17ක ගැබිණි අක්කාගේ 'අමුතු දොළදුක' ට අල්ලපු ගෙදර නංගි ගොදුරුවෙයි

2016-01-19 10:12:00       596
feature-top
වයස අවුරුදු හතක  දැරියක්‌  ලිංගික අපයෝජනයට ලක්‌ කර ඇති බව පොලිසිය කියයි. චෝදනාව එල්ලවන්නේ තඹුත්තේගම දහහත් හැවිරිදි විවාහක ගැබිණි තරුණියකටයි.

දැරිය සහ ඇගේ මව දිය නෑමට ආසන්න නිවසක  ළිඳකට ගොස් ඇත. ඒ වනවිට ගැබිණි තරුණියක් ද දිය නාමින් සිට තිබේ. මව දැරිය නහවා අවසන් කර ගැබිණි තරුණියගේ නිවසට යවා ඇත්තේ මව එනතුරු සිටින ලෙස දන්වමින්.

කෙසේ වෙතත් දැරිවිය  ලිංගික අපයෝජනයකට ලක් කර ඇති බවට අධිකරණ වෛද්‍ය වාර්තාවේ දැක්වෙන බව පොලිසිය පවසයි.

සිද්ධිය වූ දිනයේ නිවසට පමිණ - දැරිය මවට  මේ පිළිබඳ දන්වා ඇත. දැරියගේ ඇදුම්වල ලේ තැවරී  තිබුණු ද මව සිතා ඇත්තේ දැරිය  වැඩිවියට පත්ව ඇති  බවක්.

කෙසේ වෙතත් දැරියගේ පියා මේ පිළිබඳ පොලිසියට පැමිණිළි කිරීමට තීරණය කර ඇත.  පොලිසිය විසින් මුලික විමර්ශනයක් පවත්වා ගැබිණි තරුණිය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබේ. අධිකරණය දැරිය පිළිබඳ වෛද්‍ය වාර්තාවක් කැඳවා ඇත.

අධිකරණ වෛද්‍ය වාර්තාවට අනුව දැරිය  ලිංගික අපයෝනජයට ලක්ව ඇති බව සඳහන්.

අසාමාන්‍ය  පහත්  ආශාවන් වෙනුවෙන් දැරිවියක ගොදුරට ගත්  'ගැබිනි අක්කා' ඇප මත මුදා හැර ඇති බව ද පොලිසිය කියයි.

hirunews


More News »