ලොව කැළඹූ වයස්ගතම මාපිය යුවළ

2016-03-30 11:32:00       672
feature-top
ඉතා වයස්ගත කාන්තාවක් දුරුවෙකු ප්‍රසූත කිරීම සාමාන්‍ය පුවතක් ලෙස සඳහන් කළ නොහැකි ය. එවැනි පුවතක් ඉන්දියාවෙන් වාර්තා වී තිබේ. උතුරු ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ්හි ඕකාරී සිං මහත්මිය වයස අවුරුදු 70 දී නිවුන් දරුවන් බිහි කර ලොව කැළඹීමකට පත් කර තිබේ.

ඇයගේ සැමියාගේ වයස අවුරුදු 89 ක් වන අතර දැනට සිටින වයස්ගතම මා පිය යුවළ මොවුන් වෙතැයි අනුමාන කෙරෙති. අක්ෂ්වානි සහ බර්සාත් යන දරුවන්ගෙන් අද ජීවතුන් අතර සිටින්නේ අක්ෂ්වානි නමැති පුත්‍රයා පමණි. දැරියවන බර්සාත් සිව්වැනි වියේ දී මරයට පත් ව ඇත.

එතරම් වයස්ගත වී දුරුවෙක් බිහි කිරීම සම්බන්ධයෙන් දැඩි විවේචන, සමාජ ගැරහුම් සහ අපහාස එල්ල වූ අතර ඔවුන්ට මුහුණදීමට සිදු වූ අභියෝග ද රැසකි. එහෙත් 06 හැවිදිරි මෙම දරුවා තරම් වෙනත් කිසිඳු සතුටක් ඔවුන්ට නොමැති බව සඳහන් කරයි. වියපත් ව සිටිය ද 06 හැවිරිදි දඟයෙකු බලා ගැනීමේ රාජකාරිය ඔවුන්ට පැවරී තිබේ.

මොවුන් දෙදෙනාට දියණියන් දෙදෙනෙක් සහ මුණුබුරු මිණිබිරියන් 05 දෙනෙක් සිටිති. ඔවුන්ට ආශාව තිබුණේ පුතෙකු ලැබීමට ය. අක්ෂ්වානි පුතා ලැබී තිබෙන්නේ වැඩිමහත් දියණියවන කම්ලාට අවුරුදු 50 දී ය.

පවුලේ උරුමය රැගෙන යාම ස ඳහා පුතෙක් ලබා ගැනීම සඳහා ඔවුන්ට සෑහෙන වෙහෙසක් දැරීමට සිදු විය. පිරිමි දුරුවෙකු ලබා ගැනීම සඳහා අයිවීඑෆ් ප්‍රතිකාරය සඳහා අවශ්‍ය මුදල් ලබා ගැනීමට ඔවුන්ගේ මී ගවයින් විකුණා, ඉඩම් උකස් කර ජීවිත කාලයේ ම ඉතුරුම් පවා වැය කර, ක්‍රෙඩිට් කාර්ඩ් ණයක් ද ලබාගැනීමට සිදු වී තිබේ.

බොහෝ දෙනෙක් අහනවා මේ දරුවා ඔයාගේ මුණුපුරා ද කියලා.? මම කියනවා එතකොට, නෑ මේ මගේ පුතා කියලා. මෙයාට හරිම දාංගලේ ඒත් මේ වගේ හුරතල් දරුවෙක් ඉන්න එක මහා සතුටක්. පාසල් යන්න ලෑස්ති කිරීම තමයි අමාරුම. පස්සෙන් දුව දුවා කවන්න බෑ. මහළු වයස කියන්නේ මෙහෙම තමයි ඉතිං. යනුවෙන් ඕකාරී සිං මහත්මිය සඳහන් කළා ය.



More News »