උ/නැහිර නිවාස ඉදිකිරීම සමාගමකට

2016-03-21 12:20:00       841
feature-top
යුද්ධයෙන් පීඩාවට පත්වූ උතුරු, නැ‍ඟෙනහිර පළාත්වල ජනතාව වෙනුවෙන් ඉදිකෙරෙන නිවාස 65,000 ගොඩනැඟීමේ කටයුතු කීර්තිමත් අන්තර් ජාතික සමාගමක් වන ආර්සිලෝර් මිට්ටාල් සමාගමට පැවරීමට රජය ක්‍රියාකරනු ඇතැයි පැවසේ.

ඉන්දියාවේ වානේ කර්මාන්ත ක්ෂේත්‍රයෙහි නියමුවකු වන ලක්ෂ්මී මිට්ටාල් සමාගම මගින් පාලනය කෙරෙන මෙම සමාගමට එම කාර්යය පැවරෙනු ඇත.

මෙම ව්‍යාපෘතියෙහි අනාගතය පිළිබඳ විවිධ අදහස් පළවෙද්දී, මෙම යෝජනා ක්‍රමය යටතේ අවතැන්වූ පුද්ගලයන් සඳහා ඉදිකර ඇති නිවාස ආදර්ශන පිළිබඳ ප්‍රත්‍යක්ෂ තත්ත්වය පරීක්ෂා කිරීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, බන්ධනාගාර ප්‍රතිසංස්කරණ පුනරුත්ථාපන හා නැවත පදිංචිකිරීමේ අමාත්‍ය ඩී. එම්. ස්වාමිනාදන් මහතා කැටිව එම ප්‍රදේශවල චාරිකාවක යෙදුනේයැයි ඉහළ පෙළේ ආරංචිමාර්ග පවසයි. ආදර්ශ නිවාසවල ප්‍රමිතිය පිළිබඳ ජනාධිපතිවරයාත්, ඇමතිවරයාත් බොහෝ සතුටට පත්වුණා. නිවාසවල තත්ත්වය පිළිබඳ සාකච්ඡාකරද්දී අවතැන්වූ පුද්ගලයන්ගේ අදහස් ද ලබාගත්තා. ඒ පිළිබඳ ජනතාවගේ අදහස වූයේ නිවාස ඉතා ඉහළ මට්ටමක පවතින බවයි. අනෙක් අතින්, මෙම ව්‍යාපෘතිය මගින් දේශීය කම්කරුවන්ට පමණක් නොව දේශීය අනු-කොන්ත්‍රාත්කරුවන්ටත් අතිවිශාල අවස්ථා සංඛ්‍යාවක් ලබාදෙන බව සහතිකයි. එනිසා අමාත්‍ය මණ්ඩලය මගින් පත්කරන ලද ප්‍රමන්ත්‍රණ කමිටුවේ නිර්දේශය ලැබුණ ආර්සිලෝර් මිට්ටාල් සමාගම සමඟ කටයුතු කිරීමට කිසිඳු බාධාවක් අපට පෙනෙන්නේ නැතැයි මෙම ව්‍යාපෘතියේ සම්බන්ධීකරණ කටයුතුවල යෙදෙන ප්‍රධානීහු පවසති. දේශීය කොන්ත්‍රාත්කරුවන් පිරිසක් විසින් මෙම ව්‍යාපෘතිය පිළිබඳව දක්වා ඇති සැලකිල්ල පිළිබඳව නඟන ලද ප්‍රශ්නයකට පිළිතුරු දුන් ‍එම ප්‍රකාශකයා ඔවුන් තුළ ඇති වෙනත් බැඳියාවන් මෙම කටයුතු පිටුපස ඇති බව කීවේය. මෙම කොන්ත්‍රාත්කරුවන් හා කළින් පැවැති ‍රෙජීමය අතර ඉතා ලොකු සමීප බැඳීමක් තිබූ බව අවබෝධකර ගැනීම අවශ්‍ය මූලික කරුණක් වෙනවා.

මේ අයට පෙරදී සමහර ව්‍යාපෘති ලැබුණත් විනිවිද පෙනෙන ආකාරයෙන් නොවන නිසා ඔවුන්ට විරුද්ධව බරපතළ චෝදනා රාශියක් නැගුනා. මේ පසුබිම යටතේ උතුරු, නැ‍ඟෙනහිර නිවාස ව්‍යාපෘතියේ වාසිය අල්ලා ගැනීමට ඔවුන් උත්සාහ කරනවා. එම සැලසුමේ කොටසක් ලෙස මෙම නිවාසවල ප්‍රමිතිය පිළිබඳ මතභේදයක් නිර්මාණය කර වාසි ලබාගැනීමට ඔවුන් තැත්කරනවා. මෙම ප්‍රශ්නයට මැදිවී සිටින දේශීය කොන්ත්‍රාත්කරුවන් සමහරු තුළ මෙම ව්‍යාපෘතිය පිළිබඳව ඇති අහිතකර අභිප්‍රායන් රජය මැනවින් දන්නේයැයි ඔහු පැහැදිලි කළේ ය.

මේ අතර දිනමිණට ප්‍රකාශයක් කළ ජ්‍යෙෂ්ඨ ඇමතිවරයෙක් නිවස තුළ දේශගුණ පාලන පද්ධතියක්, පරිගණකයක්, රූපවාහිනි පද්ධතියක්,මුළුතැන්ගෙයි උපකරණ නොමිලේ විදුලිය සැපයුම ලබාදීම, ගෘහ භාණ්ඩ හා සූර්ය බලය ලබාගැනීමේ මෙවලම් වැනි අගය එක් කිරීමේ අංග ද මෙම ව්‍යාපෘති නිවාසවලට ඇතුළත් කර ඇති බව කීවේය. අගය වැඩිකිරීම් සඳහා අමතර වියදමක් ගිය ද එමගින් නිවාසවල ප්‍රමිතිය හා තත්ත්වය වැඩි කෙරෙනවා. එබඳු පහසුකම් සහිත වර්ග අඩි 550ක නිවසක පිරවැය තක්සේරු කිරීමට යාමේදී චන්ද්‍රිකා විද්‍යා ඉගෙන ගැනීම අවශ්‍ය වන්නේ නැතැයි ද ඇමැතිවරයා පෙන්වා දුන්නේය. පසුගිය අවුරුදු පහ තුළදීම ඒ කාලයේ පැවැති රජයට හැකිවූයේ යුද්ධය පැවැති ප්‍රදේශවල නිවාස දහසක් ගොඩනැගීමට පමණයි. ඒ නිසයි ඔවුන් නිවාස 65000ක් ඉදිකිරීමේ කටයුතුවලට එරෙහිව කටයුතු කරන්නේ යැයි ඇමැතිවරයා තවදුරටත් කීවේ ය. අවතැන්වූ පුද්ගලයන්ගේ අවශ්‍යතා ඉටුකිරීම සඳහා පළමුව ප්‍රමුඛත්වය දෙනු ලබන බව කී ඇමැතිවරයා, දේශපාලන උනන්දුවීම් සහිත සමහර දේශීය ඉදිකරන්නන්ගේ අවශ්‍යතා ඉටු කිරීමට උනන්දු නොවන බව ද පැවසීය.



Wmqgd .ekSu kK mqj;a m; weiqfrks

More News »