අනුන්ට අත නොපා ජීවත් වෙන්න ලැබීම සතුටක්

2016-05-25 11:15:00       673
feature-top
කොළඹ සිට වීරකැටියට ගොස් එන අතරමඟදී අපට ඔහු හමුවිණි. වේලාව සවස පහ පමණ වන්නට ඇත. වැලිගම ප්‍රදේශයේදී හමු වූ ඔහු කඩයෙන් කඩයට ගොඩවෙමින් හකුරු ඕනැදැයි විමසන්නට වූයේය. එහෙත් ඔහු අතේ පෙනෙන්නට නම් හකුරු නොවීය.

කඩවලින් හකුරු අවශ්‍යයැයි කියූ විට ඔහු මඟ අයිනේ නතර කර ඇති වාහනයක් ළඟට යයි. ඔහු යළිත් කඩයට එන්නේ හකුරු මුල් කිහිපයක් දැමු බාල්දියක් ද ඔසවාගෙනය. කඩයෙන් කඩයට යමින් හකුරු විකුණන ඔහු පිළිබඳව අපි තොරතුරු ඇසීමු.

ඔහු පී. වී. ඉන්දික. පදිංචිව සිටින්නේ මතුගම වලල්ලාවිට. ඉන්දිකගේ වයස අවුරුදු තිස්හතකි. විවාහකයෙකු වන ඔහු දරුවන් සතර දෙනෙකුගේ පියෙකි.

අපි කිතුල් මල් කපලා පැණි හදන්නේ නැහැ. අපේ පැත්තේ පැණි හදන අයගෙන් පැණි මිලට ගන්නවා. ඒ අරගෙන තමයි හකුරු හදන්නේ. පැණි බෝතලයක් රුපියල් පන්සීයයි. එක හකුරු මුලක් හදන්න පැණි බෝතල් භාගයක් විතර යනවා. දවස් හතර පහකට සැරයක් තමයි මේ පැත්තට එන්නේ. වලල්ලාවිට ඉඳලත් ගෙදරට හුඟක් ඈතට යන්න ඕන. පැණි එකතු කරලා හකුරු හදලා හකුරු මුල් සීයක් විතර එකතු කරගන්නවා.

ඒ අතරට තව පොලොස්ගැට එහෙමත් ගේනවා. අද අපි ගෙදරින් ආවේ හතරහමාරට විතර. මාතර, පැත්තේ තමයි ඇවිද්දේ. මේ ආව ලොරියට රුපියල් 2000ක් ගන්නවා. අපි උදේ මාතර පැත්තේ ඇවිද්දා. දැන් මාතර ඉඳන් ගාල්ලට යනවා. මගේ ගේ දොරවත් හරියට හදාගෙන නැහැ. දරුවන්ට උගන්නලා ගෙවල් දොරවල් පිළියෙල කරගන්නයි, කෑමටයි හැමදේටම මේ වෙළෙඳාමෙන් තමයි මුදල් හොයාගන්න ඕන. අද හකුරු මුල් සීයක් ගෙනාවත් තවම හතළිහක්වත් විකුණ ගන්න බැරි වුණා.

ඉන්දික පවසන්නේ කනගාටුවෙනි.

ඔහු ජීවත්වීමට අපමණ වෙහෙසක් දරයි. බොහෝ ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ වුවද අනුන්ට අත නොපා තමන්ගේ කියා ව්‍යාපාරයක් කර ගැනීමට පුළුවන් වීම පිළිබඳව සතුටු වෙයි.

ඇත්තම කිව්වොත් මට හුඟක් ප්‍රශ්න තියෙනවා. මගෙ වැඩිමල් දරුව අසනීපයෙන් ඉන්නෙ. එක දරුවෙක් එකොළහ වසරේ ඉගෙන ගන්නවා. අනෙක් දරුවත් පාසල් යනවා. බාලම දරුවා තාමත් කිරි බොන වයසේ. මාත් එක්ක මගෙ නෝනගේ අම්මත් බිස්නස් එනවා. එයා එන්නේ ඒගොල්ලන්ගෙ වියදම හොයාගන්න. අම්මා ගම්මිරිස් ගොරකා අරගෙන එනවා. සමහර දවස් තියෙනවා ගෙනා ඔක්කෝම විකිණෙන. කොහොම වුණත් මං මේ දේ බොහොම සතුටින් කරගෙන යනවා. ඒ අනුන්ට අත නොපා මගේ මහන්සියෙන් හම්බ කරන නිසා.

මඳකට වෙළෙඳාම අමතක කර කතාබහට එක්වූ ඉන්දික යළිත් හකුරු පිරවූ භාජනය ද රැගෙන වැලිගම නගරයේ වෙළෙඳසල් කරා යන්නට විය.


Wmqgd .ekSu isK mqj;a m; weiqfrks

More News »