වන වැද්දන් දඩ වැද්දන් අල්ලන හමුදා වන්නි මෙහෙයුම්

2016-05-12 10:20:00       679
feature-top
cවිදේශිකයන්ගේ දේශපාලන සටහන්වල පවා ඉතා ම රමණීය ආකාරයෙන් ලියැවුණු බව අපි කවුරුත් දනිමු. ඒත් අහස් වියන යට සෝබාමත් තුරු ලතාවෙන් පෝෂිත එම මනරම් උයන පසුකාලයක දඩ වැද්දන්ගේ කෙළිබිමක් හා දඩබිමක් බවට පත්ව ගියේ පුදුමාකාර ‍අන්දමිනි. මේ කැලෑ පාළුවන්, දඩ වැද්දන්, ලී ජාවාරම්කාරයන් සැමදා ආරක්ෂා වූයේ ද අමනෝඥ දේශපාලුවන්ගේ අධම ක්‍රියාකාරකම් නිසාය.

වන සතා සීපාවාට ගහකොළට ආදරය කළ, කැලයේ දර ඉපල්ලක් අවශ්‍යතාවට මිස අහුලා ගත්තේවත් නැති ගම්බද ජනතාව මින් මහත් සේ කම්පා වූහ. කැලෑ දිගින් දිගට ම පාළු වීම නිසා රතු දත්ත පොතේ පවා නම් සඳහන් අපේ රටට ආවේණික සත්ත්ව ගණයා ද වඳ වී යන්නට පටන් ගත්තේ ද වර්ෂාපතනය අඩු වී යාමද, නියං රකුසා කලින් කල අප පෙළන්නට පටන් ගත්තේ ද, කල් වැනි නොවැස්සේ ද නොකල් නියං පාත් වූයේ ද ඒ නිසාමය.

රටේ පළමුවැනි පුරවැසියා ජනාධිපතිතුමන් යට‍ෙත් පරිසර අමාත්‍යාංශය පවරා ගැනීම මේ නිසා ම අපේ සොම්නසට හේතු විය. ඒත් ඇතැම් දේශපාලුවෝ තමන් ඔසවා ගත් අවි කිසිසේත් බිම නොදැමූහ. එදා පටන් ගත් වන සංහාරය එසේම දිගට ම කරන විල්පත්තුව දිගින් දිගට ම විනාශ කරන මුග්ධ අන්‍ය ජාතික දේශපාලකයෝ ද නතර නොවූහ. ඒ අතර දැන් දැන් සිංහල ජාතිකත්වය ගැන බොහෝ ආඩම්බර වූ ඇතැම් සිංහල දේශපාලනඥයෝ ද වන සංහාරයට යොමු වී සිටිති. ගමේ බණ්ඩාර හත්තට්ටුවටවත් නොඇසෙන නොදැනෙන ලෙස රංගනයක් කරන එක් දේශපාලනඥයෙක් යහපාලනය ගැනම කතා කරමින් කැලෑ අක්කර විශාල ගණනක් ශුද්ධ කරමින් සිටියි.

මේ රටේ කුරිරු ත්‍රස්තවාදය නිම කළැයි බොහෝ කයිවාරුකාරයන් වහසි බස් දොඩද්දී, මේ ත්‍රස්තවාදය මව්බිමෙන් තුරන් කිරීමට අභීතව සටන් වැදුණු හමුදා භටපිරිස් හා අනෙකුත් රණවිරුවන් තම ලෙය කඳුළ, සුසුම මතු නොව රුධිරය ද ඒ වෙනුවෙන් පා කළ අතීතය අද බොහෝ අයට අමතක වෙමින් තිබේ. එහෙත් ඔවුන් මේ ක්‍රියාන්විතය දැන් පරිසරය පැත්තට හරවා තිබීම සතා සීපාවාට, ගහකොළට ආදරය කරන අපට සතුටකි. යාල වන විනාශය, දඩයක්කාරයන්ගේ ක්‍රියා, වෙනත් ලී ජාවාරම් ආදිය වළකන්නට ක්‍රියාකරන්නැයි ජනපතිතුමන් කළ ඉල්ලීම අපේ වීරෝදාර හමුදාව කැමැත්තෙන් ම පිළිගත්තේය.

මේ අනුව ඔවුන් ඉතාම සියුම්ව හඳුනාගත් පරිදි වවුනියාව, මන්නාරම, මුලතිව් හා ත්‍රිකුණාමලය ඇතුළු ප්‍රදේශ ගණනාවක වන භූමි දැව ජාවාරම්කරුවන් ගේ දඩබිම බවට පත්ව තිබේ. ඉන් සිදුවන වන විනාශය හරහා සිදුවන දැඩි පාරිසරික හානි මුළු මහත් සමාජයක් වශයෙන් විඳ දරා ගැනීමට සිදුවීම අතිශය කනගාටුදායකය.

සමහර පළාත්වල මේ වන විනාශය නිසාම ජල උල්පත් සිඳී යාමෙන් මහ දිය ඇළි කුඩා දිය ඇළි පවා සියුම් ඇළකඩිති බවට පත් වී ඇත. ගෝන, මුව, මීමිනි, රිළා, ඌරු, උනහපුළු, හා ආදී සතුන්ට වාසස්ථාන අහිමි වී බීමට ජලය නැතිව විනාශ මුඛයට ඇද වැටෙමින් පවතී. ඒ අතර ලද අස්ථාවෙන් ප්‍රයෝජන ගෙන සමහර ගැමි මස් වැද්දෝ හක්කාපටාස් වැනි අහිතකර අමානුෂික ගොදුරු දඩ උපක්‍රම ක්‍රියාත්මක කැර සතුන් මරති.

අද මහ කැළයේ අලි ඇතුනට පවා ළපටි ‍කොළ දල්ලක් කෑමට නැති තරම්ය. මහ ගස් බිම හෙළන තත්ත්වයක් තුළ බුරුත, මිල්ල, පලු, වීර, මහකඳන් වනයේ පෙනෙන්නට නැති තරම්ය.

මතු කී සියල්ල හඳුනාගත් අපේ වීරෝදාර හමුදාවෝ විවිධ ප්‍රදේශයන් හි සිදු කරනු ලැ‍බූ ක්‍රියාකාරකම් බොහෝ වෙති. ඒ අනුව වන්නි ආරක්ෂක භටසේනා කළ මෙහෙයුම් සමහරක් මෙසේ වෙයි.

ඉකුත් මාර්තු 30 වැනි දින මඩු රක්ෂිතයට අයත් සින්නම්ලායන්කට්ටු ප්‍රදේශයේ රාජකාරියේ නිරතව සිටි යුද හමුදා භට පිරිසකට ඉතා වටිනා තොරතුරක් ලැබිණ. ඒ අනුව වහා ක්‍රියාත්මක වූ ඔව්හු මඩු රක්ෂිතය තුළ මහා පරිමාණයෙන් පවත්වාගෙන යනු ලැබූ දැව ජාවාරමක් වැටලූහ. එහිදී ජාවාරම්කරුවන් කපා තිබූ බුරුත මහ කඳන් 28ක් සොයා ගැනිණි.

එම යුද හමුදා භට පිරිස් විසින් ඉහත විනාශ වූ රක්ෂිතයේ වැටලීම සිදුකරන අවස්ථාවේ දී ජාවාරම්කරුවෝ පලාගොස් සිටියහ. එහෙත් සාර්ථකව මෙහෙයුම් දිගට ගෙන ගිය හමුදාවෝ වන්නි ආරක්ෂක සේනා බලප්‍රදේශයට අයත් වලම්පෙකුලම් ප්‍රදේශයේ දි ඉකුත් ජනවාරි මස 18 වැනි භට පිරිස් සිදු කළ මුර සංචාරයක් අතරතුරදී පලු දැව තොගයක් සමඟින් දැව කැපීමට සම්බන්ධ පුද්ගලයන් දෙදෙනෙකු කොටු කැරගත්හ. ඔවුන් සතුව තිබූ දැව ජාවාරම්වලට යොදා ගෙන ඇති දම්වැල් කියත්, පෙට්‍රල්, ලිහිසි තෙල් මෙන්ම තවත් උපකරණ ද එහිදී සොයා ගන්නා ලද අතර, අදාළ පුද්ගලයින්, දැව කඳන් හා භාණ්ඩ සෙට්ටිකුලම් පොලිස් ස්ථානය වෙත බාර දෙනු ලැබීය. එම ආරක්ෂක සේනාවේ භට පිරිස් විසින්ම නින්නවලයන්කාඩු ප්‍රදේශයේ දී ද මාර්තු මස 29 වැනි දින සොයාගනු ලැබූ පලු දැව කඳන් තොගයක් සෙට්ටිකුලම් පොලිස් ස්ථානය වෙත භාර දීම සිදු කැර තිබේ.

මීටත් අමතරව මුලතිව් ආරක්ෂක සේනා භට පිරිස් විසින් පහත සඳහන් පරිදි අවස්ථාවන් ගණනාවක දී දැව ජාවාරම්කරුවන් නීතියේ රැහැනට හසුකැර දීම තවත් සුවිශේෂය.

ඉකුත් පෙබරවාරි මස 22 වැනි දින ඉහත ආරක්ෂක සේනා භට පිරිස් විසින් පුදුකුඩිඉරිප්පු බටහිර ප්‍රදේශයේ දී බුරුත දැව කඳන් 15ක් සොයාගනු ලැබූ අතර, අදාළ දැව පුදුකුඩිඉරිප්පු වන සංරක්ෂණ දෙපාර්තමේන්තු කාර්යාලය වෙත බාර දුන්නේය. තවද අදාළ භට පිරිස් ඉකුත් මාර්තු මස 24 වැනි දින මුල්ලියාවෙලි ප්‍රදේශයේ දී දැව ජාවාරමේ නිරත වූ පුද්ගලයින් දෙදෙනෙකු ඔවුන් විසින් කපන ලද පලු දැව කඳන් සමඟින් මුල්ලියාවෙලි වන සංරක්ෂණ දෙපාර්තමේන්තු කාර්යාලය වෙත භාරදීමට පියවර ගත්හ.

එමෙන්ම, එම ආරක්ෂක සේනාව යටතේ ස්ථාපිත භට පිරිස් විසින් 2016 මාර්තු මස 27 වැනි දින කනගරත්නපුරම් ප්‍රදේශයේ දී සිදු කළ මුර සංචාරය අතරතුර දී නීති විරෝධීව කපන ලද බුරුත කඳන් 15 ක් යළිත් සොයාගන්නා ලද අතර, ඉදිරි නීතිමය කටයුතු උදෙසා අදාළ දැව කඳන් තොගය පුදුකුඩුඉරිප්පු වන සංරක්ෂණ කාර්යාලය වෙත බාර දී තිබේ.

තවද, නැ‍ඟෙනහිර ආරක්ෂක සේනා භට පිරිස් විසින් ද එම ප්‍රදේශයේ නීතිවිරෝධ දැව ජාවාරමේ යෙදෙන ලද පුද්ගලයන් මෙන්ම දැව කඳන් විශාල වශයෙන් සොයාගනු ලැබ, අදාළ බලධාරීන් වෙත භාරදීමට ක්‍රියා කර ඇති අතර, ඉන් අවස්ථාවන් කිහිපයක් මතු දක්වමි.

2016 ජනවාරි මස 10 වැනි දින නැ‍ඟෙනහිර ආරක්ෂක සේනා භට පිරිස් විසින් කන්තලේ නයනඋත්තුමලෙයි ප්‍රදේශයේ දී බුරුත කඳන් 04ක් සහ දැව කැපීමට භාවිතා කරන කියත් ඇතුළු උපකරණ රැසක් සොයාගෙන අදාළ බලධාරීන් වෙත බාර දීම සිදුවිය.

තවද අදාළ භට පිරිස් 2016 පෙබරවාරි මස 23 වැනි දින තෝනිතට්ටමඩු ප්‍රදේශයේ දී බුරුත කඳන් 37ක් සහිත ලොරියක් සහ ට්‍රැක්ටර් රථයක් සමඟ එම දැව ජාවාරමේ නිරත වූ පුද්ගලයින් දෙදෙනෙකු වාලච්චේනේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තු කාර්යාලය වෙත භාරදීමට පියවර ගත්හ.

එසේම 2016 පෙබරවාරි මස 08 වැනි දින නැ‍ඟෙනහිර ආරක්ෂක සේනා භට පිරිස් විසින් තෝනිතට්ටමඩු ප්‍රදේශයේ දී බුරුත දැව කොටස් 20 ක් සොයාගෙන අදාළ වන සංරක්ෂණ බලධාරීන් වෙත භාර දී ඇත්තේය.

එමෙන්ම එම ආරක්ෂක සේනා භට පිරිස් විසින්ම 2016 පෙබරවාරි මස 26 වැනි දින කන්තලේ ප්‍රදේශයේ දී අනවසරයෙන් දැව කැපීමට භාවිතා කරන දම්වැල් කියත් 02 ක්, පාපැදි 05 ක්, තවත් කියතක් ඇතුළු උපකරණ රැසක් සොයාගැනීම තවත් විශිෂ්ට ක්‍රියාවකි.

තවද අදාළ භට පිරිස් 2016 මාර්තු මස 18 වැනි හින්ගුරුවින්න ප්‍රදේශයේ දී තේක්ක කඳන් තොගයක් අත්අඩංගුවට ගෙන අදාළ වන සංරක්ෂණ දෙපාර්තමේන්තු කාර්යාලය වෙත බාරදීම ද සිදු විය.

මෙලෙස දැව ජාවාරම්කරුවන් මැඬලීමට, කිසිදු තරාතිරමක් නොබලා එම පිරිස් නීතියේ රැහැනට හසුකරදීමට මෙන්ම ඒ හා සම්බන්ධව නීතිය ක්‍රියාත්මක කරනු ලබන වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට හා පොලීසියට මෙන්ම වගකිවයුතු ආයතනවලට සහයෝගය ලබාදීමට යුද හමුදාපතිතුමාගේ උපදෙස් හා පූර්ණ අධීක්ෂණය යටතේ යුද හමුදාව නිරතුරුවම සූදානමින් සිටින බව මේ සිද්ධිවලින් පැහැදිලිව පෙනී යයි.

එසේ ම පොදුවේ සියලු දෙනාටම මහත් සම්පතක් ලෙස පිළිගැනෙන භූමියක හදවත බඳු වනාන්තර ආරක්ෂා කිරීමට මේ වන විට හමුදාව මහත් කැපකිරීමක් සිදු කරනු ලබයි. ජාතික රුක්රෝපණ වැඩසටහනට සමගාමීව යුද හමුදාපතිතුමාගේ උපදෙස් මත සියලු යුද හමුදා කඳවුරු මූලික‍කොට ගෙන දීපව්‍යාප්තව මේ වන විට භට පිරිස් රෝපණය කොට ඇති පැළ ප්‍රමාණය ද දහස් ගණනකි. ශීඝ්‍රයෙන් විනාශයට ලක්වන තුරුලතා සුරැකීම එහි ප්‍රධාන අරමුණ බවට පත්ව තිබේ. මේ වන්නි ආරක්ෂක හමුදා ක්‍රියාන්විත මෙන් ම අනෙකුත් ප්‍රදේශවල ද ලී ජාවාරම් ඇල්ලීමේ මෙහෙයුම් ක්‍රියාත්මක කිරීම අපේ වන සම්පත සුරැකීමේ පළමු පියවරයි.

වන සම්පත් විනාශ කරන්නවුන් මැඬලීම පමණක් ම වන සම්පත් සුරැකීමට ප්‍රමාණවත් නොවේ. ගහකොළට ආදරය කරන, වනසතා සීපාවාට පෙම් බඳින පරිසරකාමී ජීවිත සකස් කිරීමට පුංචි සන්දියේ පටන් අධ්‍යාපන පිළිවෙත් සැකසීම ද අවශ්‍ය ම කරුණකි. එය පරිසරය ප්‍රාථමික අංශයේ දෙක තුන වසරවලදී පමණක් කියා දීමෙන් කරන්නට බැරිය.

ගම රට පුරා පරිසර සමුළු, ප්‍රදර්ශන, දැනුම්වත් කිරීම් හා ගහකොළ සිටුවීමේ කටයුතුවලට දිරිගැන්වීම් ආදියෙන් තරමක් හෝ කළ හැකිය. දරුවෙක් හැදීමත්, පොතක් ලිවීමත්, ගහක් සිටුවීමත් මිනිසකු කළ යුතුම යැයි චීන කියමනක් ආවේ ජන ව්‍යාප්තිය, වන ව්‍යාප්තිය හා අධ්‍යාපන දියුණුව ගැන හිතීමෙන් විය යුතුය.

එහෙත් අද චීනයේත් බොහෝ තැන්වල කොන්ක්‍රීට් වනාන්තරය. අපේ රට කොන්ක්‍රීට් වනාන්තරයක් කිරීමට අපි තවදුරටත් ඉඩ දෙමුද? යන්න දැන් සිතිය යුතු කාලයයි.

Wmqgd .ekSu isK mqj;a m; weiqfrks

More News »