බිස්‌නස්‌ නැතුව  නිකංම පාවෙන ෆොලෝටින්ග් මාකට්‌

2016-04-19 09:51:00       673
feature-top
බක්‌ මාසය කාගෙත් අතමිට සරුවන කාලයකි. අලුත් ඇඳුම් පැළඳුම් බඩු බාහිරාදිය ගැනීම ස`දහා ජනතාව කඩිමුඩියේ එහේ මෙහේ දුවති. මෙකල අගනගරය ජනාකීර්ණ වී ඇති අතර අගනගරයේ පදික වෙළෙඳුන්ට නම් අතමිට සරුවන කාලයකි. එය එසේ විය යුතුය. නමුත් අප කියන්නට යන්නේ අවුරුදු කාලයේදීවත් සතුටින් අවුරුදු කන්නට තරම් සරු නොවූ කුඩම්මාගේ සැලකිල්ලට බඳුන්වන වෙළෙඳුන් පිsරිසක්‌ ගැනයි.

කොළඔ කොටුව පාවෙන වෙළෙඳ සංකීර්ණය ප්‍රිය උපදවන ස්‌ථානයක්‌ වුවද අදවන විට එය වෙළෙඳ සංකීර්ණයක්‌ බව සියල්ලන්ටම අමතකව ගොස්‌ ඇත. මෙය පරිසරය වැඩිදියුණු කිරීමේ හා අලංකාර කිරීමේ ආරම්භක ව්‍යාපෘතියක්‌ ලෙස ඇරඹුණු අතර කොළඹ කොටුව හා පිටකොටුව ප්‍රදේශයේ දීර්ඝ කාලයක සිට අනවසර වෙළෙදාම් කළ වෙළෙඳුන්ට වෙළෙඳ කටයුතු සිදු කිරීම සඳහා ලබාදෙන ලද තාවකාලික ස්‌ථානයක්‌ විය. ආරම්භයේදී වෙළෙඳසල් 92 කින් සමන්විත වූ අතර ඉන් වෙළෙඳසල් 10 ක්‌ පමණ රාජ්‍ය ව්‍යවසායකයන් වෙනුවෙන් වෙන් කර තිබුණි. තවත් වෙළෙඳසල් කිපයක්‌ සුපිරි අවන්හල් කීපයක්‌ සඳහා ද වෙන් කරන ලදී. මෙම වෙළෙඳසල් 92 න් 78 ක්‌ පමණ පිටකොටුව බැස්‌ටියන් මාවතේ හා ඕල්කට්‌ මාවතේ පදික වේදිකාවෙන් ඉවත් කරනු ලැබූ අනවසර වෙළෙඳසල් හිමියන් සතුව පවතින ඒවාය. 2014 අගෝස්‌තු 25 වැනිදා සිට ගෙවී ගිය වසර එකහමාරක කාලය තුළදී ආරම්භක වෙළෙඳසල් 92 න් අද පෙනෙන්නට ඇති බහුතරයක්‌ හිස්‌ කඩ කාමර වීම කනගාටුවට කරුණකි. රටේ සංවර්ධනය ඉලක්‌ක කරගෙන ආරම්භ කරනු ලබන මෙවැනි ව්‍යාපෘති අභාවයට යැම පිළිබඳ වෙළෙඳුන්ට ද ඇත්තේ කනස්‌සල්ලකි.

වෙළෙද සංකීර්ණයේ වැසී ගිය කඩ පේළි අතර ඇවිදින විට ඇස ගැටුණු වෙළෙඳුන්ගේ කතාබහට මොහොතකට සවන් දීමට අපට සිතුණේ මෙවන් ජාතික ධනය අපතේ නොහැරිය යුතු යෑයි අපට ද හැගී ගිය නිසාවෙනි.

අපි පාරම්පරික වෙළෙඳ පවුල්. නමුත් අපට අනාගතයක්‌ නෑ. කලින් අපේ කඩ තිබුණෙ මැනිං මාකට්‌ එකේ. එතන අපට හොදට බිස්‌නස්‌ තිබුණා. දැන් ඉස්‌සරහට එන්නේ අවුරුදු කාලේ. අපි කොහොමද මෙහෙම බිස්‌නස්‌ කරලා අවුරුදු කන්නේ. අපිට බිස්‌නස්‌ තියෙන්න නම් මෙතනට මිනිස්‌සු එන්න ඕනේ. මින්ස්‌සුන්ට එන්න මෙතන මොකක්‌ද තියෙන්නේ. දැන් මෙතන සීමා වෙලා තියෙන්නේ එක පිරිසකට විතරයි. කපල්ස්‌ විතරයි මෙතනට එන්නේ දවසකට රුපියල් 100 ක වත් බිස්‌නස්‌ නැති දවස්‌ ඕන තරම්. මෙතනට මිනිස්‌සු ගෙන්න ගන්න නම් රාජ්‍ය ආයතනයක්‌ හරි ෙdaන් කඩ නැත්නම් බිල් ගෙවන තැනක්‌ වගේ දේවල් හරි තියෙන්න ඕන. මේ කඩත් අපිට දීලා තියෙන්නේ තාවකාලිකව. මේවාට ආවරණ නෑ. වහිනකොට තෙමෙනවා. කඩ වහලා යන්න විදියක්‌ නෑ. අපිට බඩු දාන්න තැනක්‌ නෑ. මේක විවෘත කළේ මෛත්‍රිපාල සිරිසේන මහත්තයා. එතුමාට මේ ගැන හොඳ අවබෝධයක්‌ ඇති. මේ විදියට රජයේ දේවල් අපතේ යවන එක අපිටත් දුකයි. අපි කියන්නේ මේවට විසඳුමක්‌ දෙන්න කියලයි.

මෙවැනි අදහස්‌ දිවයිනට පැවසූ අජන්තා සිල්වා මහත්මියට සමු දී අපි වෙනත් වෙළෙඳ සැලක්‌ සොයා පිය නැගුවෙමු . එහි - සියරට" යනුවෙන් සටහන් වී තිබුණි. ඔවුන්ගෙන් ද අසන්නට ලැබුණේ එකම කතාවයි.

"බිස්‌නස්‌ කොහොමද?" අපි ගොඩවෙන ගමන් ඇසුවෙමු.

බිස්‌නස්‌ ගැන නම් කතා කරලා වැඩක්‌ නෑ. 100%ක්‌ ම පාඩු තමයි. මෙතන කඩ දෙකක්‌ තියෙනවා. එක කඩයක බද්ද 7500 ක්‌ වෙනවා. ඒකවත් ගෙවාගන්න බැරි තත්ත්වයක දැන් ඉන්නේ. කලින් හිටපු තැනනම් බිස්‌නස්‌ හොඳයි.

අපට එන බිස්‌නස්‌ එකවත් කඩා ගන්න බැරි නිසා අපි සාමාන්‍ය විකුණුම් මිළටත් වඩා අඩුවෙන් තමයි බඩු විකුණන්නේ. බිස්‌නස්‌ එකක්‌වත් නැති දවසුත් තියෙනවා. අපි කරන්නේ රෙදි බිස්‌නස්‌ අපේ බිස්‌නස්‌ එකට මේ තැන හරියත්නෑ. කපල්ස්‌ විතරයි මෙතන්ට එන්නේ. අපි කියන්නේ මෙතන පාර වන්වේ කරලා විදේශිකයන්ට ඇවිල්ලා ඉන්න සුදුසු වාතාවරණයක්‌ ඇති කරන්න කියලා. අපි මෙහෙම බිස්‌නස්‌ කරපු අය නෙමෙයි. පාරිභෝගිකයෙක්‌ එනකන් අපිට බලා ඉන්න සිදු වෙලා. මෙතන සංවර්ධනය අඩාල වෙලා තියෙන්නේ. අපිට තේරෙන්නෑ මිනිස්‌සු මෙතනට නොඑන්නේ ඇයි කියලා .මේ ගැන අපි අදාළ තැන් දැනුවත් කරලා තියෙන්නේ. ඒත් විසඳුමක්‌ නම් තවමත් ලැබුණේ නෑ. අපි ඉල්ලන්නේ අපි කලින් බිස්‌නස්‌ කරපු තැන තාවකාලිකව හරි අපිට දෙන්න කියලා. දැන් බාගෙට බාගයක්‌ම කඩ වැහිලා. සුළු පිරිසයි ඉතිරි වෙලා ඉන්නේ.

උදේශ්ට සමු දුන් අපි මෙතැන සැරිසරන අතළොස්‌සක්‌ වූ තරුණ තරුණියන්ගෙන් ද යම් අදහසක්‌ විමසිමට අමතක නොකළෙමු.

අංජලි දැක්‌වූයේ මෙවැනි අදහසකි. මෙතන වැව සුද්ද කරලා නැති නිසා දැන් ටික ටික ගඳ එනවා. පිරිසිදුකමත් මදි. ඒත් මේ පරිසරය හොඳයි. නිදහස්‌. ආදරය කරන්න මේ වගේ තැන් තියෙන නිසා වැරදි තැන්වලට යොමු වෙනවා අඩුයි. මේ ප්‍රදේශය තව පුළුල් වෙනවා නම් හොඳයි. කලින් තිබුණේ වැවක්‌ විතරයි. ඒත් දැන් මෙතන සුන්දර තැනක්‌. මේ වගේ තැන් තවත් ප්‍රදේශවල ඉඳි කරනවා නම් හොඳයි .

පරිසරයේ සුන්දරත්වය විඳිමින් සතුටු සාමීචියේ යෙදීමට පිරිසකට ඉඩකඩ විවර වෙද්දී ජීවිකාව ලෙස වෙළඳාමේ නියෑළුණු වෙළෙඳසැල් හිමියන්ට ම`ග බලා සිටීමට සිදු වීම අභාග්‍යකි. අලුත් අවුරුදු සමයේ අතමිට සරු කර ගැනීමට බොහෝ දෙනා උත්සාහ කරද්දී දිනකට එක්‌ පාරිභෝගිකයෙකුවත් නොමැතිව කඩි මුඩියේ වෙළෙඳාම් කරන බඩු බාහිරාදිය මිළදී ගන්නා වෙළෙඳුන් හා පාරිභෝගිකයන් දෙස ජල තටාකයේ වැසුණු කඩ පේළියේ කොනක සිට බලා සිටින්නට සිදු වීම කනගාටුවට කරුණකි. සංවර්ධන ව්‍යාපෘතියක්‌ දියත් කරනුයේ රටේ සංවර්ධනය න`ගා සිටුවීමට වුවද අද සිදුව ඇත්තේ රටේ සංවර්ධනය කෙසේ වෙතත් පුද්ගල සංවර්ධනයට ද කණකොකා හැඩීමයි.

Wmqgd .ekSu jhsk mqj;a m; weiqfrks

More News »