a fjí wvúh weiqfrks

More News »