අනුරපුර පුරාවිද්‍යා කටුගෙය වසර 4ක් තිස්සේ වසා දමලා

2016-03-15 11:14:00       843
feature-top
අනුරාධපුර රාජධානියේ යුග ගණනාවකට අයත් පුරාවිද්‍යා නෂ්ටාවශේෂ තැන්පත් කර ඇති අනුරාධපුර පුරාවිද්‍යා කෞතුකාගාරය වසර 4කට වඩා වැඩි කාලයක් තිස්සේ වසා දමා ඇති නිසා දෙස් විදෙස් සංචාරකයින්ට එම පුරාවස්තු දැක බලා ගැනීමේ අවස්ථාව අහිමි වී ගොස් තිබේ.2011 වර්ෂයේදී මේ පුරාවිද්‍යා කෞතුකාගාරයේ පැරණි ගොඩනැගිලි ඉංජිනේරු දෙපාර්තමේන්තුව මඟින් අලුත්වැඩියා කළ බව දැනගන්නට තිබේ.

අලුත්වැඩියා කළ එම ගොඩනැගිලිද මේ වනවිට යළි අබලන් තත්ත්වයට පත්වී තිබෙන බව ප්‍රදේශවාසීහු පවසති.

එම අලුත්වැඩියා කිරීම් කළද මේ දක්වා කෞතුකාගාරය සංචාරකයන් සඳහා විවෘත කිරීමට පුරාවිද්‍යා බලධාරින් අපොහොසත් වී ඇති බව ජනතාව පවසති.

රජය විශාල මුදලක් වැය කරමින් එම භූමියේම දෙමහල් ගොඩනැගිලි සංකීර්ණයේ අලුත්වැඩියා කිරීම් නිමකර ඇතත් මේ දක්වා විවෘත කර නැත. එම ගොඩනැගිල්ල විවෘත කිරීමට පෙර වහලෙන් වැසි ජලය ඇතුළට ගලා ගෙන එන නිසා ඒවාට තාවකාලික පිළියම් ලෙසින් ඉටි රෙදි යොදා තිබෙන අයුරු දක්නට ලැබේ.

අනුරාධපුර පූජා නගරයට දිනපතා පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන් මේ පුරාවිද්‍යා කෞතුකාගාරයේ පුරාවස්තු නැරඹීමේ අපේක්ෂාවෙන් පැමිණියත් පුරාවිද්‍යා බලධාරින්ගේ නොසැලකිලිමත්කම නිසා කෞතුකාගාරය වසර 4කට වඩා වැඩි කාලයක් තිස්සේ විවෘත නොකිරීම සම්බන්ධව සංචාරකයන් අප්‍රසාදය පලකර සිටිති.

මෙතරම් විශාල මුදල් කන්දරාවක් වැය කර ඉදිකර ඇති කෞතුකාගාර ගොඩනැගිල්ලේ උඩුමහලට වවුලන් හා පරෙවියන් පැමිණීම වළකාලීම සඳහා යොදා ඇති කම්බි මේ වනවිටත් දිරාපත් වී කඩා වැටී තිබෙන අයුරු දක්නට ඇත.

විශාල මුදල් කන්දරාවක් වැය කර ඉදිකර ඇති ගොඩනැගිලි සංකීර්ණය තිබියදී ඉපැරණි පුරාවස්තු මෙම භූමියේ එළිමහනේ ගොඩ ගසා ඇති අයුරු දක්නට ලැබේ. විදෙස් සංචාරකයන්ගෙන් අනුරාධපුර පූජා නගරයේ නටඹුන් හා මෙම කෞතුකාගාරය නැරඹීම වෙනුවෙන් රුපියල් 3550 ක මුදලක් අය කරනු ලැබේ.


Wmqgd .ekSu kK mqj;a m; weiqfrks

More News »