විශ්වාසය දිනා ගත්තොත් බිස්නස් වැටෙන්නේ නෑ

2016-05-31 10:23:00       673
feature-top
ඔහු අපට හමුවුණේ වැලිගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට මුහුද අයිනේ වෙළෙඳාමේ යෙදී සිටිය දී ය. ඔහුගේ තනිවට ඔහුගේ මාමා ද එහි සිටියේ ය. වසර ගණනක් තිස්සේ එම ස්ථානයේ මාළු වෙළෙඳාමේ නිරතව සිටින ඔහු ඒ ඩබ්ලිව්. සමන්කුමාරය‍. අව්ව වැස්ස පිළිබඳව ඔහුට වගක් නැත. දුරබැහැර සිට පැමිණෙන්නන් මෙන් ම ඒ අවට අයද සමන් කුමාරගෙන් මාළු මිලට ගැනීමට පුරුදුව සිටිති.

මේ ඉන්නේ මගෙ මාමා. ඔහු පී.ජී. සුගත්. මං හැමදාම උදේට මෙතැනට එනවා‍. අපි මාළු මිලට ගන්නේ බෝට්ටුවලින්. මේ දවස්වල වැඩිපුරම අහුවෙන්නේ කාරල්ලෝ, ලින්නෝ, පරව් පැටව්, සමහර වෙලාවට මං හලාවතින් ගේන මාළුත් මිලට ගන්නවා. සමහර කාලවලට මාළු මිල ඉහළ යනවා. එහෙම කාලෙට වුණත් මං මගෙ බිස්නස් එක අතහැරියේ නැහැ. මාළු විකුණලා තමයි මං මගෙ පවුල ජීවත් කරවන්නේ.

මේ දවස්වලත් මාළු මිල ගණන් ඉහළයි. ඒත් අපිට පාරිභෝගිකයෝ නැති වෙන්නේ නැහැ. කොළඹ ඉදලා මාතර යන අය ආයෙම ‍කොළඹ යන ගමන් අපෙන් මාළු මිලට ගන්න අය ඉන්නවා.

මම උදේට මෙතැනට ආවාම, ආයෙත් යන්නේ රෑ වෙලා‍. මාළු ඉවර වුණොත් නම් ඉක්මනින් යනවා.

සුනාමියෙන් පස්සේ මාළු විකුණන එක ටිකක් අඩු වුණා. ඒත් මාස පහ හයකට පස්සේ ආයෙමත් මේ ප්‍රදේශය ක්‍රමයෙන් යථා තත්ත්වයට පත්ව ඒමත් එක්කම අපි ආයෙත් මාළු විකුණන්න පටන් ගත්තා. එදා ඉඳලම අපෙන් මාළු ගෙනියන්න හුරුවෙච්ච අයත් ඉන්නවා. අපි මිනිස්සුන්ට බොරු කරන්නේ නැහැ. හොරට කිරන්නෙත් නැහැ. නරක් වෙච්ච මාළු විකුණන්නෙත් නැහැ. ඒ විශ්වාසය නිසා තමයි මට හොඳට බිස්නස් තියෙන්නේ කියලා මං විශ්වාස කරනවා.

සමන් කුමාර පවසන්නේ ඔහුගෙන් මාළු මිලට ගන්නට පැමිණි අයට මාළු කිරන අතරේ ය. ඔහුට තම ව්‍යාපාරය පිළිබඳව කියන්නට තවත් බොහෝ දේ ති‍බිණි. නමුදු ඒ සන්ධ්‍යාවේ ඔහු බෙහෙවින් කාර්ය බහුල ය.

Wmqgd .ekSu isK mqj;a m; weiqfrks

More News »