අන්තිමට හරි ගියේ කෙසෙල් වෙළෙඳාමයි

2016-05-18 01:28:00       673
feature-top
ඔහු කොළඹට එන්නේ හිමිදිරියේමය. ඒ පැමිණ මැනිං වෙළෙඳ පොළේ මෙන්ම උදෑසනම කෙසෙල් කැන් විකුණන කොටුවේ වෙළෙඳ පොළට යයි. ඒ පැමිණ මිලට ගන්නා කෙසෙල් කැන්ද රැගෙන යළි මරදානට යන ඔහු පුංචි ඉඩකඩක ඔහු තම ව්‍යාපාරය අරඹයි.

හරි හමන් ඉඩක් නොමැති නිසා ඔහුට වෙළෙඳාම කරගෙන යාම ද අපහසුය. එහෙත් ඔහු ජීවත්වීම සඳහා ඒ සියලු දුක් වේදනාවන් දරා ගනී. ඔහු යක්කල පදිංචි ටී. ජී. ලීලාරත්නය. වයස අවුරුදු හැටකි.

මං ඉන්නේ යක්කල ඥාතියෙකුගේ ගෙදර නතර වෙලා. බිරියත් මමත් පමණයි ඉන්නේ අපට දරුවෝ නැහැ. කාලයක් තිස්සේ විවිධ දේවල් කෙරුවා. ඒත් ඒ එකකින්වත් අපිට දියුණු වෙන්න බැරි වුණා. ඊට පස්සේ තමයි මං පිටකොටුවෙන් කෙසෙල් ගෙනැල්ලා විකුණන්න පටන්ගත්තේ. මෙතැන මට ස්ථිර තැනක් නෙමෙයි. ඒත් මේ අහල පහල අය මට අනුකම්පා කරලා කෙසෙල් විකුණගන්න ඉඩ දීලා තියෙනවා. මං උදේ 5.00 ට විතර තමයි එන්නේ.

මේ දවස්වල නම් කෙසෙල්වල මිල ටිකක් විතර අඩුයි. දවසට රුපියල් දාහක් එක්දහස් පන්සියක් විතර හොයාගන්න පුළුවන්.

කෙසෙල් මිල වැඩිවුණ දවස්වලටත් මං මෙතැන බිස්නස් කරගෙන ගියා. මේ ගන්න මුදලින් අද කාලේ හැටියට ජීවත්වෙන්න අමාරුයි. මටයි බිරියටයි ඉන්න ගෙයක් දොරක් නැහැ. කෙසෙල් විකුණලා මහා ගාණක් හම්බ කරගන්න පුළුවන්කමකුත් නැහැ. ඒ නිසා ගෙයක් දොරක් හදාගන්නවා කියන එක හීනයක්. ලීලාරත්න පවසන්නේ කනගාටුවෙනි. වැස්සොත් හිරිකඩට තෙමෙයි. තදින් පායන විට දැඩි හිරු කිරණින් පීඩා විඳින්නට සිදුවෙයි. එහෙත් මේ සියලු පීඩා විඳිමින් ඔහු තම බිරිය ජීවත් කරවීමට අපමණ වෙහෙස දරන්නේය.

මගෙ ගම ගාල්ල. මං ඉස්කෝලේ දහයෙ පන්තියට ඉගෙන ගත්තා. ඒ කාලේ ගමේ ඉඳලා වැඩක් නැහැ කියලා තේරුණ නිසා මං කොළඹට ආවා. කොළඹට එනකොට මට වයස අවුරුදු දාහතක් විතර ඇති. මං කඩවල්වල වැඩ කළා පුංචි පුංචි වෙළෙඳාම් වැඩ කළා.

ඒ අතරේ මං ගෙදර ගැනත් බැලුවා. අදටත් මං ගමට යනවා, එනවා. ඒත් කෙසෙල් වෙළෙඳාම තමයි අන්තිමට මට හරි ගියේ. ඇත්තටම කිව්වොත් මට කාගෙහරි උදවු ලැබෙනවානම් මීට වඩා දියුණු වෙන්න පුළුවන්. ඒ ලීලාරත්නගේ බලාපොරොත්තුවයි.


Wmqgd .ekSu isK mqj;a m; weiqfrks

More News »