දහම පතුරුවාලීමට ගමක් ගානේ වඩින දෑස් අඳ බුද්ධ පුත්‍රයාණෝ

2016-03-29 10:05:00       840
feature-top
ශීත සුළඟින් ගත-සිත සනසාලන්නා සේ බුදු බණ පදයෙන් සිත්සතන් පහන් කිරීමට යත්න දරන බුද්ධ පුත්‍රයන් වහන්සේ දෙනමක් වැඩ සිටින මේ පින්බිමෙහි පවතිනුයේ නිස්කලංක සැහැල්ලු පරිසරයකි. ජීවිතයේ කටුකත්වය සේම දුක්ඛිත බව ගිහියන්ට සේම පැවිද්දන්ට ද පොදු ධර්මතාවකි. එවන් අනේක වූ දුක්කම්කටොලු මැදින් බුදු මඟ යන නියම බුද්ධ පුත්‍රයන් වහන්සේ ද රටේ නැතුවාම නොවේ. හඳුනගල ධම්මපාල හිමියෝ එවන් උතුම් මෙහෙවරෙහි යෙදෙමින් බුදු මඟ යන සැබෑ බුද්ධ පුත්‍රයෙකි.

ධම්මපාල හිමි වැඩ වසන විහාරය පිහිටා තිබෙනුයේ මාතර දිස්ත්‍රික්කයේ කිරින්ද ප්‍රදේශයේයි. විහාරස්ථානයක් ලෙසින් හැඳින්වූවත් පන්සලකට අත්‍යවශ්‍ය බුදු ගෙයක්, චෛත්‍යයක්, බෝධින් වහන්සේ නමක් හෝ නොමැති මෙහි තිබෙනුයේ ටකරන්වලින් ආවරණය කරගත් බණ මඩුවක් හා සංඝාවාසයක් පමණි.

කිරින්ද පීල්ලේ හන්දියෙන් වමට හැරී කිලෝ මිටර් දෙකක් පමණ ගොස් මැදකුට්ටිය කාඩේගාව හන්දියෙන් දකුණට හැරී මහ යාය මාර්ගයේ කිලෝමීටරයක් පමණ ගිය විට හමු වනුයේ අඩි පාරකි. එහෙත් මේ අඩි පාර දිගේ යන විට අපිට සීතල දිය පිරි දොළ පාරකින් ද එතෙර වීමට සිදු වේ. ඒ සඳහා පාලමක් තියා ඒදණ්ඩක්වත් නොමැති හෙයින් වැසි සමයේදී එය මාරාන්තික ගමනකි.

සුඛෝපභෝගී විහාර, පන්සල්, අසපු පවතින වර්තමාන යුගයෙහි බුදු දහම පතුරුවාලීම සඳහා මෙවන් දුක්ඛිත ජීවිත ගත කරන ස්වාමින් වහන්සේ ද සිටින වග මේ දුක්බර කතාව සාක්ෂි දරයි. මෙහි වැඩ සිටින ලොකු හාමුදුරුවන් වන හඳුනගල ධම්මපාල හිමියන්ගේ ඇස් දෙකම පේන්නේ නැත.

ලොකු ස්වාමින් වහන්සේගේ සියලුම වැඩ කටයුතුත්, පන්සලෙහි වැඩ කටයුතුත් සිදු කරමින් මෙහි වැඩ වසන 15 හැවිරිදි පොඩි නම කොලොන්නේ සමිත හිමි, ධම්මපාල හිමියන්ට අප්‍රතිහත ශක්තියකි. අක්කරසිය ගම්මානයේ උවැසි උවැසියන්ගේ ප්‍රතිපත්තිගත පාරමිතාව පිරීම උදෙසා මේ දෙනමගෙන් ලැබෙන්නේ අපමණ වු කැපකිරීමකි. ධම්මපාල හිමියන්ගේ දුක්බර ජීවිත කතාවෙන් බිඳක් ගැන කරුණු වදාළ සිටියේ මෙසේය.

උපතින්ම නොවේ මගේ ඇස් අන්ධ වුණේ. වයස අවුරුදු තුනේදී පමණ තමයි ඇස් අන්ධ වුණේ. මාවරල ප්‍රාදේශිය රෝහලේදී තමයි බෙහෙතක් වැරදිලා මගේ

ඇස් දේකේම පෙනීම නැතිවුණේ. 1963 දී තමයි මේ තත්ත්වයට මම පත් වුණේ. පස්සේ දෙමාපියෝ මා සුව කරන්න අපමණ වෙහෙසක් ගත්තා. මාව රැගෙන නොගිය වෙද ගෙදරක් නැහැ. නමුත් වැඩක් වුණේ නැහැ. ඒත් මේ ඇස් දෙ‍කේ පෙනීම ලබාගැනීම වෙනුවෙන් වැඩ කිරීම මම නතර කරලා නැහැ.

ඇස් දෙකම පෙනෙන පැවිදි උතුමන්ලා රට රාජ්‍ය ඇල්ලීමට, පෙරළීමට පෙළපාළි, පිකටින් යද්දී ඇස් දෙක නොපෙනෙන මේ උතුම් බුද්ධ පුත්‍රයන්ගේ ධෛර්යවන්ත සිතුවිලි කෙතරම් අගනේ ද යන්න එහිමියන්ගේ මෙවදන්වලින් වැඩිදුරටත් පිළිබිඹු වේ.

හඳුනගල ධම්මපාල හා කොලොන්නේ සමිත හිමිවරු

මගේ උත්සාහය මේ ගම්මානවල ඉන්න ජනතාවට බුදු දහමේ ඇති අර්ථවත් බව කියා දෙන්න. එහෙම කියා දී, පහදා දී ප්‍රතිපත්තිගත මිනිසුන් බිහි කිරීම වෙනුවෙන් තමයි මේ හැම උත්සාහයක්ම ගන්නේ. ඒ සඳහා මගේ ඇස් දෙක තිබුණනම් කොතරම් සේවයක් කරන්න පුළුවන් ද කියලා මට හැම තිස්සෙම හිතෙනවා. මම අනුරාධපුරයේ, බුලන්කුලම දේශිය වෙද මහතෙකුගෙන් ඇස් දෙකට ප්‍රතිකාර කරනවා. තාම

ඉතිං හරියට කියන්නේ නැහැ හොඳ කරනවාය කියලා. ඒත් මම උත්සාහ ගන්නාව. දැන් මාස දෙකකින් ගියේ නැහැ සල්ලි ප්‍රශ්න නිසා.මම මගේ ඇස් දෙක සුව කරන කටයුත්ත හා පන්සල හදා ගන්න කියලා මාතර හා හම්බන්තොට දිස්ත්‍රික්කයේ නොගියපු ගෙයක් නැතිව ඇති. ඒ තරමට ඇවිද්දා. අවුරුදු අටක් වෙනවා මේ හැම පළාතේම යනවා. ගිහිල්ලා පන්සල හදාගන්න උදව් කරන්න කියලා කියනවා. අපිට ඉතිං සුළු මුදල් තමයි දෙන්නේ . එත් අපි සතුටින් භාර ගන්නවා. පන්සලට කියලා වත්කමක් නැහැ. මේ දුෂ්කර ගම්මානයේ ඉන්න ජනතාවත් බොහෝම අමාරුවෙන් තමයි ජිවත් වෙන්නේ. ඒ නිසා මගේ දායක දායිකාවන්ටත් මම කරදර කරන්නේ නැහැ.

2010 වෙසක් පොහොය දා තමයි මේ ස්ථානයට පැමිණියේ. පැමිණිලා මැටි ගහලා පොඩි කුටියක් හදාගත්තා. පස්සේ ගෙයක් ගානේ ගිහිල්ලා

ගැඩොල් කැට වැලි ටික සම්මාදම් කරගෙන තමයි මේ තත්ත්වයට ගත්තේ. ගමට පන්සලක් නැති නිසා අපි මේවා කළ යුතුයි. උත්තරීතර බුදු දහම ආරක්ෂා කිරීමට එය අපි කළ යුතු තත්ත්වයක් කියලා තමයි මම හිතන්නේ. දවසින් දවස අපි ඉතිං වයෝවෘද්ධ වෙනවා. මගේ එකම අරමුණ මේ පන්සලේ චෛත්‍ය විහාරය මගේ අපවත්වීමට පෙර කරලා තියන්න පුළුවන්නම්. ඒක තමයි මගේ ජයග්‍රහණය. ඒ වගේම ගොල නමගේ අධ්‍යාපන කටයුතු සිදු කරගෙන යන්න ඕන. ඒ ගැනත් මම බලන්න ඕන. ඒ සඳහා පුළු-පුළුවන් නෝනා මහත්වරුන්ගේ උපකාර ලැබෙනවා නම් ලොකු පිනක් කොට මම සලකනවා.

අමරසිංහ දයානන්ද

ඇස් නොපෙනෙන හඳුනගල හිමියන්ගේ සෙවණැල්ල වෙමින් මෙහි වැඩසිටින පොඩිනම ද අප සමඟ පැවැසූයේ, මගේ නම කොලොන්නේ සමිත. ඉස්කෝලේ පහ වසරට පමණ එනකොට මහණ වෙන්න කැමැත්තක් ආවා. මම දවසක් කොළොන්නේ ටවුන් එකේ ඉන්න කොට කාපට් විකුණන මාමා කෙනෙක් හමුවුණා. ඒ මාමා ඇහුවා මහණ වෙන්න කැමැති ද කියලා. මම කිව්වා කැමැතියි කියලා. ඒ මාමා කිව්වා එහෙනම් අපේ පන්සලට එන්න මහණ වෙන්න කියලා. ගිය අවුරුද්දේ ශාසනයට ඇතුළු වූ කොලොන්නෙ සමිත හිමි අද සමාජයේ මහණ වීම සඳහාත් ලොකු පන්සල්, ලස්සන පන්සල් සොයන ගිහියන් සිටින යුගයක මෙවැනි දුෂ්කර පරිසරයක, කටුක ජීවිතයක් සඳහා සිත යොමු වීමම කෙතරම් අගනේද.

මේ පැවිදි උතුමන් දෙනමගේ ධෛර්යවන්ත ජීවිතයට අක්කරසිය ගම්මානයේ ගිහියන්ගෙන් ද ලැබෙනුයේ විශාල දායකත්වයකි. අක්කරසිය ගම්මානයේ ජීවිකාව ගෙවන සාරානාත් විහාරයේ දායක අමරසිංහ දයානන්ද මහතා මේ පන්සල සහ ස්වාමින් වහන්සේ දෙනම ගැන අපට කරුණු කීවේ මෙසේය.

අපේ බාප්පගේ පුතා තමයි මේ ඉඩම තාත්තා නමින් පූජා කළේ. ගරා වැටෙමින් තිබුණු ගෙයක තමයි හමුදුරුවෝ මුලින් හිටියේ. හාමුදුරුවන්ට ‍එතැනින් යන්න සිදුවුණාට පස්සේ මමයි තවත් යාළුවන් පස් දෙනෙක් එකතුවෙලා මෙතන පොඩි කුටියක් හැදුවා. ඊට පස්සේ හාමුදුරුවන් මෙතැනට වැඩමවීම සිදු වුණා. එතැන් සිට තමයි මේ ස්ථානය පන්සලක් විදියට සංවර්ධනය වෙන්න පටන්ගත්තේ. හාමුදුරුවන්ට ගොඩක් අඩුපාඩුකම් තියෙනවා. මෙතෙන්ට එන්න හරියට පාරක් නැහැ. පාලමක් නැහැ. වැස්ස දවසට එන්නම බැහැ. හරියට බුදු මැදුරක්, බෝධින් වහන්සේ නමක් විහාර මන්දිරයක් නැහැ. ඒ තියා හැමදාම දානත් නැහැ. හාමුදුරුවෝ පොඩිනමත් එක්ක පිණ්ඩපාත ගිහිල්ලා තමයි ආහාර හොයා ගන්නේ.

ලොකු ලොකු පන්සල්, විහාර, අසපුවලට දුවන මිනිස්සු සිටින මේ රටේ මෙවැනි දුෂ්කර ජීවිත ගතකරමින් බුද්ධ ශාසනය රැකගැනීම සඳහා කැපකිරීම් කරන පිරිසක් ද සිටින වග කාට කාටත් හැඟී යනවානම් එය ඉතා අගනේය. එසේම ඇති-හැකි අය සේම නිසි බලධරයන්ද මෙවැනි විහාරස්ථාන, පන්සල්, අසපු කෙරෙහි අවධානය යොමු කරත්වා.

Wmqgd .ekSu isK mqj;a m; weiqfrks

More News »