අපි තාම කුණු වෙනවා...

2016-08-08 11:03:00       582
feature-top
තැමුන්ට දෛවය සරදම් කර ඇත්තේ ජීවිතය කඳුළින්ම ලියෑවෙන පරිදිය. එහෙත් මීතොටමුල්ල ප්‍රදේශයේ ජනතාවට දෛවය සරදම් කර ඇත්තේ ජීවිතය කුණුවලින්ම ලියෑවෙන පරිදිය. ජාතික සංහිඳියාව ගොඩනැංවීමෙහිලා එකට හුස්‌ම ගන්නට ආරාධනා කෙරෙන කාල වකවානුවක නිදහසේ හුස්‌ම ගැනීමේ අයිතිය අහිමිවූ පිරිසක්‌ මේ ප්‍රදේශයේ වෙසෙන බව එම ආරාධිතයන්ට අමතකව ගොස්‌ ඇත. මා මේ සිටින්නේ එලෙස හුස්‌ම ගැනීමේ අයිතිය අහිමි වූ මීතොටමුල්ල කුණු කන්ද අවට පදිංචි ජනතාව අභිමුවය.

පසුගියදා ඇදහැලුණු ධාරානිපාත වර්ෂාවෙන් වඩාත්ම පීඩාවට පත් වූයේ මෙම කුණු කන්ද අවට පදිංචි ජනතාවය.

බොහෝ පිරිසකට උන්හිටි තැන් අහිමි කරමින් දින ගණනාවක්‌ තිස්‌සේ ඇදහැලුණු එම වාර්ෂාවේදී මෙම කුණු කන්ද එක්‌වරම නාය යැමට ලක්‌ වූයේ ගහෙන් වැටුණු මිනිහාට ගොනා ඇන්නාක්‌ පරිද්දෙනි.

"අපි කොච්චර කිව්වද මහත්තයෝ මේක මෙහෙම වෙයි කියලා. ඒත් මේකට වග කියන්න ඕන උන් කවුරුත් අපි කියපුව තඹ දොයිතුවකුට ගණන් ගත්තෙ නැහැ. අපිට මේක කුණු වුණාට උන්ට මහත්තයො මේක උන්ගෙ මඩි තර කර ගන්න හැදිච්ච රත්තරන් කන්දක්‌."

කුණු කන්දට වගකිව යුත්තන්ට ශාප කරමින් අපිත් එක්‌ක එහෙම කිව්වෙ කුණු කන්ද පාමුලම පදිංචිව සිටින තිලකසිරි පෙරේරා මහත්මයාය.

"එකවරම කුණු කන්ද නාය ගිහිල්ල අපේ ගෙවල්වලට ආපු දහජරාව අපි විතරයි දන්නෙ මහත්තයො. ඒක මුන්ගෙ ඇස්‌වලට පේන්න උන් මේ පැත්ත පළාතක අවෙ නැහැ. අපිට හුස්‌මක්‌ කටක්‌ ගන්න බෑ අපිට පිරියක්‌ ඇතිව බත් කටක්‌ කන්න බෑ. කොච්චර කිව්වත් මේවා මුන්ට තේරෙන්නෙ නෑ. මුන්ට ඒව තේරෙන්න නම් මුන්ව ගෙනල්ල මේ කුණු කන්දෙ ගැට ගහන්න ඕන."

නාගහමුල්ල පාරෙ පදිංචි රේණුකා අපිත් එක්‌ක එහෙම කිව්වේ වාවාගත නොහැකි තරම් වූ ආවේගශීලීත්වයෙන්ය.

අක්‌කර 18 ක්‌ තරම් ප්‍රමාණයක වූ භූමි භාගයක අඩි තුන්සියයක්‌ තරම් ප්‍රමාණයට උස්‌ව පිහිටි මෙම කුණු කන්දේ අඩි

10 ක්‌ තරම් ප්‍රමාණයක්‌ නාය යැමට ලක්‌ව තිබිණි. සංඛ්‍යාත්මකව ගත් කල අඩි 10 ක්‌ තරම් ප්‍රමාණයක්‌ කුඩා ප්‍රමාණයක්‌ ලෙස පෙනුණද, මෙම කුණු කන්දේ කුණු පැතිරී ඇති වපසරිය සැලකිල්ලට ගැනීමේදී එය ඉතා විශාල ප්‍රමාණයකි. ජලය ගලා යැම සඳහා එම කුණු කන්ද හරහා දිවෙන ඇළ මාර්ගය මෙම නාය යැමෙන් සම්පූර්ණයෙන් ම අවහිර වුණි. මෙම ජනතාව වඩ වඩාත් පීඩාවට පත් වන්නේ ඒ සමගමය.

ඇළ මාර්ගය අවහිර වීමෙන් කුණු කන්ද වැස්‌සට සේදි සේදී ගලාගෙන ආවේ මෙම මිනිසුන්ගේ නිවෙස්‌වලට ය."ගං වතුරක්‌ ආවා නම් කමක්‌ නෑ මහත්තයො. ගංවතුර ටිකක්‌ හරි පිරිසිදුයි කියමුකො. ඒත් අපිට ආවෙ කුණු වතුර. කුණු වතුරත් එක්‌ක තනිකරම ආවෙ මැරිල කුණුවෙලා ගිය බල්ලො, බළල්ලු. කපුටො. හිතා ගන්න පුළුවන්ද මහත්තයො අපි වින්ද දුක ගැන. අපේ ගෙවල්වල වහලය පිරෙනකන්ම තිබ්බෙ මේ දහජරාව."

නාගහවෙල පාරෙ පදිංචි මල්ලිකා මහත්මිය ආවේගශීලී කතා අතරට එක්‌වූයේ එලෙසිනි.

මීට වසර කීපයකට පෙර කොළොන්නාව ප්‍රදේශයට පමණක්‌ නොව බස්‌නාහිර පළාතේ සෑහෙන ප්‍රමාණයක්‌ ආවරණය වන පරිදි බත සැපයීමට තරම් පින් බිමක්‌ වූ කුණු කන්ද පිහිටි මෙම ස්‌ථානය කුණු බිමක්‌ කිරීම පිළිබඳ වූ ඉතිහාසයට වගකිව යුත්තන්ට මෙම ප්‍රදේශයේ ජනතාව අදටත් ශාප කරති. මෙරට අනෙක්‌ ප්‍රදේශවල ජීවත්වන ජනතාවට කන්නට බොන්නට හුස්‌ම ගන්නට ඇති නිදහස තමන්ට අහිමි කළ ඒ පුරාවෘත්තය ඔවුන් අප හා හෙළි කළේ හිතේ නැඟුණු දැඩි සංවේගයෙනි.

පොතුවිල කුඹුර නම් වූ මෙම මනරම් වෙල් යාය නවත සශ්‍රීකත්වයට පත් කර ජනතාවගේ කුස පුරවන්නට ඉඩකඩ බොහෝ තිබියදී මෙම ස්‌ථානයට මුල්ම කුණුගොඩ ගෙනැවිත් දමමින් වත්මන් ෙ€දවාචකයකට මුල පුරා ඇත්තේ එවකට කොළොන්නාව නියෝජනය කළ වීරසිංහ මල්ලිමාරච්චි මන්ත්‍රීවරයා ය. තට්‌ටු නිවාස යෝජනා ක්‍රමයක්‌ ඉදිකිරීම සඳහා මෙම පුරන් වූ වෙල් යාය කුණු දමමින් ගොඩකිරීම ආරම්භ කළත් මල්ලිමාරච්චි මන්ත්‍රීවරයාගේ ඝාතනයත් සමඟම එම යෝජනා ක්‍රමය ද කුණු වළටම යට විය.

"අන්තිමට වුණේ මහත්තයො අපිට ඉන්න හිටින්න තැනක්‌ නැති වෙච්ච එක විතරයි. නටපු නැටුමකුත් නැහැ. බෙරේ පලුවකුත් නැහැ. දැන් මුළු කොළඹම එකතුවෙන කුණුයි වෙන වෙන ප්‍රාදේශීය සභාවල නගර සභා වසම්වල එකතුවෙන කුණුයි ඔක්‌කොම ගෙනල්ල දාන්න මෙතනට. ඉස්‌සර නම් කිව්වෙ ඔක්‌කොම කුණු ෙබේරෙට කියලා. දැන් කියන්නෙ මහත්තයො ඔක්‌කොම කුණු කොලොන්නාවට කියලා."

මීතොටමුල්ල - කොලොන්නාව කුණු කන්දට එරෙහි ජනතා ව්‍යාපාරයේ කඳවුම්කරු කීර්ති මහතා අපත් සමඟ එහෙම කිව්වේ දුරකථනයෙනි.

2009 වර්ෂයේදී බ්ලූමැන්ඩල් කුණු කන්ද කඩා වැටීමත් සමඟ අධිකරණ නියෝගයක්‌ අනුව මෙම ස්‌ථානයට කුණු කසළ දැමීම ආරම්භ කෙරිණි. එවකට අගවිනිසුරුව සිටි සරත් එන්. සිල්වා මහතාගේ නියෝගය අනුව කුණු බැහැර කිරීමට ඉඩ ලබා දුන්නේ මෙම ප්‍රදේශයේ අක්‌කර දෙකකට පමණි. නමුත් එම අධිකරණ තීන්දුව අබිබවා දේශපාලන බල අධිකාරිය ක්‍රියාත්මක වී ඇති බව එහි නිරීක්‍ෂණයක යෙදෙන ඕනෑම අයකුට පෙනෙන කාරණයකි.

මේ වන විට මෙම කුණු කන්ද ප්‍රදේශයේ ගැටලු රාශියක්‌ මතු කර ඇති ෙ€දයක්‌ බවට පත්ව ඇත. මේ හරහා පැන නැගි සමාජයීය හා සෞඛ්‍යමය ගැටලු ද කුණු කන්ද තරමටම උස්‌ව පවතී. මෙම කුණු කන්දේ ශාපය හේතුවෙන් ම මෙම ප්‍රදේශයේ ළමුන් සියයට 65 කට පමණ චර්ම රෝග ද, සියයට 90 කට පමණ හුස්‌ම ගැනීමේ අපහසුතා ද ඇති වී ඇති බව අප කළ සොයා බැලීමකදී හෙළි විය. මී උණ හා ඩෙංගු ආදී භයානක රෝගවලින් මියගිය පිරිස ද අනෙකුත් ප්‍රදේශවලට සාපේක්‍ෂව ඉහළ අගයක්‌ මෙම ප්‍රදේශයේ ඇති බව එම සොයා ගැනීම්වලදී හෙළි විය.

සමාජයීය හා සෞඛ්‍යමය වශයෙන් මෙතරම් සැලකිය යුතු ගැටලු රාශියක්‌ මතුව තිබියදීත්, මෙම කුණු කන්ද ඉවත් කිරීමට හෝ ප්‍රතිචක්‍රීයකරණය කිරීමට සාර්ථක පියවරක්‌ නොගැනීම පිළිබඳ ගැටලුව අප යොමු කළේ කෙළොන්නාව නගර සභාවේ හිටපු සභාපති රවීJද්‍ර උදය ශාන්ත මහතාට ය.

"මේ ප්‍රශ්නය විසඳන්න කවුරුත්ම අවංකව කටයුqතු කළේ නැහැ. එදා ඉඳලම කට්‌ටිය කළේ දෙපැත්තට කඹ ඇදිල්ලයි. මේ කුණු ප්‍රශ්නෙට විසඳුමක්‌ දෙන්න නොයෙකුත් ව්‍යාපෘති ගෙනාවා. නමුත් මේ කඹ ඇදිල්ල නිසා ඒ ව්‍යාපෘති උපන් ගෙයිම වැලලුනා. මේ කුණු ප්‍රශ්නෙට ජනාධිපතිතුමයි, අගමැතිතුමයි දෙන්නත්a වග කියන්න ඕන. බස්‌නාහිර පළාත් සභාවෙ මහ ඇමැතිතුමා මේ ප්‍රශ්නෙ විසඳන්න හොඳ යෝජනාවක්‌ ගෙනල්ල තියෙනවා. එංගලන්ත සමාගමක්‌ විදුලිය නිපදවන්න මේ කුණු ඉල්ලනවා. එතකොට දිනකට ටොන් 4000 ක්‌ විදුලිය නිපදවන්න උයයෝගී කර ගන්නවා. නමුත් මේ ව්‍යාපෘතියට ජනාධිපතිතුමා හා කියනකොට අගමැතිතුමා බෑ කියනවා. ඉතිං කොහොමද මේ කුණු ප්‍රශ්නෙ විසඳන්නෙ.

ඒ එංගලන්ත සමාගම මේ කුණු කන්ද අවට සම්පූර්ණයෙන් ම හදල මේකෙ මිනිස්‌සුන්ටත් ජීවත් වෙන්න පුළුවන් විදියට හදන්නයි යන්නේ. ඒ හරහා ප්‍රදේශයේ තරුණ තරුණියන්ට රැකියා පන්සියයක පමණ ප්‍රමාණයක්‌ ලැබෙනවා. ඒත් මේ ව්‍යාපෘතියට කඹ අදිනව. මේ දේශපාලන න්‍යාය පත්‍ර, පෞද්ගලික අරමුණු දැන් පැත්තකට දාන්න ඕන. නැත්නම් කවදාවත් කොලොන්නාවට සෙතක්‌ වෙන්නේ නැහැ. දැන් අගමැතිතුමා කියනව මේ සම්බන්ධයෙන් ව්‍යාපෘති 7 ක්‌ විතර ඉදිරිපත් වෙලා තියෙනවා කියල. එහෙම නම් ඉතින් කඹ ඇද ඇද ඉන්නෙ නැතුව මේ ව්‍යාපෘතිවලින් සුදුසු ව්‍යාපෘතියක්‌ ඉක්‌මනට කරන්නට ඕනෑ.

කෙසේ වුවද මෙම දේශපාලන කඹ ඇදිල්ලෙන් පීඩාවට පත් වන්නේ මීට මුහුණ දී සිටින ජනතාවය. එහෙයින් එම ජනතාව පවසන පරිදි මෙම කුණු කන්ද රත්තරන් කන්දක්‌ කර නොගෙන ජනතාව පත්ව ඇති පීඩාවෙන් ඔවුන්ව වහාම මුදා ගැනීමට මීට වගකිවයුත්තෝ වහ වහා කටයුතු කළ යුතුය. නො එසේ නම් මෙම ප්‍රදේශයේ වත්මන් පරපුරේ ශාපයෙන් පමණක්‌ නොව මතු උපදින පරපුරේ ශාපයෙන් ද බලධාරීන්ට ගැලවිල්ලක්‌ නොමැති බව සඳහන් කරන්නේ සංවේගයෙනි.



Wmqgd .ekSu isxy,u.a fjí wvúh weiqfrks

More News »