බාල රසායනික පොහොර නිසා වකුගඩු රෝගීන් තුන් ගුණයක්!

2016-03-17 10:01:00       839
feature-top
40 දාහක් මැරිලා - 70 දාහක් ලෙඩින්

විද්වතුන් රැසකගේ අලුත් හෙළිදරව්වක්

වැව් බැඳි රාජ්‍යයක් ඇති රජරටින් අලුත් මාරයෙක් බිහි වී ඇත‍. මීට වසර 20කට පෙර බිහි වූ මේ මාරයා දැන් මුළු රටම වෙළා ගනිමින් සිටින බව වෛද්‍ය විශේෂඥයන්ගේ අදහසයි.

මේ අලුත් මාරයා පසුගිය වසර 20 ඇතුළත, මෙරට වසර 30ක් පුරා තිබුණු යුද්ධයටත් වඩා වැඩි ජන ජීවිත ගණනක් ජාති ආගම් බේදවලින් තොරව අපේ රටට අහිමි කර ඇත.

මෙලෙස ජන ජීවිත තම ග්‍රහණයට ගන්නා මේ මාරයා ත්‍රස්තවාදියාටත් වඩා භයානක, මාරාන්තික නිදන්ගත වකුගඩු අකරණිය රෝගය හෙවත් රජරට වකුගඩු රෝගයයි. අලුත්ම සමීක්ෂණ අනුව පසුගිය වසර හයේදී මේ රෝගය වැලඳුණු ‍රෝගීන් ගණන තෙගුණ වී ඇත. එතෙර මෙතෙර විද්වතුන්, වෛද්‍ය විශේෂඥයන් වසර ගණන් කළ පර්යේෂණ අනුව මේ ‍රෝගයට ප්‍රධානම හේතුවක් වන්නේ මෙරටට ගෙන්වන බාල කෘෂි රසායනික පොහොරයි.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ මහජන සෞඛ්‍ය සේවා පිළිබඳව නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය සරත් අමුණුගම මහතා පවසන පරිදි දැනට මෙරට හඳුනාගත් හා නොගත් වකුගඩු රෝගීහු 70000ක් පමණ සිටිති.‍

ඒ සමඟම ඒ මහතා පවසන පරිදි අපේ රටේ සිටින ස්ථිර ලෙසට හඳුනාගත් වකුගඩු රෝගීන් ගණන 30000 ඉක්මවයි.

අලුත් ම පර්යේෂණ අනුව වසරකට මෙරට දී තවත් වකුගඩු රෝගීන් 5000ක් මේ ගණනට එකතු වන බව ද ‍ඔහු කියයි.

වකුගඩු ‍රෝගය වැළැක්වීම පිළිබඳව ජනාධිපති කාර්යසාධක බළකායේ අධ්‍යක්ෂ අසේල ඉද්දවෙල මහතා පවසන්නේ පසුගිය වසර 20 ඇතුළතදී පුද්ගලයන් 40000 ක් පමණ මේ රෝගය නිසා මියගොස් ඇති බවට වාර්තා ඇති බවයි.

කෙ‍ෙස් වුවත් 2015 සිට ඇති කළ මෙම කාර්යසාධක බළකාය මඟින් රුධිර කාන්දුකරණ ඒකක 300ක් අලුතින් ඉදි කර වකුගඩු ‍රෝගීන්ට සහන සලසන බව ද ඉද්දවෙල මහතා පවසයි. ඊට අමතරව පිරිසුදු ජලය ලබාදීමේ ජල සම්පාදන පද්ධති 200ක් මේ වසරේ ආරම්භ කිරීමට නියමිත ය.

අලුත් ම පර්යේෂණ අනුව මීට කාලයකට පෙර රජරට හා ඌව පළාත්වල බහුලව පැතිරී තිබූ වකුගඩු ‍රෝගය දැන් හම්බන්තොට, නුවරඑළිය, කුරුණෑගල, පුත්තලම, මුලතිව්, මන්නාරම, වවුනියාව වැනි ප්‍රදේශවල ද පැතිරී ඇත.

රුහුණු විශ්වවිද්‍යාලයේ සත්ත්ව විද්‍යා මහාචාර්ය මංගල ද සිල්වා මහතා පැවසුවේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ බදගිරිය, අඟුණකොළපැලැස්ස යන ප්‍රදේශවල ද වකුගඩු රෝගීන් සීමිත පිරිසක් සිටින බවත් ඔවුන් කළ අලුත් පර්යේෂණ අනුව හෙළි වූ බවත්ය. සෞඛ්‍ය අමාත්‍යාංශය දැනට අනුගමනය කරන ක්‍රමයට වඩා පෙර වකුගඩු රෝගයේ ප්‍රථම හා දෙවන අවස්ථාවලදී රෝගය හඳුනාගැනීමේ ක්‍රමයක් (Bio Maker) තමා හඳුන්වා දී ඇති බවත් ඒ අනුව දකුණේ සිටින වකුගඩු රෝගීන් හඳුනාගැනීමේ වැඩපිළිවෙළට සෞඛ්‍ය අමාත්‍යාංශයේ උදවු අවශ්‍ය බවද මහාචාර්යවරයා පවසයි.

වකුගඩු රෝගය පිළිබඳව වසර ගණනක් පර්යේෂණ කළ වෛද්‍ය චන්න ජයසුමන මහතා ද පවසන්නේ දකුණේ සමහර ප්‍රදේශවල සැලකිය යුතු අයුරින් වකුගඩු රෝග ලක්ෂණ ඇති අය හමු වන බවයි.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ වකුගඩු ‍රෝගීන් පිළිබඳව ජනාධිපති කාර්යසාධක බළකාය මේ පිළිබඳව දිගු කාලයක් පර්යේෂණවල නියැළුණු රජරට විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චන්න ජයසුමන, කායික ‍රෝග විශේෂඥ වෛද්‍ය වරුණ ගුණතිලක, මහාචාර්ය නලින් ද සිල්වා, මහාචාර්ය ජේ.එම්.එන්. බණ්ඩාර, මහාචාර්ය ශාන්ති මෙන්ඩිස්, මහාචාර්ය ජනිතා ලියනගේ මෙන් ම රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හා විශේෂයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය පර්යේෂණ කණ්ඩායම් තුනක් ම පවසන්නේ වසර 15 ඇතුළත මෙරට පුද්ගලයන් 30000ක් පමණ වකුගඩු රෝගය නිසා මියගොස් ඇති බවයි. මීට අමතරව දැනට මෙරට‍ තවත් රෝගීන් 28000කට වඩා සිටින බව ද ඔවුහු පෙන්වා දෙති. මේ අනුව වසරකට පුද්ගලයන්1400ක් මිය යන බවත් එය දිනකට පුද්ගලයන් 4 - 5 අතර පවතින බව ද ඉහත පර්යේෂණ මඟින් අනාවරණය වී තිබේ.

මේ වකුගඩු ‍රෝගය පිළිබඳව දිගු කාලයක් පර්යේෂණ කරන ඉහත විද්වතුන් සියල්ලමත්, විශේෂයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් පත් කළ මෙරට ජ්‍යෙෂ්ඨ වෛද්‍ය විශේෂඥයන්, විද්‍යාඥයන් ඇතුළු කණ්ඩායම් තුනක් ද පෙන්වා දී ඇති පරිදි මේ රෝගයට ප්‍රධාන‍ හේතුව වී ඇත්තේ මෙරට ගොවි ජනතාව රසායනික පොහොර හා වල්නාශක කෘමිනාශක මඟින් ආසනික් කැඩ්මියම් රසදිය වැනි බැර ලෝහ වැඩිපුර අප පාවිච්චි කරන ජලයට හා පොළොවට මිශ්‍ර වීමයි.

පසුගිය රජයේ කෘෂිකර්ම ඇමැතිවරයාත් හිටපු පළිබෝධනාශක රෙජිස්ටාර්වරයකුත් පැවසුවේ අපේ රටට ගෙන්වන පොහොර වල්නාශක කෘමිනාශකවල ආසනික් කැඩ්මියම් රසඳිය වැනි බැර ලෝහ නැති බවයි.

එහෙත් වත්මන් කෘෂිකර්ම ඇමැති දුමින්ද දිසානායක මහතා පෞද්ගලිකව මැදිහත් වී කරන ලද සොයාගැනීමක් පරිදි මෙරටට ගෙන්වා තිබූ මහා පරිමාණ සමාගමක පොහොර තොගයක මෙරටට ගෙන්වන පොහොරවල තිබිය යුතු උපරිම කැඩ්මියම් ප්‍රමාණය මෙන් පස් ගුණයකට ආසන්න කැඩ්මියම් ප්‍රමාණයක් තිබුණු බවත් මාධ්‍ය වාර්තා කර තිබිණි. මේ කටයුත්ත පිළිබඳව අපි ඇමැතිවරයාට ස්තුතිවන්ත වෙමු. මේ හෙළිදරව්ව නිසා මෙරට පොහොර කෘමිනාශක ගෙන්වන බහුජාතික සමාගම් යම් තැතිගැනීමකට පත්ව ඇත.

ලෝක සෞඛ්‍ය සංවිධානය පසුගිය වසරවල දී අපේ රටේ දී කළ ගවේෂණයක් අනුව උතුරුමැද හා ඌව පළාත්වල මුළු ජනගහනයෙන් වයස අවුරුදු 15 - 70 අතර ජනතාවගෙන් 15%ක් පමණ මාරාන්තික නිදන්ගත වකුගඩු ‍අකරණිය රෝගය (CKDU) එනම් රජරට නිදන්ගත වකුගඩු රෝගයෙන් පෙළෙන බව පෙන්වා දී තිබේ. දැනට වකුගඩු රෝගය නිසා දිනකට රෝගීන් 10 15 ක් අතර ප්‍රමාණයක් මිය යන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පෙන්වා දෙයි.

මෙම ‍වකුගඩු රෝගය පිළිබඳ පර්යේෂණ රැසක් කර ඇත. කායික ‍රෝග විශේෂඥ වෛද්‍ය වරුණ ගුණතිලක මහතා පවසන්නේ මුල් කාලයේදී වයස අවුරුදු 40 60 අතර අයට මෙන් ම ගොදුරු වුවත් මේ වන විට අවුරුදු 30 45 අතර අය මේ රෝගයට බහුලව ගොදුරු වන බවයි. මහවැලි ව්‍යාපාරයේ ජලයෙහි කැඩ්මියම්, ඊයම්, යකඩ, යුරේනියම්, කොබෝල්ට් වැනි බැර ලෝහ දැන් බහුලව අන්තර්ගත බවත්, ඒවා එම ජලයට ලැබී ඇත්තේ නුවරඑළිය, බණ්ඩාරවෙල, වැලිමඩ, බදුල්ල වැනි ප්‍රදේශවල එළවළු හා අර්තාපල් සඳහා යොදන රසායනික පෝරවලින් බවත් විශේෂඥ වෛද්‍ය වරුණ ගුණතිලක මහතා පවසයි.

මීට අමතරව මේ රෝගය පිළිබඳව තවත් සුවිශේෂ පර්යේෂණ රැසක් කළ මහාචාර්ය ජේ.එම්.එන්. බණ්ඩාර මහතා පවසන්නේ මෙරටට ගෙන්වන බාල රසායනික පොහොරවල ඇති කැඩ්මියම් ශරීරගත වීම මෙම ‍රෝගයට ප්‍රධාන හේතුවක් බවයි.

කැඩ්මියම් අන්තර්ගත පොහොර කුඹුරුවලට දැමූ විට ඒවා ජලයේ දිය වීමෙන් පසු ඒ ජලය පානය කළ විට කැඩ්මියම් ශරීරගත වීමට හැකි ය. ඊට අමතරව කැඩ්මියම් සහිත පෝර දමා එවන බෝගවල අස්වැන්න මඟින් ද කැඩ්මියම් ශරීරවලට එක් විය හැකි බව මහාචාර්ය බණ්ඩාර පෙන්වා දී ඇත.

රජරට වකුගඩු රෝගය පිළිබඳව විද්වතුන් විවිධ මත පළ කර ඇත. මේ පිළිබඳව 2010 වස‍රේ සිට ම පර්යේෂණවල නියැළෙන මහාචාර්ය නලින් ද සිල්වා මහතා පවසන්නේ තමා ඇතුළු ජ්‍යෙෂ්ඨ පර්යේෂණ කණ්ඩායමට අනුව මේ වකුගඩු රෝගයට ප්‍රධාන හේතුව බවට තීරණය වී ඇත්තේ රජරට ජලයේ ඇති ආසනික්, රසදිය හා කිවුල බවයි.

‍මේ අතර ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙහෙයවීමෙන් මෙරට ජ්‍යෙෂ්ඨතම විද්‍යාඥයන් හා පර්යේෂකයන් පිරිසක් ද මෙරට වකුගඩු රෝගය පිළිබඳව පර්යේෂණ අධ්‍යයන රැසක් සිදු කොට විද්වත් වාර්තා 3ක් එළි දක්වා රජයට ලබා දී ඇත. ඒ අනුව 2011 වසරේ වාර්තා 02ක් ද, 2012 වසරේ තවත් වාර්තාවක් ද ඉදිරිපත් කර තිබේ. ඒ වාර්තා සියල්ලගේ ම පෙන්වා දී ඇත්තේ රජරට ඇතු‍ළු රටේ දිස්ත්‍රික්ක 05ක් පු‍රා පැතිර යන වකුගඩු රෝගයට ප්‍රධාන හේතුව ආසනික් හා කැඩ්මියම් සහිතව මෙරටට ගෙන්වන කෘෂි රසායනික පොහොර බවයි.

මහාචාර්ය ශාන්ති මෙන්ඩිස්ගේ වාර්තාවලින් පළමු වැන්න 2011 ජූනි 6 වැනිදා නිකුත් විය. එහි සඳහන් කරුණු අනුව උතුරුමැද හා ඌව පළාත්වල අවුරුදු 15 70 අතර ජනගහනයෙන් අවම වශයෙන් සියය‍ට 15ක් හඳුනා නොගත් වකුගඩු රෝගයකින් පෙළෙති. වසර 10කට වඩා ගොවිතැනෙහි නියැළුණු අවුරුදු 40ට වැඩි පිරිමින්ට ‍රෝගය පිළිබඳ අවදානම වැඩි ය.

කෘෂි රසායනිකවලට නිරාවරණය වීම ද අවදානම වැඩි කිරීමට හේතු වේ. දැනටමත් වකුගඩු රෝගය වැලඳුණු පිරිසගේ මූත්‍ර සාම්පලවල ආසනික් හා කැඩ්මියම් බොහෝ පවතී. එම වාර්තාව සමඟ නිකුත් කර ඇති නිර්දේශවලින් අවධාරණය කර තිබුණේ රටට ආනයනය කරන කෘෂි රසායනිකවල ගුණාත්මක බව පිළිබඳ නෛතික රාමුවක් සැකසිය යුතු බවය.

පැනනැඟී ඇති තත්ත්වය පාලනයට හැකි ඉක්මනින් පියවර ගත යුතු බවත්, එය ප්‍රමාද කිරීම පරිසරයට විෂ රසායනික තවතවත් එකතු වීමට හේතු වන අතර එය ජනතාවගේ සෞඛ්‍යයට බලපාන බවත් එමඟින් පෙන්වා දී තිබිණි. පළමු වාර්තාව එසේ නිකුත් වුව ද බලධාරීන්ගේ කිසිදු ප්‍රතිචාරයක් නොලද තැන මහාචාර්ය මෙන්ඩිස් ප්‍රමුඛ කණ්ඩායම ඒ වනවිට සොයාගෙන තිබූ තවත් තොරතුරු ද සමඟ යළි රජයට වාර්තාවක් ඉදිරිපත් කළහ. ඒ 2011 ඔක්තෝබර් 5 වැනිදා ය.

පරිසරය හා ජෛව පද්ධතිය තුළ බැර ලෝහ ඒකරාශි වීම හා වකුගඩු රෝගයේ ස්වභාවය සලකා බැලූ කල මෙරට භාවිත කරන පළිබෝධ නාශක හා රසායනික පොහොරවල ගුණාත්මක බව වැඩි කිරීමට ඉක්මන් පියවර ගත යුතු බව එම වාර්තාවෙන් බල කොට තිබිණි. සියලු පාර්ශ්වයන්හි සහභාගිත්වය ඇතිව අනෙකුත් අමාත්‍යාංශවල ද සහභාගිත්වය ලබාගෙන මේ ප්‍රශ්නය නිරාකරණය කිරීමේ කෙටිකාලීන, මධ්‍යකාලීන හා දිගුකාලීන උපාය මාර්ගය සැකසිය යුතු බවට සෞඛ්‍ය අමාත්‍යාංශය දී ඇති උපදෙස් පිළිපදින ලෙස ද එහි සඳහන් විය.

අනුරාධපුර වකුගඩු ‍රෝග නිවාරණ හා පර්යේෂණ අංශයේ වෛද්‍ය අසංක රණසිංහ මහතා අප වෙත එවූ සංඛ්‍යාලේඛන අනුව අනුරාධපුරයේ හා පොලොන්නරුවේ රෝහල්ගත කළ වකුගඩු ‍රෝගීන් ගණන පසුගිය වසර හය ඇතුළත තුන් ගුණයකින් වැඩි වී ඇත. ඒ අනුව 2009 වසරේදී අනුරාධපුරය දිස්ත්‍රික්කයෙන් වකුගඩු රෝගය සඳහා ‍‍රෝහල්ගත වී ඇත්තේ 801 කි. එහෙත් ඒ ප්‍රමාණය 2015 වන විට 2727 දක්වා වැඩි වී තිබේ. ඒ අනුව දැනට අනුරාධපුර‍ දිස්ත්‍රික්කය ඇතුළත වකුගඩු රෝගීන් 14500ක් පමණ සිටින බව ද අනුරාධපුරය දිස්ත්‍රික් වකුගඩු නිවාරණ හා පර්යේෂණ ඒකකයේ වෛද්‍ය අසංක රණසිංහ මහතා පවසයි.

පොලොන්නරුව දිස්ත්‍රික්කයේ 2009 දී රෝහල්වලට ඇතුළත් කළ වකුගඩු රෝගීන් ගණන 390ක් වන අතර, එය 2015 වන විට 1206 දක්වා වැඩි වී ඇත. 2006 සිට 2015 දක්වා වකුගඩු රෝගීන් 6530ක් පොලොන්නරුවේ රෝහල්වලට ඇතුළත් කර ඇතැයි ද වෛද්‍ය අසංක රණසිංහ පවසයි.

මේ අතර බදුල්ලේ දී වකුගඩු රෝගීන් 3200 ක් වාර්තා වී ඇත.

රජරට වකුගඩු සංඛ්‍යා ලේඛන අනුව අනුරාධපුරය ඉපලෝගම හා පලාගල ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශවල 2009 සිට 2015 දක්වා කාලයේදී වකුගඩු රෝගීන් ගණන 25 ගුණයකින් වැඩිවී තිබේ.‍ ඒ අනුව 2009 දී ඉපලෝගමදී හමුවී ඇත්තේ වකුගඩු රෝගීන් දෙදෙනකි. 2015 දී ඒ ගණන 54 ක් වී ඇත. 2009 දී පලාගල දී හමු වී ඇත්තේ වකුගඩු රෝගීන් 3කි. 2015 වන විට ඒ ගණන 54ක් වී ඇත.

මීට අමතරව අනුරාධපුරයේ ගලෙන්බිදුණුවැව ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශයේ පසුගිය වසර 6 ඇතුළත වකුගඩු රෝගීන් ගණන 12 ගුණයකින් වැඩි වී ඇත. 2009 දී ගලෙන්බිදුණුවැව වකුගඩු රෝගීන් සිට ඇත්තේ 19කි. එය 2015 දී රෝගීන් 232 දක්වා වැඩි වී තිබේ. ඇලහැර හා හිඟුරක්ගොඩ ප්‍රදේශවලින් හමුවූ වකුගඩු රෝගීන් සංඛ්‍යාව ද පසුගිය වසර 6 ඇතුළත 8 ගුණයකින් වැඩි වී ඇත.

වකුගඩු රෝග නිවාරණය පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බළකායේ දත්ත අනුව 2015 වන විට මොනරාගල දිස්ත්‍රික්කයේ වකුගඩු රෝගීහු 1558ක් සිටියහ. එම වසරේදී කුරුණෑගලින් රෝගීන් 1200ක් ද, මුලතිවුවලින් රෝගීන් 127ක් ද මාතලෙන් 642ක් ද වවුනියාවෙන් ‍රෝගීන් 196ක් ද මන්නාරමින් රෝගීන් 220ක් ද හමු වී තිබිණි.

මේ අතර රටේ ජනතාවට වකුගඩු රෝගය තිබේදැයි පරීක්ෂණ දිගටම ‍රෝහල් මට්ටමින් කරගෙන යන බව වකුගඩු ‍‍රෝග නිවාරණය පිළිබඳ ජනාධිපති කාර්යසාධක බළකායේ අධ්‍යක්ෂ අසේල ඉද්දවෙල මහතා පවසයි.

රසායනික පොහොර හා කෘෂි රසායනික ද්‍රව්‍ය වැඩිපුර දැමීම නිසා ‍රටේ ම පසත් පරිසරයත් විනාශ වන බවත් රටේ ජනතාවට ලෙඩ රෝග බහුලව සැදී රටේ ආවේණික ජීව විශේෂ රැසක් නැති වන බවත් පරිසර විශේෂඥයෝ ද පරිසර සංවිධාන රැසක නායකයෝ ද පවසති.

මේ පිළිබඳව සිළුමිණ ට අදහස් දැක්වූ පරිසර අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ තාක්ෂණික උපදේශක මහාචාර්ය ඩබ්.එල්. සුමතිපාල මහතා පවසන්නේ රසායනික පොහොර වැඩිපුර දැමීම නිසා අපේ පසේ අතීතයේ තිබුණු තත්ත්වය බරපතළ ලෙස හායනයට ලක් වී බෝග වගාවට නුසුදුසු වී ඇති බවයි.

රසායනික පෝර භාවිතය අඩු කර කාබනික පොහොර දමා පාරම්පරික වී වර්ග වගා කරමින් යන වස විස නැති ක්‍රමයකට අප ගමන් කළ යුතු බවත් එතුමා පවසයි. පාරම්පරික වගා ක්‍රම ස්වාභාවික පොහොර වර්ග සමඟ කාබනික ක්‍රමයට යා යුතු බවත්, එවිට අපට වස විස නැති ආහාර ලැබෙන බවත් මහාචාර්යවරයා ප්‍රකාශ කරයි.

පිවිතුරු හෙටක් සංවිධානයේ නිර්මාතෘ හා වස විස නැති හෙටක් වැඩසටහනේ සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියන් පවසන්නේ මෙරට ආහාරවලට වස විස වකුගඩු හා පිළිකා වැනි රෝග වැලඳීමට ප්‍රධානම හේතුව කෘෂි රසායනික පොහොර, වල් නාශක හා කෘමිනාශක බවයි.

ඒ අනුව වස විස නැති රටක් හැදීමට මේ කෘෂි රසායනික ඉවත් කළ යුතු බව ද පවසන උන්වහන්සේ ඒ සඳහා විසඳුම් වශයෙන් දක්වන්නේ සාම්ප්‍රදායික වගා ක්‍රම හා කොම්පෝස්ට් පොහොර භාවිතයට යොමු විය යුතු බවයි.

මෙරටට ගෙන්වන කෘෂි රසායනික ද්‍රව්‍ය නිසා පසුගිය වසර 10 ඇතුළත මෙරට සිටින පිළිකා රෝගීන් ගණන දෙගුණ වී තිබෙනවා. 2005 පිළිකා ‍‍රෝගීන් 5000 යි. දැන් 12000 යි. ඒ සමඟම වකුගඩු රෝගීන් ගණන ද පසුගිය වසර 10 15 තුළ දෙගුණ වී තිබෙනවා. වකුගඩු ‍රෝගයට ලක් විය හැකි ගණන ලක්ෂයකට වැඩි බවට උපකල්පනය කර තිබෙනවා. අංගවිකල දරුවන් බිහි වීමට නිල් දරු උපත් වැඩි වීමට මේ කෘෂි රසායනික පෝර ඇතුළු දේවල් හේතුවක් බව වෛද්‍ය පර්යේෂණ අනුව පෙනෙනවා.

අපි කෘමිනාශක වල්නාශක දැමීම අඩු කළ විට පසේ පොහොර වැඩි වන බව කියන්න පුළුවන්. එවිට පසට කොම්පෝස්ට් දමලා අවශ්‍ය නම් අපේ පොස්පේට් තනුක කර පෝර ලෙස දමන්න පුළුවන්. එවිට පස සාරවත් වෙනවා.

ඊට අමතරව පස සරු කරන ක්ෂුද්‍ර ජීවීන් වර්ධනයට ජීව මෘත නම් දියර පොහොර කාබනික ලෙස සකස් කර පසට එක් කළ හැකි බවත්,

එවිට අපට රසායනික පෝර අවශ්‍ය නොවන බවත්, සිය රසායනික පෝර අඩු මිලට ඉල්ලලා උද්ඝෝෂණ කරන අයට වස විසට විරුද්ධ ගොවියන්ට ප්‍රායෝගික සාම්ප්‍රදායික කෘෂිකර්මය මඟින් ම පිළිතුරු දෙන්න පුළුවන් බවත් අතුරලš

Wmqgd .ekSu isK mqj;a m; weiqfrks

More News »