සිරුරට අහිතකර එම්. එස්‌. ජී. රසකාරකය වෙළෙඳපොළෙන් ඉවතට

2016-03-18 11:59:00       841
feature-top
රෝග ගණනාවකට මඟ පාදන මෙරට ආහාර වෙළෙඳපොළෙහි සුලබව භාවිත කෙරෙන "මොනොසෝඩියම් ග්ලුටමේට්‌" හෙවත් එම්. එස්‌. ජී. රසකාරකය ඉදිරි සති දෙක ඇතුළතදී වෙළෙඳපොළෙන් ඉවත් කිරීමට කටයුතු කරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් වෛද්‍ය පාලිත මහීපාල මහතා 08 දා කොළඹ සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේ පැවැති සම්මන්ත්‍රණයක්‌ අමතමින් ප්‍රකාශ කළේය.

මෙම රසකාරකය කොරියන්, ජපන් හා චීන ආහාර වර්ග පිළියෙළ කිරීමේදී සුලබව යොදාගනු ලබන රසකාරකයක්‌ වන අතර එය තක්‌කාලි, පාමසන් චීස්‌, අල, හතු ඇතුළු එළවළු සහ පලතුරු වර්ගවල ද අන්තර්ගතව පවතී.

එහෙත් මෙම රසකාරකය නියමිත ප්‍රමාණයට වඩා ආහාර වර්ගවල අන්තර්ගත කිරීමෙන් හිසරදය, ඇඟපත දැවිල්ල, බෙල්ල පිටුපස වේදනාව, පපුවෙහි තද ගතිය, අධිකව දහදිය දැමීම වැනි රෝග ලක්‍ෂණ හටගත හැකි බව වෛද්‍ය මතය වී තිබේ. ඇතැම් විට එය දිගුකාලීනව භාවිත කිරීමෙන් දියවැඩියාව, ස්‌ථුලතාවය වැනි රෝගද ඇතිවිය හැකි බව වෛද්‍ය මතයයි. මෙම බොහෝ රෝග ලක්‍ෂණ එම රසකාරකය අධිකව භාවිත කරන චීන ආහාර අනුභව කිරීමෙන් පසු හටගන්නා බව පැවසෙන අතර එය "චයිනිස්‌ රෙස්‌ටොරන්ට්‌ සින්ෙඩ්‍රාම්" ලෙස ද හැඳින්වේ.

"මොනොසෝඩියම් ග්ලුටමේට්‌" රසකාරකය ආහාර නිෂ්පාදකයන් විසින් යොදාගනුයේ ආහාර වර්ගවල මාංශ රසය හා සැර ගතිය (සේවරි) දැනවීම සඳහාය.

එය සකස්‌ කරන ලද ආහාර වර්ග වන ශීත කරන ලද ආහාර ස්‌පයිස්‌ මික්‌ස්‌චර්, ටින් කරන ලද හා වියළි සුප් වර්ග, සලාද සැරැසුම් (ෙඩ්‍රසින්) මස්‌ හා මාළු ආශ්‍රිත නිෂ්පාදනවලට භාවිත කරන බව අනාවරණය වී තිබේ.
 



More News »